දැරිය පිළිබදව වෛද්‍ය වාර්තාවක් කැදවයි

( 01.02.2012 | lankaguardian.com) 2011 වසරේ නොවැම්බර් 05 වන දින පැහැරගෙන ගිය වයස අවුරුදු 14 ක දැරිය සම්බන්ධයෙන් වහාම වෛද්‍ය වාර්තාවක්් නිකුක් කරන ලෙස අවිස්සාවේල්ල අධිකරණය ඊයේ (31) අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග නිකුත් කළා.

නොවැම්බර් 05 වනදා සිට අතුරුදහන්ව සිිටි නදීෂා මධුශානී සොයාගනු ලැබුවේ ජනවාරි 20 වන දායි. ප‍්‍රාදේශීය දේශපාලඥ්ඥයෙකුගේ සමීපතමයෙකු විසින් මෙම දැරිය පැහැරගෙන ගොස් තිබූ අතර අදාල දැරියගේ දෙමාපියන් අවස්ථා කීපයකදීම පොලීසියේ සහය පැතුවද දැරිය සොයා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

පසුව එක්සත් ලක් වනිතා සංවිධානයේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය මැදිහත් වී ළමා හා කාන්තා අමාත්‍යංශයේ අමාත්‍යවරයාටද ඒ පිළිබ`දව පැමිණිල්ලක් ලිඛිතව ඉදිරිපත් කළා. පසුව වෙබ් අඩවි ඔස්සේ මේ පුවත වාර්තා වීමත් ඔස්සේ පොලිස්පති වරයාගේ නියෝග මත අදාල දැරිය සොයා ගැනීමට හැකියාව ලැබුනා.

ඊයේ ඒ පිළිබ`දව නඩුව අධිකරණය හමුවට කැදවූ අවස්ථාවේ දැරියගේ වෛද්‍ය වාර්තාව පෙබරවාරි 03 වනදාට අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට නියෝගකර තිබේ. දැරිය පැහැරගෙන ගිය ජනක නැමැත්තා ඇප පිට නිදහස් කර තිබෙන අතර දැරිය ළමා නිවාසයට භාරදී තිබේ. අදාල දැරිය වෙනුවෙන් එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනියගේ මැදිහත් වීමෙන් නීතිඥ කාන්ති රණසිංහ, නීතිඥ පියරත්න රණසිංහ සහ නීතිඥ පාලිත අත්තනායක යන පිරිස පෙනී සිටියා.

රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන් වෙනුවෙන් නදීෂානිට සාදාරණයක් ඉටු කිරීමට තම සංවිධානය කැපවී කටයුතු කරන බවට එක්සත් ලක් වනිතා සංවිධානයේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය කියාසිටියා.