කතුවැකිය : අගමැති දී. මූ. සීයේ බීපන් පුන්නක්කු


ලෝකයේ දරුණුතම අපරාධ වලින් එකක් ලෙස සැලකෙන ස්ත්‍රී දූෂණ ගැන අඩු තරමින් බැරෑරුම් ලෙස සිතීමටවත් නොහැකි වල් බූරුවෙක් රටේ අගමැති පුටුවේ වාඩි වී ඇත්තේ නම් අනෙක් විෂයන් පාලනය කරන කපටි ව්‍යාජ නරි ගැන කිසිවක් කිව යුතු නොවේ. මන්ද ඔවුන්ද මීට දෙවෙනි නැත. 


මිහිපිට ඇති බරපතලම අපරාධ වලින් එකක් ලෙස ස්ත්‍රී දුෂණ සැලකිය හැකිය. ස්ත්‍රී දූෂණ සඳහා ලංකාව ලෝකයේ අනෙක් රටවල් මෙන්ම ඉතා ප්‍රසිද්ධියක් උසුලයි. මෙරට දූෂණයට ලක් වන ස්ත්‍රීන් ගණන අති විශාලය. වරකදී එක්තරා අංගවිකල ගැහැණු දරුවෙකු දූෂණය කරනු ලැබූ වසලයෙක් පොලිසිය මාර්ගයෙන් අදාළ දරුවාගේ පවුලට රුපියල් 10,000 ක් ලබා දී කාරණය බේරා ගැනීමට උත්සහ කළේය. එසේම අදාළ පොලිස් ස්ථානයේ සිටි නිල ඇඳුම ඇඳගත් අහවල් සතුන් කොටසද ඊට අනුබල දුන්නේය. ලංකාවේ ස්ත්‍රී දූෂකයින් ගැන කීමට කතාන්දර ගොඩාක් ඇති බව අපි සියල්ලම දනිමු. මේ නිසා එය මදකට පැත්තකින් තබා කතා කළ යුතු කාරණයක් තිබේ.

ඒ වූ කලී, ඊයේ පාරලිමේන්තුවේදී අගමැති දී. මු. ජයරත්න විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග වෙත ලබා දුන් පිළිතුර විමසීමය. රටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැඩි නිසා ස්ත්‍රී දූෂණ වැඩි වන බවත් මත්ද්‍රව්‍ය ගෙන්වීම සහ බෙදා හැරීම සඳහා ආණ්ඩුවේ දේශපාලකයින් උදව් කරන බවත් අමරතුංග සඳහන් කළේය. මෙහිදී මර්වින් සිල්වා සහ දුමින්ද සිල්වා යන සිල්වලා දෙදෙනා ප්‍රධාන කටයුත්තක් කරන බව අපි දනිමු. ස්ත්‍රී දූෂණ ගැන කතා කළහොත් මෙහිදී දුමින්ද සිල්වා නැමැත්තා හෙවත් පසුව ආණ්ඩුවට එකතු වීම නිසා ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයේ නිරික්ෂක ඇමති ලෙස පත්වීම් ලබා දුන් කෙනාට ස්ත්‍රී දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබේ. ලංකාවේ යුක්තිය පසිඳලීමේ පැහැදිලි අවුලක් තිබෙන බැවින් එකී පව්කාර දූෂකයින්ට තමන්ගේ මුදල් බලෙන් කට්ටි පැන පැන සිටිය හැකිය. එය මෙරට ශාපය වේ.

අගමැති දී.මු. ඊයේ (ජූලි 06 ) තමන්ගේ පිළිතුර ලබා දෙමින් කියා සිටියේ රටේ යහමින් කෑම ඇති බවත් එසේ කෑම නැතැයි කියා කීම බොරුවක් බවත්ය. මෙවැනි වටපිටාවක් යටතේ ස්ත්‍රී දූෂණ ඇතිවීම ස්වභාවික බව ඔහු අනියමින් කිව්වේය. ඔහු කියන මෙකි කතාවේ ඇති අසමජ්ජාති කම අවබෝධ කර ගැනීම කිසිවෙකුට අපහසු නැත. ලංකාවේ අගමැති මෙරට සිදුවන ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් දරණ අදහස එම්බඳුය. දී.මු. විසින් අම්බුළුවාවේ පැවති ස්වබාවික අලංකරණය විනාශ කරමින් තමන්ගේ බඩ වියත රැක ගැනීම සඳහා කප්පන් එකතු කිරීමට අටවාගත් අම්බුළුවාවේ බහු ආගමික සිද්ධස්ථානයේදී මෙවැනි සත්‍රී දූෂණ සිදු වන්නේ දැයි අපි නොදනිමු. නමුත් උතුරේ කොටින්ගෙන් බේරා ගත් ප්‍රදේශ වල පවා ඉහල පෙලේ දේශපාලඥයින්ගේ පුත්තු ගණිකා මඩම් නඩත්තු කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝකයේ දරුණුතම අපරාධ වලින් එකක් ලෙස සැලකෙන ස්ත්‍රී දූෂණ ගැන අඩු තරමින් බැරෑරුම් ලෙස සිතීමටවත් නොහැකි වල් බූරුවෙක් රටේ අගමැති පුටුවේ වාඩි වී ඇත්තේ නම් අනෙක් විෂයන් පාලනය කරන කපටි ව්‍යාජ නරි ගැන කිසිවක් කිව යුතු නොවේ. මන්ද ඔවුන්ද මීට දෙවෙනි නැත. අද රටේ බරපතල විදුලි බල ප්‍රශ්නයක් ඇති වී තිබේ. විසඳුම ලෙස ඇමති චම්පික ජලය වාශ්පවීම සඳහා හේතුව සෙවීමට කමිටු පත්කරන බව කියයි. එසේම චීන ආධාර යටතේ තැනු තාප විදුලි බලාගාර වලින් තුනක්ම අබලන් වී ඇත. එසේම එක්තරා ඇමතියෙකුට මිලියන් 630 ගණන් කර ගැනීමට නොහැකිව ඊයේ පර්ලිමෙන්තුවෙදී ඔහුගේ අදෝ ප්‍රදේශයෙන් වාතය පිටවන මටට්මෙන් හැසිරුණු ආකාරය ඛේදවාචක වල ඇති සතුට උපදවන තැන්ය. මෙවැනි පිරිසකට යටත් වී සිටීමම අපි ජාතියක් ලෙස කළ අකුසල කර්මයකි. ඒ නිසා පැහැදිලි දේශාපලන පුනරුදයක් කරා ජාතිය මෙහෙය වීම අතිශයින් වැදගත් වේ. ඒ සඳහා අත්‍යවශ්‍ය වන්නේ දේශපාලන පක්ෂ වලින් වියුක්ත වූ ජනතාවගේ ව්‍යාපාරයකි. එය කළ හැක්කේ විදීයට බැස සටන් කිරීමෙන් නොවේ. එය කළ හැක්කේ හැකි උපරිමයෙන් තාක්ෂනය භාවිත කොට තමන්ට හැකි පමණින් පවතින ආණ්ඩුවේ දූෂණ, පොදු ජනතාවට නිරාවරණය කිරීමෙනි. එකී තොරතුරු වලින් විප්ලව ඇති වනු ඇත. එකී විප්ලවය දේශපාලන පුනරුදයක් ඇති කරනු ඇත. මාධ්‍යට කුමන සීමා දැම්මද තවත් වසර දෙක තුනකින් තාක්ෂණයේ දියුණුවත් සමඟ එකී සියලු බාධා ඉවත් වනු ඇත. එසේම අදහස් ප්‍රකශ කිරීමට තිබු සීමාවන්ද ඉවත් වනු ඇත.

අවසාන විග්‍රහයේදී කීමට ඇත්තේ ජාතියක් ලෙස අපි පුන්නක්කු ගිලන්නේද නැත්තම් බලය අතට අරගෙන ඉන් තමන්ගේ පුද්ගලික වුවමනා එපාකම් සිදු කරගන්නා ඉතා සුළු පිරිසට පුන්නකු කන්නට ඉඩහැරරට ජාතිය ඉන් මුදා ගන්නේද යන්න තීරණය කළ යුතු කාලය එළඹී තිබේ. අගමති දී.මු. කිව යුත්තේ සීයේ තවත් පුන්නක්කු බොන්න කියා පමණි . එවිට ස්ත්‍රී දූෂණ ගැන කවි පදයකුත් ඔබට සිහි වනු ඇත.

Tell a Friend