නායකත්ව පුහුණුව සිසුන් සමග හෙළුවෙන්.

හර්ෂි සි. පෙරේරා

 මින්නේරිය හමුදා කඳවුරේ දී ඊයේ 04 රාත‍්‍රියේ නිරූපිකාවන් ගෙන්වා ඔවුන් විසින් සියලූම ශරීර අවයව ප‍්‍රදර්ශනය කරමින් සිදු කරන ප‍්‍රසංගයක් පවත්වා තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එහිදී ගෙන්වන ලද නිරූපිකාවන් ශිෂ්‍යාවන් විශාල අපහසුතාවයකට පත් කරමින් විටක අඩ නිරුවතින් ද විටක නිරුවතින් ද රැඟුම්පා ඇත. පෞරුෂ සම්පන්න නායිකාවන් වීමට හා ඉහළ සංස්කෘතියක් සහිත කාන්තාවන් වීමට නම් මෙවැනි අනඟ රැඟුම් සඳහා සිසුවියන් පුරුදු පුහුණ විය යුතු බව ඔවුන්ට උපදෙස් ලබාදී ඇති බවද වාර්ථා වේ.

මේ අනුව ඉදිරියේ දී තමන්ට ද මෙවැනි රංගනයක ප‍්‍රායෝගිකව පෙනී සිටීමට බලකරනු ඇතැයි ශිෂ්‍යාවන් විශාල බියකින් පසු වෙන බවද වාර්තා වේ.

ඉහත පුවත සත්යක්නම් මෙම නායකත්ව පුහුණුව අවසන් වන්නේ කෙදවචකයකිනි. සරසවි සිසුන්ට මේ වැනි දේ තුලුන් ඔවුන්ගේ මානසිකත්වයට විශාල බලපෑමක් වේ. අවසානයේ මෙම සිසුන්ගෙන් සැලකියයුතු පිරිසක් මානසික රෝගීන් වනු ඇත. එවිට ඒ පිළිබද වග වීමට එස්. බි ල හෝ මහින්දලා නැත. සියලු දුක්ක දොම්නස්යන් විදීමට සිදුවන්නේ අහිංසක සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ටය.

රටේ සදාචාරය ගැන කතා කරන රාජපක්ස ආණ්ඩුව වෙනුවෙන් මුදලට ඕනෑම අසික්කිත වැඩක් කිරීමට සුදානම් සෝමරත්න දිසානායක, රේණුක බාලසුරිය, ජැක්සන් ඇන්තනි ඇතුළු ගැත්තෝ දැන් කොහිද?

මේ නායකත්ව පුහුණුව ගැන පක්ෂ බේදයකින් තොරව විරෝදය පල කිරීමට තීරණාත්මක අවස්ථාවක් උදා වී ඇත. මේ සදහා මාද්‍යට සුවිශාල කාර්යබාරයක් ඉටු කල හැක.





Tell a Friend