The Most/Recent Articles

Showing posts with label Weeklya. Show all posts
Showing posts with label Weeklya. Show all posts

මැකියාවෙලි ........

සටහන ;-

ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා

මැකියාවෙලි ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ උපත ලද්දෙකි . ඔහු රාජ්‍ය තාන්ත්‍රික රැකියාවන් තුලදී , ලත් අත්දැකීමෙන් දේශපාලන කෘතීන් රචනා කරන ලදී . එවකට පැවති ඉතාලියේ අර්බුදයන් සදහා විසදුම් කීපයක් ඉදිරිපත් කිරීම ඔහුගේ දේශපාලන දර්ශනයේ මුලික අරමුණ විය .



1. රාජ්යේ දියුණුවට හා පරිහානියට හේතු හෙවිම.

2. දේශපාලනික වශයෙන් රාජ්‍යක් සාර්ථක වීමට ඉවහල් වූ හේතු විමර්ශනය .

3. රාජ්‍යක දේශපාලන ස්ථාවරත්වය රැක ගත හැක්කේ කෙසේද යන්න.

මේ සදහා ඔහු විසින් දිස්කොසස් , යුද්ධය පිළිබද කලාව , ෆ්ලොරන්ටිනයේ ඉතිහාසය , කුමාරය යන කෘතීන් තම අදහස් ඉදිරිපත් කිරීමට උත්සහ ගන්න ලදී . ඒ වන විට ඔහු දුටු සාර්ථකම රාජ්‍ය රෝම රාජ්‍යයි .

රාජ්‍යක සාර්ථක අසාර්ථකභාවය මැනීමට ඉතිහාසය විමර්ශනය කල යුතු යයි , යන මතය මුලින්ම ඉදිරිපත් කලේ මකියවලි විසිනි . ඔහුට අනුව සියලුම මිනිසුන් කෘර යයි පැවසුවේය . මේ අනුව මිනිසා තුල සමාජ විරෝධී හැසිරීම් ඇති බව පෙන්වා දුනි . මෙය දේශපාලනයේදී මතුවන ප්‍රධාන ප්‍රශ්නය වේ .

ඔහු මිනිසා අර්ථකමි පුද්ගලයෙකු ලෙස දිවිය . එනම් මිනිසා තමාට මිස වෙන කිසිවෙකුට නොසලකයි . ලාභ ප්‍රොයෝජන හා සුරක්ෂිතභාවය පමණක් අපේක්ෂා කරන බව ,පෙන්වා දුනි .ඉතාලිය දුර්වල වුයේ මෙම ලක්ෂණ නිසා බව , මැකියාවෙලි පෙන්වා දුනි .

තවත් වැදගත් සාධකයක් ලෙස මිනිසාගේ තත්වය කිසිදිනක වෙනස් නොවන බව පැවසිය . රාජ්‍යන් වෙනස් වන්නේද , මිනිසාගේ අපරිමිත ආශාවන් නිසා බව හෙළි කළේය .

මැකියාවෙලි 'කුමාරය' රචනා කලේ පාලකයින් සදහාමය , රජ කෙනෙකු සිය බලය රැක ගැනීමටත් , තහවුරු කර ගැනීමටත් , තව තවත් අවස්ථාව කර ගැනීමටත් කල යුතු දේ මෙහි අඩංගු කරවිය . මැකියවලිට අනුව තමාට සාර්ථක වීමට සැලකිල්ලට ගත යුත්තේ තමාගේ ප්‍රශ්න පමණි . දුෂණය වූ රාජ්‍යක පාලකයා සාර්ථක වන බව පවසන ලදී .

දුෂිත රාජ්‍යක ස්ථාවරත්වය , නිතිය හෝ සාමය දක්නට නැත . මෙවැනි රාජ්‍යන් පිළිබද ලෝක ඉතිහාසයේ උදාහරණ ඇත . අප කලාපයේද එවැනිම වූ රාජ්‍යන් , වර්තමානයේ දක්නට ඇත . මැකියවලි මෙම දේශපාලන දර්ශනය වසර 600 පෙර සිටම පැවසු ඒකීය සංකල්පයක් ලෙස හැදින්විය හැක . ඒ වන විටත් ඔහුගේ දර්ශනය මුසොලෝනි කෙරෙහිද බලපා ඇති බව පෙනුනි .


ලේබල්වාදය

සටහන 
ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා

සංකීර්ණ සංකල්පයක් ලෙස ලේබල්වාදය හැදින්විය හැකි යයි මට සිතේ . සමාජය හා එහි සැරිසරන සියලුම ජීවින් මෙම සංකල්පයට අනුකුල වන්නකි . තිරිසන් සමාජය මෙයින් බැහැර කොට සැලකිය යුතුය . අප කතා කල යුත්තේ , මිනිසුන් ගැන පමණි .

ලේබල්වාදයේ මුලික සංකල්පය ප්‍රධාන කරුණු දෙකක් ඔස්සේ විග්‍රහ කල හැක . එනම් හොද හා නරකය .මෙම විග්‍රහයේදී හොද යන සංකල්පය , ලේබල්වදයට අදාල උවද , මිනිසුන් විසින් පිළිගැනීමට කැමති සංකල්පයකි . සියලුම දෙන "හොද " යන සංකල්පයට වැටීමට කැමතිය .එම ලේබලයෙන් ජිවත් වීමට කැමතිය . සුදු කරපටි අපරාධකාරයින් පවා , මේ ලේබලයෙන් ජිවත් වන බව අප දන්නා කරුණකි .

අප වැඩි දුර සාකච්චා කරනුයේ ලේබල්වාදය නිසා මිනිසුන්ගේ ජිවිත වෙනස් වන ආකාරය හා එම චර්යාවන් සමාජයට බලපාන්නේ කෙසේද යන්න පිළිබද සොයා බැලීමයි . මෙය සමාජීය කරුණු කීපයක් ඔස්සේ විග්‍රහ කල හැක .

1 අපරාද

2 අන්තර් ආශ්‍රය
අපරාද සදහා ලේබල්වාදය වැඩි වශයෙන් බලපාන බව අප කව්රුත් දන්නා කරුණකි .මිනිසුන් අපරාද කරන විට ඔවුන් අපරාද කරුවන් යයි , සමාජය විසින්ම ලේබල් ගසා ඇත . එහෙත් මේ අතර සිටින නිවරදිකරුවන් ,සැකකරුවන් පවා සමාජීය වශයෙන් මෙම අපරාද ලේබලයට හසු වී , සමාජ අසාධාරණයට ලක්ව සිටිති .අනෙක එක වරදක් සිදුකල අයෙකුට නිවැරදි වීමේ අවස්ථාව නැති කරමින් , ඔහු සදාකාලයටම අපරදකරුවකු ලෙස හංවඩු ගසයි . මෙහිදී ඔහු දිගින් දිගටම , අපරාද කිරීම සදහා නැමියාවක් දැක්වීම සමාජයට අහිතකරය . අපරදකරුවකු වීම නිසා , සිය පවුලේ උදවියද මේ ලේබලයෙන් සමාජය විසින් තවත් අහිතකර තත්වයකට පත් වෙමින් සමාජයෙන් කොන් වී හුදකලභාවයට පත්ව ඇති බව පෙනේ .

අපරදකරුවන් නිර්මාණය කරන්නට සමාජය දරන වගකීම මෙම ලේබල්වාදය බව සිතෙන්නට ඇති . එහෙත් සමාජය බිද වැටීමට මෙම සංකල්පයද බෙහෙවින් බලප ඇත .

අන්තර් අශ්‍රයද ලේබල්වාදය හා ලංව යන කරුණකි . කිසියම් ලේබලයකින් පිදුම් ලැබූ අයෙක් , ආශ්‍රය කිරීමට අනෙක් අය අකමැතිය . ඔහු පිස්සෙක් අපරාදකාරයෙක් , නිකමෙක් යනාදී අන්වර්ථ නම් වලින් පුද්ගලයින් වර්ග කිරීම මිනිසා තව ආකාරයකින් සමාජීය හුදකලා භාවයට පත් වීම සිදු වේ . මෙයද සමාජයේ පැවැත්මට අහිතකර කරුණකි .
ඉහත සාකච්චා කල කරුණු මිනිසා හා ලේබල්වාදය අතර සහ සම්බන්ධතාවයක් ගොඩ නගන බව පෙනේ . එම නිසා ලේබල්වාදය , සමාජයට හිතකර නොවන සංකල්පයක් බවත් , මිනිසා තම ක්‍රියාවන් ස්වභාවික ආකාරයට සකසා ගැනීමට ඉඩ සලසමින් , අන්තර් සමාජ බාධක ඉවත් කිරීමට සිතට ගතයුතු බව සිහි කල යුතුය . මිනිසාට නිවැරදි වීමේ අයිතිය ලබා දිය යුතුය .



"මාර්ග නීති කඩකළ රියදුරු පොලිස් පොත් උදුරා විසි කර දමයි"- රිවිර "බොරුව"


ඉහත සදහන් වන්නේ 2011.12.11 දින රිවිර පුවත්පතේ පලවූ වියාජ පුවතේ සිරස්තලයයි. ඇත්තටම මොකද වුනේ?

ඔහු නමින් රන්මිණි චමිල කසුන් දර්මවික්‍රමය. වයස අවුරුදු 29 ක් වන අවිවාහක තරුණයෙකි. අම්බලන්ගොඩ පදිංචිව සිටි. ගාල්ල කොලබ දාවනය වන එන් ඩි 4282 හි රියදුරු ලෙස වසර දෙකකට වැඩි කාලයක සිට සේවය කරයි.

සිද්දිය වන්නේ 2011.12.07 දින උදේ 07 ට 08 ට කහව ගොඩගම ප්‍රදේශයේදී මිටියාගොඩ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලදාරීන් රන්මිණි පැදවූ බසය නැවැත්වීමත් සමගයි.

පොලිසිය රන්මිනිගෙන් ප්‍රශ්න කල අතර රන්මිණි පෙරලා පොලිසියට පිලිතුරුදිමත් පොලිසියෙන් ප්‍රශ්න ඇසීමත් සිදු විය. පසුව පොලිසිය රන්මිනිට කුණුහරුපෙන් බනින ලදී.

පොලිසිය මෙසේ කුණුහරුපෙන් බනිමින් රන්මිනිගේ ෂට් කොලරයෙන් අල්ලා ගෙන පාරේ එහාට මෙහාට ගෙන ගොස් ඇති අතර ඔහුගේ කනට පහරක් ගසා ඇත. එවිට බසයේ සිටි මගින්ද 30 ක් පමණ බැසවිත් මිනිස්සුන්ට ඔහොම ගහන්න අයිතියක් නැති බව පවසා තිබේ.

රන්මිණි 2011.12.12 දින මෙම පොලිස් නීතිවිරෝදී ක්‍රියාව ගැන මානව හිමිකම් කොමිසන් සබාවට, පොලිස්පතිට, දකුණ දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිට සහ ගාල්ල ජෙෂ්ට පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරන ලදී.

හර්ෂි සි. පෙරේරා










මාධ්‍ය සදාචාරය අමු අමුවේම වැළලීම නොහොත් දිනමිණ පුවත්පතේ වාර්තාකරණය


| අමිල ගුණරත්න

අද ( 12) මගේ අසල්වැසි මිතුරෙකු නිවසට ගොඩවැදුනේ අමුතු ආරංචියක් කියාගෙනය. "අද මගේ මිසිස්ට කලන්තේ ගතියක් වගේ අවා දිනමිණ පත්තරේ තුන්දෙනෙක් එල්ලිලා ඉන්න ෆොටෝ එක දැකලා එයට කොහොමත් ඒවගේ දරුණු පින්තුර බලන්න අමාරුයි. අසල්වැසියාගේ කීම නිසා මම දිනමිණ පුවත්පත බැලුවෙමි " දිනමිණ පත්තරයේ එම පින්තුර මමද දැක්කේ එවිටය. යුද හමුදාවෙන් පලා ආ සෙබළකු එප්පාවල කඩිගාව ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනකු මරා දමා ඔහුද එල්ලී මිය යාමේ පුවත පින්තුර සහිතව දිනමිණ පුවත්පතේ වාර්තා කර තිබුනේ මළකඳන් තුනක් ගසක එල්ලෙන චායාරූපයක් ද සමගය අහෝ ජාතියකට මග පෙන්විය යුතු ආලෝක විහිදුවන තරුවක් බඳු විය යුතු පුවත්පතක් මළමිනී විකුණගෙන කන මහත? ඔය පුවත්පතට ගුරුහරුකම් දෙන මාධ්‍ය ඔස්තාර් දිනමිණ කතෘ ගේ මාධ්‍ය දිවියට අඩ සියවසක් පිරීම නිමිත්තෙන් රට වටේ උත්සව පවා තිබ්බා නේද ? මරණ, මිනීමැරුම් ගැන වාර්තා පල කරන විට අනුගමනය කල යුතු සදාචාරාත්මක නීති රීති නොදැන සිටි පුවත්පත් කතුවරයෙක්ටද නුවර කළාවිය නිදහස් මාධ්‍ය පදනම මඟින් මෙම ප්‍රසාද ප්‍රණාම උලෙළ සංවිධානය කර තිබුනේ? එවැනි ලාමකයෙකුටද කිත්සිරි වනසිංහ මහතා විසින් රචිත ‘ විමසන පිටපත” කෘතිය පිළිගැන්වුයේ ? මේ වගේ අඳ බාලයෙකුට උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ කිව්වේ සමාජයේ පෙරගමන්කරුවකු ලෙස මාධ්‍ය දිවියේ අඩසිය වසරක් පුරා මහින්ද අබේසුන්දර මහතා දේශයේ අභිමානය හා අනන්‍යතාවය වෙනුවෙන් සිය පෑන මෙහෙයවමින් සිදුකළ සමාජ මෙහෙවර ඉතා අගනා බව ? මේවා අහල පන පලයන් පෙරේදා කිව්වලු. මේවා අසන විට හිරිකිතයක් දැනේ. අනේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයත් වාඩි වූ ඔය පුටුවේ වසුරු නොතවරා කරුණාකරලා බහින්න. ඔය නිවාඩු ඇති වෙලාවක ඩි එෆ් කාරියකරවන මහත්තය ලියපු ලිපි ටිකක් කියවලා බලන්න මාධ්‍ය වාර්තාකරණය ගැන ඉගනගන්න. ඊට පස්සේ පුළුවන් උපහාර උළෙලවල් තියන්න.



රාජපක්ෂගේ රාජකීය හෙළුව

|  නිලන්ත ඉලංගමුව

මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය නින්දාසීලි ලෙස එකිනෙකාගේ අබිමතයට හසුරුවන කාරණයක් බවට පත් වී තිබේ. එය ඉතා සීමා සහිත වූ දේශපාලන අවකාශයක් අප හමුවේ නිර්මාණය කොට තිබේ. එම අවකාශය ව්‍යවස්ථාමය වශයෙන් උරුම වූ සැබෑවක් ලෙස පිළිගැනීම බොළඳ කමකි - අරුන්දතී රෝයි ( ඇන් ඔර්ඩිනරි පර්සන්ස් ගයිඩ් ටු එම්පයර් - පිටුව 293 )

තමන් මෙරට බේරා ගැනීමේ "වරදට" ඇතැමුන් රට රටවල ඇවිදිමින් තමන්ට එරෙහිව කටයුතු කරමින් මේ බේරා ගත් රට පාවා දෙන බව සහ එසේ පවා දෙන වුන්ට කිසිම සමාවක් නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. හැකිනම් කරන විවේචනයක් රට තුළ සිට කරන බව ඉල්ලා සිටි හෙතම එසේ ඇතැමුන් සිදු නොකරන බව ප්‍රකාශ කරනු ලැබුවේ රටේ ජනතාව එකී විවේචකයනට ඇහුන්කම් නොදෙන බව ප්‍රකාශ කරමිනි. මීට පෙර වෙනස් අකාරයකට මෙම ගීයම තනුව වෙනස් කරමින් ගායනා කළ රාජපක්ෂ මහතා තොත්ත බබෙකු ලෙස ප්‍රකාශ කළේ ඔහු ජාතිය බේරා ගත් වරදට ඇතැමුන් තවමන්ව විදුලි පුටුවේ ඉන්දවීමට කුමන්ත්‍රණය කරන බවත් එසේ වාඩි වීමට තමන් නොබියව ඉදිරිපත්වන බවත්ය. තමන්ගේ ජනතාව වෙනුවෙන් මරණය වුව තෝරා ගැනීමට තමන් පසුබට නොවන බව හෙතම වැඩි දුරටත් ප්‍රකාශ කළේය. එකල දිස් වූයේ සංවේදී නායකයාගේ සංවේදී කදුලය. මෙකල දිස් වන්නේ සංවේදී නායකයාගේ බිහිසුණු චන්ඩිකමය . රාජපක්ෂ කියන ආකාරයේ විවේචනයක් රට තුළ සිට සිදු කළේනම් හිටපු නීතීපති මොහාන් පිරිස් මහතා හට ජිනීවාහීදී ප්‍රගීත් එකනලිගොඩ පමණක් නොව තවත් දීර්ඝ ලයිතුවක් ඉදිරිපත් කිරීමට සිදුවන්නේ බැංකු ණය සඳහා පොළඹවන තැරව්කාරයකුගේ භූමිකාව හා සමරුපි වෙමින් ණය ලබාගැනීම සඳහා ආ ගිය අතේ බොරු කීමටය. මොහොන් පිරිස්ට අනුව ප්‍රගීත් පිටරටක වාසය කරන්නේය. ඒ ගැන ප්‍රශ්න අසන විට කෙහෙළිය රඹුක්වැල්ල අදාළ කාරණය ගැන අතිශය ප්‍රභල පරීක්ෂණයක් පවත්වන බව කියන්නේය. තවමත් එම පර්යේෂණයේ ප්‍රතිඵල නැත. මෙවැනි වාචාලයින් විසින් මෙහෙවන තක්කඩි පාලනයේ ගොදුරක් බවට මුළු රටම පත් වී ඇත්තේ සැබෑ ඒකාධිපතිතවයකට රට තල්ලු වී ඇති බව ඔප්පු කරමිනි. මොවුන් සියලු දෙනාටම බොරු කීමට සිදු වී ඇත්තේ තමන්ගේ පෞද්ගලික ජීවිතේ ආරක්ෂා කර ගැනීමටය. එය එසේ නොවුන හොත් තවත් සිය ගණනක් සරත් ෆොන්සේකලා බිහි වනු ඇත. කෙසේ වෙතත් මෙම වාචාල කතා කියා පෑල දොරින් තම ගෙට රිංගන විට තවත් කිහිප දෙනෙකු මෙරට අතුරුදන්ය. පසුගිය නොවැම්බර් මාසයේදී පමණක් මාධ්‍යට වාර්තා වූ අතුරුදන් වුවන්ගේ ගණන එකොලොස් දෙනෙකි. ඉන් නැවත තම නිවාස කරා පැමිණියේ සිව් දෙනෙකු පමණි. කරන දෙයක් රට තුළ සිට කරන්න යැයි කියවන රාජපක්ෂ පාලනයේ සැබෑ කාරණය වන්නේ මෙයයි.

රටේ ප්‍රතිරූපය ඉහළ දැමීම සඳහා කුලියට ගෙන ඇත්තේ සහ ජනතාවගේ බදු මුදලින් මිලියන ගණනක් ගෙවනු ලබන්නේ හින්දු පුවත්පතේ එන්. රාම්ට නොවේ, එනම් රාජපක්ෂ විසින්ම ප්‍රතික්ෂේප කරන සුද්දන්ටය. රාජපක්ෂ දේශීය දේශපාලනයේදී සුද්දට පයින් ගසන බව ප්‍රකාශ කරමින් සැබෑ ජීවිතයේදී ඔවුන්ගේ පාද නමස්කාර කරමින් සැතපෙන්නේ ඔවුන්ගේ දෙපා අභියසය. රුහුණේ සිංහයා දළ නැති වල් ඌරකු වී ඇත්තේ එසේය.
මේ වන විට රටේ තත්වය " ඊශ්‍රායල" මොසාඩ් මාදිලියේ සෙවනැලි ඝාතකයින්ගේ පාරාදීසයක් වී තිබේ. මෙය මොසාඩ් සංවිධානය විසින් ඝාතනය කරනවාටත් වඩා අතිශය බයංකාර තත්වයක් බවට පත් වී ඇත්තේ මොසාඩ් සංවිධානය තම ඝාතන සිදු කිරීම සඳහා එරට බලයේ සිටින අගමැතිවරයාගෙන් ලිඛිත ලියවිල්ලක් ලබාගත යුතු අතර එය එරට රාජ්‍ය රහස් යටතේ ලේඛනාගාරගත කළ යුතු වේ. පසුගිය වසරේ මොසාඩ් සංවිධානය විසින් ඩුබායි හී හෝටලයකදී සිදු කරනු ලැබූ වඩාත් ක්‍රමෝපායික ඝාතනයක් වන මොහොමඩ් අල් මොබු ඝාතනය පවා අගමැතිවරයාගේ ලිඛිත සහතික කිරීමක් මත සිදු වූ දෙයක් වන අතර බොහෝ දුරට අදාළ ඝාතන වලින් ඉලක්ක ගත වූයේ ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාව සඳහා දැඩි බලපෑමක් සිදු කරන විදේශික පුදගලියින්ය. සැබෑ සතුරන්ය. කෙසේ වෙතත් මොසාඩ් හෝ වෙන ඕනෑම සංවිධානයක් විසින් සිදු කරන ඝාතන කිසි ලෙසකින් සාදාරනීකරණය කළ නොහැකිය. එය බරපතල වරදකි. නමුත් ලංකාවේ මේ වන විට සියල්ලම සිදු වන්නේ හිතේ මනාපයටය. එය සාදාරනීකරණය කර ගැනීම සඳහා තමන් රට යයි සිතා තමාට හානී කිරීම හෝ වචනයකින්දු විරුද්ධව ප්‍රකශ කිරීම රටට කරන හානියක්ය; යන්න ආදේශ කරමින් සිටියි.

රාජපක්ෂ, තමන් විසින් භාවිතය ගෙන ඉවත දැමිය යුතු දෙයක් බවට ඔහුට පරිබාහිර පුද්ගලයින් සියල්ල ගැන සලකමින් සිටින්නේ රටේ පාලකයා රජෙකු වූ වූ විට පාලිතයින් විෂයන් බවට පත් වීම අනිවාර්ය තත්වයක් බව සනාථ කරමිනි. තම රට තුළ පැහැරගැනීම් සහ ඝාතන සිදු කිරීම කුමන ඒකකයක් විසින් එය සිදු කළත් අවසාන වගකීම පැවරෙන්නේ ආණ්ඩුවටය. රාජපක්ෂ විසින්ම තමන්ගේ චින්තනය ප්‍රකාරව සඳහන් කරනු ලැබූ " තමන් රටේ තාවකාලික භාරකාරය වන්නෙමියි" යන කියමනේ සැබෑ ලෙස භාවිත කළ යුතු අකාරය වන්නේ එයයි. නමුත් රාජපක්ෂගේ වචන සහ භාවිතයන් ගැන කවුරුත් දනී. මෙලෙස තමනට පැවරී ඇති මුලික වගකීම් වලින් අපගමනය වී පාලකයා වෙනත් වාචාල කතා කියමින් නැති සතුරන් මවා පෙන්නවමින් ඔප්පු කරමින් සිටින්නේ තමන් යහ පාලනයක් නොව මර්ධනයක් කරමින් සිටින බවය. කාම්බෝජයේ පොල් පොට් විසින් සිදු කරනු ලැබුවේ මෙයයි.

රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තම දේශීයත්වය රට දැය බේරා ගෙන සුද්දන්ගේ දනින් මුල නොවැටී සිංහයකු මෙන් සටන් කරන බව ප්‍රකාශ කරමින් සිදු කොට ඇති නාඩකමේ හෙළුව සහ ඔහු මවාගෙන ඇති ව්‍යාජය මෙරට ජනතාවගේම බදු මුදල් මංකොල්ල කෑ සංවිධානවලින් හෙළිදරව් කරමින් සිටියි. සතුරා සමඟ ආර්ථිකමය වශයෙන් ගනුදෙනු කිරීමේදී සමඟියත් දේශපාලනික කාරණා සම්බන්ධයෙන් අසමගියත් පෙනිවිය යුතුය යන මුලික බටහිර ප්‍රතිපත්තියට ගොදුරු වූ නායකයින් ලෝක ඉතිහාසයේ සිටියහ. උදාහරණ සිය ගණනක් අතුරින් මෑතකදී ඒ සම්බන්ධව කරලියට පැමිණියේ මහා මගදී සතෙකු මෙන් මරා දමනු ලැබූ ලිබියාවේ මෝහම්මර් ගඩාෆිය. රාජපක්ෂ පෙන්වමින් සිටින්නේද එවැනිම වූ මොඩලයකි.

අද දින ( දෙසැම්බර් 06 ) ලන්ඩනයේ සිට පලවන " ද ඉන්ඩිපෙන්ඩන්ට්" පුවත්පත ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කළ ඇති හෙළිදරව් කිරීම වලින් එය සනාථ වේ. අදාළ පුවත් වාර්තාවට අනුව රාජපක්ෂ විසින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම සඳහා කුලී සේවයට ගත් බෙල් පුටින්ගර් ආයතනය විසින් ඔහු විසින් " තෙරුවන් සරණයි" යැයි ( එය පමණක් රාජපක්ෂගේ ප්‍රඥා බල මහිමයෙන් ලියා ඇත .) අවසන් කරනු ලබූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඉදිරිපත් කළ කතාව ලියා ඇති බවයි. බෙල් පුටින්ගර් පිළිබඳව මීට මාස ගණනාවක සිට විවේචන ඉරිදිපත් වූ අතර ඒ සඳහා රජයේ පැත්තෙන් තොරතුරු දැක් වූයේ මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්ලාල්ය. ( බොහෝ විට මෙහි තැරව්කාරයා විය හැක්කේ ඔහුය.) ඔහු වරකදී කේන්තියට පත් වෙමින් අදාළ කාරණය ගැන ඇසීම පවා සුදුසු නොවන බවත් රටේ ප්‍රතිරූපය ඉහළ දැමීම සඳහා විශාල මුදලක් වැය කරන බවත් ප්‍රකාශ කළේය. රටේ ප්‍රතිරූපය ඉහළ දැමීම සඳහා කුලියට ගෙන ඇත්තේ සහ ජනතාවගේ බදු මුදලින් මිලියන ගණනක් ගෙවනු ලබන්නේ හින්දු පුවත්පතේ එන්. රාම්ට නොවේ, එනම් රාජපක්ෂ විසින්ම ප්‍රතික්ෂේප කරන සුද්දන්ටය. රාජපක්ෂ දේශීය දේශපාලනයේදී සුද්දට පයින් ගසන බව ප්‍රකාශ කරමින් සැබෑ ජීවිතයේදී ඔවුන්ගේ පාද නමස්කාර කරමින් සැතපෙන්නේ ඔවුන්ගේ දෙපා අභියසය. රුහුණේ සිංහයා දළ නැති වල් ඌරකු වී ඇත්තේ එසේය. මා විසින් මීට මාස කිහිපයකට පෙර යලිත් මෙරට අඩු තරමින් පොදු නිතීයක් හෝ සෑම දෙනාටම පොදු ආකාරයෙන් ඇති වීමටනම් තවත් වසර 200 කාටවත් සුද්දන්ට යටත් විය යුතු යයි ප්‍රකාශ කරන විට දේශද්‍රෝහියෙකු ලෙස නම් කරමින් බොහෝ දෙනෙක් විවේචනය කළහ. නමුත් පවතින ඇත්ත තුල සිදු වන්න වෙනත් ආකාරයකින් රාජ්‍යම වහල් සේවයේ යෙදවීමකි.

අදාළ පුත් පතට අදහස් දක්වූ බෙල් පුටින්ගර් ආයතනයේ අධ්‍යක්ෂක ටිම් රයන් පෙන්වා දෙන පරිදි රාජපක්ෂ තමන් විසින් සිදු කළ සියලු අපාරාධ මිහිදන් කිරීමට අපේක්ෂා කරන්නෙකි. අදාළ සමාගම විසින් ජනාධිපතිවරයා 2010 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පවත්වනු ලැබූ "දේශනය" ලියා ඇත. ඊට අමතරව බෙල් පුටින්ගර් ආයතනය සමඟ කොන්ත්‍රාත් පදනම මත කටයුතු කරන එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක වන කියූඕස් සංවිධානය විසින් රාජපක්ෂ ලියු බව සඳහන් කරමින් ලිපියක් ලියා එය " ෆිලදෙල්පිය ඉන්කුරර් " නමැති ප්‍රකාශනයේ පළ කොට ඇත. එසේම ලංකාවේ දේශීය මාධ්‍ය තුළ ඉතා ඉහලින් සාකච්චා කෙරුණු වෝල් ස්ට්‍රීට් ජර්නල් සඟරාවට රාජපක්ෂ විසින් ලියු ලිපයද එවැනිම වූ කොන්ත්‍රාත්තුවක් මත සිදු වූ ගනුදෙනු මිස වෙන කිසිම දෙයක් නොමැත. මෙහිදී වැදගත් කාරණයක් වන්නේ රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය නැංවීම සඳහා මෙරට ජනතාවගේ මුදල් මංකොල්ල කමින් කටයුතු කළ බෙල් පුටින්ගර් ආයතනයට බ්‍රිතානයේ මාධ්‍ය තුළ කිසිඳු පිළිගත හැකි ඉඩක් වෙන් නොවීමය. වරකදී රාජපක්ෂ ගැන ලියු එවැනි ලිපියක් ප්‍රකට ගාර්ඩියන් පුවත් පතට ප්‍රසිද්ධ කිරීම සඳහා යොමු කළද එය විසින් ප්‍රතික්ෂේප කොට ඇත. රාජපක්ෂ විසින් රටේ ජනතාවගේ මුදල් නාස්ති කරමින් ජාත්‍යන්තරය හමුවේ තමන් සුදනෙකු වීමට උත්සහ කරමින් සිටින්නේ එසේය. පසුගිය කාලය පුරා රාජපක්ෂ සම්බන්ධයෙන් ගුණ කථන ගැයූ සෑම ජාත්‍යන්තර මාධ්‍යක් විසින්ම සිදු කොට ඇත්තේ මෙරටින් මුදල් හම්බ කිරීම සඳහා ව්‍යාජ නායකයා අව්‍යාජ බව ප්‍රකාශ කිරීමය. ද හින්දු ඇතුළු ඉන්දියාවේ පුවත්වල හැසිරීමද තවත් කෙටි කලිකින් මේ ආකාරයෙන්ම හෙළි වනු ඇත.

මෙහි ඇති ඛේදනීය තත්වය විස්තර කිරීම සඳහා වෙනත් විස්තර උපුටා දැක්වීම අවශ්‍ය වන්නේ නැත. එනම් පසුගිය දා එලි දැක් වූ කෝප් වර්තාවම ප්‍රමාණවත් වේ. රටේ සමස්ථ රාජ්‍ය ආයතන පද්ධතියම පාඩු ලබන අවස්ථාවක රාජපක්ෂ ඒ වෙනුවෙන් කටයුතු කිරීම අමතක කොට දමා පාඩු ලබනවා යැයි තමන්ට පෙනෙන පෞද්ගලික ආයතන පවරා ගැනීමේ පනත සම්මත කරමින් සිදු කරනු ලැබුවේ තව දුරටත් ස්වාධීන ව්‍යාපාරිකයින් මෙල්ල කිරීම මිස රට හැදීම නොවේ. එසේම ගාලුමුවදොර අක්කර හතක් වසර 99 කට බද්දට දීමට තීරණය කරනු ලැබුවේද ඔහු විසින්මය. මෙය කියුබාවේ ඌරන්ගේ බොක්ක නැමති ස්ථානය ඇමෙරිකානුවන්ට ලියාදුන් කියුබාවේ කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව 20,000 කට ආසන්න ප්‍රමාණයක් මරා දැමුණු ෆුල්ජෙන්සිඔ බැටිස්ටාගේ හැසිරීම හා සමානය. වෙනස ඇත්තේ, මෙරට සංවේදී නායකයා ජාතික ඇදුමෙන් සැරසී සිටීම පමණි. මේ නිසා රාජපක්ෂට තම තනුව වෙනස් කරමින් එකේක මාදිලියේ ගීත ගායනා කිරීමට සිදු වී ඇත්තේ බලය රැක ගනිමින් තම සොරකම සහ අවනීතිය හැකි පමණ දේශහිතෛශී කිරීම සඳහාය.



ගඩාෆි ගැන දුක් වන්නෝ !


ගඩාෆි බලයෙන් පහවීම හා ඔහුව ඝාතනය කිරීම ගැන තවමත් ලතවෙන පිරිසක් අප අතර සිටිති.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඔහු කළ අපරාධ පිළිබඳව විනිවිද හා පිළිගත් යුක්තිය පසිඳලීමේ ක්රිනයාදාමයන්ට අනුව විවෘත නඩු විභාගයක් පවත්වා, කරුණු කාරණා ඔප්පු වුවහොත් දඬුවම් පැමිණවීම කළ යුතුය. එහෙත් එය මරණ දඬුවම නොවිය යුතුය.

අත්අඩංගුවට ගත් ගඩාෆිව මරා දැමීම හා ඔහුගේ සිරුර කුණුවී යන තුරු ප්ර දර්ශනයට තැබීම, හෙලා දැකිය යුතුය. එය ම්ලේච්ඡ ක්රිකයාවකි. එය සිදුකළ සියල්ලටම එරෙහිව නීතිමය පියවර ගත යුතුය. ඒ සඳහා උපරිම බලපෑම් වත්මන් ලිබියානු පාලකයින්ට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කලය යුතුය. එම කාර්යයෙන් බැහැරව, ගඩාෆි ගැන කඳුළු සලන්නේ ඇයි.

ඔහු බලය ලබාගත්තේ හමුදා කුමන්ත්රුණයකින්ය. බලය ලබා ගැනීමෙන් පසුව, ඔහු ජනමත විමසුමකට ඉඩ තිබ්බේ නැත.

හිටපු රජ සමයටත් වඩා සංවිධානාත්මකව ජනතාව මර්දනය කළේය. එය පටන්ගත්තේ අදහස් ප්රුකාශ කිරීම වැළැක්වීමෙන්ය.

මෙම මර්දනය හමුවේ, වධහිංසාවට ලක්වූවන්, අතුරුදහන්වූවන්, සිරභාරයට පත්වූවන් කොපමණද? වෙනත් ආකාරයේ පළිගැනීම්වලට ලක්වූවන් කොපමණද?
මේ ගැන, මේ දුක්වන්නෝ ප්රගශ්න නොකරති.

සෑම පාලකයෙක්ම, මර්දනය දියත් කිරීමට සමගාමීව සංවර්ධනය ගැනද කතා කළෝය. ඇත්තටම, ඔහු තෙල් සල් වලින් කළේ මංමාවත්, ගොඩනැගිලි ඉදිකිරීමය. ඔහුගේ පවුල් රජ කරවීමය.

තම අවට සිටින්නන්ට, ගැත්තන්ට හිතේ සැටියට සංවර්ධනය වීමට ඉඩ හැරියේය.

ඒ අතර, ඔහු අන් සියලු මර්දනකාරී, දූෂිත නිදහස අහිමිකළ නායකයින් මෙන්ම චින්තනයක්ද ඉදිරිපත් කළේය.

ආගම මුල් කරගෙන චින්තනය ගොඩ නැගුවේය.


අධිරාජ්ය වාදි විරෝධියෙකු ලෙසට ලොවේ ප්ර,සිද්ධියට පත්විය.

මේ අධිරාජ්යග විරෝධියා, තම පුතුන්ට ඉගැන්වූයේ හිරු නොබසින අධිරාජ්යයයට යවාය. යුරෝපයේ පාපාදන් කෙළිවලට යවාය. අධිරාජ්යුවාදීන්ගෙන් සියලු අති සුඛෝපභෝගී දෑ ලංකරගෙනය.

මේ අතර, ජනතාව මර්දනය කළාට තමන්ට ප්රයශ්නයක් කර නොගත්, සෑම බලවතෙකුම, බොරදියේ මාලු බාති. එය එදත්, අදත්, හෙටත් කරනු ඇත.

“සමාජවාද” ලිබියාව, “අධිරාජ්යය විරෝධි” ලිබියාව සෝවියට් දේශයට හා චීනයට තෝතැන්නක් විය. තම ගුවන් යානා, යුධ අවි, රිසිසේ විකුණා ගන්නට හොඳ වෙළඳපොළක් බිහිවිය. ලිබියාවට තෙල් සල්ලි තිබිණ. ඒ නිසා ණයට දෙන්නටද අවශ්යො නොවීය.

රටතුළ ගඩාෆිගේ දූෂණයට, මර්දනයට එරෙහිව බුර බුරා නැගුණු ජන විරෝධයට, ඇමරිකාව හා යුරෝපය තෙල් දැම්මේය.

රුසියාව, චීනය කටින් විරෝදය පලකරමින් ගාඩාපිව අත හැර දැම්මේය. ගඩාෆි සමග ගසපු ආර්ථික ගිවිසුම් රැක ගැනීමට නව පාලකයින් ඔවුන්ට දැන් අවශ්යාව ඇත. අද සිරියාවේ වෙන්නේත් ඒ දේමය. ඊජිප්තුවේ මුබාරක්ට වූයේත් ඒ දේමය.

අන්ත ඉස්ලාම් මූලධර්මවාදයෙන්, ජනතාව මර්දනය කරන, විශේෂයෙන් ලිබරල් මතවාදීන් හා ස්ත්රී්න් මර්දනය කරන අධිරාජ්ය් විරෝධී සටන් පාඨ කියන ඉරානයටද මේ තත්වය උදා වුවහොත්, පුදුම විය යුතු නැත.

සමාජවාදි හා අධිරාජ්යම විරෝධී සටන්පාඨ වලින් අන්ධව, ජනතාව මර්දනයට ඉඩ හැරිමවෙචනයෙන් හෝ දායක වී‍මෙන් ඇතිවිය යුතුය.

අපේ රටම උදාහරණයට ගන්න.

ජනසංසදය


"සිදු වූයේ මා සහ මගේ බිරිඳ, දරුවන් තව දුරටත් මගෙන් ඈත් කිරීම පමණයි"

මාගේ ජනතාව තව දුරටත් අයුක්තියට එරෙහි අරගලය ඉදිරියට ගෙන යනු ඇත


ජනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් අදාළ සුදු කොඩි නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු අධිකරණය හමුවේ පැවැත් වූ විශේෂ ප්‍රකාශයේ සංෂිප්තය.

| ශ්‍රී ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තාකරුවෙකු විසිනි

මෙම නඩු තීන්දු ගැන මම පුදුම වෙන්නේ නැහැ. අවංකව කියනවනම් මේ ක්‍රියාදාමය තුළදී සාධාරනයක් ඉෂ්ඨ වෙයි යන කරුණ ගැන මට පමණක් නොව ජනතාවගෙන් විශාල කොටසකටද මෙහි සිටින නීතිඥවරුන්ගෙන් විශාල කොටසකටද සැකයක් තිබුනා. මෙම නඩු තීන්දුව සාධාරණ යැයි මම පිලිගන්නේ නැහැ.

මේ සුදු කොඩි කතා ගැන ෆෙඩ්රිකා ජෑන්ස්ට පැවසුවා යයි කියන බොරු දේවල් පත්තරේ පල කිරීමට පෙර මෙම කතා බහ රටේ හැම දෙනාම අහලා තිබුනා. දැන ගෙන හිටියා. මට විශ්වාසයි ගරු විනිසුරුවරුන් පවා මේ ගැන අසා තියෙන්න ඇති. ෆෙඩ්රිකා ජෑන්ස් මේ ගැන කියන්න මාස ගානකට කලින් ඩේලි මිරර් පත්තරේ ඒ ආකාරයටම මේ ගැන ලියා තිබුනා. ගියා සතිඅන්තයේ සන්ඩේ ටයිම්ස් පත්තරෙත් මේ ගැන නැවත ලිය තිබෙනවා. එතකොට මේ ලියපු අයටත් ඔවුන්ට ඒ ගැන දැනුම් දුන් අයටත් නඩු පවරලා දඬුවම් දෙනවාද?

විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා මාධ්‍ය වේදිනියක් ඇසූ ප්‍රශ්නයකට ඔහුගේ දැනුම අනුව දුන් පිළිතුරකට විරුද්ධ අර්ථකතනයක් දී ඔහුට නඩු පවරා සිර දඬුවම් දීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක් අනුමත නොකරන අතර ඒවා සිදු වන්නේ ඒකාධිපතියන් සිටින රටවල පමණි. මම තදින්ම පිලිගන්නවා මම අණ දුන් හමුදාව යුධ ජයග්‍රහණයේදී යුධ අපරාධ නොකළ බව සහ ඔවුන් මගේ නියෝග වලට අනුකූලව ජාත්‍යන්තර නීති රීති වලට ගරු කරමින් මානුෂීය අයිතිවාසිකම් රකිමින් යුධ බිමේ සටන් කළා. ඔවුන් ඒ අනුව ක්‍රියා කරමින් 12,000 ක් පමණ වූ යුධ බිමේදී භාර වූ ත්‍රස්තවාදීන් ආරක්ෂා කළා.

නමුත් ඒකාලය තුළ මේ රටේ කිසිම කෙනෙක් හෝ බලධාරියෙක් යටත් වන ත්‍රස්තවාදීන් බාර නොගන්නැයි නියෝගයක් දුන්නා නම් අනිවාර්යෙන්ම යම් දිනක ඔහු නීතිය හමුවට ගෙන ආ යුතුය, යන මතය ගෞරවනීය හමුදා නිලධාරියෙක් හැටියට මම අනුමත කරනවා . මීට පෙර මේ රටේ සිදු වූ භයානක අපරාධ වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුව, බිඳුණු වැව දෙමළ ජනතාව ඝාතනය කිරීමේ නඩුව, සහ ඇඹිලිපිටියේ සිසු ඝාතනය වැනි නඩු ගැන නොයෙක් ප්‍රකාශ කළ අදහස් දැක් වූ, තොරතුරු සැපයූ පුද්ගලයින්ට ජනතාව උසී ගැන්වීමට තැත්කළ කියා නඩු දැම්මද? නැහැ. සිදු වූයේ එම අපරාධ කළ අයට විරුද්ධව දඬුවම් දීමයි. නැතුව තමන්ට යම් කිසි දෙයක් ගැන විශේෂයෙන් නීති විරෝධී දෙයක් ගැන ආරංචි වුනොත් ඒ රටේ ජනතාවට ඒ ගැන කතා කිරීමේ අයිතියක් නැද්ද? එහෙම කතා කළ හොත් එවැනි අයට හිමි වන්නේ හිර ගෙදරද? එසේනම් සාධාරණය සහ යුක්තිය කියන්නේ එයද?

අවසානයේදී මෙම නඩු තීන්දුවෙන් සිදු වුණේ මගේ බිරිඳගෙන් සහ දරු දෙදෙනාගෙන් තව දුරටත් මා ඈත් කර තැබීම පමණකි. මේ අසාධාරණය ස්වාභාව ධර්මය පවා පිළි නොගනු ඇත. තවද මෙම තීන්දුවෙන් මා සමඟ මුහුණට මුහුණලා දේශපාලනය කරන්නට බියෙන් මාව සිර ගත කොට ජනතාවගෙන් සහ දේශපාලන භූමියෙන් ඈත් කර තබන්න උත්සහ කරන දේශපාලනඥයින්ගේ බලාපොරොත්තු සාක්ෂාත් වුණා. මේ මඟින් ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටුණා. නමුත් මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය තුරන් කිරීම ගැන ජනතාවගේ අයිතිවාසිකම් සහ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීමේ චේතනාවෙන් ඉදිරියට යන මට මෙම සිර දඬුවම වක්‍රව සහ අනියම් ලෙස ලැබෙන ආශීර්වාදයක් ලෙස සලකනවා, ඒ ගැන මම විනිසුරු මඩුල්ලට ස්තූති වන්ත වෙමි.

අවසාන වශයෙන් මෙම දීර්ඝ කටයුත්ත තුළදී මා සමඟම රැඳී සිටි මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත්, මගේ අනුගාමිකයන්ටත්, මා වෙනුවෙන් සාක්ෂි දුන් සියලු දෙනාටත් මට සාධාරණයක් ඉෂ්ඨ කිරීමේ බලාපොරොත්තුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ නිතීඥ ලද්දුවහෙට්ටි මහතා සහ නිතීඥ මඩුල්ලටද මගේ ප්‍රණාමය පුද කරමි.

එමෙන්ම රටේ ජනතාව මට අසාධාරණයක් වූ බව පිලිගන්නවා නම් අසාධාරණයට සහ අයුක්තියට විරුද්ධව නැගී සිටින ලෙසද, මම තවදුරටත් ඉල්ලා සිටිමි. අවසානයේ මෙම නඩුවේදී මා නිදොස් බව ප්‍රකාශ කළ විනිසුරු වරයාට මම හිස නමා අචාර කරමි. එතුමාගේ නිර්භීතකම අධිකරණ ක්ෂේත්‍රයට ගෞරවයක්, අභිමානයක්.



ගෝඨාභය මුහුණපාන අභියෝග

| ප්‍රේක්ෂක

සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීම පිළිබඳ චෝදනා රජය පැත්තෙන් වටහා ගන්නට නම් විෂය භාරව සිටින රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ සිතන ආකාරය තේරුම් ගන්නට සිදුවෙයි.

“යුද්ධය නිමවූ විගස එල්ටීටීඊ යේ චිත්ත ධෛර්යය හීනවූ නමුදු පසුගිය වසර දෙක තුළ එය යළිත් අරමුදල් එකතු කිරීම සහ යලි සමූහ ගතවීම අරඹා ඇති හෙයින් ඒ පිළිබඳ කිසිවක් නොකළහොත් එය විශාල තර්ජනයක් වනු ඇත. මගේ මූලික උනන්දුව රටේ ආරක්ෂාව“ යැයි ගෝඨාභය රාජපක්ෂ මෑතදී Daily Mirror පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා තිබුණි.

උතුරු-නැගෙනහිර මිලිටරීකරණය කෙරෙන්නේ යැයි යන්නට විවේචකයන් දෙන උදාහරණ වල එන දෑ සිදුවන්නේ ත්‍රස්තවාදය යළි හිස එසවීම වැළැක්වීමේ අරමුණ හේතුවෙන් නම් එහි සැබෑ ප්‍රථිඵල පිළිබඳ වහා යළි සිතා බැලිය යුතුය.

ත්‍රස්තවාදය යළි හිස එසවීම වැළැක්වීම කළ යුත්තේ දෙමළ ජනයා ආණ්ඩුවෙන් යලිත් දුරස් වන ආකාරයට නොව ඔවුන් යලි දිනාගන්නා ආකාරයටය. දෙමළ ප්‍රජාව අතර එල්ටීටීය යලි නොනැගිටීම සාධනය කළ හැක්කේ මර්ධනයෙන් එම ජනයා බියවැද්දීම නොවේ. තම අනන්‍යතාව, ආත්ම ගරුත්වය පිළිබඳ හැඟීම අවධි වූ ජනකායක් මර්ධනයෙන් යටපත්කොට තබා ගත නොහැකිය. එල්ටීටීය යලි සංවිධාන ගතවීමේ අවදානම දුරු කිරීම දෙමළ ජනයාට, තරුණ තරුණියන්ට දේශපාලනයේ යෙදීමට ඇති අයිතිය නැති කිරීමෙන් කළ හැකි යැයි සිතතොත් එය මුලාවකි. එවැනි ක්‍රියාවලින් ඔවුනතර ආණ්ඩු විරෝධී හැඟීම් වැඩියෙන් වර්ධනය වනු ඇත. අවශ්‍ය වන්නේ හදවත් සහ සිත් දිනාගැනීමේ ව්‍යාපෘතිය කි. වඩාත්ම සඵලදායී ක්‍රමය වන්නේ දෙමළ ජනයාට දේශපාලනය කිරීමේ නිදහස සහතික කොට බලය විමධ්‍යගත කිරීම මගින් තමන් කැමති ආකාරයේ පාලනයක් පත් කරගැනීමේ අයිතිය ඔවුනට තහවුරු කිරීමය.

“සාම කාලයට ගැලපෙන ලෙස යුද සමයේ මිලිටරි යාන්ත්‍රණය ප්‍රති-දිශානතිගත කිරීමෙහි ලා තමාට දැවැන්ත වගකීමක් තිබේ“ යැයි ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් කියා තිබුණි. “යුද හමුදාවන් යමක නිරතව තබා ගැනීමට මට සිදුවෙයි – මෙය බරපතළ අභියෝගයකි. උතුරු නැගෙනහිර හමුදා තිබීම අඩුකරන මෙන් හදිසි නීති රෙගුලාසි ඉවත් කරන මෙන් ඉමහත් බලපෑමක් ජාත්‍යන්තර ප්‍රජාවෙන් මට එල්ල වී තිබේ. රටේ තත්වය සාමාන්‍ය අතට හරවන අතර සමතුලිතතාවක් නිර්මාණය කිරීම දැවැන්ත අභියෝගයකි .“

ඉහත ප්‍රකාශයෙන් කියැවෙන පරිදි ආර්ථිකය, සමාජය සහ සංවර්ධනය මිලිටරීකරණය කිරීමේ හේතුව යුද්ධයෙන් පසු හමුදාවන් ක්‍රියාකාරීව තබාගැනීමේ අවශ්‍යතාව නම් ඒ සඳහා සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීමට සහ එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් අනතුරට ලක් නොවන ආකාරයෙන් එය කිරීමට උත්සාහ ගත නොහැකිව තිබුණි දැයි විමසීම වටී.

යුද්ධය නිසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ගෝඨාභය රාජපක්ෂ යටතට ගනු ලැබිණි. පසුව නාගරික සංවර්ධන අධිකාරිය ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනු ලැබිණි. දැන් මෙම විෂයයන් දෙකම එක් කරමින් රාජ්‍ය ආරක්ෂාව සහ නගර සංවර්ධනය යැයි නව අමාත්‍යංශයක් නම්කොට තිබේ. ආරක්ෂාව සහ සංවර්ධනය පිළිබඳ කරුණු එකට ඒකාබද්ධ කිරීම, පළමුවැන්නේ බලපෑමට දෙවැන්න සෘජුව යටත් කිරීම සංවර්ධනය සමග බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් අනතුරේ හෙළයි.

පැල්පත් වාසීන් යලි පදිංචි කිරීමේ අදහස ත්‍රස්තවාදය නැවත හිස ඔසොවීමට ඉඩ නොදීමේ වැඩ පිළිවෙළ හා සම්බන්ධ වූවක්දැයි පැහැදිළි නැත. ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට තල්ලු කළේ ත්‍රස්තවාදය නැවත හිස ඔසොවීමට ඉඩ නොදීමේ වැඩ පිළිවෙළ සහ හමුදාවන් ක්‍රියාකාරීව තබාගැනීමේ අවශ්‍යතාව නම් එයින් ඔහුගේ ප්‍රතිරූපයට වූ හානිය වැනි වන්දියක් ඊට ගෙවීම වටින්නේදැයි සිතා බැලීම වටී. “ආරක්ෂක ලේකම් දේශපාලනයට සහ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වෙලා. ආරක්ෂක ලේකම් ලෙස ඔහු දැඩි හික්මීමකින් සහ මහාත්ම ලෙසින් ක්‍රියා කළා. නමුත් දැන් ඔහු දේශපාලනයට සම්බන්ධවන්නේ මන්දැයි පැහැදිළි නැහැ“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර Daily Mirror පුවත් පතට දුන් සාකච්ඡාවක මතු කළේත් මෙම කරුණම නොවේද?

‘ශක්තිය‘ 2011 නොවැම්බර් කලාපයේ ‘දේශපාලන රඟහල‘ ලිපියෙනි.


වෙබ් අඩවි තහනම : විද්‍යුත් කැලෑ පත්තර සදාචාරය

| වික්ටර් අයිවන් 
උපුටා ගැනීම රාවය පුවත් පතෙනි

ඊ නිව්ස් වෙබ් අඩවියට ළඟාවීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් දුෂ්කර කර තිබෙන බව වාර්තා විය. ඒ ගැන දේශීය හා විදේශීය ජනමාධ්‍ය සංවිධාන ගණනාවක් විරෝධය ද පළ කොට තිබුණි. ඇමරිකන් හා යුරෝපා සංගමයේ තානාපති කාර්යාලද ඊට විරෝධය පළ කරන නිවේදන නිකුත් කර තිබුණි.

අදහස් පළකිරීමේ නිදහස සීමාකිරීමට ආණ්ඩුව දරන උත්සාහයක් වේ නම් එම තත්ත්වය හෙළා දැකීමේ වගකීමක් ජනමාධ්‍ය සංවිධානවලට ඇතත්, සමහර ප‍්‍රවෘත්ති වෙබ් අඩවි සිදුකැරෙමින් තිබෙන විනාශකාරී ක‍්‍රියාකලාපය මුළුමනින් නොසලකා ඒවා පාලනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පමණක් හෙළා දැකීම කොතරම් සාධාරණද? වෙබ් අඩවි මගින් මුදාහරින ප‍්‍රවෘත්ති මුළුමනින් පාලනය කිරීමේ හැකියාවක් දැනට ශ‍්‍රී ලංකාවට නැත. විදුලි සංදේශ නියාමන කොමිසමට කළහැක්කේ යම් පමණක අවහිර කිරීමක් පමණය. එසේ අවහිර කරන මාර්ගවලට වෙනත් ආකාරවලින් ප‍්‍රවිෂ්ට වීමේ ඡුරදංහ මාර්ග අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙක් දනිති.

ඕනෑම සමාජයක් දැනුවත්වන්නේ තොරතුරුවලිනි. අදහස් පළකිරීමේ නිදහස, තොතුරු ලබාගැනීමේ අයිතිය සමග එකට ගැට ගැසී තිබෙන මූලික අයිතියක් ලෙස සැලකිය හැකිය. ජනමාධ්‍ය, මහජනයාට තොරතුරු ලබාදෙන ප‍්‍රධාන මාර්ගයක් ලෙස ක‍්‍රියා කරයි. තොරතුරු ලබාදීමේදී සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාදීමට ජනමාධ්‍ය සදාචාරාත්මක වශයෙන් පමණක් නොව, නීතිමය වශයෙන් බැඳී සිටියි. නිවැරදි නොවන බොරු තොරතුරු පළකරන ජනමාධ්‍යවලට එරෙහිව නීතිමය වශයෙන් ක‍්‍රියා කළ හැකිය. සාම්ප‍්‍රදායික මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය සපයන තොරතුරු විශ්වාසදායක තොරතුරු ලෙස මහජනයා සලකන්නේ ජනමාධ්‍යවලට තිබෙන එම සදාචාරාත්මක හා නෛතික බැඳීම නිසාය. එම බැඳීමට යටත්ව ක‍්‍රියාකිරීමේදී පවා ජනමාධ්‍ය තොරතුරු ප‍්‍රකාශ කරනුයේ පිළිගත් ප‍්‍රතිපත්ති සමුදායක් මත පිහිටාය. පළකරන ප‍්‍රවෘත්තිවල නිවැරදි බව හා සත්‍යතාව තහවුරු කිරීම සඳහා මූලාශ‍්‍ර උපුටා දැක්විය යුතුය. පළකරන ප‍්‍රවෘත්තිවල නිවැරදිභාවයට කතුවරයා හා ප‍්‍රකාශන ආයතනය වගකිව යුතුය. වරදක් සිදුවී ඒ බව අධිකරණයේදී සනාථ වුවහොත් කතුවරයාට හා ප‍්‍රකාශන ආයතනයට වන්දි ගෙවන්නට සිදුවන්නේය.

අයාලේ ගිය නිදහස

ශ‍්‍රී ලංකාවේ ජනතාව ඉලක්ක කොටගෙන පවත්වාගෙන යන වෙබ් අඩවි අතර ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී පිළිගත් සදාචාරාත්මක නියමයන් මුළුමනින් නොසලකා ක‍්‍රියාකරන ප‍්‍රවෘත්ති වෙබ් අඩවි ද ඇත්තේය. ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී යොදාගත යුතු පිළිගත් ජනමාධ්‍ය සම්ප‍්‍රදායයන් ඔවුන් වැදගත් කොට සලකන්නේම නැත. ඔවුන් ප‍්‍රවෘත්ති වාර්තා කරන්නේ ඒවා සනාථ කිරීම සඳහා යොදා ගැනෙන මූලාශ‍්‍ර උපුටා දැක්වීමෙන් තොරවය. ඒවාහි වැඩි වශයෙන් පළ කැරෙන ප‍්‍රවෘත්ති කිසිම සත්‍ය පදනමක් නැති නිර්මාණය කළ ප‍්‍රවෘත්ති ලෙස සැලකිය හැකය. එවැනි වෙබ් අඩවි නෛතික පදනමක් මත පිහිටා ගොඩනගන ලද ජනමාධ්‍ය ආයතන විසින් පවත්වාගෙන යන වෙබ් අඩවි නොවන අතර ඒවා ලියාපදිංචි කොට තිබෙන්නේද ශ‍්‍රී ලංකාවේ නොව ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි විදේශ රටවලය. ඒ නිසා ඔවුන් පළ කරන අසත්‍ය ප‍්‍රවෘත්තිවලින් හානි සිදුවන පුද්ගලයන්ට නෛතික වශයෙන් සහන ලබාගැනීමේ හැකියාවක් ද නැත. මේ ගණයට වැටෙන වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ විවිධ යටි අරමුණු සඳහා වන අතර එම අරමුණුවලට ගැළපෙන භාවාත්මක ප‍්‍රවෘත්ති නිර්මාණය කොට ඔවුහු අන්තර්ජාලය හරහා බෙදාහරිති.

අන්තර්ජාලය පරිහරණය කරන ජනයා පමණක් නොව, අන්තර්ජාලය පරිහරණය නොකරන ජනයාද රස ඕපාදූප කතා සහිත කැලෑ පත්තර කියවන්නට කැමතිය. කැලෑ පත්තර ලෙස සැලකෙන්නේ ප‍්‍රකාශන නීතිය නොසලකා හොරෙන් ලියා පළ කැරෙන ප‍්‍රකාශනයන්ටය. ඔවුන්ට නෛතික හෝ සදාචාර බැඳීම් නැත. නීති විරෝධී ලෙස පළකැරෙන සමහර ලිංගික ප‍්‍රකාශනවලට හෝ හොර මත්ද්‍රව්‍යවලට තිබෙන ඉල්ලූමට සමාන ඉල්ලූමක් මේ කැලෑ පත්තරවලටද ඇත්තේය. වෙබ් අඩවි ආශ‍්‍රයෙන් පළවෙන කැලෑ පත්තර අන්තර්ජාලය හරහා ප‍්‍රකාශවීම නිසා ඒවාට වඩා ගාම්භීර පෙනුමක් ලැබී ඒවාට ඇතුළත් තොරතුරු විශ්වාස කරන පිරිසක් ද සිටින්නේය. එම විද්‍යුත් කැලෑ පත්තර ආශාවෙන් කියවන සමහර අය ඒවායින් ලබාගන්නා තොරතුරු රසකොට අන්‍යයන්ටද කියන තත්ත්වයක් තුළ මේ ගණයට වැටෙන වෙබ් අඩවි කටකතා පතුරුවන වැදගත් මාර්ගයක් බවට පත්ව තිබෙන බවද කිව හැකිය. ඒ නිසා පරණ මුද්‍රිත කැලෑ පත්තර ක‍්‍රමය නැතිවී අලූත් විද්‍යුත් කැලෑ පත්තර ක‍්‍රමයක් ආරම්භ වී ඇතැ යි ද කිව හැකිය.

පුවත්පතක් පමණක් නොව, පත‍්‍රිකාවක් පළකිරීමේදී පවා අනුගමනය කළයුතු නීති සම්ප‍්‍රදායයක් පවතී. පත‍්‍රිකාවක් නම් පත‍්‍රිකාව පළකරන්නාගේ නම, ලිපිනය හා මුද්‍රණය කළ මුද්‍රණාලයේ නම සඳහන් විය යුතුය. එසේ නොවන පති‍්‍රකා සැලකෙන්නේ නීති විරෝධී පත‍්‍රිකා ලෙසය. පුවත්පත් සඳහා පමණක් නොව, රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි විද්‍යුත් මාධ්‍ය සඳහා ද බලපාන නීතිරීති පවතී. පුද්ගලයකු කෙරෙහි හානියක් හෝ නින්දාවක් ඇති කරන අසත්‍ය ප‍්‍රවෘත්ති පළකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදකදී වරදෙහි වගකීම පැවරෙන්නේ ප‍්‍රකාශනය භාරව ක‍්‍රියාකරන ප‍්‍රධාන ජනමාධ්‍යවේදියාට හා ප‍්‍රකාශන ආයතනයේ හිමිකරුටය.

මෙය සියලූ ප‍්‍රකාශන සඳහා පොදුවේ බලපාන නෛතික තත්ත්වයන් නම් ඒ නීති රීති සමාජ යහපත සලකා ඇති කරන ලද නීතිරීති ලෙස අපි සලකමු නම් හා ඒවා අදහස් පළකිරීමේ නිදහස පාලනය කරන නරක නීතිරීති ලෙස අපි නොසලකමු නම්, මෙම පොදු තත්ත්වය ඉක්මවා නිදහසේ බඩ පිනුං ගැසීමට කැලෑ පත්තර ස්වරූපයකින් පවත්වාගෙන යන වෙබ් අඩවිවලට පමණක් ඉඩ ලැබිය යුත්තේ ඇයි? සදාචාරාත්මක හා නෛතික බැඳීමකින් තොරව ක‍්‍රියාකිරීමේ අයිතිය අන් කිසිවකුට නොලැබේ නම් අදහස් පළකිරීමේ නිදහසේ නාමයෙන් ඔවුන්ට පමණක් ඒ අයිතිය ලැබිය යුත්තේ ඇයි?

සත්‍ය පදනමකින් තොර කතා

ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස කෙරෙහි මහජන පිළිකුලක් ඇති කිරීමේ අදහසින් ගොතා පතුරුවා හරිනු ලැබූ නිරුවත් කන්‍යාවන් හත්දෙනකු ජනාධිපතිවරයා කිරි කළවලින් නැහැවීමේ කතාව මහජනයා අතර විදුලි වේගයෙන් පැතිරයමින් තිබුණු කටකතාවක් බවට පත්ව තිබෙන අවස්ථාවකදී, විකල්ප පුවත්පතක් විසින් එම කටකතාව සත්‍ය වාර්තාවක් ලෙස පළකිරීම නිසා එය ඇත්තට සිදුවී තිබෙන දෙයක් ලෙස සලකන තත්ත්වයක් මහජනයා අතර ගොඩනැගුණි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයේදී මාගේ සහාය දෙන ලද්දේ දෝෂාභියෝගය වෙනුවෙන් පෙනීසිටියවුන්ටය. එහෙත් දෝෂාභියෝග ලියවිල්ල කියවූ පසුව මට ඒ ගැන ඇතිවූයේ ප‍්‍රසාදයක් නොව අප‍්‍රසාදයකි. එම ලියවිල්ලට, සත්‍ය පදනමක් නැති, ජනාධිපතිවරයා කෙරෙහි මහජන පිළිකුලක් ඇති කිරීමට හේතුවන කටකතාද ඇතුළත් කර තිබුණි. මම ඒ ගැන ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් ප‍්‍රශ්න කළෙමි. චෝදනා කිරීමට සත්‍ය කරුණු තිබියදී කිසිම පදනමක් නැති කටකතා ඇතුළත් කිරීමෙන් වරදක් සිදුවී ඇති බව ඔහු පිළිගත්තේය. එහෙත් ඒ වරද තමන් අතින් සිදුවූ දෙයක් බව ඔහු පිළිගත්තේ නැත. වෙනත් නායකයන්ගෙන් එල්ල වූ බලපෑම් නිසා තමන්ද ඊට විරුද්ධ නොවූ බව ඔහු කීවේය. එහෙත් මා ඔහුගේ අර්ථකථනය පිළිගත්තේ නැත. තීරණාත්මක දේශපාලන අරගලයකදී ප‍්‍රතිවාදියා ඕනෑම ආකාරයකින් විනාශ වනවා දකින්නට අනෙක් පක්ෂය කැමතිය. එවැනි අවස්ථාවකදී කටකතා ඉටු කරන වැදගත් කාර්යභාරය ගැන ඔවුහු දන්නෙහුය. ප‍්‍රශ්නගත වෙබ් අඩවි සම්බන්ධයෙන් ජනමාධ්‍ය සංවිධාන දක්වන ආකල්පයද ඊට සමානය. විද්‍යුත් කැලෑ පත්තර ගණයෙහිලා සැලකිය හැකි මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන විනාශකාරී භූමිකාව ගැන ඔවුන් නොදන්නේ නැත. එහෙත් ආණ්ඩු විරෝධී ගතිකත්වය පවත්වාගෙන යෑම සඳහා ඒවා විසින්ද වැදගත් දේශපාලන කාර්යභාරයක් ඉටුකරන්නේයැ යි ඔවුහු විශ්වාස කරති. එවැනි වෙබ් අඩවිවල අශීලාචාර ස්වභාවය නොසලකා ඔවුන් ඒවා පාලනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පමණක් විවේචනය කරන්නේ ඒ නිසාය.

2010 ජනාධිපතිවරණය කාලයේදී ප‍්‍රංශයේ සිට පවත්වාගෙන ගිය ආණ්ඩු විරෝධී වෙබ් අඩවියක් ගැන එය පවත්වාගෙන ගිය ශ‍්‍රී ලාංකිකයකු විසින් පසුකලකදී ඔහුගේ මිතුරකුට කරන ලද පාපෝච්චාරණයක් ඒ මිතුරා මගින් මට අසන්නට ලැබුණි. එම වෙබ් අඩවිය ප‍්‍රංශයේ සිට පවත්වාගෙන ගිය පුද්ගලයා කෙටි කලක් රාවයටද වැඩ කළ පුද්ගලයෙක් විය. විවිධ ආයතනවල විවිධ සේවාවන් කිරීමෙන් පසුව ඔහු ප‍්‍රංශයට පලා ගොස් තිබුණේ ජීවිතය පිළිබඳව ඇති කරගත් ලොකු බලාපොරොත්තු ඇතිවය. එහෙත් ඔහුගේ ප‍්‍රංශ ජීවිතය යහපත් හෝ සාර්ථක එකක් නොවීය. යුද්ධය පැවති උණුසුම් කාලයේදී ඔහුට රාජපක්ෂ විරෝධී වෙබ් අඩවියක් ප‍්‍රංශයේ සිට පවත්වාගෙන යෑම සඳහා ලංකාවෙන් ඇණවුමක් ලැබුණේය. ඔහුට ඒ සඳහා හොඳ ගෙවීමක් ලැබුණු අතර ඔහු වෙත පැවරුණු වගකීම වූයේ ලංකාවෙන් ලබාදෙන තොරතුරු ප‍්‍රයෝජනයට ගෙන එම වෙබ් අඩවි පවත්වාගෙන යෑමය. රාජපක්ෂ ආණ්ඩුවට මර්දනය කළ නොහැකි ඉසව්වක සිට රාජ්‍ය පාලකයා ශ‍්‍රී ලංකාවේ මහජනයා අතර පිලිකුළට හේතුවන ප‍්‍රවෘත්ති පළකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.

යුද්ධය පැවති කාලයේදී ඊ නිව්ස් වෙබ් අඩවියේ වැඩ කළ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකු රාජපක්ෂ පවුලේ අත්පත් කරගැනීම් පිළිබඳව පළ කරන ලද වාර්තාවක් නිසා ඔහුට මුහුණ දෙන්නට සිදුවූ උද්වේගකර තත්ත්වයක් පිළිබඳව මට කියා තිබුණි. රාජපක්ෂ පවුල වයිට් හවුස් නමින් වන කොළඹ අවට ඇති මහා මන්දිරයක් මිලදී ගත් බව ඔහු එම වෙබ් අඩවිය මගින් වාර්තා කළේය. ඔහුට මේ කතාව ලැබී තිබුණේ ශ‍්‍රීපති සූරියආරච්චිගෙනි. එම මිලදී ගැනීමට අදාළ සියලූ ලියවිලිවල පිටපත් තමා ළඟ ඇති බවටද ශ‍්‍රීපති එම ජනමාධ්‍යවේදියාට කියා තිබුණේය. ජනමාධ්‍යවේදියා එම ප‍්‍රවෘත්තිය වාර්තා කළේ ඒ ගැන ශ‍්‍රීපතිගෙන් ලැබුණු තොරතුරු කෙරෙහි පූර්ණ විශ්වාසය තබාය. ඒ ගැන ලියන ලද කතාව වෙබ් අඩවිය නරඹන්නන් අතර මහත් කතාබහට හේතුවූ උණුසුම් ප‍්‍රවෘත්තියක් බවට පත්විය. වෙබ් අඩවියේ පළවූ මෙම ප‍්‍රවෘත්තිය දකින්නට හෝ අසන්නට ලැබී ඒ ගැන ජනාධිපතිවරයා කෝපයෙන් කතා කර ඇති බව ජනමාධ්‍යවේදියාට දැනගන්නට ලැබී ආරක්ෂාව සඳහා තවදුරටත් සියලූ තතු හෙළිදරව් කළයුතුයැ යි සිතාගෙන ඔහු ශ‍්‍රීපති හමුවන්නට ගියේය. එහෙත් ශ‍්‍රීපති ළඟ මොනම ලියවිල්ලක්වත් නැති බව දැනගත් විට තමා මුලා කිරීම ගැන ඔහු ශ‍්‍රීපතිට කෝපයෙන් දොස් පැවරුවේය. මේ කතාව එම ජනමාධ්‍යවේදියාගෙන් අසන්නට ලැබුණු විට මා දොස් පැවරුවේ ශී‍්‍රපතිට නොව එම ජනමාධ්‍යවේදියාටය. එය බොරුවක් බව දැනගන්නට ලැබුණු පසුත් එම වාර්තාව නිවැරදි කිරීමක් සිදුනොවීය. එසේ කළේ නම් වෙබ් අඩවිය කෙරෙහි ගොඩනැගී තිබුණු පාඨක විශ්වාසය හීනකරන සාධකයක් ලෙස ක‍්‍රියාකරන්නට ඉඩ තිබුණේය.

කප්පම් ලබන මාර්ගයක් ලෙස

දැන් මා කියන්න යන්නේ මෙම විශේෂ ප‍්‍රපංචය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් වන තවත් කතාවකි. ශ‍්‍රී ලංකාවේ උන්නතිකාමී තරුණ නීතිඥයකු ඉක්මනින් මුදල් උපයා ගැනීමේ අරමුණින් අනුන්ගේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු ලියාදෙන ජාවාරමකට පැටලූණේය. මේ කූඨ ජාවාරම අල්ලා ගැනීමට වංචා විමර්ශන අංශය සමත් විය. තරුණ නීතිඥයා සිය ආරක්ෂාව සඳහා එක්සත් රාජධානියට පලා ගියේය. තමන්ට එරෙහිව පවරන නඩුවෙන් තමන් වරදකරු වූ පසු තමන් නැවත ලංකාවට පිටුවහල් කිරීම වළකාගැනීම පිණිස ඔහු කළේ රාජපක්ෂ විරෝධී වෙබ් අඩවියක් ඔහුගේ නමින් එහි ආරම්භ කිරීමය. ඒ මගින් ඔහු එංගලන්තයේ සිට මෙහි රාජපක්ෂ විරෝධී මතවාදී අරගලය මෙහෙයවන වැදගත් නියමුවකු බවට පත්වූවේය. විරුද්ධ පක්ෂ මතධාරීන් අතරද පිළිගැනීමක් හිමිකර ගත්තේය. දැන් ඔහුට නඩුවෙන් මොනවා වුවත් එය දේශපාලන පළිගැනීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ දෙයක් ලෙස පෙන්වා තවදුරටත් එහි රැුඳී සිටීමට උත්සාහ කළ හැකිය. එක්සත් රාජධානියේ මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන තරුණ නීතිඥයාගේ ව්‍යාජ ඔප්පු නඩුව පිළිබඳව විස්තරයක් ඉක්බාල් අතාස් විසින් සන්ඬේ ටයිම්ස් පුවත්පතට වාර්තා කර තිබුණි. මෙම උන්නතිකාමී තරුණ නීතිඥයා එක්සත් රාජධානියට පලායෑමෙන් පසුත් අයථා ලෙස මුදල් ඉපැයීම සඳහා ඇති කරගෙන තිබුණු පුරුද්ද අත්හළේ නැත. ඔහු ඒ අරමුණ සඳහා ඊළඟට සිය වෙබ් අඩවිය පාවිච්චි කරන තැනකට ගියේය.

ඡුඔෂ ෆිනෑන්ස් හා ස්වර්ණමහල් ෆිනෑන්ස් යන ෆිනෑන්ස් සමාගම්වල හිමිකරු වන ජීවක එදිරිසිංහ ඔහුගේ ව්‍යාපාර රුපියල් බිලියන 4කට විකුණා රටින් පලායෑමට දරන ලද අසාර්ථක උත්සාහයක් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට මැදිහත්වී එය වැළකීමේ සිද්ධියක් ගැන ඔහු සිය වෙබ් අඩවියේ ප‍්‍රවෘත්ති පළ කළේය. එහි, ඔහුගේ අරමුණ වූ බව පෙනෙන්නට තිබෙන්නේ, මෙම ෆිනෑන්ස් සමාගම් දෙකේ තැන්පතුකරුවන් අතර විමතියක් ඇති කොට ඔවුන්ගේ තැන්පත් ඉල්ලා සිටින තත්ත්වයක් ඇති කොට තමන් නිර්මාණය කළ එම අර්බුදය ප‍්‍රයෝජනයට ගනිමින් සමාගම් දෙකට එරෙහිව කරන ප‍්‍රචාරයෙන් වැළකී සිටීම සඳහා සමාගම් දෙකේ හිමිකරුගෙන් ලොකු කප්පමක් ලබාගැනීමය. ඔහු අපේක්ෂා කළ ආකාරයටම මෙම කතාව තැන්පතුකරුවන් අතර පැතිර යෑම නිසා තමන්ගේ තැන්පතු ආපසු ලබාගැනීම සඳහා තැන්පතුකරුවන් අතර ලොකු පෝලිමක් ඇතිවී සමාගම් දෙකම විශාල අර්බුදයකට තල්ලූ විය. හිමිකරුවා හිස ගිනිගත් තත්ත්වයක සිටින අවස්ථාවක වෙබ් අඩවියේ දේශීය නියෝජිතයන් දෙදෙනෙක් සමාගම් දෙකට එරෙහිව කැරෙන නරක ප‍්‍රචාරය අත්හැරීම සඳහා හිමිකරුගෙන් රුපියල් මිලියන 50ක කප්පමක් ඉල්ලා සිටියෝය. කප්පම් ඉල්ලා සිටින නියෝජිතයන් දෙදෙනාට හිමිකරු සමග සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබා දුන් අතරමැදියා ලෙස ක‍්‍රියාකර ඇත්තේ සමාගම් දෙකේ හිමිකරුවා සමග හිතවත් සම්බන්ධයක් තිබුණු ආණ්ඩුවේ ආයතනයක ප‍්‍රධානියෙකි. ව්‍යාපාරික අංශයේ තතු දත් සමහර අයගේ මතය වන්නේ මෙම මැදිහත්වීම කළ ආණ්ඩුවේ ආයතනයේ ප‍්‍රධානියාද මෙම සාහසික වැඩපිළිවෙළට සම්බන්ධ බවය.ලැබෙන කප්පමෙන් 50%ක් තමන්ගේ සාක්කුවට දමාගැනීමට එම පුද්ගලයා අපේක්ෂා කළ බවය.

මෙම කූඨ වැඩපිළිවෙළ ඉන් නතර වූයේ නැත. ඛධඛක්‍ සමාගමේ හිමිකාර ඉෂාර නානායක්කාරට එරෙහිව සේ ම සොෆ්ට්ලොජික් සමාගමේ අශෝක පතිරගේට එරෙහිවද එවැනි ව්‍යාපාරයක් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන ගියේය. එය පුද්ගලික අංශයේ පවතින දූෂණයට එරෙහිව අවංක අරමුණින් කරන ලද වාර්තාකරණයක් ලෙස පෙනෙන්නේ නැත. ඒ වෙනුවට පෙනෙන්නේ නරක යටි අරමුණක් ඇතිව පවත්වාගෙන ගිය වාර්තාකරණයක් ලෙසය.

නීතියට යටත් කිරීමේ අවශ්‍යතාව

මෙවැනි සමාජ විරෝධී ප‍්‍රවණතාවන්ට ඉඩදීම භයානකය. රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කිරීමේ ඇත්ත වුවමනාවක් මහජනයාට තිබෙන්නේ නම් ඒ සඳහා වන නිදහස මහජනයාට තිබිය යුතුය. එහෙත් ආණ්ඩු විපර්යාසයක් සිදුවිය යුත්තේ ඇත්ත පදනම් කොටගෙන මිස බොරුව පදනම් කොටගෙන නොවේ. ආණ්ඩුවල පැවැත්ම සඳහා බොරුව යොදා ගැනීම වරදක් වන තරමට, ආණ්ඩු වෙනස් කිරීමේ උත්සාහයන් සඳහා බොරුව යොදා ගැනීම සැලකිය යුත්තේද ඒ සමාන වරදක් ලෙසය.

දැනට විද්‍යුත් කැලෑ පත්තර යොදාගනිමින් තිබෙන්නේ සැඟවුණු වෙනත් යටි අරමුණු සමග ආණ්ඩු විරෝධී ප‍්‍රචාරක කටයුතු සඳහාය. වැරදිලාවත් එම භයානක අවිය, ආණ්ඩුව, විරුද්ධ පක්ෂවලට එරෙහිව පාවිච්චි කරන තත්ත්වයක් ඇතිවුවහොත් ඇතිවන තත්ත්වය කුමක්ද? එය තවදුරටත් පැතිරී අභ්‍යන්තර ආරාවුල් ඇති පක්ෂ ප‍්‍රතිපක්ෂ කණ්ඩායම්වලට එරෙහිව පාවිච්චි කරන තත්ත්වයක් ඇතිවුවහොත් එවිට ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? රටේ දේශපාලන සංස්කෘතිය තිබෙන්නේ අශීලාචාර තත්ත්වයකය. ඒ තත්ත්වය ආපසු හරවන්නට උත්සාහ කරනවා විනා තවදුරටත් වර්ධනයවීමට ඉඩ නොතැබිය යුතුය. මෙය ජාත්‍යන්තර වශයෙන්ද අවධානයට යොමුවිය යුතුව තිබෙන වැදගත් කරුණකි. මුදල් ඇති ඕනෑම පුද්ගලයකුට නෛතික හා සදාචාරාත්මක බැඳීමකට යටත්වීමෙන් තොරව වෙබ් අඩවි ආරම්භ කිරීමට තිබෙන ඉඩ සීමා කළ යුතුය. ඒ සියලූදෙනා සමාජ වගකීමක් ඇතිව හා නෛතික බැඳීමක් ඇතිව ක‍්‍රියාකරන්නන් බවට පත් කළ යුතුය. අදහස් පළකිරීමේ නිදහසට අන්තර්ජාලයෙන් ලැබී තිබෙන අවකාශය ඉතා වැදගත් වුවත් එය වල්බූරු නිදහසක් බවට පරිවර්තනය වන්නට ඉඩදීම භයානකය.



නීති නිර්මාණය, ඉගැන්වීම සහ ක්‍රියාත්මක කිරීම


පෙරවදන

ග්‍රේ හෝගන් - කොළොම්බියා විශ්ව විද්‍යාලයේ කරන ලද දේශනය සිංහලයට නගා, මෙසේ ඔබ අතට පත්කරන්නේ, ඔහු කියන දේ ඔබට වඩාත් හොඳින් තේරුම්ගත හැකි නිසාය.

ඒ මන්ද, ඔබ ඔහු කියන දේ උපන්දා සිට අත්විඳපු නිසාය. ග්‍රේ හෝගන් සිය දේශණයේ පසුබිම කරගන්නේ අප්‍රිකාව හා ඉන්දියාවයි. එහෙත් මෙය ශ්‍රී ලාංකිකයන් වන අපගේ කථාවයි. දිනපතා අත්දකින දෙයයි. ජීවිතයයි.


| පරිවර්තනය: හර්ෂි සි. පෙරේරා

"බහුතරය වූ දුගී ජනයා නීතියේ රැකවරණයක් නොමැතිව ජිවත් වෙති" - ග්‍රේ හජන්ස් දේශනයෙනි.

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ පලවූ ග්‍රේ හජන්ස් දෙසුමේ පිටපත.

ස්තුතියි! මහාචාර්යතුමනි ඔබේ කාරුණික හැදින්වීමට. මේ දේශණ මාලාවට දායකත්වය ලබාදීමට අවකාශය ලබාදුන් ස්ච්වර්ත්ටත් මට ස්තුති කිරීමට අවශ්‍යයි. ඒ වගේම මම ස්තුති කරනවා පිටාදිපති ලේද්මෝට ආරාදනය දිගු කිරීම ගැන ඒවගේම පිටාදිපති ස්චිල්ට ආරාදනය අවලංගු නොකිරීම ගැන. ඉතින් වටේ ඉන්න සියලු දෙනාටම ස්තුතියි. ඒවගේම මේ සන්දයාවේ කරදර කර ගනිමින් මෙහි පැමිණි සියලු දෙනාටත් ස්තුති කරනවා. මේ අවස්ථාවේ ඔබ සමග සිටීම මාහට ඉමහත් සතුටක්.

මම හිතනවා යම් පුද්ගලයකුට යම් දෙයක් විශ්වාස කිරීමට ඒ දෙය සැබවින්ම දැකිය යුතුයි කියා. එය අදාල ගැටලුවේ ප්‍රදාන කොටසක්. ඇත්තටම බටහිර බුද්දිමතුන්, ප්‍රතිපත්ති සකස්කරන්නන් සහ චින්තන සකසන නායකයින් කියන ආකාරයට එය මුලික දෙයක්. නමුත් කිහිපදෙනෙකුට පමණයි එය සැබවින්ම දකින්නට ලැබෙන්නේ. උදාහරණයකට ඩේවිඩ්ට සිදුවූ දේ යමෙක් සැබවින්ම දැකියයුතුයි කියා මා සිතනවා. එනම් ඩේවිඩ්ට මොකද වුනේ කියලා දැන ගන්න ඔහුට පෙර යමෙක් කෙන්යානු අදිකරණයට සැබෑවටම ගොස් අසුන්ගත යුතුයි. එවිට පමණයි යමෙකුට නියමාකාරයෙන් අවබෝද වෙන්නේ තෙවන ලෝකයේ රටක මහජන යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය කෙබදුද කියා. මෙය කියන එක වඩා අරක්ෂාකාරියි මොකද එත්තු ගන්විම වූකලී බටහිර වැසියකු වියාකුල කිරීමක් ඒවගේම ඔහු හෝ ඇය එය විශවාස කරන්නේ නැහැ. ඒවගේම පවතින විකාරය බටහිර නීති වුර්තිකයින්ට කටඋත්තරත් නැති කරනවා. එහා සමානවම ආරක්ෂාකාරියි එය සංවර්දනය වන ලෝකයේ දුප්පතෙක්ට හුරු එමෙන්ම අසාමාන්‍ය නොවන දෙයක් බව පැවසීම.

එය කලහයකට හේතු වුනා. කෝපවූ මහල්ලා
 තම හිතවත් පොලිස්කාරයෙක් කැදවාගෙන
ඇවිත් මන්කොල්ලකැම සහ ප්‍රචණ්ඩත්වය සිදු
කිරීම ගැන කොල්ලන්ව අත්අඩංගුවට ගත්තා.
එය මංකොල්ලකැමක් වුනේ ගහ ගැනීමේදී
තමන්ගේ තොප්පිය නැතිවූ බව මහල්ලා කියා සිටි නිසා. 
ඩේවිඩ් කියන්නේ යන්තම් අවුරුදු 16 ක් වූ කෙන්යාවේ නයිරෝබිහි කිබෙරා මුඩුක්කු වල කොල්ලෙක්. ඔහු උසාවි දිනයදා පළමුව සිර කුඩුවේ ඇදවැටෙන විට ඔහු තුලින් දිස්වුනේ වෙහෙසකාරී එමෙන්ම ලෙඩ වූ සුවාබාවයක්. ඒවගේම ඔහු තුලින් හැමදේම නැතිවුන වියාකුල වූ ආකාරයකුත් දක්නට ලැබුනා. නමුත් ඒ දේවල් ඉතා අඩුවෙන් දිස්වුනේ. හැබැයි සැබෑවට වර්තමානයේ ඔහු පෙලෙන වියාකුලත්වයට ඔහු රැස් කරගෙන සිටින මානසික ශක්තියට වඩා වැඩි මානසික ශක්තියක් අවශ්‍යයි. ඔබ හිතන්න පෙලබෙන්න පුළුවන් ඔහු තමා පිළිබද උසාවියේ සිදුවන දෑ ගැන වැඩි උද්යෝගයක් නැහැයි කියලා. සැබෑවටම ඔහු දැඩි උද්යෝගයකින් පසුවෙනවා මොකද උසාවිය ඔහුව මරනවද නැද්ද කියලා තීරණය කරන නිසා. පසුගිය මාස 08 දීම ඩේවිඩ් කාලය කාදැමුවේ බදාකාරී ප්‍රචණ්ඩ රෝග පැතිරුණු කෙන්යානු සිපිරිගෙදරයි. ඩේවිඩ්ගේ බිහිසුණු සිහිනය ආරම්බ වුනේ ඔහුටත් තවත් කොල්ලන් දෙදෙනෙකුටත් තමන්ගේ මුඩුක්කු ප්‍රජාවට ඉතා දුර්ලබ පිරිසිදු ජලය සපයන ජල බටය මුර කිරීමේ කාර්ය පැවරීමෙන් අනතුරුවයි. ප්‍රජාවෙන් පරිබාහිර මහල්ලෙක් එයින් සමහරක් ජලය ඉවතට ඇදීමට උත්සහ කළා. එය කලහයකට හේතු වුනා. කෝපවූ මහල්ලා තම හිතවත් පොලිස්කාරයෙක් කැදවාගෙන ඇවිත් මන්කොල්ලකැම සහ ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ගැන කොල්ලන්ව අත්අඩංගුවට ගත්තා. එය මංකොල්ලකැමක් වුනේ ගහ ගැනීමේදී තමන්ගේ තොප්පිය නැතිවූ බව මහල්ලා කියා සිටි නිසා.

කෙන්යාවේ ප්‍රචණ්ඩකාරී මංකොල්ල කෑම යන අපරාදය සම්බන්දයෙන් දේවල් තුනක් වැදගත් වෙනවා. පළමුව ප්‍රචණ්ඩකාරී මංකොල්ල කෑම යන අපරාදය ඇප දිය නොහැකි වරදක්. චෝදනාව කොතරම් විකාරරුපි වුනත් ඔබව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔබට මාස ගණනාවක් නැතිනම් අවුරුදු ගණනාවක් කෙන්යානු හිරගෙදර ලගින්න වෙනවා. එනම් අසාමාන්‍ය ඉබිගමනින් යන උසාවි ක්‍රියාදාමය නඩුවේ තත්වය ගැන සම්පුර්ණ පිළියෙළ කිරීමකට එනකම්. දෙවනුව ප්‍රචණ්ඩකාරී මංකොල්ලකෑම මරණිය දණ්ඩනය එනම් එල්ලා මැරීමට නියම වන ප්‍රදාන පෙලේ අපරාදයක්. තෙවනුව, මේ කරුණු දෙක එක්ව ගත් කල පොලිසියට දුප්පතුන්ගෙන් අල්ලස් ගන්න ප්‍රබල උපකරණයක් වූ වැරැද්දක්. එය ඔවුන්ට ඔරොත්තු දිය හැකිනම් පවුල්වල උදවිය තම ආදරනියන් බේරා ගැනීමට ඕනෑම වියදමක් දැරීමට සුදානම්. සහමුලින්ම පොලිසියේ මෙම නිරුවත් චෝදනාවේ ප්‍රතිපලයක් වූ මෙම බිහිසුණු සිහිනයෙන් තම ආදරනියන් බේරා ගැනීමට ඔවුන් තම සේසතම හෝ වියදම් කරනු ඇත. සමස්ත කෙන්යානු සමාජයේම පොලිසිය යනු වඩාත්ම දුෂිත අංගයයි. එය නිරතුරුව පවත්වන ජනතා සමීක්ෂණ මගින් තහවුරු වෙයි. ඩේවිඩ්ට තමාට එරෙහි චෝදනා වලට පිළිතුරු දීමට ඉතා රලුවූ මාස 08 ක කාලයක් බලා සිටීමට සිදුවිය. දැන් ඔහු සිටින්නේ තම ජීවිතය තීරණය කරන නඩු විබාගයේය. නයිතික නියෝජනයක් ලබා ගැනීමට ඩේවිඩ් දුප්පත් වැඩිය. එනම් නඩු විබාගයකදී බහුතර දිළින්දන් අත්විදින්නා වූ නයිතික නියෝජනය නොලැබියාම නිසාය. ඩේවිඩ්ට අදක්ෂ, නිදිබර හෝ දෙවන ශ්‍රේණියේ රජයේ නිතින්ඥයකු ලැබුනේ නැත. ඩේවිඩ් ද සංවර්දනය වන ලෝකයේ බහුතර දිළින්දන් මෙන් නයිතික නියෝජනයක් නොමැතිව සමාජ යුක්ති ක්‍රියාදාමයට ප්‍රවේශ විය.

මෙවැනි සංවර්දනය වෙමින් පවතින රටවල බහුතරය දිලින්දන්ය. එවැනි රටවල මෙම ක්‍රියාදාමය තුල පුද්ගලයකුට දිස්වන්නේ මිලියන සියගණන් ජනතාවට වුර්තිමය සේවා නොමැති තත්වයකි. එවැනි වුර්තිමය සේවා අදාල ක්‍රියාදාමය සත්‍ය ලෙස වැඩ කිරීම සදහා අවශ්‍ය වේ. සැබවින්ම ඩේවිඩ්ට සහ වෙන ඕනෑම දුප්පත් පුද්ගලයකුට තමා වෙනුවෙන් කරුණු කීමේ හැකියාව ඇත. නමුත් සියලු කටයුතු ඉංග්‍රීසි මාද්‍යයෙන් සිදුවන උසාවියේ මෙය ඉතාම දුෂ්කර කර්තව්‍යකි. ඩේවිඩ් ඉංග්‍රීසි කතා කිරීමට හෝ තේරුම් බේරුම් කර ගැනීමට දන්නේ නැත. එමනිසා ඩේවිඩ්ට සිදු වන්නේ නයිතික කටයුතු අවසාන වී මියයන තුරා බෙල්ලෙන් එල්ලී සිටීමටය. මොකද ඔහුට නයිතික නියෝජනයක් නැත. තවද ඔහුට නඩු පවරන්නා සහ විනිසුරු කියන්නේ කුමක්ද කියාවත් තේරෙන්නේ නැත. නයිරෝබි පුවත් පතේ පලවූ ඩේවිඩ් මුහුණ දෙන තත්වය අසාමාන්‍ය, අස්වාබාවික හෝ පුදුමය ඇති කරන කතාවක් නොවේ. ඩේවිඩ්ගේ කතාව පුවත් පතකට වටින්නේ නැත. මක්නිසාද එය උද්යෝගයක් ඇති නොකරන බැවිනි. ඩේවිඩ්ගේ අත්දැකීම හුරු පුරුදු එකකි. එය එහි පවතින්නා වූ ක්‍රියාදාමයයි.

" මා එහි ගිය පළමු අවස්ථාවේ පොලිසියට
 නීතිඥවරුන්ට සහ ප්‍රජා නායකයින්ට කතා
 කළෙමි. නමුත් සත්‍ය නම් සාර්ථකව කිසිවෙක් 
 ස්ත්‍රී දුෂණයට වරදකාරී වූ අවස්ථාවක් පිළිබද 
මතකයක් ඒ කිසිකෙනෙකුට නොතිබීමයි. මේ 
 තත්වය මගේ සංචාරයේදී දේශීය පුවත්පතක වූ 
සිරස්තලයක් මගින් පැහැදිලි කර දෙයි. එනම් 
ගෙවීගිය වසර 05 තුල දේශීය වෛද්‍ය 
මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලැබූ ස්ත්‍රී දුෂණයට 
 පාත්‍ර වූ වින්දිතයින් ගණන 50 ක් බවයි. එයින් 
බහුතර වින්දිතයින් එනම් ලිලිගේ වයස වූ අවුරුදු
 14 අය හෝ ඊට වඩා බාල අය වුහ. "
දැන් මිට ටිකක් වෙනස් විදියකට අදාල ක්‍රියාදාමය පෙරුහි ජිවත්වන ලිලිට බලපායි. ලිලිට වයස අවුරුදු 14 කි. ඇය සිටින අන්දියන් නගරයේදී ගිය මාසය තුලදී තෙවරක්ම එකම කුලී රථ රියදුරු අතින් දුෂණය විය. ඇය සම්බන්දයෙන් මෙම ක්‍රියාදාමය තේරුම් ගැනීමට ඔබද පොලිස් ස්ථානයේදී ඇය සමග සිටිය යුතුය. ඇය පොලිස් ස්ථානයේදී තමන්ට සිදුවූ අතවරයන් ගැන කීමට අවශ්‍ය දිරිය රැස් කර ගත්තාය. ඔබ එහි සිට සියල්ල ඇස් දෙකෙන් දැක්කේ නැතිනම් ඔබට පොලිසිය සෑම ආකාරයකින්ම ඇයට නින්දා අපහාස කල අයුරු සිතා ගැනීමටත් නොහැක. පොලිසිය විසින් ඔබ ඔහුව පොළබවා ගත්තේ ඇයිදැයි ඇසුවේය. ඇයි ඔබ මේ මිනිසාට කරදර කලේ? ඇයි ඔබ ඔබේ පවුල ලැජ්ජාවට පත් කලේ? පොලිසියේ මේ ප්‍රශ්න ඇසීමෙන් පසුව පැමිණිල්ල විබාග කිරීම ප්‍රතික්ෂේප කෙරිණි. එමෙන්ම ස්ත්‍රී දුෂකයාව අත්අඩංගුවට ගැනීමද සිදු නොවිණි. සත්‍ය දේනම් ලිලිගේ නගරයේ කිසිදු පොලිසියකට ස්ත්‍රී දුෂණයක් විමර්ශනය කරන ආකාරය ගැන හෝ ලිංගික අපරාදයකට ලක්වූ ළමයකු සමග සම්මුක සාකච්චා කරන්නේ කෙසේද යන්න පිළිබද පුහුණුවක් ලැබී නැත. ලිලිගේ නගරයේ ජනගහනය 70,000 ක් පමණ වේ. මා එහි ගිය පළමු අවස්ථාවේ පොලිසියට නීතිඥවරුන්ට සහ ප්‍රජා නායකයින්ට කතා කලෙමි. නමුත් සත්‍ය නම් සාර්ථකව කිසිවෙක් ස්ත්‍රී දුෂණයට වරදකාරී වූ අවස්ථාවක් පිළිබද මතකයක් ඒ කිසිකෙනෙකුට නොතිබීමයි. මේ තත්වය මගේ සංචාරයේදී දේශීය පුවත්පතක වූ සිරස්තලයක් මගින් පැහැදිලි කර දෙයි. එනම් ගෙවීගිය වසර 05 තුල දේශීය වයිද්‍ය මද්යස්ථානයකින් ප්‍රතිකාර ලැබූ ස්ත්‍රී දුෂණයට පාත්‍ර වූ වින්දිතයින් ගණන 50 ක් බවයි. එයින් බහුතර වින්දිතයින් එනම් ලිලිගේ වයස වූ අවුරුදු 14 අය හෝ ඊට වඩා බාල අය වුහ.

මෙහා සමානවම කෙනෙකු ඉන්දියාවට යායුතුය. එහි ගොස් මෙම ක්‍රියාදාමය දුප්පත් ජනයාට එරෙහි අපරාද වලදී විශේෂයෙන් අඩු වැදගත්කමක් ඇති වහල්බාවය නමැති අපරාදයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න ජෙෂ්ට ප්‍රාදේශීය මහේස්ත්‍රාත් වරයකුගේ කාර්යාලයෙන් පිටත වාඩිවී බලා සිටීම අවශ්‍ය වේ. මගේ සහකරුවන් සහ මම මේ දේ සියවරක් පමණ සිදු කර ඇත. අපි කල දේවල් වන්නේ ගඩොල් පෝරණු, හාල් මොළවල්, ගල් කඩන ස්ථාන සහ වෙනත් ස්ථාන වල වහල්කමේ ඉන්න දුප්පත් ජනතාවගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගත්තෙමු. මෙම ලේකන වහල්බාවයේ තිරිසන්කම පුළුල්ව විස්තර කරයි. ඊට අමතරව ඔවුන්ව වහල්කමේ තියාගෙන සිටින ස්ථාන සහ වහල් සුවාමින් පිළිබදවද විස්තර කරයි. ඒවගේම ඉන්දියාවේ පවතින නීති සම්පුර්ණයෙන්ම උල්ලංගනය කරන ආකාරයත් පැහැදිලි කෙරේ. බොහෝ අවස්ථාවලදී වහල් සුවාමින් තමන් කරන අපරාද පිලිබදව පම්පෝරි ගැසීම් පිළිබද වීඩියෝ සාක්ෂි අපි ඉදිරිපත් කළෙමු. අපිට අවශ්‍ය නම් සරලව ඒ සාක්ෂි මහේස්ත්රත්ට ඉදිරිපත් කර නිකන් සිටීමට ඉඩ තිබිණි. මහේස්ත්‍රාත් වහල්බාවයට විරුද්ද ඉන්දීය නිතිය ක්‍රියාත්මක කිරීමට බැදී සිටින නිශ්ශිත නිලදාරියා වේ. ඊළගට සිදුවන දේ අපි දැන සිටියෙමු. එනම් කිසිවක් සිදුනොවන බවයි. අපි අවසානයේ සිදුවන්නේ කුමක්දැයි දැන සිටියෙමු. එනම් කිසිවක් සිදු නොවන බවයි. එසේ සිදුවීමට හෙතුන්ද වසර ගණනාවක සිට අපි දැක තිබුනෙමු. 1976 වහල්බාවය අහෝසි කල පනත ගැන මහේස්ත්‍රාත් කියවා නොතිබුණා පමණක් නොව ඒ ගැන අසා තිබුනේද නැත. එසේ නැතිනම් ඔහු ඉතා කාර්යබහුල අයකු විය යුතුය. නැතිනම් අපි ඊලග සතියේ පැමිනුනානම් ඔහු ප්‍රතිචාර දක්වනු ඇත. එසේනැතිනම් වහලුන් සාමාන්යෙන් බොරු කියන බව ඔහු සිතා සිටිනවා විය හැක. නැතිනම් ඔහුට වැඩිපුර සාක්ෂි අවශ්‍ය වන්නට ඇත. නැතිනම් එදින රජයේ නිවාඩු දිනයකි. නැතිනම් අවශ්‍ය වන්දි ගෙවීමට ඔහුට ආදාර මුදල් නැත. එහෙම නැතිනම් වහල් සුවාමින් බලපුළුවන්කාරයින් ලෙස ඔහු සිතා සිටිනවා විය හැක. එසේත් නැතිනම් ඔහු ඊලග සතිය වඩා යහපත් වනු ඇති බව අනුමානයෙන් සිතනවා විය හැක. දිනය අවසානයේ සුවිශාල මහේස්ත්‍රාත් නිල මැදිරියේ හුස්ම හිරවන රශ්නය හමුවේ සිටිනවිට සමහරවිට සිත හිරිවට්ටන අකාර්යක්ෂම යුක්ති ක්‍රියාදාමය ගැන පිළිගැනීමක්ද ඇතිවිය හැක. මක්නිසාද ඒ යුක්ති ක්‍රියාදාමය වැඩිහිටියන් සම්බන්දයෙන් වචනයක් නොකීවද මිලියන 10 ත් 15 ත් අතර ළමුන් සංක්‍යාවක් හික්මවන බැවිනි. විශේෂන්ඥයින් පවසන ආකාරයට එම සංකයාව ඉන්දියාවේදී පමණක් වහල්බාවයේ තබා ගෙන සිටියි.

සැම්බියාවේ ලුසාකා හි පොලිස් මුලස්ථානයේ විශේෂ වින්දිත ඒකකය සදහා කාර්යාලයක් ඇත. මා සමග එහි යාමට යමෙක් පැමිණිය යුතුය. මෙම ඒකකය නීතියෙන් පිහිටුවා ඇත්තේ කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහාය. විශේෂයන්ම එය වැන්දබුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සදහා පිහිටුවා ඇත. ඔවුන්ගේ සුවාමි පුරුෂයින් මියගියවිට ඔවුන්ව බලපුළුවන්කාර පවුල් විසින් සිය ඉඩම් වලින් නෙරපා හරිනු ලැබේ. සැම්බියානු නීතියට අනුව වැන්දබුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ඉඩම් වලට සහ පවුලේ දේපල සදහා පුර්ණ අයිතිවාසිකම් ඇත. එනම් මැටි බිත්ති සහිත ගෙය, ඇද, බයිසිකලය, ටින් එක යන දේවලටය. නමුත් පිරිමියා මියගිය විට ඒ සියල්ල පහසුවෙන් සොරා ගැනීම සදහා බලපුළුවන්කාර පවුල් වලට සහ ඥාතීන්ට විවුර්ත රිතුවක් පැමිණීම හා සමාන වේ. ඒඩ්ස් වසංගතය මගින් සුවාමිපුරුෂයින් සහ පියවරුන් මියගියවිට මෙම අහිමිකිරීම් උප සහරා අප්‍රිකාවේ වසංගතයක් පැතිර යන සුවාබාවයෙන් සිද්ද වේ.

මොවුන්ට එනම් වැන්දබුවන්ට සහ දෙමාපියන් අහිමි ළමුන් වෙනුවෙන් නීතියද ස්ථාපිත කර ඇත. විශේෂිත වින්දිත ඒකකය පවතින්නේද ඔවුන් වෙනුවෙනි. නමුත් ප්‍රයෝගිකව බලපාන්නා වූ ගැටළු ඇත. පළමුව ඔබ වෙනුවෙන් නීතියක් පැවතියද ඔබට නිතිඥයකු නැතිනම් ඔබ පරදිනු ඇත. සැම්බියාව යනු මිලියන 11 ක ජනතාවක් ජිවත්වන රටකි. නමුත් නීති වුර්තියේ කටයුතු කරන නීතිඥයින් ඇත්තේ 250 ක් පමණි. මම නීති ආයතන පවත්වාගෙන යන ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොඩනැගිලි වලට නිරතුරුව යමි. ඒවායේ සමස්ත සැමබියාවේම සිටින නීතිඥවරුන්ට වඩා වැඩි නීතිඥවරු සිටිති. මෙය කියන එක වැඩක් නැති වුනත් සැම්බියාවේ නිතිඥවරුද අනිකුත් තැන්වල නීතිඥයින් හා සමානය. ඔවුන්ද උත්සහ කරන්නේ තම ජීවිකාව කර ගැනීමටය. ඔවුන් සිය වියාපාර බුමිකාව හිගමනට බස්සන වැන්දබුවන්ට සේවයක් කිරීමට සදහා ගොඩනගා ගන්නේ නැත. ඒවුනත් සැම්බියාවේ අපේ කාර්යාලය විසින් එහි තම සම්පුර්ණ කාලය දිළින්දන්ට නීති සේවා සැපයීමට කටයුතු කරන නීතිඥයින් සමහරවිට 10 ක් පමණ ඇති බවට ගණන් බලා ඇත. මේ නීතිඥවරුන් 10 දෙනාගේ කාර්යාල වලින් පරිබාහිරව දිනක වැටුප ඇමෙරිකානු ඩොලර් දේකටද අඩුවූ සම්බියානුවන් මිලියන 08 ක පෝලිමක් යමෙකුට දැක ගත හැක.සමහරවිට ඔවුන්ට උදවු කිරීමේ හැකියාව විශේෂ වින්දිත ඒකකයේ පොලිස් නිලදාරින්ට ඇත. ගමේ අයිතීන් අහිමි වූ වැන්දබුවන් කිහිප දෙනෙකුගේ වාර්තාවක් මමත් මගේ සහායකයිනුත් එම කාර්යාලයට රැගෙන ගියෙමු. නිලදාරියෙක් ඔවුන්ට උදවු කිරීමට උත්සුක වනු පෙනිණි. ඒ ඔහුට ගමට යාමට අපේ වාහනය දෙන්නේ නම් මක්නිසාද ඔවුන්ට සහ ඔවුන්ගේ සහායකයින්ට වාහනයක් නැති නිසාත් සහ ඔහුගේ දිවා ආහාරයට අප විසින් මුදල් ගෙවන්නේ නම්ය. මේ අවස්ථාවේ අපිට එම නිලදාරියා වෙනුවෙන් අදාල කාර්යන් දෙකම කිරීමේ හැකියාව තිබිණි. නමුත් මේ පින්තුරය මගින් අදාල ක්‍රියාදාමය පහසුවෙන් පිඩාවට පත්විය හැකි වැන්දබුවන්ට සහ දෙමාපියන් අහිමි දරුවන් සම්බන්දයෙන් සාමාන්‍ය පරිදි සිදුවන්නේ කෙසේද යන්න සිතා ගැනීම අසීරු නැත. සංවර්දනය වෙමින් පවතින ලෝකයේ සුවිශාල වූ දුගී ජනයාගෙන් මහජන යුක්ති ක්‍රියාදාමය පිලිබදව විමසුවිට ඔවුන් කියන්නේ කුමක්දැයි බලමු. ඔවුන් තම රටවල මහජන යුක්ති ක්‍රියාදාමය කියා ඇගිල්ල දිගු කරන්නේ පොලිසියට සහ උසාවි වලට හෝ නීති සහ නිතිඥයින්ටය. නමුත් මේ දේවල් ඔවුන්ගේ ජිවිතවලට ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වන්නේ ශුන්‍ය ලෙසයි. අකාර්යක්ෂම මහජන යුක්ති ක්‍රියාදාමයන් සංවර්දනය වෙමින් පවතින ලෝකයේ දුප්පත් ජනයාට ලැබී ඇත. මෙය සංවර්දනය වෙමින් පවතින ලෝකයට පසුගිය වසර 60 ක් පුරා හදුන්වා දුන් මානව හිමිකම් යාන්ත්‍රණ වල චක්‍රයේ බිදවැටුණු කෙදනිය පුරුකකි. දුප්පතුන්ට නීතියේ රැකවරණය ලබා දෙන කාර්යක්ෂම මහජන යුක්ති පසිදලීම් නොමැතිකමින් මේ ක්‍රියාදාමය වැඩියෙන් අවශ්‍ය වන අයගේ ජිවිත වලට මානව හිමිකම් වියාපාරයේ නුතන ශ්‍රේෂ්ට නයිතික ප්‍රතිසංස්කරණ වල බලපෑම ඉතාම දුර්ලබ වී ඇත. නිතිය නොමැතිකම බාවිතා වීමෙන් බහුලව තේරුම් යන්නේ ජාත්‍යන්තර සංවර්දන සහයෝගය ලබා දීමේදී ඒමගින් දුප්පත්කම තුරන් කිරීමට දරන වෑයම අවහිර කිරීම, හොරකන් කිරීම, හෝ දුගී ජනයාට නොවැදගත් වීමට ඉඩ හැරීමයි.

එමනිසා මගේ විවාදශීලි අදහස මෙයයි. 21 වන සියවසේ මානව හිමිකම් ලෝකයට අලුත් වරණයක් ලෙස සංවර්දනය වෙමින් පවතින ලෝකයට කාර්යක්ෂම මහජන යුක්ති ක්‍රියාදාමයන් ගොඩනැගීමට උදවු කිරීම දැක්විය හැක. ආරම්බයක් ලෙස සංවර්දනය වෙමින් පවතින ලෝකයේ මහජන යුක්ති ක්‍රියාදාමයන් බිදවැටි ඇති බව , ඒවායේ නොගැලපීම් සහ දුගී ජනයාට ඉන් සිදුවන බයානක තත්වයන් තරයේ කියා සිටීම දුෂ්කර වේ. 2008 ජුනි මාසයේ එක්සත් ජාතින් ඉතා ඕනෑකමින් සිදුකල වාර්තාවක් ඇත. එයට අනුව විස්මය ජනක කරුණක් ලෙස බිලියන 04 ක ජනතාවක් නීතියේ අදිපත්‍යයේ රැකවරණය නොලබා ඉන්පරිබාහිරව ජිවත් වෙති. එක්සත් ජාතීන්ගේ එම අද්‍යනය ඒලබි අවසාන නිගමනය දැඩි කම්පනයක් ඇති කරන අතර එය පහත පරිදිය. එනම් " බහුතරය වූ දුගී ජනයා නීතියේ රැකවරණයක් නොමැතිව ජිවත් වෙති. " සංවර්දනය වන ලෝකයේ මහජන යුක්ති ක්‍රියාදාමයට අයත් සෑම අංගයක්ම එනම් පොලිසිය, නීතිඥවරුන්, නඩු පවරන්නන් සහ උසාවි මගින් සාමාන්යෙන් දුගී ජනයාට නීතියේ ආරක්ෂාව ලැබීමේ හැකියාව අඩු කරමින් තිබේ. දුප්පත් මිනිසෙක්ට පළමුව මහජන යුක්ති ක්‍රියාදාමය තුල සම්බන්දතාවක් ඇති වන්නේ පොලිසිය සමගයි. සංවර්දනය වෙමින් පවතින ලෝකයේ දුප්පතෙක්ට දුෂිත නොවන පොලිස් නිලදාරියකු හමු නොවන තරම්ය. එම පොලිස් නිලදාරීන් දුෂිත බැවින් නරුම වී ඇත. ලෝකයේ දුප්පතුන් අතර පැතිරිනු අපරාද සම්බන්දයෙන් වගඋත්තරකරුවන් ඔවුන්ගේම පොලිසියයි. සංවර්දනය වෙමින් පවතින ලෝකයේ දුප්පතුන්ගේ අත්දැකීම නම් පොලිසිය ආරක්ෂාව මිස නොව බයානක දෙයක් ලෙස පවත්නා බවයි. මේ තත්වය ලෝක බැංකුව විසින් පවත්වන ලද සුවිශාල අද්යනයකින් හෙළිදරවු වී ඇත. එම අද්යනයට අනුව දුප්පතුන් පොලිසිය දකින්නේ නීතිමය බලයක් නොමැතිව නිතිය ක්‍රියාත්මක කරන කණ්ඩායමක් ලෙස සහ ඔවුන්ව වඩාත් ක්‍රියාකාරී ලෙස හිරිහැරයට, මර්දනයට සහ සාහසිකත්වයට පාත්‍ර කරන අපරාදකරුවන් ලෙසයි. මෙම බයානක තත්වය නිසා සංවර්දනය වෙමින් පවතින ලෝකයේ දුප්පතුන් පොලිසියෙන් පිහිට පැතීම වෙනුවට එයින් පලායාම සිදු කරති. පොලිසිය තිබෙන්නේ දුප්පතුන් ආරක්ෂා කිරීමටයි. නමුත් ඔවුන්ට ප්‍රමාණවත් පුහුණුව, සම්පත් සහ ප්‍රචණ්ඩත්වයෙන් දුප්පතුන් ආරක්ෂා කර ගැනීමේදී ඒ සදහා ප්‍රයෝගික පලදායි සහන සැලසීමට අවශ්‍ය වරමක් නැති බව නිරතුරුව පෙනී යන්නකි. යම් දුප්පත් පුද්ගලයකු පොලිසියෙන් ඔබ්බට ගොස් මහජන යුක්ති ක්‍රියාදාමය හා සම්බන්ද වන්නේ නම් ඔහුට එරෙහිව අපරාද චෝදනාවක් ඇත. ඩේවිඩ්ගේ සිද්දියේදී අපි දැක්ක ආකාරයට නිරතුරුවම අපරාද චෝදනාවක් එල්ල වී ඇති සංවර්දනය වෙමින් පවතින ලෝකයේ දුප්පත් පුද්ගලයකුට නීතිඥයකුගේ නියෝජනය නොලැබී යයි.

මෙම ගැටලුව එක්ව ගත් කල ලොව සංවර්දනය වෙමින් පවතින රටවල සාමාන්යෙන් නීතිඥවරුන්ගේ හිගයක් ඇත. එනම් පොලිස් නිලදාරියකු දුප්පත් පුද්ගලයකුට එරෙහිව සිදු කරනු ලබන නිරුවත් චෝදනාවකදී නයිතික නියෝජනය නොමැතිකම නිසා නිරන්තරයෙන් ඔහුගේ ජීවිතය නැතිනම් නිදහස අනතුරට පාත්‍ර වේ. දවසක ආදායම ඩොලර් එකකි. නැතිනම් දෙකකි. ඒ අනුව නීතිඥයෙක් සිටියත් සාමාන්‍ය දුප්පත් පුද්ගලයකුට ඔහුගේ නීතිඥ ගාස්තුව ගෙවීමේ හැකියාව නැත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් සෑම 768 දෙනෙකුටම පාහේ එක් නීතිඥවරයෙක් සිටියි. කොම්බෝජයේ ජනගහනයෙන් සෑම 22,000 කටම එක් නීතිඥයෙක් සිටියි. මලාවි රටේ ජනගහනය මිලියන 11 කි. එහි සෑම 40,000 ක ජනතාවකටම එක් නීතිඥයෙක් සිටියි. මෙම අනුපාතයන් සංකේතවත් කරන්නේ සංවර්දනය වෙමින් පවතින ලෝකයේ සාමාන්යෙන් දිලිදු පුද්ගලයකුට සිය ජිවිත කාලය තුලදී පුද්ගලිකව නීතිඥයකු මුණ ගැසී නොමැති බවයි. අඩු වැඩි වශයෙන් මෙම සංවර්දනය වෙමින් පවතින රටවල නීතිඥ සංකයාව ලගු වන අතර රජයේ නඩු පවරන්නන්ගේ සංකයාව ඊටත් අඩු එහිම උපකුලකයක් වේ. ඒ සංකයාව පවත්නා නඩු ප්‍රමාණය හා සලකා බැලු විට කුඩා වැඩිය. බොහොමයක් නඩු පවරන්නන් නීතිඥවරු ලෙස පුහුණුවක් නොලැබූ අය වෙති. සැබවින්ම සංවර්දනය වෙමින් පවතින ලෝකයේ බොහොමයක් විනිසුරුවරුද නීතිඥවරුන් ලෙස පුහුණුවක් නොලැබූ අය වෙති. බහුතර විනිසුරුවරුද පොලිසිය හා සමානව බලෙන් අල්ලස් ලබා ගෙන නඩු ඉවත දමයි.

සංවර්දනය වෙමින් පවතින ලෝකයේ විවිද හේතුන් මත නිතිය සහ කරුණු මත පදනම්ව නඩු විසදීම සිදුවන්නේ ඉතා දුර්ලබවය. සංවර්දනය වෙමින් පවතින ලෝකයේ අතපසු වූ නඩු ප්‍රමාණය අතිමහත්ය. එම නඩු කාලය කා දමන දින නියමයක් නොමැතිව කල් යන ලිපිගොනු උතුරා යන තරම් ප්‍රමාණයෙන් යුක්ත වේ. උදාහරණයකට ඉන්දියාවේ මුම්බායිහි උසාවි වල ලිපිගොනු විසදාලීමට වසර 350 ක් පමණ ගත වන බව මෙම සංකයා ලේකන වලට අනුව විශේෂඥයින් විසින් ගණන් බලා තිබේ. මේ තත්වය දිල්ලියේ අවුරුදු 466 ක් වේ. එක්සත් ජාතීන්ගේ සංවර්දන වැඩසටහනට අනුව ඉන්දියාවේ සෑම මිලියනයක ජනතාවකටම සිටින්නේ විනිසුරුවරු 11 දෙනෙකු පමණි. වර්තමානයේ ඉන්දියානු අදිකරණ වල ඇසෙමින් තිබෙන නඩු සංකයාව මිලියන 30 කට වැඩිය. එමෙන්ම ඉන්දියාවේ නොවිසදු නඩු අවුරුදු 15 ක් පමණ දිග්ගැස්සී ඇත. මේ හේතුවෙන් රැදවුම් බාරයේ සිටින සහ නඩු ඇසෙමින් තිබෙන අය ඔවුන්ගේ දඩුවමට වඩා දිගුවු කාලයක් එනම් නඩු විබාග වන දිනය ලැබෙන තෙක් සිටිති. බන්දනාගාර අද්යන පිළිබද ජාත්‍යන්තර මද්‍යස්ථානය සොයා ගත් කරුණු වලට අනුව ඉන්දීය බන්දනාගාර වල 70% ක් පමණ වූ රැදවියන් කිසිදු අපරාදයකට වරදකරුවන් වී නැත. සමහරක් අදිකරණ දුර බැහැරින් පිහිටා තිබීම නිසා ඒවාට යාම දිළින්දන්ට දුෂ්කරය. ඒ අනුව ඔවුන්ගේ නඩු ඔවුන් නොමැතිව තීරණය කෙරේ. සමහර අවස්ථාවලදී විනිසුරන් සහ මහේස්ත්රත්වරු අල්ලස් ඉල්ලා සිටිති. ඒ අදාල පුද්ගලයින්ට වාසිසහගත තීන්දු ලබා දෙන බවට හෝ නඩුව දින නියමයක් නොමැතිව කල් දැමීමේ පොරොන්දුව හා හුවමාරු කර ගැනීමටය. සමහරක් අදිකරණ වලට නියමිත නිතිය සදහා ප්‍රවේශයක් නොමැත. ඒ නිසා නීති පොතේ සහය ලබාගෙන පාලනයක් ඇතිව තීන්දු දීම වෙනුවට ඒ දෙය වෙන්න ඉඩ හැරීමක් සිද්ද වේ.

අවසානයේදී සාමාන්‍ය දිලිදු පුද්ගලයකු තමන් පිඩාවට පාත්‍ර කරන අතවරය නීතියට පටහැනි බව නිරතුරුවම නොදැන සිටි. ඇය එවැනි නීතියක් ගැන දැනසිටියද තම සමාජ තත්වයේ සිටින අයෙක් සම්බන්දයෙන් එවැනි නීතියක් ක්‍රියාත්මක වූ බව කිසිදා නොදැක ඇති බැවින් එය විය නොහැක්කක් ලෙස සලකනු ලබන්නිය. ඊට විරුද්දව ඇය එක් දෙයක් දනී. එනම් යමෙක් මහජන යුක්ති ක්‍රියාදාමයෙන් වාසියක් ලබනු වෙනුවට එහි වින්දිතයකු වන බවයි. එහි ප්‍රතිපලයක් ලෙස ඇය විසින් නිතිය ක්‍රියාත්මක කිරීම වූකලී ඇගේ ජිවිතයට එරෙහි තර්ජන හසුරුවන සමාජ යාන්ත්‍රණයේ කොටසක් ලෙස නොසලකයි.

ඒ නිසා අපි ඒ ඇයිදැයි ඇසිය යුතුය. ඇයි මෙම මහජන යුක්ති ක්‍රියාදාමයන් දිළින්දන් පරාජයට පත් කරන්නේ? පළමු පැහැදිලි කිරීම නම් මෙවැනි බහුතර යුක්ති ක්‍රියාදාමයන් දිළින්දන්ට සහයෝගය ලබාදීමට පළමු තැන නොදෙන බවයි. සංවර්දනය වන ලෝකයේ බොහොමයක් යුක්ති ක්‍රියාදාමයන් යටත් විජිත පරිපාලනයට ගැලපෙන ලෙස නිර්මාණය වී ඇත. ඒවා මුලික වශයෙන් නැවත නිර්මාණය කර නැත. ප්‍රදාන වශයෙන් නීති පද්දති සහ අදිකරණ ක්‍රියාදාමයන් යටත් විජිත යුගයේදී පිහිටුවු ඒවාය. ඒවා ආදිවාසීන්ට සහ ඉතා ප්‍රබල දිලිදු අයගේ චාරිත්‍ර හෝ පොදුවේ ඔවුන්ට සහය ලබා දීමට පිහිටුවා නැත. ඒ වෙනුවට ඒවා යටත් විජිතවාදී අබිලාශයන් ඉටු කිරීමේලා කටයුතු කරයි. ඊට අමතරව යටත් විජිතවාදී පටු අබිලාශයන්ට සහ එහි වාසී ලබා ගන්නන්ට අවශ්‍ය වන ආකාරයට කටයුතු කරයි. වැඩි වශයෙන් ගත් කල මෙවැනි ක්‍රියාදාමයන් නැවත පිරික්සිමකට බාජනය වන්නේ නැත. ඒවා පවතින්නේ පුළුල්ව පැතිරුණු රාජ්‍ය සේවයේ පශ්තාත් යටත් විජිත අරමුණු මත යමක් ඉටු කරගැනීමට කටයුතු කිරීම සදහාය. යටත් විජිතවාදී බලවතුන්ගේ නික්ම යාමෙන් පසුව අදිකාරිවාදී ආණ්ඩු නිරන්තරයෙන් ඒවායේ උරුමය ලැබූ අතර මෙම සමාන යුක්ති ක්‍රියාදාමයන් යොදා ගනු ලැබුවේ ඔවුන්ගේ හිටපු යටත් විජිතවාදී නිලයන් දැරූ තැනැත්තන් හා සමානවය. ඒවා පවතින්නේ මහජනතාව පාලනය කිරීමටය. නැතුව ඔවුන්ට සේවය කිරීමට නොවේ. මේ අතරතුර බොහොමයක් ආණ්ඩු වලට කාලයෙන් කාලයට තමන්ගේ නීති වලට ලිබරල් ප්‍රතිපාදන හදුන්වා දෙන්නයි බල කෙරිණි. එම ආණ්ඩු වලට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාවේ බලපෑමට ලක්වීමට සිදු විය. නමුත් මහජන යුක්ති ක්‍රියාදාමයේ නිතිය ක්‍රියාත්මක කිරීම වූකලී චාරිත්‍රයකට හෝ සුවිශාල දුප්පත් ජනයාට පොදුවේ සෙවයක් කිරීම සදහා පැවතුනේ නැත. මහජන යුක්ති ක්‍රියාදාමය දුප්පතුන් සමබන්දයෙන් අසමත්වීමට බලපාන ලද තවත් හේතුවක් වුයේ එමෙන්ම පුදුමයට කරුනක්ද නොවන ඒනමි බලයේ සිටින පුද්ගලයින් විසින් එවැනි ක්‍රියාදාමයන් වෙනස් කිරීමට කරන අඩු පෙලබිමයි. මෙම යටත් විජිතවාදී මොඩලයෙන් වෙනස්ව දුප්පත් ජනයාට පලදායි මහජන යුක්ති ක්‍රියාදාමයක් ලබාදිම සදහා වර්තමානයේ වෙනසක් සදහා ඉතා අඩු පෙලබවිමකින් යුතුව කටයුතු කරන බලයේ සිටින පුද්ගලයින්ගේ දරණිය කැපවීමක් අවශ්‍ය වේ.දැන් පවතින මහජන යුක්ති ක්‍රියාදාමයන් ක්‍රියාත්මක නොවීම නිසා සංවර්දනය වෙමින් පවතින ලෝකයේ වාණිජ සහ ආර්ථික අතින් ඉහල පැලැන්තිය වෙනත් ආදේශක හෝ වැඩ කිරීමේ වටාපිටාවන් සංවර්දනය කරගෙන ඇත. ඒවා විසින් ලබාදෙන සේවාවන් මහජන යුක්ති ක්‍රියාදාමය ක්‍රියාත්මක වූවානම් ලබාදෙන සේවාවන්ට වෙනස්ය. එමනිසා ආරක්ෂාව සදහා පොලිසියේ සහය ලබා ගනු වෙනුවට ඔවුන් ඒ සදහා පුද්ගලික ආරක්ෂක අංශ යොදා ගනී. ඔවුන් තම ගැටළු බාදාකාරී සහ දුෂිත අදිකරණ වෙත ඉදිරිපත් කිරීම වෙනුවට ඒ වට හිමි ස්ථානය විකල්ප ගැටුම් කළමණාකාර ක්‍රියාදාමයන් පිහිටුවා සදහා ලබාදී ඇත. වත්කම් සහිත පුද්ගලයින් ඔවුන්ගේ අබිමතය පරිදි ආරවුල් විසදා ගැනීමට සමාජ සම්බන්දකම්, දේශපාලන සම්බන්දකම්, සහ අල්ලස බාවිතයට ගනී.

කෙසේනමුත් දුප්පතුන්ට මහජන යුක්ති ක්‍රියාදාමයෙන් බැහැරව වෙනත් විකල්ප ක්‍රමයක පිහිට ලබා ගත නොහැක. ඒ නිසා ඔවුන්ට අනිවාර්යෙන්ම ගරා වැටුණු, අත්හැරදමු, සහ කොටස් වලට කැඩි ගිය මහජන ක්‍රියාදාමය මත යැපීමට සිදුව ඇත. මහජන යුක්ති ක්‍රියාදාමය හොදින් ක්‍රියාත්මක වන්නේ නම් එමගින් ඉහල පැලැන්තියේ බලය සිමා කරනු ඇත. ඒවගේම ඒ සදහා මුල්‍යම සහ අනෙකුත් මානව සම්පත් වල සාදාරන කැපකිරීමක් අවශ්‍ය වේ. නමුත් මේ අවස්ථාවේ ඔවුන් එවැනි ආයෝජනයක සාදාරන බවෙහි වාසිදායක පැත්ත බරපතල ලෙස සැලකිල්ලට ගනු දක්නට නොලැබේ. සංවර්දනය වෙමින් පවතින ලෝකයේ පාලක ඉහල පැලැන්තියට ගැටලුවක් වී ඇත්තේ බිදවැටුණු මහජන යුක්ති ක්‍රියාදාමයන් නොව මහජන යුක්ති ක්‍රියාදාමයන් බාවිතයට නැගීමයි. එවැනි වාතාවරණයක් නියායත්මකව ගත් කල මෙවැනි සමාජවල කොන් කරනු ලැබූ පුද්ගලයින් වෙනුවෙන් මැදිහත් වීමට පමණක් සම්ප්‍රදායික මානව හිමිකම් වියාපාරය නොනැසී පවතී. නමුත් අවාසනාවකට මෙම වියාපාරය සංවර්දනය වෙමින් පවතින ලෝකයේ දුප්පතුන්ට පිහිට වීම සදහා මහජන යුක්ති ක්‍රියාදාමයන් ගොඩනැගීමට උදවු වීම නොසලකා හැර ඇත. සමහරවිට මේ පිටුපස ඇති කතාන්දරය විබාග කිරීම වටින්නේය. දෙවන ලෝක යුද්දයේ අවසානයත් සමග නුතන මානව හිමිකම් වියාපාරයේ පළමු අදියර ආරම්බ විය. එහි අරමුණ වුයේ ජාත්‍යන්තර මානව හිමිකම් තත්වයන් පැහැදිලි කර දීම සහ ඒවා ස්ථාපිත කිරීමයි. මේ වෑයම අති විශිෂ්ට වූ සාර්ථකත්වයකින් යුක්ත විය. උගතුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ජුරි සබිකයින් සහ රාජ්‍ය පාලකයින් පහත සදහන් සම්මුතීන් බිහිකළහ. ඒවානම් මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය, මෙන්ම වෙනස්කමකට පාත්‍ර කිරීම, වදහිංසාව, ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, සහ කොන්වූ ජන කණ්ඩායම් වලට අදාල අනෙකුත් අයිතිවාසිකම් ගැන සාකච්චා කරන ජාත්‍යන්තර සම්මුතීන් වේ. අද දක්වා ජාත්‍යන්තර ප්‍රමිතීන් අර්ථදැක්වීමේ වෑයම අකණ්ඩව ක්‍රියාත්මක වේ. ඒවා ජාත්‍යන්තර ගිවිසුම්, සම්මුතීන් සහ ප්‍රොටෝකෝල කෙටුම්පත් කිරීම, ප්‍රසිද්ද කිරීම සහ සංශෝදනය කිරීම ඔස්සේ සිදුවෙමින් තිබේ. එයින් බිහි වුයේ ලොව සෑම ජනයාටම අයිතිවාසිකම් ලෙස ඉල්ලා සිටිය හැකි අයිතීන් සහ සංකල්පයන්ගෙන් යුක්ත ආයතනයකි.

නුතන මානව හිමිකම් වියාපාරයේ පලමු අදියර විශාල වශයෙන් බුද්දිමය එකක් වුවද දෙවන අදියර සනිටුහන් වන්නේ දේශපාලන වියාපාරයක් ලෙසය. එමගින් සිදුවන්නේ ජාතික නීතියට මෙම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් කාවද්දීමයි. මෙම වියාපාරය නයිතික ප්‍රතිසංස්කරණ හදුන්වා දෙන ලදී. එමගින් දේශීය සහ ජාතික නීතියට මුලික මානව හිමිකම් පිළිබද අලුත් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ක්‍රමානුකුල නීති සංග්‍රහයක් ලෙස කාවද්දනු ලැබිණි. උදාහරණයක් ලෙස දකුණු ආසියානු රටවල් ජාත්‍යන්තර සංකල්පයන්ට අනුකුලව වහල්බාවය නීතියෙන් තහනම් කරනු ලැබිණි. අප්‍රිකානු රටවල්ද සියවස් ගණනක සම්ප්‍රදායික සංස්කෘතික බවිතාවන් ඉවත දමමින් කාන්තාවන්ට ඉඩම් හිමිකම් සහ උරුමයන් පිළිබද අයිතීන් හිමිකර දෙන ලදී. ගිනිකොන දිග ආසියානු රටවල්ද කාන්තාවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ තත්වය උසස් කරන සහ ඔවුන්ව ලිංගික සුරාකැමෙන් සහ වෙළදාමෙන් ආරක්ෂා කරන නව නීති සකසනු ලැබිණි. ලතින් ඇමෙරිකානු රටවල් තම අදිකාරිවාදී රෙජිමේන්තු වෙනුවට ආදේශ කිරීම් සිදු කළහ. ඊට අමතරව එම රටවල් අත්අඩංගුවට ගැනීම සහ රදවා ගැනීම සදහා ජාත්‍යන්තර ප්‍රමිතීන් ඇතුලත් කර ගැනිණි. ඒ වගේම ඔවුන් ඉඩම් ප්‍රතිසංස්කරණ අයිතිවාසිකම් පිළිබද නව නීති සංග්‍රහ ගත කරන ලදී.

මෙම ලෝක දේශපාලන වියාපාරයේ ප්‍රතිපලයක් ලෙස සෑම රටක් පාසාම පහසුවෙන් පිඩාවන්ට ලක්වූ සහ අතවරයන්ට ලක්වූ මිලියන සිය ගණනක් දෙනාට දේශීය නිතිය යටතේ යුක්තිය සහ සදාරණත්වය පිළිබද විශ්වීය ප්‍රමිතීන් වලට හිමිකම් කීමේ හැකියාව ලැබිණි. මෙහි කෙදජනක ගැටලුවක් විය. එනම් ජාතික නිතිය යටතේ මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට බාරදෙන ලද්දේ දුගී ජනතාව වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක නොකරන ජාතික නිතිය ක්‍රියාත්මක කිරීමට සිටින සම්පුර්ණයෙන්ම අක්‍රිය ආයතන වලට වීමයි. මෙම සම්බන්දතාවන් නුතන මානව හිමිකම් වියාපාරයට සහ ජාත්‍යන්තර ආධාර බාවිතයේ යොදවන අයටත් ලෝකයේ දුප්පතුන් අතර සංවර්දන කටයුතු කරන අයට මහත් විපත්තියක්ම වේ. විශ්වසනීය මහජන යුක්තියකින් තොරව මිලියන සියගණනක් වූ දුප්පත් ජනතාව නිර්දය ලෙස පහරකෑමට, ස්ත්‍රී දුෂණයට, සිරගත කිරීමට, කප්පන් ගැනීමට, වහල්බාවයට, සොරකමට, අහිමි කිරීම් සහ ඉවත් කිරීම් වලට ලක්වීම වැළැක්විය නොහැක. මේ කතාන්දරය දෙස ආපසු හැරී බැලීමේදී පරම්පරා දෙකක ලෝක මානව හිමිකම් ක්‍රියාකාරකම් ස්ථිරව පවසන දෙයක් ඇත. සිහියෙන් හෝ අසිහියෙන් සංවර්දනය වෙමින් පවතින ලෝකයේ මහජන යුක්ති පසිදලීමේ ක්‍රියාදාමය උපකල්පනය කිරීම් වලින් ඔබ්බට ගොස් පිළිගත යුත්තක් නමි එහි පවතින වැරදි නිසා ඒමගින් වාසිලබන බවට අපේක්ෂා කරන අයට ඉන් අත්වන ප්රෝයෝජනය එමගින් ක්‍රියාකාරී ලෙස අඩු කරන බවයි. ජාත්‍යන්තර මානව හිමිකම් වියාපාරයේ පළමු පරම්පරා දෙක තුල සිදුවූ ශ්‍රේෂ්ට වැඩ කොටස පලදායි ක්‍රියාත්මක යාන්ත්‍රණයක් නොමැතිකමින් දුප්පතුන්ට ලබා දුන්නේ කඩදාසි කොළ වලට සීමාවූ හිස් බලාපොරොත්තු පමණි.

මෙම යථාර්තය ගැන 21 වන සියවසේ මානව හිමිකම් වියාපාරයේ ආයෝජන වලදී ප්‍රමුකත්වය දී සළකා බැලිය යුත්තකි. පරම්පරා දෙකක් තිස්සේ විද්‍යාඥයින් කලබලකාරී ලෙස සිදු කල වැඩ කොටස ගැන සිතා බලන්න. ඔවුන් ආශ්චර්යමත් එන්නත් සංවර්දනය කර ගබඩාවන් පුරවන ලදී. ඒවා සංවර්දනය වෙමින් පවතින ලෝකයේ මිලියන සිය ගණනක් වූ ජනතාවට දැඩිව අවශ්‍ය විය. නමුත් ඔවුන්ට ඒ සදහා ප්‍රවේශයක් තිබුනේ නැත. මෙම එන්නත් අවශ්‍ය අයට ඒවා බෙදාහැරීමේ පලදායි ක්‍රමවේදයක් නොතිබුණි. ඒ අනුව විද්‍යාඥයින් අත් පත් කරගත් වෛද්‍ය දියුණුවෙන් ඔවුන් කිසිදු පල ප්‍රයෝජනයක් ගත්තේ නැත. නමුත් මේ තත්වය අනිවාර්ෙයන් ලබා දියයුතු අලුත් ප්‍රමුකත්වයක් ජාත්‍යන්තර මහජන සවුක්ය ප්‍රජාවට පැහැදිලි කර දෙයි. ඒහා සමානවම නුතන මානව හිමිකම් වියාපාරයේ එයිතිහාසික වැදගත්කම් වලින් කිසිදු ප්‍රයෝජනයක් ගත්තේද නැත. සංවර්දනය වෙමින් පවතින ලෝකයේ බිද වැටුණු මහජන යුක්ති පසිදලීමේ ක්‍රියාදාමයන් එය වැඩියෙන් අවශ්‍ය අයට කිසිවක් ලබා නොදෙන වියාපාරයක් යන පොරොන්දුවට පමණක් සිමා වීමට ඉඩ හැරියේය. නමුත් ඒය පෙන්වා දෙන වැදගත් කරුණකි. එනම් 21 වන සියවසේ මානව හිමිකම් නියාය පත්‍රයේ මුලික වෙනසක් සිදු විය යුතු බවය.එන්නත් සංවර්දනය කර නිපදවා අවුරුදු 60 ක් ගතවී ඇත. නමුත් ඒවා සැබවින්ම රෝගී පුද්ගලයින්ගේ ලේ දාතුවට එක් වුයේ නැත. ඒ අනුව අපේ අවදානය දැන් වෙනස් කල යුතුව ඇත. එනම් එන්නත් නොලැබී මියයන අය වෙත ඒවා බෙදාහැරීමට කටයුතු කිරීමටයි.

පසුගිය දශක බාගයේදී විදේශ ආදාර වශයෙන් සංවර්දනය වෙමින් පවතින ලෝකයට යැවු ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන් 2.5 ක් කෙදජනක ලෙස හානියට පත්වීමෙන් ප්‍රයෝජනයට ගැනීමට නොහැකිවූයේ බහුලවම දුප්පත් ජනතාව සම්බන්දයෙන් මහජන යුක්ති ක්‍රියාදාමයන් ක්‍රියාත්මක නොවූ බැවිනි. එනම් බලයේ සිටි පුද්ගලයින් ඒවා සොරකම් කලවිට, එයට ඇති ප්‍රවේශයට බාදා කළ විට හෝ එයින් සහය ලැබෙන්නන්ට වැඩක් නොවන ආකාරයට ක්‍රියා කල විට එය වැළැක්වීමට පලදායි යාන්ත්‍රණයක් තිබුනේ නැත. සියල්ලට පළමුව නීතියේ අදිපත්‍ය සහ පලදායි ලෙස කටයුතු කරන යාන්ත්‍රණයන් නැතිවූ විට ආදාර ලබාදීම සදහා වෙන්කර ඇති සම්පත් ඔවුන් අපේක්ෂා කල ප්‍රතිලාබින්ට කිසිසේත්ම ලැබෙන්නේ නැත. 85% ක් පමණ වන ආදාර ගලායාම් ඒවා බිහිවීමේදී අපේක්ෂිත අරමුණු වලින් වෙනස් වුදේ සදහා හැරවීමක් සිදුවන බව ලෝක බැංකු අද්යනයකින් සොයා ගෙන ඇත. මෙම සම්පත් සහ සේවාවන් පරික්ෂාවට ලක් නොවන මානව හිමිකම් අතවරයන් නිසා සැබවින්ම ඒවා පලදායි ලෙස මෙම ප්‍රජාවන්ගේ දුප්පත් අය වෙත ලගා වීමට බදා සිදුකරයි. උදාහරණයකට සිය ඉඩම් කොල්ලකනු ලැබූ වැන්දබුවන්ට ගොවි උපකරණ වලින් ලැබෙන ප්‍රයෝජනයක් නැත. අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා හිරගෙදරට දිරාපත්වන ගැහැනුන්ට සහ පිරිමින්ට වුර්තිය පුහුණුවෙන් වැඩක් නැත. අසනීප වුවිටදිත් ගල් සාදන කර්මාන්තශාලා වලින් පිටතට යානොහැකි වහලුන්ට අදාල ප්‍රජාවන්ගේ ඇති වයිද්‍ය සායන වලින් වැඩක් නැත. දේශීය පොලිසිය විසින් මහන මැෂින් සොරා ගනිද්දී ඒවා සමග ඉදිරියට කටයුතු කිරීමට දෙන බහුවිද නය වැඩක් වන්නේද නැත.

සංවර්දනය වන ලෝකයේ මානව හිමිකම් අපචාරයන් වැළැක්වීමේ නොහැකියාව ඒවාහි දුප්පත් ජනතාවගේ සවුක්ය දියුණු කිරීමට ගනු ලබන්නාවූ වෑයම ඉතා බරපතල ලෙස අදයිර්ය කරයි. උදාහරනයකට මෙම ලෝක බැංකු වාර්තාවේ සොයාගැනීම් දැක්විය හැක. එනම් ස්ත්‍රී පුරුෂ සමාජ බාවය මත සිදුවන ප්‍රචණ්ඩත්වයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් අතර ඇති වන අසනීප තත්වයන් මැලේරියාව සහ මාර්ග තදබදය මත සිදුවන අනතුරු යන දෙක එකට ගත්විට ඇතිවන තත්වයට වඩා වැඩිය. තවත් ලෝක සවුක්ය සංවිදානයේ වාර්තාවකට අනුව සමහරක් රටවල 70% ක් පමණ කාන්තාවන් ශාරීරිකව පහරකෑමට ලක් වන අතර 47% ක් වාර්තා කරන්නේ ඔවුන්ගේ ප්‍රථම ලිංගික එක්වීම සිදුවුයේ බලහත්කාරයෙන් බවයි. ඉන්දියාවේ ගම්වල සිදුකල සමීක්ෂණයකින් එම වසරේ 70% ක් කාන්තාවන් දෙයාකාරයක ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට හෝ අතවරයන්ට මුහුණ දීමෙන් පිඩාවට පත්වූ බව පෙන්වා දෙයි. තවද ගර්බනි අවදියේ සිදුවන මරණ වලින් 16% ක් ම ගෘහස්ත අතවරයන් හේතුවෙනි. පේරු වාර්තාවක එන අද්යනයකට අනුව ගැහැණු ළමයින්ගෙන් 40% කම ස්ත්‍රී දුෂණයට ලක්වූ වින්දිතයින්ය. නැතිනම් අවුරුදු 14 දී ස්ත්‍රී දුෂණයට තැත් කිරීමට ගොදුරු වූ අයයි. දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන ආකාරයට එචි අයි වී ශරීරගතවූ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගෙන් 70% කටම එසේ සිදුව ඇත්තේ බලය යොදා සිදුකල ලිංගික කටයුතු වලදීය. බලහත්කාරයෙන් අහබු ලෙස සිදුවන ලිංගික සබදතා නිසා වයිරසය ශරීර ගතවන කාන්තාවන්ට සහ ළමුන්ට ඒඩ්ස් පිළිබද අද්යාපනයෙන් ලැබෙන්නේ අල්ප වූ සහයකි.

21 වන සියවසේ අපි මානව හිමිකම් වියාපාරය උදෙසා කරන ආයෝජන වලදී මෙම යථාර්තය රැඩිකල් ලෙස ගෙන එයට ප්‍රමුකතාව දියයුතුව ඇතැයි මම සිතමි. උදාහරණයකට මිට අවුරුදු 125 කට පෙර එක්සත් ජනපදයේ පොලිසිය සහ උසාවි උදාහරණයකට ගනිමු. ඒවා අපි සාමාන්යෙන් පිළිගැනීමට ලක් කරන නිතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රනය මෙන් කිසිදු ආකාරයකින් වුර්තිමය වුයේ නැත. තවද අඩු පාඩු ගහන විය. ඒවා අප අද දවසේ සංවර්දනය වෙමින් පවතින ලෝකයේ දකින මහජන යුක්ති ක්‍රියාදාමයන්ට බොහෝසෙයින් සමාන විය. උදාහරණයකට 1895 දී නිවු යෝක් ප්‍රාන්තයේ ලුක්සාඕ කමිටුව පොලිසිය බාවිතයේ යොදන කප්පම් ගැනීම් ,අල්ලස, හොර සල්ලි අච්චු ගැසීම, චන්දදායකයින් බියවැද්දීම, මැතිවරණ වංචා, වදහිංසාව සහ මැර බලය පිලිබදව සාක්කිදරන්නන් සිය ගණනකින් තොරතුරු ඒකරාශී කරන ලදී. මෙම පොලිස් සාහසිකත්වය සිතන ආකාරයට ස්ථාපිත කල සහ පිළිගත් බවිතාවකි. පොලිසිය අල්ලස් ගැනීම ගැන විවුර්තව කියා සිටින්නේ එය විශේෂිත ශ්‍රේණියකට නැතිනම් වගකිවයුතු පැවරුමකට අදාල බවයි. රතු එලි දිස්ත්‍රික්ක වලට ලැබෙන පැවරුම් වඩාත් ලාබදායි වන අතර එවාහිදී පොලිසිය විශාල අල්ලස් බලය යොදා ලබා ගනී. විසිවන සියවසේ අගබාගයේදී සැමුවෙල් වෝක සිය ඇමෙරිකානු පොලිසිය පිළිබද සරසවි අද්යනයකදී මෙසේ ලීවේය. " ඔවුන් නිර්මාණය කල මොහොතේදීම ,පොලිසිය දේශපාලනයට පක්ෂපාති සත්වයින් කොටසක් විය". මෙම නිලදාරියා මුරපොලේදී මහජන සේවකයෙක් වුයේ අල්ප මාත්‍ර වශයෙනි. ඔහු ඊට වඩා දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට දෙනු ලැබූ නියෝජිතයෙක් විය. ඔවුන්ගේ අදිකාරිය සදහා නාමික ගවුරවය පවා ලැබීම උදෙසා පොලිස්කාරයින් නිරතුරුව ප්‍රචණ්ඩත්වයට යොමු වෙති. ඒ අනුව අගවුරවය සහ තිරිසන්කම සහිත චක්‍රයක් ආරම්බ වේ. අවසානයේ පොලිසියට නිතිය ක්‍රියාත්මක කිරීමට තියෙන්නේ අවම කැපවීමකි. දේශපාලනය ක්‍රියාත්මක කරන්නන් ලෙස ඔවුන් වැඩි ලැදියාවක් දක්වන්නේ ඔවුන්ගේ අනුග්‍රහකයින්ගේ අබිලාශයන් ඉදිරියට ගෙනයාමටය. ආරම්බයේ සිටම වංචනික සහ දුෂිත වූ අවුල් සහගත ක්‍රමවේදයේ කේන්ද්‍රීය බුමිකාවන් බවට පත්වුයේ පොලිසියයි.

පළමු පැහැදිලි කිරීම නම් මෙවැනි බහුතර
යුක්ති ක්‍රියාදාමයන් දිළින්දන්ට සහයෝගය
 ලබාදීමට පළමු තැන නොදෙන බවයි. සංවර්දනය
 වන ලෝකයේ බොහොමයක් යුක්ති
ක්‍රියාදාමයන් යටත් විජිත පරිපාලනයට ගැලපෙන
ලෙස නිර්මාණය වී ඇත. ඒවා මුලික වශයෙන්
 නැවත නිර්මාණය කර නැත. ප්‍රදාන වශයෙන් නීති
පද්දති සහ අදිකරණ ක්‍රියාදාමයන් යටත් විජිත
 යුගයේදී පිහිටුවු ඒවාය. ඒවා ආදිවාසීන්ට සහ ඉතා
ප්‍රබල දිලිදු අයගේ චාරිත්‍ර හෝ පොදුවේ ඔවුන්ට
සහය ලබා දීමට පිහිටුවා නැත. ඒ වෙනුවට ඒවා
යටත් විජිතවාදී අබිලාශයන් ඉටු කිරීමේලා කටයුතු
 කරයි.
සංවර්දනය වන ලෝකයේ පොලිසිය ගැන විමසිලිමත් වන අයට වොකගේ පැහැදිලි කිරීම වඩාත් සමීප බවක්අල හැගෙනු ඇත. 21 වන සියවසේ සංවර්දනය වෙමින් පවතින ලෝකයේ මහජන යුක්ති ක්‍රියාදාමය අබියෝග රැසකට මුහුණ දෙමින් සිටි. ඒවා පසුගිය වසර 100 කට වැඩි කාලයකදී අඩුපාඩු සහිත වුවද කාර්මීකරණය වන බටහිර නාගරික මද්‍යස්ථාන හේතුවෙන් යටපත් විනි. දුෂණය, සහචරයින් සහ සොරකමින් යුක්ති ක්‍රියාදාමය පාලනය වේ. ඔවුන්ට ඒ දේවල් වෙනස් කර ගත නොහැක. එවැනි වෙනස්කමක් සදහා සටන් කල යුතුය. නමුත් ඒ වෙනස සිදුවිය හැක්කකි. මහජන යුක්ති ක්‍රියාදාමයන් හරියට ක්‍රියාත්මක නොවීම යන්නෙන් දුප්පත් ජනයාට කිසිදු සේවයක් සපයන්නේ නැති බව අදහස් වේ. තවද එය ලෝකයේ බොහෝ ප්‍රදේශ වල වෙනස්කම් සිදු වූ ඉතිහාසයද නොසලකා හරිනු ලැබේ.

අනෙක් අතට යහ පාලනය සහ නීතියේ ආදිපත්‍ය පිලිබදව නිශ්ශිත කණ්ඩායම් අතර විශාල වශයෙන් සාකච්චා පැවැත්වේ. ඒ අනුව යමෙක් මෙම අවශ්‍යතා ඉටු කිරීමේලා සුවිශාල වැයමක් ගනු ලබන්නේයයි සිතනු ඇත. කෙසේනමුත් සත්‍ය වූ කරුණක් ඇත. එනම් සංවර්දනය වෙමින් පවතින රටවල මහජන යුක්ති ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමේලා ගනු ලබන්නා වූ වැයමද දුර්ලබ වුවකි. එය වූකලී ප්‍රයෝගිකව පිළිගත යුතු සත්‍යකි. මැතකසිට ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල පශ්තාත් ගැටුම්කරණයේදී ජාතිය ගොඩනැගීමේ විශාල සැලසුම් ක්‍රියාත්මක වේ. ඒවායේ මහජන යුක්ති ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමට යම් ආකාරයක උත්සහයක් ගනු දක්නට ලැබේ. මෙවැනි ප්‍රයත්නයන් පෙන්නුම් කරන්නාවූ අදහසක් ඇත. එනම් ඕනෑම ආකාරයක සමාජ සහ ආර්ථික දියුණුවක් සදහා මහජන යුක්ති ක්‍රියාදාමයන් ප්‍රදාන බවයි. මෙය අවබෝද කර ගැනීම අතිශයින්ම අගය කල යුත්තකි.

මෙම පශ්තාත් ගැටුම්කරන සැලසුම් කිහිපයෙන් පරිබාහිරව මුදල් ප්‍රමාණය, බුද්දිමය ප්‍රයත්න, වුර්තිමය ආයෝජනය, දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදානත්වය සංවර්දනය වෙමින් පවතින ලෝකයේ මහජන යුක්ති ක්‍රියාදාමයන් සදහා යොදවනු ලැබේ. නමුත් ඒ සියල්ලේ ප්‍රමාණය මහජන සවුක්ය පද්දතිය, ආහාර පද්දතිය, ජල පද්දතිය, මුල්‍ය පද්දතිය, ප්‍රවාහන පද්දතිය සහ අනෙකුත් දේ සදහා යොදවන ප්‍රමාණය හා සැළකු විට ඉතා කුඩා කොටසක් වේ. උදාහරණයකට ජාත්‍යන්තර සංවර්දනය පිළිබද එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය නීතියේ ආදිපත්‍ය පිළිබද වැඩසටහන් සදහා ඔවුන්ගේ අය වැයෙන් යොදවන ප්‍රමාණය 1% කටත් වඩා අඩුය. එම අයවැයෙන් තවත් කුඩා ප්‍රමාණයක් දුප්පත් ජනයා උදෙසා මහජන යුක්ති ක්‍රියාදාමයන් ක්‍රියාවට නැගීමට ගන්නා වූ ප්‍රයත්නයන් සදහා යොදවනු ලැබේ. ආදාර දෙන රටවල් සංවර්දනය වෙමින් පවතින ලෝකයේ නිතිය ක්‍රියාත්මක කිරීම සදහා කරන පුහුණුවීම් වලදී ආයෝජන සිදු කරද්දී විශාල වශයෙන් අවදානය යොමු කරන කරුණක් ඇත. එනම් එම ආදාර දෙන රටවල් ජාත්‍යන්තර අපරාද මත්ද්රවිය සම්බන්දකම් ආයුද වෙළදාම ත්‍රස්තවාදයට විරුද්ද ක්‍රියාකාරකම් වලින් සහ ඒවායේ ප්‍රතිවිපාකයන් ගෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමටයි. ඒ පිලිබදව ඔවුන් දක්වන්නා වූ අවදානය සංවර්දනය වෙමින් පවතින රටවල දුප්පත් ජනයාට නීතියේ ආදිපත්‍යයේ පිහිට ලබාදීමට වඩා වැඩිය.

දුප්පත් ජනතාවට පලදායි ලෙස නිතිය ක්‍රියාත්මක කරදීමට මහජන යුක්ති ක්‍රියාදාමයන් සදහා සහය දැක්විය යුතුය. නමුත් මෙහිදී අවදානයට බදුන් නොකරන කරුණු කිහිපයකි. ඒවා නම් නීතියේ ආදිපත්‍ය, දුෂණය වැළැක්වීමට කටයුතු කිරීම සහ යහ පාලනයට ආධාර කිරීම වේ. නමුත් ආධාර ලබාදීමේදී වැඩි අවදානයක් ලබා දෙන්නා වූ කරුණු දෙකකි. ඉන් එකක් වන්නේ සොරකම සහ ආධාර වංචනික ලෙස අත්පත් කර ගැනීම අඩු කිරීමයි. දෙවැන්න වියාපාර සහ වාණිජ කටයුතු සදහා ආරක්ෂාව සැලසෙන අයුරින් නිතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවන්ට අනුව මහජන යුක්ති ක්‍රියාදාමයන් ගොඩනැංවීමයි. මේ කරුණු දෙකම වැදගත්ය. එමෙන්ම ඒවා හොද දේවල්ය. නමුත් ඒ කරුණු දෙකෙන්ම දුප්පත් ජනතාවට සෙතක් සැලසීම උදෙසා අවශ්‍ය මහජන යුක්ති ක්‍රියාදාමයන් සකස් කිරීමක් සිදු කරන්නේ නැත. එය වූකලී ඔවුන්ගේ අවසාන ඉල්ලක්කයද නොවේ. ආධාර දෙන අය මහජන යුක්තිය සදහා ආයෝජන සිදුකලාවූ දුර්ලබ අවස්ථාවන් ඇත. නමුත් ඒ අවස්ථාවේ සිදු කලාවූ ආයෝජන ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් යුක්ත විය. තවද එය ධරණිය වෙනසක් ඇති කිරීමට කළා වූ හුදකලා වැයමක් විය. මේ දුර්වල වූ උත්සාහයන් සදහා උදහරණද තිබේ. එකක් නම් සැම්බියාවේ අදිකරණ කටයුතු වාර්තා කිරීමේ යාන්ත්‍රණයයි. එය බිදවැටුණි. එපමණක් නොව නැවත අලුත්වැඩියා කිරීමක් සිදුවූයේද නැත. අනෙක් උත්සාහය කාම්බෝජයේ අදිකරණ කටයුතු අදීක්ෂණය එක්සත් ජාතීන්ගේ පුද්ගලයකු විසින් සිදු කරනු ලැබීමයි. ඔහු ඉතා විශ්වසනීය ලෙස අදිකරණ වල අයහපත් පැත්ත වාර්තා කළේය. ඊළගට බටහිර ප්‍රතිරුපකයින් විසින් පොලිසියට සහ නඩු පවරන්නන්ට ලබා දුන් පුහුණුවයි. එය ෂෙරටන් වල දැකුම් කළු දින කිහිපයක් ගත කිරීමේ අවස්ථාව උදා කිරීමක් විය. නමුත් ඔවුන්ගේ වැඩ කටයුතු වල මැනිය හැකි වෙනසක් එමගින් ඇති කලේ නැත. පශ්තාත් ගැටුම්කාරී සැලැස්මෙන් පරිබාහිරව ගතහොත් සංවර්දනය වෙමින් පවතින ලෝකයේ පොලිසි සහ අදිකරණ පිලිබදව සිදුවූ පලදායි ප්‍රතිසංස්කරණ පරික්ෂාවට බදුන් නොවුනි. තවද එය සිදු කල නොහැකි දෙයක්ද යන්න පිළිබද සොයා ගැනීමක්වත් සිදුවුයේ නැත. එය දුෂ්කර වුවක් බව සොයා ගැනිණි. නමුත් ඒ පිලිබදව කිසිදු උත්සාහයක් ගත්තේ නැත. අපේ සමහරක් දෙනා නුතන මානව හිමිකම් වියාපාරයේ ප්‍රදාන වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාව ගැන කතා කරති. එහිදී ප්‍රදාන වශයෙන් අවදානයට ලක් කල යුතු කරුණක් ඇත. එනම් නීති ප්‍රතිසංස්කරණ යන්න ප්‍රයෝගිකව නිතිය ක්‍රියාත්මක කිරීම දක්වා වෙනස් විය යුතු බවයි.

සංවර්දනය වෙමින් පවතින ලෝකයේ දුප්පත් ජනතාවට සේවය කල යුතුව ඇත. එහිදී අපට වැදගත් වූ වැඩ කොටසක් සිදු කිරීමට තිබේ. එනම් නුතන මානව හිමිකම් වියාපාරයේ පළමු සහ දෙවන පියවරයන් වලදී දුක්විදිමින් සංවර්දනය කරගත් නීති තිබේ. එබැවින් කල යුත්තේ එම නීති අකණ්ඩව ක්‍රියාත්මක කිරීම උදෙසා මහජන යුක්ති ක්‍රියාදාමයන් සංවර්දනය කිරීමයි. මානව හිමිකම් පිලිබදව මහා පරිමාණයෙන් කටයතු කර ඇත. දැන් ඒ පිලිබදව සුළු ප්‍රමාණයෙන් කටයුතු කිරීම සදහා කාලය උදවි තිබේ. එනම් තොග අවස්ථාවෙන් සිල්ලර අවස්ථාවට යායුතුය. ජාතික නිතිය නමැති ගබඩාවන් වල මානව හිමිකම් පිළිබද මහා පරිමාණයේ බලාපොරොත්තු ගබඩා කර ඇත. ඒවා සුළු මට්ටමින් යුක්තිය අපේක්ෂා කරන දුප්පත් ජනතාවට ලබා දිය යුතුව ඇත.

මෙය සිදු කළහැකි විකල්ප රාමුව කුමක්ද? සංවර්දනය වෙමින් පවතින ලෝකයේ මහජන යුක්ති ක්‍රියාදාමයන් නිර්මාණය සදහා කරුණු දෙකක් අවශ්‍ය වේ. ඒ දේශපාලන අබිලාශයන් සහ හැකියාවන් ගොඩ නැංවීමයි. දේශපාලන අබිලාශය සංවර්දනය කිරීමට සහ හැකියාවන් වැඩි දියුණු කිරීමට මහා පරිමාණයෙන් මෙන්ම සුළු පරිමාණයෙන් වැඩ කල යුතුය. එමගින් මහා පරිමාණයේ ධරණිය බලපෑමක් සිදු කල හැක. මහා පරිමාණයෙන් කටයුතු කිරීම මගින් රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලන ප්‍රතිපත්ති, සහ ඉහල පෙලේ කළමනාකාරිත්වය ඉලක්ක කරගත් නායකත්ව බුමිකාවන්ට පුළුල් බලපෑමක් කිරීමේ හැකියාව ඇත. ඔවුන් තම අදිකාරිය යටතේ සිටින කේන්ද්‍රීයව නිතිය ක්‍රියාත්මක කිරීමට දායක වන පුද්ගලයින් සම්බන්දයෙන් නියාය පත්‍ර සකස් කරති. නමුත් මෙලෙස ඉහල මට්ටමේ දේශපාලන අබිලාශය සහ හැකියාව සංවර්දනය කිරීමෙන් පමණක් දුප්පතුන්ට සැලසෙන්නා වූ සෙතක් නැත. එවැනි සෙත සැලසීමක් සදහා ප්‍රමුකත්වය සහ හැකියාව මහමග නිතිය ක්‍රියාත්මක කරන්නන් දක්වා පහල මට්ටමට ගලායාමක් සිදුවිය යුතුය. හැකියාවන් ගොඩනැංවීමේදී ඒ සදහා පහත දේ ඇතුලත් විය යුතුව ඇත. උදාහරණයකට ප්‍රථමයෙන් සුපරික්ෂාකාරී පොලිසියකට සහ අදිකරණ එකක ගොඩනැංවීම සදහා දෙනු ලබන මුල්‍යම ආධාර ගත හැක. ඒවායේ වැටුප් නොහොබිනා දුෂිත මට්ටමින් ඉහලින් තිබිය යුතුය. දෙවැන්න බවුතික සම්පත්ය. එනම් පොලිසියට නඩු පවරන්නන්ට සමාජ සේවකයින්ට සහ විනිසුරුවරුන්ට තම සේවා සැපයීමේදී අවශ්‍ය වන මුලික භාන්ඩ ලබා දිය යුතුව ඇත. තෙවැන්න බිම් මට්ටමේ සිද්දීන් වලදී ලබා දෙන පුහුණුව ප්‍රයෝගික එමෙන්ම ධරණිය එකක් වීම අවශ්‍ය වේ. සිවුවැන්න ලෙස දුප්පත් ජනතාවට සමාජ සේවාවන් සැපයීම සදහා අවශ්‍ය නීති ආධාර සහ සහනයන් ලබාදීම දැක්විය හැක. මේ ආකාරයේ ආයෝජනයන් මිළ අදිකය. නමුත් ඒවා දුප්පත් ජනතාවට පලදායි මහජන යුක්ති ක්‍රියාදාමයන් නොමැතිකමින් ප්‍රශ්න ගත වූ සංවර්දන ආධාර සදහා යොදවන ඩොලර් ට්‍රිලියන ගණන් හා සැසදීමේදී කුඩා ප්‍රමාණයක් වේ.

එළබෙන යුගයේදී සංවර්දන ආධාර සහ සංවර්දනය වෙමින් පවතින ලෝකයේ බලදාරින්ගේ කැමැත්තත් අතර සම්බන්දයක් පවතී. එම බලදාරින්ගේ කැමැත්ත වෙනස් ක්‍රියාදාමයක් සදහා විය යුතුය. එනම් එය මහජන යුක්ති ක්‍රියාදාමයන්ගේ හැකියාව ගොඩනංවන ප්‍රබල ආයෝජන පිළිබද හැකියාවෙන් සමන්විත වීම අවශ්‍ය වේ. ජාත්‍යන්තර සිදුවන පෙලබිමට එය සහය පල කල යුතුයි. එම පෙලබවීම් සංවර්දනය වෙමින් පවතින ලෝකයේ මහජන යුක්ති ක්‍රියාදාමයන් බාවිතයේ යෙදවීමට අවශ්‍ය මහජන ඉල්ලීම් දිරිමත් කිරීමේ හැකියාවෙන්ද යුක්ත වේ. මෙම සමාජ ඉල්ලීම පිළිබද වියාපාරයට වසංගතයක් වූ දුෂණය ඉවසිය නොහැකි වර්දනය වන මද්යම පන්තියට අයත් ප්‍රබුද්ද නායකයින්ගේ සක්‍රිය සාමාජිකයින්ද ඇතුලත් වේ. ආයෝජන සිදු කරන ප්‍රජාවට තරගකාරී වාසි ලබා ගැනීම පිලිබදව වර්ධනය වෙමින් පවතින අබිලාශයක් තිබේ. එනම් ඔවුන් මහජන යුක්ති ක්‍රියාදාමයන් බාවිතයට ගනු ලබන වර්දිත ආර්ථිකයන් පැමිණෙන තෙක් මග බලන් සිටි. මෙම නිතිය ක්‍රියාත්මක වන යුගයේදී ලබා දෙන්නයි කියන ඉල්ලීම් පිළිබද අබියෝගයන්ද ඇත. එම ඉල්ලීම් වන්නේ අදාල කර්තව්යේ සුවාබාවයට අද්විතීය ලෙස ගැලපෙන ප්‍රවේශයන් හා හැකියාවන්ය. මක්නිසාදයත් නිතිය ක්‍රියාත්මක වන්නේ බිම් මට්ටමින් බැවිනි. කුඩා පරිමාණයේ සැලසුම් මගින් මෙම ක්‍රියාදාමයේ වැදගත් කොටසක් වූ විදි මට්ටමින් නිතිය ක්‍රියාත්මක වීම පිළිබද හැකියාවන් සංවර්දනය කරනු ලැබේ. පසුගිය වසර 10 පුරාම ඉස්මතු වූ ජාත්‍යන්තර සහයෝගය ලබා දීමේදී බලාපොරොත්තු තැබිය හැකි ආකෘතියක් වේ. එනම් යමක් අවබෝද කර ගැනීම සදහා වූ සමාජීය සහයෝගිතා වැඩ පිළිබද ක්‍රමවේදයයි. මෙම ආකෘතිය යටතේ මානව හිමිකම් නීතිඥයින් සහ නිතිය ක්‍රියාත්මක කරන වුර්තිකයින් දේශීයව නිතිය ක්‍රියාත්මක කිරීම සදහා සහයෝගයෙන් කටයුතු කළයුතුව ඇත. එහිදී වින්දිතයින් හදුනා ගැනීමට ඔවුන්ව මර්දනකාරී ප්‍රචණ්ඩත්වයෙන් බේරා ගැනීමට සහ දේශීයව මහජන යුක්ති ක්‍රියාදාමය හරහා අපරාදකරුවන්ට නඩු පැවරීමේදී සහය ලබා දීමට කටයුතු කල යුතුව තිබේ. මෙම ආකෘතිය යටතේදි පුද්ගලිකව නඩු විශාල ප්‍රමාණයකින් ලබා ගත් දත්ත බාවිතයට ගැනේ. එය මහජන යුක්ති ක්‍රියාදාමය වඩාත් පලදායි කිරීමට සිදු කලයුතු ආකෘතිමය වෙනස්කම් ඇගයීම සදහා අවශ්‍ය ස්ථායි තොරතුරු ඒකරාශී කිරීමක්ද වේ. පහල මටමේ සිට ඉහලට විසදුම් ලබා ගැනීමේදී මෙම නඩු පිළිබද වැඩ කිරීමේ ආකෘතිය වඩාත් හොදින් ගැලපෙන බව පෙනී ගොස් ඇත.

සත්‍ය වශයෙන්ම බිදවැටුණු මහජන යුක්ති ක්‍රියාදාමයන් සෑම තැනකටම ගලපන්නට බැරිය. සෑම පරාජයක්ම සලකු විට ඉල්ලක්කයක් වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙම ආකෘතිය යටතේ වැඩ කිරීමේදී මානව හිමිකම් නීතිඥයින් සහ නිතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ද වුර්තිකයින් දේශීයව නිතිය ක්‍රියාත්මක කිරීමේලා සහයෝගයෙන් වැඩ කලයුතු වේ. එහිදී වින්දිතයින් හදුනා ගැනීම, ඔවුන්ව මර්දනකාරී ප්‍රචණ්ඩත්වයෙන් බේරා ගැනීම සහ දේශීයව මහජන යුක්ති ක්‍රියාදාමය මගින් අපරාදකරුවන්ට විරුද්දව නඩු පැවරීමේදී සහය පල කල යුතුව ඇත. මේ ආකෘතිය යටතේ පුද්ගලික නඩු විශාල ප්‍රමාණයකින් ලබා ගත් දත්ත බාවිතයට ගැනේ. එය වූකලී මහජන යුක්ති ක්‍රියාදාමය වඩාත් පලදායි කිරීමට සිදු කලයුතු ආකෘතිමය වෙනස්කම් ඇගයීමකට අවශ්‍ය ස්ථායි තොරතුරු ඒකරාශී කිරීමක්ද වේ. පහල මට්ටමේ සිට ඉහලට විසදුම් ලබා ගැනීමෙහිලා මෙම නඩු පිළිබද වැඩ කිරීමේ ආකෘතිය වඩාත් හොදින් ගැලපෙන බව පෙනීයයි.

සෑම පරාජයක්ම සලකා බැලුවිට ඉල්ලක්කයක් වෙනුවෙන් සහයෝගයෙන් වැඩ කිරීම අදාල කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එම නඩු සම්බන්දයෙන් වැඩ කිරීමේදී අදාල ආයතනය භූගොලියව නිශ්ෂිතව හදුනාගත් ප්‍රදේශයක් තෝරා ගත යුතුය. එහිදී එක වර්ගයක අතවරයන්ට අවදානය යොමු කල යුතුය. ඒ අතවරය සාපේක්ෂව ගැටළු කාරී නොවීම සහ දේශපාලන ආයතන ගතවිමකට තර්ජනයක් නොවීම අවශ්‍ය වේ. උදාහරණයකට ළමුන්ට ලිංගිකව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමට විරුද්දව කටයුතු කරන සංවර්දනය වෙමින් පවතින ලෝකයේ නිෂ්ශිත නගරයක සිටින බලදාරීන්ට උදවු කිරීම දැක්විය හැක. මෙසේ නඩු ගැන කටයුතු කරන ආයතනයකට සිය දේශපාලන අබිලාශය කුඩා පියවරකින් ආරම්බ කිරීමේ හැකියාව ඇත. එනම් එම ආයතනයට බලදාරීන් සමග කටයුතු කරමින් ළමුන් දුෂණයට ලක්කිරීමේ සිද්දීන් එකින් එක ගෙන තම දරිතාවය ගොඩනංවා ගත හැක. වින්දිතයින්ට යුක්තිය ලබාදීම සහතික කිරීම උදෙසා කරන වැඩ වලදී පැන නැගෙන්නා වූ ගැටළු වලට විසදුම් ලබා දීම පිණිස ඔවුන්ට එක්ව වැඩකිරීමේ හැකියාව ඇත. මෙසේ නඩු ගැන කටයුතු කරන ආයතනයකට අදාල ක්‍රියාදාමය හරහා දේශීයව වැඩ කරන කොස්තාපල්වරුන්, නඩු පවරන්නන්, විනිසුරුවරුන්, සහ සමාජ සුබසාදනය පිළිබද බලදාරීන් සමග විශ්වසනීය සබදතා ගොඩනංවා ගැනීමේ හැකියාව ලැබේ. ඔවුන්ට මෙහෙදී දක්ෂතාවය සහ අවංකබව නොමැතිකමින් සමාජීයව කරදරයට පාත්‍ර වීමක් සිදුනොවේ. එසේ සිදුවනවානම් සිදුවන්නේ අවසාන වශයෙන් පිහිට පැතිමේදිය. එවෙනුවට ඔවුන්ට මෙම ක්‍රියාදාමය මගින් ජාත්‍යන්තර ක්‍රමවේදයන් පිළිබද පුහුණුවක් ලබා ගැනිමට සහය වෙයි. එපමණක් නොව යහපත් දේ කිරීම පිලිබදව ඔවුන්ට ගවුරවය හිමිවීමේ අවස්ථාවද හිමිවේ. උදාවේ. අවසානයේදී ළමුන්ව දුෂණය කල අපරාදකරුවන්ව ඔවුන්ගේම ප්‍රජාව ඉදිරියේ වගකීමට යටත් කිරීම මගින් නායකයින් අතලොස්සකට තම හැකියාවන් යෙදවීම ගැන වුර්තිමය සන්තුෂ්ටිය ලබාගැනීමේ අවස්ථාවකට ආරම්භය සලසා දිය හැක.

සංවර්දනය වෙමින් පවතින ලෝකයේ දේශීයව නිතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන අපයෝජනය පුළුල්ව නිරීක්ෂණය කිරීමෙන් පසුව යම් සැකයක් ඇති විය. එනම් සංවර්දනය වන ලෝකයේ නිතිය ක්‍රියාත්මක කිරීම කිසිදු විටක කිසිම අවස්ථාවක දුප්පත් ජනතාවට සෙතක් වන අයුරින් කටයුතු කලේද යන්නයි. මෙම වෙනසක් සදහා වූ සැකය වඩාත් ප්‍රබල එකක් වේ. ඒනමි සංවර්දනය වෙමින් පවතින ලෝකයේ සියලු මහජන බලදාරීන් අපේක්ෂා කල නොහැකි පරිදි දුෂිත, අසංවේදී සහ ප්‍රචණ්ඩ බවට ඇති සංකල්පයට අදාල කරුණු මගින් යම්තම් හෝ සහයක් පල කරන්නේ නැති බවයි. දේශීය බලදාරීන් ධයිර්ය සම්පන්නව සහ දක්ෂතාවෙන් කටයුතු කිරීම නිසා පමණක්ම නඩු අද්යන පිළිබද ක්‍රමවේදය සාර්ථක විය. ඔවුන් එලෙසම සිටිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ දේශපාලන සහයෝගය, පුහුණුව සහ සම්පත්ය. ඔවුන්ව බලගැන්වූ විට තවදුරටත් ළමුන්ව දුෂණයට ලක් කිරීම වැනි අපරාද අවතක්සේරුවට ලක් වන්නේ නැත. ඒ වෙනුවට ළමුන්ව දුෂණය කිරීම යන්න අවදානයට ලක්විය යුතු , විශේෂ පුහුණුවක් අවශ්‍ය වන , ජාත්‍යන්තර සම්පත් සහ වුර්තිමය සැලකිල්ලට පාත්‍ර වන අපරාදයක් බවට පත්වේ. කාලය ගතවීමත් සමග ප්‍රජාවේ නිලදාරීන්, නඩු පවරන්නන් සහ විනිසුරුවරු සාර්ථකත්වය අත්විදිති. ප්‍රජාවේ දිලිදු මවුවරු පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කිරීම නිසා තමනට යුක්තිය හිමිවන බව විශ්වාස කරනු ඇත. තවද මහජන යුක්ති ජාලයට සම්බන්ද සියලු දෙනා වෙන් වෙන්ව ගත්කල තම රැකියාව කුමන ආකාරයේ එකක්දැයි දකිනු ඇත. බොහොමයක් දෙනා තම රැකියාව හොදින් කිරීමට අවශ්‍ය ඉගෙනීම සදහා එය ආරම්බයක් ලෙසද සලකනු ඇත.

මේ සිද්දීන් පිලිබදව සහයෝගයෙන් යුතුව වැඩ කිරීම සදහා බිම් මට්ටමේ කැපවීමක් බොහෝ කාලයක් තිස්සේ සිදු කිරීම අවශ්‍ය වේ. නමුත් එය කුඩා ප්‍රමාණයෙන් සිදුවන බවට සාක්ෂියක් ඇත. උදාහරණයකට මාහට ගිනිකොන දිග ආසියානු රටක අත්දැකීමක් ඇත. එනම් එහි ළමුන් ලිංගික වෙළදාමේ යෙදවීම 70% කින් අඩු වූ බවට මම සක්ෂි දරන්නෙමි. එය සිද්ද වුයේ පිටතින් පැමිණි නිරීක්ෂකයින් වසර දෙකකට පසුව එම අපචාර ඉලක්ක කර ගනිමින් සහයෝගයෙන් සිදුකලාවූ නඩු පිළිබද වැඩ කටයුතු මැන බැලීම මගිනි. දුප්පත් ජනතාව වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක වනු කිසිවිටකත් දැක නැති පුරවැසියන්ට සහ මහජන යුක්තිය පිළිබද වුර්තිකයින්ට මෙමගින් ඇති වුයේ වෙනසක් සදහා අවශ්‍ය වන්නා වූ බලපෑමකි. බලාපොරොත්තු ඇති කර ගැනීමට බිය නොවන්නා වූ චන්දදායකයින්ගේ බලවත් ඉල්ලීම මත සාර්ථකත්වය අත් වෙනු ඇත. නීතියේ ආදිපත්‍ය උදෙසා උදාසීන සහ පරාජිත මද්යම පන්තියෙන් කෙරෙන ඉල්ලීම අලුත් පෙලබවිමකට සහ උනන්දුවකට පාත්‍ර විය යුතුය. සමාජ ඉල්ලීම නිසා ඇතිවන උද්යෝගයෙ ප්‍රතිපලයක් ලෙස නායකයින් බිහි වේ. විරුද්දවාදීන් කොන්වීමට පටන් ගැනේ. මේ අත්‍යවශ්‍ය වුත් වේගවත්වුත් ප්‍රවේශය ක්‍රියාවට නැගීම සදහා සුවිශාල සම්පත් සහ ආයෝජනයන් අවශ්‍ය වන්නේ නැති බව යන්න ගැන මම විශ්වාසය තබන්නේ නැත. මහජන යුක්තිය පිලිබදව දුප්පතුන්ට තැකීමක් නැති බවට යමෙක් සිතන්නේ නම් ඔහුට වැන්දබුවන් ඒ සදහා යන දුර ගමන, ඒය ලුහුබදින මවුවරු හෝ ඒ සදහා තම ජිවිත අනතුරට පාත්‍ර කරන වහලුන් පිලිබදව දැකීමක් නැත.

එක වර්ගයක අපචාරයක් සදහා මහජන යුක්ති ක්‍රියාදාමය සහයට ගනු ලබන ක්‍රමවේදයක් ඇත. එහිදී ලැබෙන අත්දැකීම, මිත්‍ර පාක්ෂිකයින්, වත්කම් සහ ආත්ම විශ්වාසය, එම ක්‍රියාදාමය ඊලග අපචාරය සම්බන්දයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ. එනම් වැන්දබුවන් ගෙන් ඉඩම් කොල්ලකන අයට. බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගන්නන්ට. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සිදු කිරීමට. නීති විරෝදී ලෙස රදවා තබා ගැනීමට. පොලිසිය සිදු කරන්නා වූ අපචාරයන්ට. කාලය ඉක්මවිමත් සමග සංවර්දනය වෙමින් පවතින ලෝකයේ මර්දනයේ කෘරත්වයෙන් දුප්පත් ජනතාව ආරක්ෂා කරන්නා වූ මහජන යුක්ති ක්‍රියාදාමය සුවිශාල ලෙස දියුණුවක් ලැබූ එක ස්ථානයක් හෝ බිහිවනු ඇත. මෙම ක්‍රමවේදය කරා ගමන් කිරීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන, ප්‍රයෝගික දැනුම සහ යුක්තියේ පරිපාලනයට අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාවය අනිවාර්යෙන් දියුණු කල යුතුය. වර්තමානයේ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව පිලිබදව බලය දරා සිටින්නන් ලෙස පර්යේෂකවරුන්, විශේෂඥයින්, නයිතික නියායවාදීන්, මාද්‍ය සම්බන්දිකාරකවරුන්, රාජ්‍යතාන්ත්‍රිකයින්, සහ ප්‍රමිතීන් සංවර්දනය කිරීම පිළිබද විශිෂ්ට වූ සහ එම ප්‍රමිතීන් වල අනුකුල බව ඇගයීමට ලක් කරන ප්‍රතිපත්ති සකස්කිරීම පිළිබද විශිෂ්ටයින් දැක්විය හැක.

දුගී බාවය අන්තයට ගිය විවිද සංස්කෘතිමය
සන්දර්බයන් වලදී සහ වේදනාකාරී විෂමතාවය
 තුලදී නීතියේ අදිපත්‍ය ගොඩනැගීම සදහා
අවශ්‍ය වන ගැබුරු බුද්දිය සකස්වන්නේ කෙසේද?
අපේ ලෝකයේ ජිවත්වන දුප්පත් ජනයාගේ ප්‍රමාණය
 මිලියන සිය ගණනකි. ඔවුන් නිතිය නොමැති
 සුවිශාල සෙවනැල්ල යට වේදනාවට, විද දරා
 ගැනීමට සහ තමන්ට තව දුරටත් පොඩ්ඩන්
ලෙස කරන්නා වූ සැලකීමට ලක් වෙති. කෙසේ
නමුදු අවසානයේ කාලය උදාවී ඇත.
නමුත් මෙම විශේඥාතාවය සංවර්දනය කර පුළුල් කිරීමට සහ පුද්ගලිකව වින්දිතයින්ට, පොලිසිය සහ අදිකරණ ක්‍රියාදාමය හරහා යුක්තිය ළගා කරවීමට අවශ්‍ය අත්දැකීම පුළුල් කිරීම සදහා තවමත් මෙම වියාපාරය සංවර්දනය වී නැත. මෙම කර්තව්‍ය සදහා වුර්තියේ නිරතවූවන් අලුතින් බදවා ගැනීම සහ තම සැලසුම් සහගත අවදානය මෙම ගැටලුවට යොමු කිරීම අවශ්‍ය වේ. ආධාර දෙන ආයතන මේ හා සමාන අබියෝගයන්ට මුහුණ දෙයි. මක්නිසාදයත් ඔවුන් කල්පනාකාරිව සහ දක්ෂ ලෙස වැඩ කිරීමේ පසුබිමක විශේඥයින්විමත් සහ සංවර්දනය වෙමින් පවතින ලෝකයේ අසාර්ථක මහජන යුක්ති ක්‍රියාදාමය පිළිබද යාන්ත්‍රණයක් සමග සාර්ථකව ගනුදෙනු කිරීමත් නිසාය. ඔවුන් යුක්තිය පිළිබද වැඩ කිරීමේ ක්‍රියාදාමයක් නැති තත්වයක නොනැසී ජිවත්වන දුප්පත් ජනතාවට උදවු කිරීමේ අලුත් ක්‍රම සොයා ගැනීමේ කටයුත්ත සදහා දශක ගණනාවක් ගත කර තිබේ. එමෙන්ම මෙම වැඩ කිරීමේ ක්‍රියාදාමය සත්‍ය ලෙස එකට එකතු කිරීම වූකලී මංමුලා කරවන වෙනස්කමක් සිදු කිරීමක්ද වේ. යුක්ති ක්‍රියාදාමයේ පරිපාලනය දියුණු කිරීම සදහා පහත ක්ෂේස්ත්‍ර වල ආයෝජනයන් සිදු කිරීම ඉතාම වැදගත් වේ. එනම් දිළින්දන් සදහා පාසල් ක්‍රියාත්මක කිරීම, පිරිසිදු ජලය, සුළු ණය, ආහාර නිෂ්පාදනය, සහ ජාත්‍යන්තර සංවර්දනයට වැදගත් වන ජිවිත සුරකින ඒ සදහා වැදගත් වන වැඩසටහන් වේ.

වර්තමාන යුගය තුල මෙම අබියෝග වලට මුහුණදීමේදී පහත කාරණා සම්බන්දයෙන් මම විශ්වාසය තබමි. එනම් මානව හිමිකම් සහ ප්‍රජාවන් සංවර්දනය කිරීම යන දෙයන්ශයම ප්‍රතිවිවුහගත විය යුතුය. ඔවුන්ගේ වියාපාරය නැවත යමක් කරවා ගැනීම සදහා යොමුවීම මෙහිදී අවශ්‍ය වේ. තවද බිදවැටුණු මහජන යුක්ති ක්‍රියාදාමයන් සකස් කිරීම සහ අලුත්වැඩියා කිරීම සිදුකල යුතුව ඇත. මේ ක්ෂේත්‍රය තුල ප්‍රයෝගිකව කටයුතු කිරීමේදී සහය දැක්විය යුතුයි මා විශ්වාස කරන දෙයක් ඇත. එනම් යන්තම් කැනීම් කිරීම ආරම්බ කල බුද්දිමය පරීක්ෂණයක් පිළිබද අත්හැර දැමු පුළුල් ක්ෂේත්‍රය මේ පරම්පරාවට විවුර්ත කල යුතුව ඇත. එනම් උදාහරණයකට ඉතිහාසය තුල නැතිවී ගිය නමුත් නිර්බිතව සටන් කර වියකුලත්වයෙන් සහ දුෂණයෙන් තොරව ගොඩනගාගත් මහජන යුක්ති ක්‍රියාදාමයන් කෙසේ බාවිතයට ගැනුනේද යන්න පිලිබදවයි. සංවර්දනය වෙමින් පවතින ලෝකයේ අදිරජ්‍යවාදී මහජන යුක්ති පරිපාලනය තුල තිබු නිෂ්ශිත උරුමය කුමක්ද? එනමි නයිතික සංග්‍රහයන් එනම් සමකාලින නීති සංග්‍රහයන්, අපරාද නඩු විදාන සංග්‍රහයන්, සාක්ෂි රෙගුලාසි, සහ පොලිසි පිළිබද ප්‍රයෝගික බාවිතයේදී ඒවා විද්‍යමාන වුයේ කවර ආකාරයකින්ද යන්නයි. මහජන යුක්තිය සදහා යටිතල පහසුකම් සැපයීමේදී ඒ සදහා අවශ්‍ය සම්පත් සම්බන්දයෙන් කල ආයෝජන පිළිබදව රටේ ආර්ථික සන්වර්දනයේදී දැක්විය යුතුය. නීති ක්‍රියාත්මක කිරීමේදී වෙනස් සංස්කෘතිමය සහ අදාල රටේ සන්දර්බයන් තුලදී සමාජීය ඉල්ලීම උත්පාදනය වුයේ කෙසේද? මෙය නීති සම්පාදනය පිළිබද සමාජ ඉල්ලීමට ප්‍රතිවිරුද්දව සිදුවුයේ කෙසේද යන්න සලකා බැලිය යුතුය. තවද යම් කෙනෙක් අර්ථාන්විතව වඩාත් දුප්පත් අය සදහා යුක්ති ක්‍රියාදාමය කෙසේ ක්රියත්මකවේද යන්න මැන බලන්නේ කෙසේද?

මා සිතනවා දුසිම් ගණනක් ආචාර්ය උපාදි ඇති බව. ඒ සියල්ලට මේ ප්‍රශ්න කවද්දලා තියෙනවා. ඒවාහි ලෝකයේ එක පැත්තක සිටින වඩාත්ම පිඩාවට පත් වූ දුගී ජනතාවට වැදගත් වන පරිදි බලපෑමක් කල හැක්කේ කෙසේද යන්න පිලිබදව විසදුම්ද දක්වා තිබෙනවා. එනම් නීති විද්‍යාල සහ සුදුසු වුර්තිකයින් නිර්මාණය කිරීමේදී එම දේවල් වඩාත් ප්රෝබෝදයක් ඇති කරන්නේ කෙසේද? දුගී බාවය අන්තයට ගිය විවිද සංස්කෘතිමය සන්දර්බයන් වලදී සහ වේදනාකාරී විෂමතාවය තුලදී නීතියේ අදිපත්‍ය ගොඩනැගීම සදහා අවශ්‍ය වන ගැබුරු බුද්දිය සකස්වන්නේ කෙසේද? අපේ ලෝකයේ ජිවත්වන දුප්පත් ජනයාගේ ප්‍රමාණය මිලියන සිය ගණනකි. ඔවුන් නිතිය නොමැති සුවිශාල සෙවනැල්ල යට වේදනාවට, විද දරා ගැනීමට සහ තමන්ට තව දුරටත් පොඩ්ඩන් ලෙස කරන්නා වූ සැලකීමට ලක් වෙති. කෙසේනමුදු අවසානයේ කාලය උදාවී ඇත. ඒ යුක්තියේ සෙවනැල්ල මනා සැලැස්මකින් ආයාසයක් දරා එකමුතුව ගොඩනැන්විමටයි. එහිදී මානව හිමිකම් අර්ථාන්විත විය යුතුය. ජාත්‍යන්තර සංවර්දනය ධරණිය විය යුතුය. එහිදී මම විශ්වාස කරන දෙයක් ඇත. එනම් මේ පරම්පරාවේ නීතියේ විශේඥයින්ට සහ එහි නිරතවන වුර්තිකයින්ට වැඩ කිරීම සදහා අවශ්‍ය වන්නා වූ අවස්ථාව නිර්මාණය කර දිය යුතු බවයි.

පසුවදන

පසුගිය දශක භාගය තුල, අප ඇතුලුව සංවර්ධනය වන රටවල් මානව හිමිකම් ආරක්ෂා කිරීමට, දිළිඳු බව තුරන් කිරීමට - දියත් කල ව්‍යාපෘති සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.5කි.
මෙම මුදලින් අති විශාල ප්‍රමාණයක් විවිධ තරාතිරම් වල අය විසින් ගසාකා ඇත. මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා, නීති සංශෝධනය කිරීමට, ජාත්‍යන්තර සම්මුතිවලට එළඹීමට, එම සම්මුති දේශීය නීතියට ඇතුලූ කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට ආයතන පිහිටුවා, නඩත්තු කිරීමට මේ මුදල් වැය කර ඇත.

එහෙත් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂා වූ මානව හිමිකමක් නැති තරම්ය.

පවතින කඩා වැටුණු නීතියේ ආධිපත්‍ය තුල - මෙම බාහිර ආයතනවලට රැකිය හැකි මානව හිමිකමක් නැත. කල එකම දෙය ජනතාව රැවටීමය. තව තවත් පීඩාවට පත් කිරීමය. ග්‍රේ හෝගන් මෙම කාරණය සිය දේශණයේදී ඉතා ශෘස්ත්‍රීය පැහැදිලි කරයි. ඔහු උදාහරණ ගන්නේ ඉන්දියවා හා අප්‍රිකාවෙන්ය. ඔහු කියන දේ පැහැදිලි කරන උදාහරණ දහස් ගණනක් අපට ඇත.

ඔහු කියන පරිදි, අප දන්නා පරිදි, වචාරකයින්ට, බුද්ධිමතුන්ට, විශේෂඥයින්ට මෙම තත්වය තේරුම් ගැනීමට මහපොලව මත සිටගත යුතුය. සිද්ධාන්ත, න්‍යායපත්‍ර, නීතිරීති හා ප්‍රායෝගික දේ අහස පොලව මෙන් දුරස්ය.


Tell a Friend