නිවසේ ස්‌වයංක්‍රීය දොරටුවට හසුවී හය හැවිරිදි දරුවා මියයයි

ඒ. ඡේ. ඒ. අබේනායක සහ රිචඩ් ජී. සිල්වා

තම නිවසේ සවිකර ඇති ස්‌වයංක්‍රීය දොරටුවට හසුවීමෙන් බරපතල තුවාල ලැබු හයහැවිරිදි පාසල් සිසුවකු මියගොස්‌ තිබේ.

(9 වැනිදා) පස්‌වරු 3.30 ට පමණ සිදුවී ඇති එම අනතුරින් බරපතල තුවාල ලබා එලෙස අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත්තේ මහබාගේ ලංකා මාවතේ පදිංචිව සිටි පුලින කුරුකුලසුරිය නමැති පාසල් සිසුවෙකි.

සිය මව හා පියා රැකියාවන් සඳහා නික්‌ම ගිය පසු මිත්තනිය සමඟ නිවසේ රැඳී සිටි එම සිසුවා එම ස්‌වයංක්‍රිය දොරටුව හදිසියේම විවෘත වීම නිසා එලෙස අනතුරට ලක්‌වී ඇතැයි රාගම රෝහල් පොලිස්‌ ආරංචිමාර්ග පවසයි. සිද්ධිය පිළිබඳව රාගම රෝහල් පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ සැරයන් 48927 හේමන්ත අමරතුංග මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ. Tell a Friend