ආදරණිය දෙවියන් වහන්සේ සහ අන්දකාර රාත්‍රිය

හර්ෂි සි. පෙරේරා


"මේකට තුන්වෙනි ලෝකෙයි කියන්නේ අපිට එතකොට පහසුයි දරාගන්න .....ජිවත් වෙන්න.... සාමාන්‍ය මිනිස්සුන්ව තමන්ගෙන් ඇත කර ගන්න පාලකයොයි....හමුදාවයි...මේ තරම් උත්සහ කරන රටවල් .......ඔවු ඇත්තටම වෙන කොහොමද අදුන්වන්නේ ...පෙරේද යාපනේ ඉස්පිරිතාලයත්.....ඉන්දියන් හමුදාවයි......අනිත් කණ්ඩායමයි අහිංසක මිනිසුන්ගේ ජිවිත එක්ක රුකඩ සෙල්ලමේ. අහිංසක මිනිස්සු විසි තිස් දාහ එක කෝවිලක... එක ඉස්කෝලෙක ගුලි ගැහිලා... හුස්ම ගන්න බැරි තරම් අමාරුවෙන් තෙරපි තෙරපි බලන්න ඉන්න ඕන ඊලග මොහොතේ මොකද වෙන්නේ කියලා දැන ගන්න."

තිලිනා වීරසිංහ ලේකිකාව මේ දකින්නේ කුමක්ද? අපේ සමාජයේ, නිමවූ බිෂණය, ය්ද්දය , පාලකයින් සහ අපවමයි. ඇය මරියා රෝස් කතා නායිකාව , නර්මදා සහ ඉසබෙල් නමැති ස්ත්‍රී ත්‍රිත්වය හරහා ස්ත්‍රී පුරුෂ සමාජබාවය මත පදනම් වෙමින් දෙවියන් සිටියත් ලංකාවේ සමාජ අදුර පැවති බිෂණය යුද්දය විවරණය කරන්නීය.

ඔවු මන් ඒ තීරණය අරන් ඉවරයි. මම දන්නවා දැනටමත් මගේ ඉරණම ගැන එයාලා තීන්දුව දීලා බව. එත් මම යාපනේ ඉන්න ඕන. එහෙ බලාපොරොත්තු ඉතුරුවෙලා නැහැ. ඒ මිනිස්සු දන්නේ පාරට බහින කොට තමන් අපහු ගෙදර නොඑන්න ඉඩ තියෙන බව විතරයි. සමහර විට සෝදිසි කිරීමකදී නිදහස් වුනොත් ඒ අයි ....ඒ කොහොමද.... ඊලග මොහොතේ ඊට වඩා බයානක දෙයක් වෙන එකද ඒ නිදහස් වීමේ තේරුම ඔන්න ඔය ටික විතරයි යුද්දෙත් එක්ක එහෙ ඉතුරු වෙලා තයෙන්නේ ......ඉතින් මම විතරක් කොහොමද ......ඇත්තටම මොකටද.......එකෙන් පැනලා දුවන්නේ......

මේ යුද්දය නිසා යාපනේ ජනයා පිඩාවට පත්වූ අයුරුයි. මෙම කෘතිය පළමුව මුද්‍රණය වුයේ 1999 මාර්තු මාසයේදීය. යුද්දය නිල වශයෙන් නිමා වුයේ 2009 මැයි මසදීය. ලංකාවේ ජනතාව පොත් මිලදී ගනු දක්නට ලැබේ. ඔවුන් එම පොත් කිය විද? මේ පොත කියවූ අය ඒ ගැන සංවේදී වුවාද? නැතහොත් තවත් එක් පොතක් ලෙස කියවූ පොත් ගොන්නට එකතු වුවාද?

මාරියා....ඔයා මාරියා... මටත් දුවෙක් ඉන්නවා. මම හැම තිස්සෙම බයෙන් ඉන්නේ.... යාපනේ හැම අම්මා කෙනෙක්ම හරි බයෙන්... ඔවු මාරියා ඔයාගේ අම්මා ඔයා ගැන බය වෙනවා වගේම බයෙන්........

ඒ කතා කරන්නේ 2009 මැයි මසට පෙර යාපනේ මවුවරුය. නමුත් අද තත්වය කුමක්ද? ඔවුන්ගේ බිය පහවී ඇත්ද?

මේ කෘතියෙන් ලිංගිකත්වය පිළිබද කරුණු ඉතා විවුර්තව සාකච්චා කෙරේ. ස්ත්‍රිය බිෂණය සහ යුද්දය ගැන ඉතා නිර්බය ලෙස අදහස් දැක්වේ. දැන් අවශ්‍ය කුමක්ද? 1999 වසර පමා වී නොමැත. ඉතිහාසය ගැන කතා නොකර සිදු කල යුද අපරාද සම්බන්දයෙන් පරීක්ෂණ නොකර පිඩාවට පත්වූවන්ට යුක්තිය ඉටු නොකර මල එකා මලා ඉන්න එකා ජිවත් වියයුතුයි යන්න සිතීම තවත් මරියලා, නර්මදලා සහ ඉසබෙල්ලා සහ ඔවුන්ගේ කටුක පිඩාවන්ට සහ වේදනාවන්ට නැවත නැවතත් පිළිසිද ගැනීමට ඉඩ දීමකි.
















Tell a Friend