කතුවැකිය: අපි අසන දකින අපේ නීතිය

හර්ෂි සි. පෙරේරා

නිතිය උත්තරිතරය. එය සියල්ලන්ටම ඉහළින් පිහිටා ඇත. එය රටේ ඉහළම පුරවැසියාටත් ගමේ පොල්කඩන සිරිසේනටත් සමාන වියයුතු බව රටේ නීතියේ බයිබලය වු 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව ඇත.

එහෙත් අප අසන දකින නිතිය කෙබදුද?

වධහිංසාව හා බොරු නඩු දැමිම බරපතල අපරාධයන්ය. නමුත් දිනපතා පොලිසි වලදිත් පාසැල් වලදිත් අහිංසකයින් වධහිංසාවට පාත්‍ර වෙති. බෝහො අවස්ථාවල මෙම අපරාධකරුවන් නිදහස් වේ. මේ ඒ පිළිබද අලුත්ම පුවතයි. අංකුඹුර පොල්ස් නිළධාරින් 2003දි පාසල් ශිෂ්‍යයකුට එල්ලා අමානුෂික ලෙස පහරදිමේ නඩුව මහනුවර අධිකරණය නිෂ්ප්‍රභා කොට ඇත.

ආණ්ඩුවේ ඇමතිවරයකු වු මර්වින් සිල්වා රජයේ නිළධාරියකු ගස් බැන්දේය. ඊට වසර දෙක තුනකට පෙර රජයේ මාධ්‍යය ආයතනය වු රූපවාහිනියට කඩා වැදි යකා නැටුවේය. ස්ත්‍රී දුෂණ චොදනා ලැබ සිටි මන්ත්‍රි දුමින්ද සිල්වා නිදහස් විය. මාධ්‍යයවෙදි එක්නැලිගොඩ අතුරුදහන් විය.

ආණ්ඩුවේ දේශපාලන විරුද්ධවාදින් වු සරත් පොන්සේකා හා අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍යය බලමණ්ඩලයේ කැදවුමිකරු සිරගතව සිටි.

සියල්ල මෙසේ අසමින් දකිමින් සිටි අපට ඊයේ මෙසේ අසන්නටත් දකින්නටත් හැකිවිය. තංගල්ලේදී නව උසාවි සංකීර්ණය විවුර්ත කරමින් ජනාධිපති රාජපක්ෂ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවේ දක්වා ක්‍රියාත්මක වන්නේ එකම නීතියක් බවත් එය කාටත් පොදු එකක් බවත් ප්‍රකාශ කොට ඇත.
Tell a Friend