යට ගැසීම;- වහාම වික්ටෝරියාව රජයේ රෝහලකට මාරු කරන්න.



හර්ෂි සි. පෙරේරා

තංගල්ල සිදුවීම සම්බන්දවයි. රහස් පොලිසිය ලස්සනට වැඩේ කර ඇත. එනම් වික්ටෝරියා නමැති රුසියානු තරුණියට සිදුවූ ලිංගික අතවර කිසිවක් ඇතුළු නොකළ බි වාර්තාවක් රහස් පොලිසිය තංගල්ල මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර තිබේ.

මිට පිබුරුපත් සැදුවේ සිද්දිය සිදුවූ ආසන්නයේදීය. එනම් ඇයව ගොටාබය රාජපක්ෂ සබාපතිත්වය දරන ලංකා හොස්පිටල් සමාගමට අයත් ඇපලෝ රෝහලට මාරු කර යැවීමත් සමගය. මෙය සිද්දිය යට ගැසීමට කල බරපතල වංචනික ක්‍රියාවක් මෙන්ම අපරාදයක්ද වේ.

එබැවින් වහාම ඇයව රජයේ රෝහලකට ඇතුලත් කරන ලෙස බලදාරීන්ට බල කරමු. එසේ නොවන්නේ නම් මේ රටේ පැහැදිලිවම ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව සම්මත කල නීතියක් නොව රාජපක්ෂ පවුලේ සිතගියාවක් බවට පත් වූ නීතියකි.