නාගරික මන්ත්‍රීටත් නීතිපති සමාව ලැබෙයිද?

හර්ෂි සි. පෙරේරා
"තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීගමුව නගර සභාවේ මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව මීගමුව පොලිසිය සඳහන් කරයි.

පසුගිය සිකුරාදා ආපනශාලාවකදී 41 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබුණි. පෞද්ගලික ආරවුලක් මත ඝාතනය සිදුව ඇති බවට සැක පළකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි."

මේ නාගරික මන්ත්‍රී ආණ්ඩු පක්ෂයට සම්බන්දනම් ඔහුට නීතිපති සමාව ලැබෙයිද යන්න ලාංකීය ජන මනස තුල සුවාබාවිකව පිළිසිද ගන්නා පැනයකි. මක්නිසාද 70 දශකයේ අගබාගයේදී ස්ත්‍රී දුෂකයින්ට සාම විනිසුරු පදවි දීමෙන් ආරම්බවූ අදර්මිෂ්ටකම මේවනවිට ස්ත්‍රී දුෂකයින් මිනීමරුවන් නීතිපති නිදහස් කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස රටේ ආරක්ෂක අමාත්‍යංශයේ වැදගත් නිල තල හොබවන තත්වයක් දක්වා වර්දනය වී ඇත. අද අදර්මිෂ්ටබව උච්චස්ථානයට පැමිණ තිබේ.

නීතියේ ආදිපත්‍ය, නීතියේ සමානතාවය යන්න අබිබවා නිතිය යන්න එක් පුද්ගලයෙක්, එක් පවුලක් සහ එහි වන්දිබට්ටයින් පිරිසක් යන්නට ප්‍රමුකත්වය ලැබී අවසන්ය. අනෙක අදිකරණයේදී අපරාද නඩු සමත වනු දැකිය හැක.

මේ තත්වය වෙනස් කල හැක්කේ පුළුල් සමාජ කතිකාවකින් පසුව පමණි.




Tell a Friend