උඩුගම පොලිසිය 25 හැවිරිදි තරුණයකුට අමානුෂික ලෙස පහරදී බොරු නඩු තුනක් දමයි.


හර්ෂි සි. පෙරේරා

2011.04.30 වන දින චමින්දව සහ නාලකව ගාල්ලේ මහේස්ත්‍රාත් තුමියගේ නිවසට ගෙන ගොස් බොරු නඩු තුනක් දමා බන්දනාගාර ගත කරන ලදී. එම බොරු නඩු වල අංක 54486, 53829 සහ 49782 වේ.

කොක්මඩුව මුදලිගේ ගුණපාල වයස අවුරුදු 52 ක් වන කම්කරුවෙකි. තිදරු පියෙකි. කොකමඩුව මුදලිගේ චමින්ද වයස අවුරුදු 25 ක් වන ඔහුගේ පුතාය.

චමින්දව 2011.04.27 දින අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ උඩුගම පොලිසියේ විජේනායක සහ තවත් නිලදාරියෙකු විසිනි. ඒ සමග ගුණපාලගේ සොයුරියගේ පුත් නාලකවද අත්අඩංගුවට ගනු ලැබිණි.

එදිනම හවස පියා සහ ඥාතීන් චමින්දව සහ නාලකව බැලීමට ගියත් උඩුගම පොලිසිය ඊට ඉඩ නොදුන්නා පමණක් නොව ඔවුන් ගෙන ගිය අහාර පවා තම දරුවන්ට දීමට ඉඩ දුන්නේ නැත.

නමුත් අගෝස්තු 29 වැනි දින ඔවුන් දෙදෙනාව බැලීමට ඥාතීන්ට ඉඩ දී ඇත. ඒ අවස්ථාවේ පොලිසිය චමින්දට සහ නාලකට අමානුෂික ලෙස වදහිංසා පමුණුවා තිබිණි. ඒ අවස්ථාවේ මෙම තරුණයින් දෙදෙනාම කුඩුවේ බිම වැතිර සිටි අතර චමින්ද වඩාත් අමාරුවෙන් සිටිනු දක්නට ලැබිණි.

2011.04.30 වන දින චමින්දව සහ නාලකව ගාල්ලේ මහේස්ත්‍රාත් තුමියගේ නිවසට ගෙන ගොස් බොරු නඩු තුනක් දමා බන්දනාගාර ගත කරන ලදී. එම බොරු නඩු වල අංක 54486, 53829 සහ 49782 වේ. චමින්ද තවමත් ගාල්ල රක්ෂිත බන්දනාගාරයේය.

චමින්දට වදහිංසා පමුණුවා ඇත්තේ උඩුගම පොලිසියේ විජේනායක නමැති නිලදාරියාය.

ගුණපාල මහතා, උඩුගම පොලිසියේ මෙම නීතිවිරෝදී ක්‍රියා වලට එරෙහිව පරීක්ෂණ පවත්වා පොලිස් අපරාදකරුවන්ට එරෙහිව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නයි පොලිස්පතිගෙන්, මානව හිමිකම් කොමිසමෙන්, ජාතික පොලිස් කොමිසමෙන්, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගෙන් සහ ගාල්ල ජෙෂ්ට පොලිස් අදිකාරිගෙන් ඉල්ලා සිටි. මෙම ඉල්ලීම කලේ 2011.08.29 වැනි දිනය.
පින්තුරේ සිටින්නේ චමින්දගේ පියා වන ගුණපාල මහතාය.

Tell a Friend