කමිටු වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ ආයුධ පරිහරණය පිළිබදව නොදැන සිටීම් සහ පුද්ගලික පලිගැනීම් මේ සදහා හේතු වී ඇති බව සිද්ධියේදී තුවාල ලැබුවන්ගෙන් හා අනෙකුත් සිරකරුවන්ගෙන් ලබාගත් තොරතුරු අනුව හෙළිදරව් කරගෙන ඇති බවයි.
පිටු 555කින් සමන්විත වන බව දැනගන්නට ඇති මෙම කමිටු වාර්තාව විශ‍්‍රාම ලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු, විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු හා නිතිඥ ලලිත් අන්ද්‍රාහැන්නදි යන මහත්වරු විසින් බන්ධනාගාර අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.
එවැනි කලබලකාරී අවස්ථාවක විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව කැදවීම නිත්‍යානුකූල බවද කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.
sri Lanka Mirror