මෙවර මුල්ලිවයික්කාල් ‍දේශනය මෙරට UN නිත්‍ය නියෝජිතවරයෙකු වූ ගෝර්ඩන් වයිස් ගෙන්


යුද සමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ගෝර්ඩන් වයිස් මහතා 9 වන මුල්ලිවයික්කාල් අනුස්මරණ දේශනය සිදුකිරීමට සූදානම් බව දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) නිවේදනය කරයි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දශක දෙකක කාලයක් පුරා සේවය කළ වයිස් මහතා සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළ අතර මේ සමයේදී විචාරක කතාබහට ලක්වූ The Cage: The Fight for Sri Lanka and the Last Days of the Tamil Tigers නම් ප්‍රබන්ධ කෘතිය ද රචනා කළේය‍ 

එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර සමාලෝචන වාර්තාවට අනුව යුද්ධයේ අවසන් මාස හය තුළ දෙමළ ජාතිකයින් 70,000 ක් පමණ ඝාතනයට ලක්වූ ප්‍රදේශය ශ්‍රී ලංකාවේ මුල්ලිවයික්කාල් වේ. එමෙන්ම, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විසින් දෙමළ කාන්තාවන් ලිංගික අතවර වලට හා දූෂණයට ලක්වුවේද මේ ප්‍රදේශයේ වන අතර මුල්ලිවයික්කාල් අනුස්මරණ දේශනය නම්කර ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය. 


Sri Lanka’s Killing Fields වීඩියෝව - https://youtu.be/3aBLl_M3z40 

දිනය - මැයි 18 (බ්‍රහස්පතින්දා) - දෙමළ, ජාතික ශෝක දිනය 

වේලාව - 9 පස්වරු (නිව්යෝර්ක් වේලාවෙන්) 

ස්ථානය - නිව්යෝර්ක් නගරය, ඇමරිකා එක්සත් ජනපදය 

ලිපිනය - ෆ්ලෂින් ටවුන් හෝල්, 137-35, උතුරු බුලවාර්ඩ්, ක්වීන්ස්, නිව්යෝර්ක් 11354 

සජීවිව බලන්න - www.tgte.tv 

මැයි 18 දින දෙමළ ජාති‍යේ ශෝක ‍දිනයක් ලෙස TGTE ප්‍රකාශයට පත්කර ඇත. 

මුල්ලිවයික්කාල්හිදී දෙමළ ජාතියට එරෙහිව සිදුකළ ජන සංහාරය දෙමළ ජනතාවගේ අධ්‍යාත්මය තුළ නොමැකෙන සලකුණක් තබා ඇත. මේ අනුව, අප මෙම බිහිසුණු සිදුවීම් මතක තබාගත යුතු බවත් ඒවායින් ඉගෙනගත යුතු බවත් අපට හැ‍ඟෙන්නේ ඉතිහාසය සඳහා වන සටන වර්තමානය උදෙසා වන සටනක් මෙන්ම, අද අපගේ ජනතාව සඳහා වූ සටනක් වන බැවිනි. ‘මුල්ලිවයික්කාල් අනුස්මරණ දේශනය’ ආරම්භ වන්නේ ඉහත සන්දර්භය තුළයි. 

1. හිටපු එක්සත් ජනපද නීතිපති රම්සි ක්ලාක් 2015 මැයි 18 වන දින සමාරම්භක අනුස්මරණ දේශනය පැවැත්වූවේය 

2. නැගෙනහිර ටිමෝරයේ නිදහසට නිදහසට හේතුවූ එහි ජනමත විචාරණයට මූලික වූ ඇලන් නයිරින් මෙහි 2 වැනි අනුස්මරණ දේශනය පැවැත්වීය. 

3. කොසෝවෝහි ස්වාධීන්වය සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ ආචාර්ය අලූෂ් ගාෂි තෙවැනි අනුස්මරණ දේශනය පැවැත්වූවේය. 

4. ජාත්‍යන්තර නීතිඥ හෙදර් රයන් සිව්වන අනුස්මරණ දේශනය පැවැත්වීය. 

5. දකුණු සුඩා‍නයේ නිදහසට හේතුවූ ජනමත විචාරණයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ ලඩු ජාඩා ගුබෙක් පස්වැනි දේශනය පැවැත්වූවේය. 

6. නැගෙනහිර ටිමෝරයේ හිටපු ජනාධිපති හා නොබෙල් ත්‍යාගලාභී ජොසේ රමෝස් හෝටා හයවැනි දේශනය පැවැත්වීය. 

7. හත්වන දේශනය පැවැත්වූවේ ජන සංහාරය වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු විශේෂ උපදේශක ඇඩමා ඩියෙං විසිනි. 

8. ආර්මේනියාවේ හිටපු ජනාධිපති ආමේන් සාකිසන් අටවැනි දේශනය පැවැත්වීය. 

ශ්‍රී ලංකා රජය මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ යුද මුක්ත කලාපයක් නිර්මාණය කළ අතර ආරක්ෂක අංශ විසින් දෙමළ ජනතාව කොටුකරගැනීමට හා මරාදැමීමට එම කලාපය භාවිත කෙරුණි. 

යුද්ධය ඇවිලෙමින් යන සමයේදී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ‘යුද මුක්ත කලාපයක්’ නිර්මාණය කරන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළේය. මෙම යුද මුක්ත කලාපයට ආරක්ෂාව පතා රැස්වන ලෙසට දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටි අතර මේ කලාපයට පහර නොදෙන ලෙස දැනුම් දුණි. 

දෙමළ ජනයා දස දහස් ගණනක් රජයේ ආරක්ෂාව ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව ආරක්ෂාව පතා මේ ‘යුද මුක්ත කලාපයට’ එක්රැස් වූ අතර ඔවුන්ව කොටුකරගත් ශ්‍රී ලංකා හමුදාව දිගින් දිගටම බෝම්බ හා ෂෙල් ප්‍රහාර එල්ල කළේය. මේ කලාපයට ආහාර හා ඖෂධ සැපයීම මෙමගින් සීමාවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙකු කුසගින්නෙන් මෙන්ම තුවාල ලැබූවන් බෙහෙත් නොමැතිකම නිසා ලේ වැගිරීගොස් මිය ගියහ. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව රෝහල්, ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන වැනි ජාත්‍යන්තරව ආරක්ෂිත ප්‍රදේශවලට ද දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහ. 

යුද මුක්ත කලාපයට බෝම්බ හෙලීම හා ෂෙල් ප්‍රහාර එල්ල කිරීම නවතාදමන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක නායකයින් කිහිප දෙනෙකු විසින් නැවත නැවතත් කරන ලද ආයාචනය ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළේය. 

(Sri Lanka’s Killing Fields වීඩියෝව)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව

මෙම ඝාතනවල බරපතලකම හේතුවෙන් එවකට එක්සත් ජාතීන්ගේ මහ‍ලේකම් බෑන් කී මූන්, යුද්ධයේ අවසන් මාස හය තුළ සිදුවූ ජාත්‍යන්තර අපරාධ විමර්ශනය කර වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. ‍

එක්සත් ජාතීන්‍ගේ විමර්ශනයට අනුව යුද්ධයේ අවසන් මාස හය තුළ දෙමළ ජාතිකයින් 40,000 ක් පමණ ඝාතනයට ලක්වූ අතර ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් දෙමළ කාන්තාවන් ලිංගික අතවරවලට හා දූෂණයට ලක්කිරීම ද සිදුවිය‍.  

යුද සමයේදී එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරකම් සෙවීම සඳහා පත්කළ එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර සමාලෝචන වාර්තාවේ සඳහන් වූවේ, යුද්ධයේ අවසන් මාස හය තුළ දෙමළ ජාතිකයින් 70,000 ක් පමණ ඝාතනය කර ඇති බව මෙන්ම නිසිලෙස ගණන් බැලීමට නොහැකි වූ පිරිසක් ද මීට අමතරව සිටින බවයි. 

එක්සත් ජාතීන්ගේ වාර්තා දෙක මගින් මෙලෙස සිදුකරන ලද සාහසික ක්‍රියාවන්, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙස වර්ගීකරණය කර ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටියේය. මෙම අපයෝජන වර්ග තුළ ජන සංහාරයක අංගයන් පවතින බව ස්වාධීන විශේෂඥයින්ගේ විශ්වාසය වී තිබේ. 

අවුරුදු දාහතරක් ගතවී ඇත. නමුත්, යුක්තිය ? 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර අපරාධ විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන් හා නඩු පවරන්නන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවීමට ශ්‍රී ලංකාවට බලකරමින් යෝජනා කිහිපයක් සම්මත කළද, ශ්‍රී ලංකා රජය එම යෝජනා ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළේය. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC)  ට යොමුකළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් මිචෙල් බැචලේ ඉල්ලා තිබේ. ‍එසේම, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු මහ කොමසාරිස්වරු හතර දෙනෙකු, එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් නව දෙනෙකු හා ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂඥ මණ්ඩලයේ සියලුම සාමාජිකයින් ඒකාබද්ධව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) යොමුකරන ලෙස ඉල්ලා සිටියහ. 

ශ්‍රී ලංකාව ICC වෙත යොමුකරන ලෙස ඉල්ලා ලොවපුරා සිටින මිලියන දෙකක පමණ ජනතාව පෙත්සමකට අත්සන් කළහ. 


දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) පිළිබඳ 

දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) යනු ලොවපුරා රටවල් කිහිපයක වෙසෙන මිලියනයකට අධික (ශ්‍රී ලංකා දිවයිනේ) දෙමළ ජාතිකයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ රජයකි. ශ්‍රී ලංකා රජය විසින් 2009 දී දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමෙන් පසුව TGTE පිහිටුවන ලදී. 

TGTE විසින් තුන් වතාවක් ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද මැතිවරණය ලොවපුරා දෙමළ ජනතාව අතර පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 135 ‍දෙනෙකු තෝරාපත් කරගැනීම මෙහිදී සිදුවෙයි. මෙම පාර්ලිමේන්තුවේ සභ‍ා දෙකක් ඇති අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව හා කැබිනට් මණ්ඩලයෙන් එය සමන්විත වේ. 

TGTE ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවන අතර එහි ව්‍යවස්ථාව මගින් මෙහි දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගත යුත්තේ සාමකාමී මාර්ගවලින් පමණක් දැඩිව විශ්වාස කරයි. එය ජාතිකත්වය, නිජබිම හා ස්වයං නිර්ණය යන මූලධර්ම මත පදනම් වේ. 

TGTE උත්සහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමෙන් යුතුව යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ දෙමළ ජනතාවට එරෙහි සමූලඝාතන සිදුකළ අපරාධකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමටයි. දෙමළ ජනතාවගේ දේශපාලන අනාගතය තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව TGTE අවධාරණය කරයි. 

TGTE හි අග්‍රාමාත්‍යවරයා වන්නේ නිව්යෝර්ක්හි නීතිඥවරයෙකු වන විශ්වනාදන් රුද්‍රකුමාරන් මහතාය. 


ට්වීටර් -  @TGTE_PMO

ඊමේල් -  pmo@tgte.org 

වෙබ් අඩවිය - www.tgte-us.org / www.tgte.org 


Einpresswire ඇසුරිනි