අවුරුදු 08ක සිට ඇමැති සඟවා ගෙන සිටි වාහනය කෝ ?

දැව සංස්ථාවට අයත් 65-4013 අංකය දරණ නිෂාන් පෙට්‍රල් වාහනය මීට අවුරුදු 08කට පෙර එවකට දැව සංස්ථාව භාරව සිටි බන්දුල බස්නායක ඇමැතිවරයා විසින් රැගෙන ගොස් ඇත. මෙම වාහනයට බදුලෙස එක්කොට් දශලක්ෂයක මුදලක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් ගෙවා ඇත. අප වෙත වාර්තා වන අන්දමට මීට වසර 08කට ඉහත දී දැව සංස්ථාවෙන් මෙම වාහනය ඇතුළු වාහන 05ක් බැහැරට ගෙන ගොස් ඇති අතර විටින් විට එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් කරන ලද ඉල්ලීම් අනුව මින් වාහන 04ක් ගෙනැවිත් දී ඇත. ඒ අනුව 65-4709 අංකය දරණ වාහනය බන්දුල බස්නායක ඇමැතිවරයා විසින්ද, 301-7712 අංකය දරණ වාහනය ජනාධිපති ලේකම් කාර්යාලයට ද , 301 -3897 දරණ වාහනය හා 301 - 5043 යන වාහන පරිසර අමාත්‍යංශයට ද ගෙන ගොස් ඇත. පසුගිය ජනවාරි මස 14 වන දින ද හිටපු අමාත්‍යවරයාට මෙතෙක් භාර නොදී ඇති 65- 4013 වාහනය භාර දෙන ලෙස සාමාන්‍යධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇත. මෙම වාහන පැහැර ගැනීම පොදු දේපල පනත යටතේ බරපතල වරදක් වන අතර 2003 ජුනි 02 හා අංක පීඊඞී/12 දරණ රාජ්‍ය ව්‍යාපාර චක‍්‍රලේඛයේ 8.3.9 ෙඡ්දයටද පටහැනිය. මෙම වාහනය රැුගෙන ගොස් ඇති ඇමැතිවරයා දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අතර ඔහුගේ පුත‍්‍රයා වන තරින්ද බස්නායක නව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකි. මෙම දූෂණය පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධිනය ජනාධිපතිවරයා වෙතද ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තාවේ.

Source: anticorruptionsl.com                                                 

Tell a Friend