රෙජිස්ටාර් ජෙනරාල්ද නීතිවිරෝදී විවාහ සහතිකය පිළිගනී.



හර්ෂි සි. පෙරේරා

ෆාතිමා ජේස්මිනගේ පියා ඉහත චයාරුපයේ සිටි. ඔහු ජනසන්සදයට ආවේ සිය දියණියට සිදුවූ අසාදාරණයට සහනයක් ලබා ගන්නටය. ඔවුන් මග්ගොන පදිංචිව සිටි. ෆාතිමගේ සැමියා ඇගෙන් දික්කසාද වූ අතර සිය දරුවාට නඩත්තු ලබා ගැනීමට නඩුවක්ද පවරා තිබේ. නමුත් ඇගේ සැමියා නැවත විවාහ වී ඇත. නමුත් එම විවාහ සහතිකයේ දික්කසාද විස්තර ඇතුලත් නොකිරීමට රෙජිස්ටාර් සෙයියදී අහමඩ් මොහොමඩ් කටයුතු කර තිබේ. මෙම නීථිවිරොදි පැහැර හැරිම කර ඇත්තේ දරුවාට වැඩිපුර නඩත්තු මුදලක් ගෙවීමෙන් වැළකීමටය. කළුතර දිස්ත්‍රික් ලේකම් මෙම රෙජිස්ටාර්ට විරුද්දව විනය පරීක්ෂණයක් කිරීමට පානදුර රෙජිස්ටාර්ට නිර්දේශ කර ඇත. නමුත් කිසිවක් සිදුවුයේ නැත. නැවත දැන්වීම් කලද රෙජිස්ටාර් ජෙනරාල්වරයා පවා මෙම රෙජිස්ටාර්ට විරුද්දව නීතියට අනුව කටයුතු කිරීම දිගින් දිගටම පැහැර හරියි.