රු. 95/- කින් දෛනික වැටුප වැඩිකිරීම ප‍්‍රමාණවත් නැහැ

නව සාමූහික ගිවිසුමට වතුකම්කරු සංගමය විරෝධය පලකරයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 285/- සිට රු. 380/- දක්වා වැඩිකරමින් ඊයේ වතු හාප්මුතුන් සමග වෘත්තීය සමිති කිහිපයක් එළඹ ඇති සාමූහික ගිවිසුමට දැඩි ලෙස විරෝධය පලකරන බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය කියා සිටී. එහි සභාපති රාමලිංගම් චන්‍ද්‍රසේකර්  පැවසීය.

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු. 750/- ක් විය යුතු බවත් නව සාමූහික ගිවිසුම් අනුව එය සියළු දීමනා සමග රු. 405 සිට රු. 515/- දක්වා වැඩිකර ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය. එහෙත් සත්‍ය වශයෙන්ම වතු කම්කරුවන්ට දෛනික වැටුප ලෙස ලැබෙනුයේ රු. 380/- ක් බවත් අනෙකුත් දීමනා ලබාගැනීමට පහසුවෙන් සැපිරිය නොහැකි කොන්දේසි පනවා ඇති බව ඔහු තවදුරටත් පැවසීය. දැනට පවතින ජීවන වියදම අනුව ගත්කල දීමනා සහිතව වුවද දෛනික වැටුප රු. 515/- කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවද ඔහු එහිදී අවධාරණය කළේය.

Tell a Friend