සියලු අපරාද වින්දිතයින් මාතර දිසා විනිසුරු අනුගමනය කරයිද?

හර්ෂි සි. පෙරේරා

මාතර දිසා විනිසුරු කේ.ඞී.එල්. සමන් කුමාර මහතාට සහ ඔහුගේ බිරියට පහර දී මෝටර් රථයට ද අලාභහානි කළ තවත් හමුදා සාමාජිකයන් දෙදෙනකු ද හමුදා සාමාජිකයකුගේ බිරිය ද අද අධිකරණයේ දී මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේෂ් රණතුංග මහතා ඉදිරියේ දිසා විනිසුරුවරයාට සිංහල ක‍්‍රමයට වැද ආචාර කොට සමාව ලබාගෙන නඩුව සමථයකට පත් කර ගත්හ. මෝටර් රථයට වූ අලාභය වෙනුවෙන් රුපියල් 85391.09 කොස්තාපල්වරයා දිසා විනිසුරුවරයාට බාර දුන්නේය.

මීට පෙර හමුදාවේ තිදෙනෙක් ඒ අයුරින්ම සමාව ගත්හ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මදුරංග විජයරත්න මහතා කීවේ ඔවුන් සෘජුවම මෙම සිද්ධියට සම්බන්ධවූ බවට පිළිගන්නා බැවින් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් අවශ්‍ය නොවන බවයි.

නෙත් එෆ්එම් ගුවන් විදුලියේ මාධ්‍යවේදී නිලූප සංජය ලියනගේ ඇතුළු පිරිසකට ඊයේ (ජූනි 04) රාත‍්‍රී එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් අටදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඉහත පුවත් දෙකෙන් තේරුම් යන්නේ කුමක්ද? දිසා විනිසුරුට නොමැති හයියක් නෙත් එෆ් එම මද්යවෙදියට සහ මිට සති කිහිපයකට උඩදී පොලිස් වදහින්සාවට පාත්‍රවූ අයි ටි එන් නිවුස් අන්කර්ට ඇති බව නොවේද? මාතර දිසා විනිසුරු තනි පුද්ගලයකු නොව සමස්ත අදිකරණය නියෝජනය කරන්නෙකි.

අපරාදයක් සලකන්නේ රජයට විරුද්ද ක්‍රියාවක් ලෙසයි. අපරාද නඩු විබගයකදී වරදකරුද නිවරදිකරුද යන්න තීරණය වන්නේ සාදාරන සැකයෙන් ඔබ්බට සාක්ෂි ඔප්පුවූ විටදීය. සමාව දීම දේවගතියක් නම් අපට තව දුරටත් නීති සංකල්ප සහ අදිකරණ අවශ්‍ය නැත. අපරාද වලට සමාව දෙන්නේ සත්‍ය හෙළිදරවු වනු දැකීමට ඇති බිය නිසාද යන සාදාරන සැකයක් සාමාන්‍ය ජනතාව තුල ඇති වෙයි.







Tell a Friend