දෙදරු පියකුගේ සිරුරෙ කොටස් හමුවෙයි

දෙදිනක් තිස්සේ අතුරුදන්වී සිටි දෙදරු පියකුගේ සිරුර කඹුරුපිටිය කිරමආර ඇළේ තිබී අද සොයාගත් බව කඹුරුපිටිය පොලිසිය කියයි. වැලිගම ටයර් කම්හලක සේවකයකු වන ඔහු ඉකුත් 31 දා සිට අතුරුදන් බවට බිරිය පැමිණිලි කර තිබිණි. ගාල්ල නාවික හමුදාව ඇළ පිරික්සා සිරුර හා ඔහුගේ පාපැදිය සොයා ගත්තේය.