කමෝන් සිවුවැනියා

හර්ෂි සි. පෙරේරා
මේ මීටර් සියය දිවීම නොව ජනමද්යවේදීන් ගාතනය කිරීම පිළිබද ලෝක වාර්තාවකි.

ජනමද්‍යවේදින්ද වර්ගීකරණය කල හැක. ඒ එක් කොටසක් ආණ්ඩුවට කඩේ යයි. ඒ නිල්පාට කොලපාට ආණ්ඩු වශයෙන් නොව බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් සම්බන්දයෙන් කඩේයාම වේ. මද්‍ය්වේදීන් සහ මාද්‍ය ආයතන කිහිපයක් පමණක් කොන්ද කෙලින් තබාගෙන සුවාදීනව වැඩ කරයි. ඒ අතර සන්ඩේ ලීඩර් වෙත සුවිශේෂිත්වයක් හිමිවේ.

ඇතැමෙක්ට අනුව ලසන්තව මරා නොදැම්මේ නම් යුද්දය දිනිය නොහැක. දැන් යුද්දය දිනා ඇත. යුද අපරාද වලින් කුමක් වේද? දිනයිද? පරදියිද? මේ පිළිබද ලියන විට සහ කියන විට සිවුවැනියා නොව මාද්‍යවේදී ගාතන ලැයිස්තුවේ අපට ලොව පළමුවැනියා වීමේ අනතුරද නැත්තේ නැත. යුද අපරාද පමණක් නොව මානව හිමිකම් උල්ලන්ගනයන්, අල්ලස, දුෂණය සහ ඥාති සංග්‍රහය හෙළිදරවු කල පළමු වැනියාත් අන්තිමයාත් ලසන්ත නොවේ.

"නොවිසඳුණු මාධ්‍යවේදී ඝාතන ලැයිස්තුවක සිව් වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව,ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන කමිටුව (CPJ) පෙන්වා දෙයි.

ඒ අනුව 2001 වසරේ ජනවාරි මස 01 වන දින සිට 2010 වසරේ 31 වන දින දක්වා වූ කාලය තුළ ලෝකයේ සියලු රටවල් අතුරින් නොවිසඳුණු මාධ්‍යවේදී ඝාතන 5 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති රටවල් 13 ක ලැයිස්තුවක ශ්‍රී ලංකාවට සිව් වන ස්ථානය හිමිව ඇති බව ක්‍ඡුන්‍ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

නොවිසඳුණු මාධ්‍යවේදී ඝාතන 9 ක් සහිතව ශ්‍රී ලංකාව සිව් වන ස්ථානයට පත්ව ඇති බව කියැවේ.

ලෝකයේ ජන මාධ්‍යවේදීන්ගේ මරණ පිළිබඳ සලකා බලන විට එයින් 70‍්‍ර ක් ම සිදුව ඇත්තේ රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටියදී ඝාතනයට ලක්වීමෙන් බව ක්‍ඡුන්‍ සඳහන් කරයි.

මේ අයුරින් ඉරාකයේ නොවිසඳුණු මාධ්‍යවේදී ඝාතන 92 ක් හේතුවෙන් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ලබා ඇති අතර එවැනි සිදුවීම් 52 ක් හේතුවෙන් පිලිපීනය දෙවෙනි ස්ථානයට පත්ව තිබේ.

මෙම ඝාතනයන් අදාළ රටේ සමස්ත ජනගහනය හා සැසඳීමෙන් පිළිවෙළින් ඉරාකය ලපිලිපීනය සෝමාලියාව ශ්‍රී ලංකාව හා කොලොම්බියාව ආදී වශයෙන් ලැයිස්තුගත කොට තිබේ. "


Tell a Friend