අල්ලසට සහ දුෂණයට තිත තැබීම, නෙලුවෙන් අරබමු.

නෙළුව ජාතික පාසලේ පළමු වසරට සිසුන් ඇතුළත් කර දෙන බව කියමින් රුපියල් 15000 සිට 30000 දක්වා මුදල් ගත් බව කියන නෙළුව ප‍්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයකු ගැන වැඩිදුර පරීක්ෂණ සඳහා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව නෙළුව පොලිස් ස්ථානාධිපති රසික වත්තේගම පවසයි.

මව්පියන් විසි දෙනකුගෙන් මුදල් ගෙන ඇතැයි ද දැනට පස් දෙනෙකු පැමිණිලි කර ඇතැයි ද පොලිසිය කියයි.
නෙළුව ජාතික පාසලේ විදුහල්පති පී.කේ. පේ‍්‍රමදාස මහතා පැවැසූයේ, පාසලට සිසුන් ඇතුළත් කර දෙන බව කියා කිසියම් පුද්ගලයකු මුදල් ගත් බවට මව්පියන් තමාට දැනුම් දුන් බැවින්, ඒ ගැන පරීක්ෂණ කිරීමට පොලිසියට පැමිණිලි කළ බවයි.

මේ රටේ සෑම අගමකින්ම වංචාව සහ දුෂණය හෙළා දකි. නමුත් ඉපදීමේ සිට මියයාම දක්වාම අල්ලසක් නොදී වැඩක් කල නොහැකි තත්වයට රට පත් වී ඇත. නීති විද්‍යාලයේ අවසන් විබාගයට ටියුසන් දෙන තරුණ නීතිඥ මහතකු ඔහුගේ ගෝල බාලයින්ට කියා ඇත්තේ අල්ලස් දෙන්න මෙන්ම ගන්නටත් දැන ගත යුතු බවය.

මෙරට අල්ලස සහ දුෂණ වැළැක්වීමට ප්‍රබල ජන මතයක් ඇති විය යුතුය. ඒ එක්කම අල්ලස් හා දුෂණ කොමිසම් සබාවට සුවදීනව කටයුතු කිරීමට පුළුල් බලතල ලබා දිය යුතුය. එයට පොලිසිය ගවා නොගත යුතුය. මේ ගැන පැමිණිලි කිරීමට සාමාන්‍ය ජනයා උනන්දු කල යුතුව ඇත.

රටක් සංවර්දනය වීමට යුක්තියේ සමානතාවට ප්‍රදාන බාදකය අල්ලසයි. නැතිනම් දුෂණයයි.

හර්ෂි සි. පෙරේරා