අවුරුදු 18 ක් නඩු කිවුවා. ලොයර්ලා 07 ක් ඇල්ලුවා.


හර්ෂි සි. පෙරේරා

සිරගතව සිටින සරත් ෆොන්සේකාට හිමි වරප්ප්‍රසාද අන් සිරකරුවන්ට නැත. අබේසිරි මහතාට සිය අසනීප තත්වය හේතුවෙන් ගයිනා බෙල්ට් එකක් පැළදීමට බන්දනාගාර නිලදාරීන් ඉඩ නොදෙයි. ඊළගට මේ රටේ පවතින අසාමාන්‍ය නඩු පමාවයි. මේ අපරාද නඩුව විසදීමට වසර 18 ක් ගතවී ඇත. අපි අසා ඇති අපරාද නඩු පමාව වසර 05 කි. නැතිනම් 06 කි. එහෙත් මේ නඩුව ඇදහිය නොහැකි කාලයක් දිග්ගැස්සී ඇත.

ඇය නමින් අජන්තා මාලනිය. වයස අවුරුදු 57 ක් වූ ඇය දරු දෙදෙනෙකුගේ මවකි. ඇය අංක 1/234, සොබිතාරාම පාර, නාගොඩ , කළුතර පදිංචිව සිටි.

මිට අවුරුදු 21 කට කලින් අසල්වැසියා සමග ඇතිවූ මායිම් ආරවුල දුරදිග යාමේ හේතුවෙන් සැමියාට වසර 05 ක සිරදඩුවමක් හිමිවිය. එච් අබේසිරි වන ඔහුගේ සිර අංකය N 36056 වේ. මුලින් කළුතර බන්දනාගාරයේ වසර තුනක් සිටීමෙන් පසුව ඉන් වැලිකඩටත් දැන් මොහුව මහර බන්දනාගාරයටත් මාරු කර ඇත.

මාලනි පවසන ආකාරයට මුළු සේසතම වියදම් කර අවුරුදු 18 ක් නඩු කියා ඇත. චෝදනාව වුයේ මිනීමැරීමට තැත් කිරීම. මහාදිකරණයේ නඩු අංකය 34/2000 වන අතර අබියාචනදිකරණයේ නඩු අංකය 128/2004 විය. මෙම වසර 8 තුල නිතිඥාවරුන් 07 ක් පෙනී සිට ඇත. ඒ අතර ප්‍රකට ජෙෂ්ට නිතිඥාවරුන් වන මොහාන් පිරිස් සහ හර්ෂ අර්සකුලරත්නද විය. සිය සැමියා සමග ඔහුගේ ඥාතීන් දෙදෙනෙකුටද වසර දෙක බැගින් සිරදඩුවම් නියම වූ අතර දැන් ඔවුන් නිදහස ලබා ඇත.

මාලනි සැමියා සිරගත වීමෙන් අනතුරුව සුයන් රැකියාවක් ලෙස කඩයප්පන් සැදීම සහ ඇදුම් මැසිම කරන ලදී. ආරවුල ඇතිවන විට එක දරුවකුට වයස අවුරුදු 05 ක් ද අනෙක් දරුවට වයස අවුරුදු 03 ක් ද විය. ඔහු සිරගත වීමට පෙර ඒ කියන්නේ ආරවුල ඇතිවී වසර 18 ක් වනවිට දියණියන් දෙදෙනාවද විවාහ කර දෙන ලදී.

සැමියා මහර බන්දනාගාරයේ සිටීම කරදර බව කියන්නේයැයි මාලනි පැවසුවාය.

සැමියාට පපුවේ අමාරුවක් මෙන්ම කොන්දේ අමාරුවක් ඇති අතර බර වැඩ නොකරන ලෙසට වයිද්‍ය උපදෙස් ලැබී ඇත. ඔහුට මහරේදී කරන්නට සිදුව ඇත්තේ කැලේ සුද්ද කිරීම වැනි වැඩය. සිරගත වීමට මාස හය හතකට පෙර කොන්දේ අමාරුවට වයිද්‍ය උපදෙස් පරිදි ඩයිනා බෙල්ට් එකක් දමන ලදී. නමුත් බන්දනාගාරයේදී එයට අවසර නැත. හේතුව එහි යකඩ කුරු කිහිපයක් තිබෙන බැවින් බන්දනාගාර නිලදාරීන් එය ඇතුලට ගෙන යාමට අවසර නොදෙන බැවිනි.

මේ සිද්දිය බොහෝ කරුණු ඉස්මතු කරයි. සිරගතව සිටින සරත් ෆොන්සේකාට හිමි වරප්ප්‍රසාද අන් සිරකරුවන්ට නැත. අබේසිරි මහතාට සිය අසනීප තත්වය හේතුවෙන් ගයිනා බෙල්ට් එකක් පැළදීමට බන්දනාගාර නිලදාරීන් ඉඩ නොදෙයි. ඊළගට මේ රටේ පවතින අසාමාන්‍ය නඩු පමාවයි. මේ අපරාද නඩුව විසදීමට වසර 18 ක් ගතවී ඇත. අපි අසා ඇති අපරාද නඩු පමාව වසර 05 කි. නැතිනම් 06 කි. එහෙත් මේ නඩුව ඇදහිය නොහැකි කාලයක් දිග්ගැස්සී ඇත. නිතිඥාවරුන් 07 දෙනා නඩත්තු කිරීමට මෙවන් සාමාන්‍ය පවුලකට හැකිද? කෝ තියෙනවයි කියන නීති ආදාර ?

මේ වසරේ සැප්තැම්බර් 12 වෙනිදාට සිරකරු සුබසාදන දිනය යෙදී ඇත. ඉතින් මේ නිමිත්තෙන්වත් සිරකරු සරත් ෆොන්සේකාට හිමි වරප්‍රසාද සිර අංක n 36056 ට ලැබේද?


Tell a Friend