සැබෑ බන්දනාගාර (අංක 16); පැපොල් රෝගීන් දවස් දෙකෙන් "H" වාට්ටුවට

හර්ෂි සි. පෙරේරා
නිලුකා ප්‍රියදර්ශනී.
ඔහු නමින් නාලක බණ්ඩාර දිසානායකය. වයස අවුරුදු 24 කි. ඔහුගේම ත්‍රිරෝද රථයක් එලවයි.

ඔහුව උඩුගම පොලිසිය අත්අඩංගුවට ගෙන බොරු නඩු දැම්මේ සිය සොහොයුරන් දෙදෙනා මෙන් එනම් තරිදු ලසන්ත දිසානායක සහ සිසිර කුමාර දිසානායක මෙන් ගම් බට්ටි දීපානි ජයසේකර සතුටු කරන්නට දැමු බොරු නඩුව නිසාය.

ඔහු ගාල්ල බන්දනාගාරයේ H වාට්ටුවේ දින 28 ක් සැකකරුවෙකු ලෙස සිට ඇත. රිමාන්ඩ් එකේදී මට නිලදාරීන් ගැහුවේ නැහැ. කෑම ගුණාත්මක බාවයෙන් හොද නැහැ. තද බදය අදිකයි. H වාට්ටුවේ දාන්න පුළුවන් 150 යි. නමුත් 250 ක් ඉන්නවා. වතුර හිගයි. දවසකට නාන්න දෙන්නේ වතුර බාල්දි 05 යි.

ඇස් ලෙඩ පැපොල් හැදිච්ච අය ඔක්කොම එකට ඉන්නේ. ඔවුන්ව බන්දනාගාර රෝහලේ දවස් දෙකක් තියල ඊට පස්සේ නැවත වාට්ටුවට දානවා.

රැදවියන් අතර ප්‍රචණ්ඩත්වය තියෙනවා.

නාලකගේ මව ඇතුළු පවුලේ සියලුදෙනා සිටින චයාරුපය පහතින් දැක්වේ. නාලකගේ පියා ඔවුන් කුඩා කල මියගොසිනි.





Tell a Friend