සිපිරිගෙය අමු අපායක්ද? - සෑබැ බන්ධනාගාර 4 කොටස

තංගල්ල බන්ධනාගාරයේ තුන්වන වාටිටුවට පළමුවෙන් ඇතුලත් කළ ඔහු එහි අධික තදබදයක් තිබු බව පවසයි. 20කට ප්‍රමාණවත් එහි 37ක් පමණ සිට ඇති අතර සියලු දෙනාටම පැවතියේ එක් වැසිකිලියකි. නිදාගැනිමට ඉඩකඩ නොමැති අතර ඔවුන් නිදා ගන්නේ මාරුවෙන් මාරුවටය. ඇදුමි තියා ගන්නටද තැනක් නැත.

හර්ෂි සි. පෙරේරා

මාහෝමඩි නවිසාන් එක් දරු පියෙකි. වයස අවුරුදු 28කි. ඔහුව 2010 සැප්තැමිබර් 04 දින කතරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ඇත. පසුව ව්‍යාජ චෝදනා මත නඩු පවරා ඇති අතර තංගල්ල රිමාන්ඩි බන්ධනාගාරයේ දින 28 ක් සිට ඇත.

තංගල්ල බන්ධනාගාරයේ තුන්වන වාටිටුවට පළමුවෙන් ඇතුලත් කළ ඔහු එහි අධික තදබදයක් තිබු බව පවසයි. 20කට ප්‍රමාණවත් එහි 37ක් පමණ සිට ඇති අතර සියලු දෙනාටම පැවතියේ එක් වැසිකිලියකි. නිදාගැනිමට ඉඩකඩ නොමැති අතර ඔවුන් නිදා ගන්නේ මාරුවෙන් මාරුවටය. ඇදුමි තියා ගන්නටද තැනක් නැත.

නෑමට දෙන්නේ වතුර බාල්දි 8ක් හෝ 10ක් පමණි. විඩිපුර නැවොත් පහරකැමට හෝ බැනුන් ඇසිමට සිදුවෙ. දවස් 03 තුන්වන වාටිටුවේ සිටිමෙන් අනතුරුව ඔහුව 07 වන වාටිටුවට දමා ඇත. එහිද තදබදය 03 වන වාටිටුව හා සමානය.

බන්ධනාගාරයේ ලෙඩ රෝග සැදුන අය බෝහෝ දෙනෙක් සිටිති. රාත්‍රි කාලයේ දුමි පානය කිරිම මෙන්ම හෙරොයින් වැනි කුඩු වලටද ඇබිබැහි වු අය සිටිති. කෑම ගැනිමට පොලිමේ යායුතු අතර පොලිමෙන් පිටපැනිම බැනුන් ඇසිමට හෝ ගුටිකැමට සිදුවන දෙයකි.

බන්ධානගාරයේ සිටි අය ඔහුට පවසා ඇත්තේ ඇතුලට ගන්නාවිට සිදුකරන්නා වු රෙජිස්ටර් කිරිමේදි ඔවුන්ට නිළධාරින් පහරදුන් බවයි. නිළධාරින් අලුත් සැකකරුවන්ට පරණ සැකකරුවන් ගැහුවත් ඔවුන් ගන්නේ පරණ සැකකරුවන්ගේ පැත්තය. අලුත් කෙනාට සිදු වන්නේ නොයෙක් නින්දා අපහාසයන්ට ලක්වෙමින් බැනුන් ඇසිමටය.

බන්ධනාගරය යනු අමු අපායක් බව කියමින් ඔහු අප සමග බන්ධනාගාරයේ අත්දැකිමි ඛෙදාහදා ගැනිමට සමුදුනි.

Tell a Friend