EXCLUSIVE: ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයින් තිදෙනා මැරුවද ?

ලංකාවට යන එන සෑම දෙනෙක් ගැනම හොයා බැලීමට ගුවන් තොටුපලේ රහස් හමුදාවක්.


පසුගියදා ඉන්දුනීසියාවේ සිට පසුගිය 5 වැනිදා ලංකාවට පැමිණි දෙමළ ජාතිකයින් තිදෙනාට සිදු වූ කිසිදෙයක් නැති බව අප වෙත වාර්තා වෙයි. මේ අතර ආරක්ෂක අංශයට සම්බන්ධ විස්වාශදයක ආරංචි මාර්ගයක් සඳහන් කළේ ඔවුන් තිදෙනා සි. අයි. ඩි. ය විසින් ගුවන්තොටු පළේදී පැහැරගත් බවයි. අපගේ ආරංචි මාර්ග වලට අනුව, කේ. එම්. විග්නේශ්වරම් - යාපනය , ඉලයතම්බි සින්දුජන් -මඩකලපුව , රවින්ද්‍රන් සුදර්ශන් - මන්නාරම යන පුද්ගලයින් ගුවන්තොටුපලේදී සි.අයි.ඩි. බාරයට ගෙන ඇත. මින් විග්නේශ්වරම් යනු කන්කසන්තුරේ අසන්නේ පිහිටි මර්දනාමඩම් ඉන්දනහල් අයිති කරුවෙකු වන අතර ලංකා කම්කරු කොංග්‍රසයෙන් පළාත් සභාවටද තරග කළ අයෙකි. මොවුන් තිදෙනාට සිදු වූ දෙයක් නොමැති අතර පසුගිය දින කිහිපය තුළදී මේ ආකාරයෙක් විශාල පිරිසක්  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Tell a Friend