චිටගොන්ග් හි කඳු නාය යෑම් නිසා 17 ක් මරුට

කිෂානි වැලිවිටිගොඩ

බංගලාදේශයේ ඩකා අගනුවර සිට කිලෝ මීටර් 216 ක් අතින් දකුණු නැගෙනහිරින් පිහිටි චිටගොන්ග් නගරයේ සිදු වූ කඳු නාය යාමෙන් චිටගොන්ග් හි පිහිටි ලාල්කාන් බසාර් හි පිහිටා තිබුන කුඩා පැල්පත් වල වාසය කල පැල්පත්වාසීන් ගොදුරු විය. අනතුර සිදුවන අවස්ථාවේදී ඔවුහු නිදාගෙන සිටි බැවින් ඊට විශාල පිරිසක් ගොදුරු වූ අතර ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරන්නේ ඒ හේතුවෙන් 17 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි. ප්‍රධාන පොලිස් අධිකාරී අබු සෆාර් මොහොමඩ් ඕමාර් ෆාරුක් ඒ. එෆ්. පි. වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධියෙන් පසු මඩ තුල තිබී මළ සිරුරු 5 ක් ඊයේ (02) උදයේ සොයා ගත් බවයි.

සිකුරාදා සිදු වූ කඳු නාය යාමෙන් පසු ගල් වලට යට වී තිබුන මළ සිරුරු 12 ක් චිටගොන්ග් හි ටිගේර් පාස් ප්‍රදේශයෙන් මුදවා ගැනීම් සිදු කරන කණ්ඩායම් විසින් සොයා ගෙන ඇත. බංගලාදේශයේ මෝසම් වර්ෂ කාල තුලදී කඳු නාය යාම් බහුලව සිදු වේ. අඛණ්ඩව වර්ෂාව පැවතීම හේතුවෙන් සිදු වූ කඳු නාය යාම් නිසා 2007 වර්ෂයේ ජුනි මස චිටගොන්ග් හි පුද්ගලයින් 130 කට ආසන්න පිරිසක් මරු මුවට පත් වූ බව වාර්තා වේ.

Tell a Friend