The Most/Recent Articles

Showing posts with label somalia. Show all posts
Showing posts with label somalia. Show all posts

සෝමාලියාව : ගුවන් ප්‍රහාර හේතුවෙන් අල් ශබාබ් සටන්කාමින් ජීවිතක්ෂයට

l කිෂානි වැලිවිටිගොඩ

කෙන්යානු ගුවන් ප්‍රහාරක ජෙට් යානා මගින් සෝමාලියාවේ නිරිත ප්‍රදේශයට අයත් ගේදො ප්‍රදේශයේ පිහිටා තිබු අල් ශබාබ් සටන්කාමීන්ගේ පුහුණු කඳවුරකට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර හේතුවෙන් අල් ශබාබ් සටන්කාමින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව ගේදො ආණ්ඩුකාරවරයා විදෙස් පුවත් එජෙන්සි වෙතට වාර්තා කර තිබේ.

මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවකු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පසු ගිය බ්‍රහස්පතිනදා (12) රාත්‍රියේදී බර්තා ධීර් ගම්මානයට ඉහලින් පියාසර කෙරුණු ගුවන් ප්‍රහාරක යානා මගින් අල් ශබාබ් සටන්කාමීන්ගේ පාලනයට නතු වූ ප්‍රදේශයට මිසයිල ප්‍රහාර 10 ක් පමණ නිකුත් කළ බවයි. 

සෝමාලියාව: බෝම්බ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබයි.

l කිෂානි වැලිවිටිගොඩ

සෝමාලියාවේ ප්‍රධාන නගරය වන මොගඩිෂු හි දකුණු දෙසින් පිහිටා තිබු රජයේ ආයතන දෙකක් ආසන්නයේ පුපුරා යාමෙන් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබන්නට ඇති බවට විදෙස් පුවත් මාධ්‍ය වාර්තා කරයි.

සිකුරාදා (17) දින මෙම කාර් බෝම්බ පිපිරුම සිදු වුයේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තු මුලස්ථානයේ සිට මොගඩිෂු ගුවන්තොටුපල මාර්ගය සම්බන්ධ වන ස්ථානයේදීය. සිද්ධියෙන් මුලස්ථාන ප්‍රාකාරයට දැඩි ලෙස හානි සිදු වී තිබේ. පොලිසිය සඳහන් කරන අන්දමට එදින උදය කාලයේදී ආරක්ෂක අංශ විසින් මෙම මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම තවමත් කිසිම කණ්ඩායමක් විසින් භාර ගෙන නොමැති අතර විමර්ශන කටයුතු තව දුරටත් පැවැත් වේ.

සෝමාලියාව : ළමුන් 29 දෙනෙකු සාගින්නෙන් මිය යති.


l කිෂානි වැලිවිටිගොඩ 

මොගඩිෂු නගරයේ පිහිටා ඇති සරණාගත කඳවුරක වාසය කරමින් සිටි ළමුන් 29 දෙනෙකු දැඩි කුසගින්න හේතුවෙන් මියගොස් ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. සෝමාලියාව සඳහා පත් කර තිබෙන එක්සත් ජාතීන්ගේ මානව සම්බන්ධිකාරක වන මාර්ක් බෝව්ඩේන් සඳුදා දින (13) මොගඩිෂු නගරයට පැමිණ ස්වල්ප වෙලාවකට පසුව ප්‍රකාශ කර සිටියේ පවුල් 250,000 කට අධික සංඛ්‍යාවකට නිවාස, ආහාර, බෙහෙත් වැනි මානුෂිය ආධාර අවශ්‍ය බවයි.

පෙබරවාරි 3 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය සෝමාලියාවේ පවතින සාගතය අවසන් වී ඇති බව ප්‍රකාශ කළත් නිල වාර්තා වලින් හෙළිදරව් වන්නේ සෝමාලියාවේ වෙසෙන මිලියන දෙකකට වඩා අධික සංඛ්‍යාවකට දුර්භික්ෂ කාලයට මුහුණ දීමට තවමත් මානුෂිය ආධාර වල අවශ්‍යතාවය පවතින බවයි. දැනට පවතින වාතාවරණය මැයි මාසය වන විට දරුණු තත්වයකට පත් වන බවට විශ්වාස කෙරේ.

සෝමාලියාව : මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ

| කිෂානි වැලිවිටිගොඩ

( 29.01.2012 | lankaguardian.com ) සෝමාලියාවේ අගනුවර වන මොගදිෂු සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ගුවන්විදුලි නාලිකාවක ප්‍රධානියෙකු වෙඩි තබා ඝාතනය කොට තිබේ. හසේන් ඔස්මාන් අබ්දී නමැති මාධ්‍ය වේදියා රේඩියෝ ශබ්ලි නමැති නාලිකාවේ ප්‍රධානියා වන අතර හෙතම ඊයේ තම නිවසේ ගේට්ටුවෙන් ඇතුළුවනවාත් සමඟම නාදුනන පුදගලයින් දෙදෙනෙකු පැමිණ නතර කොට ඇති අතර ඉන් පසුව හිසට සහ උරහිසට වෙඩි වරුසාවක් එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කළේය. 29 හැවිරිදි ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

වසර විස්සකට වැඩිකාලයක් තිස්සේ සිවිල් යුද්ධයක පැටලී සිටින සෝමාලියාව මාධවේදීන් සදහා ලෝකයේ අනතුරුදායකම රටවල් වලින් ප්‍රධාන එකකි.

දේශසීමා රහිත වාර්තාකරුවෝ සංවිධානයට අනුව 2007 සිට පසුගිය දෙසැම්බර් දක්වා කාලය තුළ මාධ්‍යවේදීන් 27 දෙනෙකු සෝමාලියාවේ ඝාතනයට ලක් වූ අතර මෙම ඝාතනය 2012 සිදු වූ ප්‍රථම සිදුවීම බව වාර්තා කළේය.


ප්‍රචන්ඩතාවය නිසා සෝමාලියානුවන් 39 ක් මරුට

කිෂානි වැලිවිටිගොඩ

අද දින (06) දකුණු ගේදො ප්‍රදේශයේ සෝමාලියානු හමුදාව සහ අල් ශබාබ් සටන්කරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් 39 ක් ජීවිතක්ෂයට පත් වූ බව පුවත් ඒජන්සි වාර්තා කරයි. ගේදො ප්‍රදේශයේ අග නගරය වන ගහබෙහෙරි අවට සිදු වූ මෙම ගැටුම් හේතුවෙන් සෝමාලියානු සොල්දාදුවන් 23 ක් මිය ගොස් ඇත. සටන් පවතින අවස්ථාවේදී සිවිල් වැසියන් 16 ක් ජීවිතක්ෂයට පත් වී ඇත.

සිද්ධියෙන් අල් ශබාබ් සටන්කරුවන් 12 ක් මරුමුවට පත් වූ අතර සෝමාලියානු හමුදාව විසින් අල් ශබාබ් සටන්කරුවන්ට අයත් වාහන 4 ක් විනාශ කර ඇති බවට තොරතුරු වාර්තා වේ.


Tell a Friend

මැලේසියානු වෛද්‍යවරයෙක් සෝමාලියාවේදී ජීවිතක්ෂයට

කිෂානි වැලිවිටිගොඩ

සෝමාලියාවේ අන්තර්ජාතික ගුවන්තොටුපල ආසන්නයේදී මැලේසියානු වෛද්‍යවරුන් 5 දෙනෙකු සහ මැලේසියානු ජනමාධ්‍යවේදියෙකු රැගත් වාහනයකට අප්‍රිකානු සංගමය විසින් මෙහෙයවන හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එක මැලේසියානු වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බවට විදෙස් තොරතුරු වලින් වාර්තා වේ.

අනෙකුත් මැලේසියානු ජාතිකයින් 5 දෙනා සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලබා ඇත.

අප්‍රිකානු සංගමය විසින් මෙහෙයවන හමුදාව ප්‍රකාශ කරන්නේ ඔවුන් මැලේසියානු ජාතිකයන් රැගත් වාහනය ත්‍රස්තවාදීන් ලෙස විශ්වාසකොට එම වාහනය වෙත ප්‍රහාර එල්ල කර ඇත්තේ ඇත වැරදීමකින් බවය.

එම මැලේසියානු වෛද්‍යවරුන් මොගඩිෂු නගරයට පැමිණ ඇත්තේ දරුණු නියගයෙන් හා ආහාර හිඟයෙන් පිඩා විදින සෝමාලියානු වැසියන් සඳහා වෛද්‍ය පහසුකම් සැලසීමට බව වාර්තා වේ.

Tell a Friend

පන්ට්ලන්ඩ් ප්‍රදේශයේ ගැටුම් වලින් සෝමාලියානුවන් 28 ක් මරුට

කිෂානි වැලිවිටිගොඩ

සෝමාලියාවේ උතුරු නැගෙනහිර පිහිටා ඇති පන්ට්ලන්ඩ් ප්‍රදේශයේ ඇති වූ සටන් වලින් සෝමාලියානුවන් 28 දෙනෙකු මිය ගිය අතර 30 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් තොරතුරු වලින් වාර්තා වේ.

වාර්තා වන තොරතුරු වලට අනුව මෙම සටනට හේතු වන ප්‍රශ්නය ඇති වී ඇත්තේ පසු ගිය බ්‍රහස්පතින්දා (31) කැරලිකරුවන් අතර හා පන්ට්ලන්ඩ් ප්‍රදේශයේ අර්ධ ස්වයන් පාලනයක් ගෙන යන හමුදාව අතර පන්ට්ලන්ඩ් ප්‍රදේශයේ කොටසක් වන උතුරු ගල්කසියෝ ප්‍රදේශයේදීය. එම සටනින් පුදගලයන් 13 දෙනෙකු මිය ගිය අතර ගල්කසියෝ පොලිසියේ නියෝජ්‍ය කමාන්ඩෝවරයෙකු ඇතුළු පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබේ. සිකුරාදා වන තෙක් එම ප්‍රදේශයේ ගැටුම් පැවතුනු බව විදෙස් වාර්තා සඳහන් කරයි. අනෙකුත් මුලාශ්‍ර වලට අනුව එම සටනින් සටන් කරුවන් 15 දෙනෙකු මිය ගොස් ඇත.

ගැටුම් දිගටම වර්ධනය වුයේ කැරලිකරුවන් පන්ට්ලන්ඩ් හමුදාවන්ගේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග හමුදාව විසින් කැරලිකරුවන් වෙත නොනවතින ෂෙල් ප්‍රහාර එල්ල කෙරුණු නිසා බව වාර්තා වේ.

Tell a Friend

කොලරාව හා ආහාර හිඟය නිසා තවත් සෝමාලියානුවන් 90 ක් මරු

කිෂානි වැලිවිටිගොඩ

සෝමාලියාවෙන් ලැබෙන නිල වාර්තාවන්ට අනුව කොලරාව සහ ආහාර හිඟය නිසා මේ වන විට තවත් පුද්ගලයන් 90 දෙනෙක් මිය ගොස් ඇත.

මොගදිෂු හි නගරාධිපති වන මොහොමඩ් අහමෙඩ් නූර් බ්‍රහස්පතින්දා (25) ප්‍රකාශ කර සිටියේ කොලරාව රෝගය හේතුවෙන් කුඩා ළමයින් 70 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක්ද ආහාර හිඟයේ ප්‍රතිපලයක් ලෙස පවතින් දැඩි කුසගින්න හේතුවෙන් තවත් කාන්තාවන් හා කුඩා දරුවන් 20 දෙනෙකු උතුරු සෝමාලියාවේ නගරයේ පිහිටි රෝහලකදී මිය ගිය බවය. තවද ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනෙස්කෝ සංවිධානය සපයන සෞඛ්‍ය සේවා ප්‍රමාණවත් නොවන බවද ඔහු පවසා සිටියේය.

එමෙන්ම නගරාධිපති නූර් මානුෂිය ආධාර එවීම සම්බන්ධයෙන් ඉරානය වෙත තම ස්තුතිය පල කර සිටියේය. සෝමාලියාවේ නගරයේ ලඟදි ඉරාන විදේශ ඇමති අලි අක්බාර් සලෙහි සංචාරය කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ඉරාන විදේශ ඇමති වෙත නගරාධිපති නූර් තම ප්‍රසාදය දැක්වූයේය.

මොගදිෂු හි රෝහල්වල සිටින වෛද්‍යවරුන් අදහස් දක්වමින් කියා සිටින්නේ එම රෝහල් වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අධික බැවින් එය රෝහලේ සෞඛ්‍ය නිලධාරීන්ට විශාල අභියෝගයක් වන බවය.

Tell a Friend

සෝමාලියාවේ කොලරා වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ.




කිෂානි වැලිවිටිගොඩ

කොලරාව හා ඩයරියා රෝග තත්වය සෝමාලියාවේ දරුණු ලෙස ආහාර හිඟයෙන් පිඩා විදින කලාප වල සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.

සෝමාලියාවට පත් කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයකු ප්‍රකාශ කර සිටින්නේ පිරිසුදු ජලය නොමැති කම , අයහපත් සනීපාරක්ෂක කටයුතු, කඳවුරු වල සිටින සරණාගතයින් සංඛ්‍යාව අධික වීම සහ ආහාර හිඟය මෙලෙස කොලරාව, ඩයරියා හා නිව්මෝනියා වැනි රෝග ව්‍යාප්ත වීමෙන් පුද්ගයින් මරණයට පත් වීමට හේතු වන බවය.

ඩයරියා හා කොලරාව සම්බන්ද සිද්ධීන් 4, 272 ක් මෙම වසරේ ජනවාරි මාසයේ සිට සෝමාලියාවේ බන්ධිර් රෝහලට වාර්තා වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලික අරමුණ වී ඇත්තේ සෝමාලියාව වැනි රට වල වසංගත රෝග පැතිර යාමට කටයුතු කිරීම බව ඔවුන් ප්‍රකාශ කර සිටි. 

Tell a Friend

තුර්කියෙන් සෝමාලියාවට මානුෂිය ආධාර

කිෂානි වැලිවිටිගොඩ 

තුර්කිය විසින් මානුෂිය ආධාර පළමු කොටස සෝමාලියාවේ පවතින වියලි කාලගුණය හා ආහාර හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සෝමාලියානු වැසියන් වෙත එවා ඇත.

ආහාර හා වෛද්‍ය සේවා රැගත් තුර්කිය ගුවන් යානා 2 ක් ඊයේ (08) ඇන්කරා ගුවන් තොටුපලෙන් ගුවන් ගත වී ඇත්තේ සෝමාලියාවේ පවතින දැඩි අහාර හිඟයෙන් පීඩා විඳින මිලියන ගණනක් වන සෝමාලියානු සරණාගතයින්ට සහන සේවා සැලසීම සඳහා වන බවට ඇන්ටෝලියා පුවත් එජෙන්සිය වාර්තා කරයි. සහනාධාර රැගත් ගුවන් යානා ගුවන් ගත කිරීම නිමිත්තෙන් තුර්කිය නියෝජ්‍ය අගමැති බෙකිර් බෝස්දග් මහතා ප්‍රකාශ කර සිටියේ සෝමාලියාවේ දැඩි ලෙස පීඩා විඳින වැසියන් සියලුම දෙන හට සහන සලසන බවය.

සෝමාලියානු වැසියන්ට සහනාධාර සැපයීමේ ව්‍යාපාරය තුර්කිය රෙඩ් ක්රෙසෙන්ට් සංවිධානය, සහයෝගිතා සහ සංවර්ධන එජෙන්සිය හා ආගමික කටයුතු මණ්ඩලය එක්ව දියත් කරයි. සෝමාලියාව, ඉතියෝපියාව හා කෙන්යාව යන රටවල් වල මිලයන 11.8 ක් පමණ වන ජනයා මෙම ආහාර හිඟයට ගොදුරු වී ඇත. සෝමාලියාවේ කලාප 5 කට ජ්‍යත්තන්තරයෙන් ප්‍රමාණවත් මානුෂිය ආධාර නොලැබෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටි. තවද සෝමාලියානු ජනගහනයෙන් මිලියන 9.9 ක් අවතැන් වී හෝ රටින් පිටව සරණාගතයින් ලෙස ජීවත් වන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

Tell a Friend

සෝමාලියාවේ උග්‍ර ආහාර හිඟයෙන් කුඩා ළමුන් 29,000 ක් මරුට

කිෂානි වැලිවිටිගොඩ

අවුරුදු 5 ට අඩු ළමුන් 29,000 කට වැඩි පිරිසක් සෝමාලියාවේ පවතින වියළි කාලගුණය හා උග්‍ර ආහාර හිඟය හේතුවෙන් මියගොස් ඇති බවට ඇමෙරිකානු වාර්තා පෙන්වයි.

අන්තර් ජාතික සංවර්ධනය සඳහා පවතින ඇමෙරිකානු ඒජෙන්සියක් වන USAID හි සහකාර පරිපාලන නිලධාරිනියක් වන නැන්සි ලින්ද්බෝර්ග් පසුගිය බදාදා වොශින්ග්ටනයේ පැවති මණ්ඩල රැස්වීමක ගෙවී ගිය දවස් 90 දී දකුණු සෝමාලියාවේ ළමුන් මිය ගොස් ඇති බවට ප්‍රකාශ කර ඇති බව පුවත් සේවා වාර්තා කරයි.

අලුත්ම සංඛ්‍යා ලේඛන නිර්මාණය කර ඇත්තේ පෝෂණය පදනම් කරගනිමින් රෝග පාලනය හා වැළක්වීමේ සඳහා වන ඇමෙරිකානු ඒජන්සියක් විසිනි. එමෙන්ම එකසත් ජාතින් විසින් තවත් ප්‍රදේශ 3 ක් සෝමාලියාවේ ආහාර හිඟ කලාපයට ඇතුලත් කිරීමත් සමඟ එම කලාපයට ඇතුලත් ප්‍රදේශ මුළු සංඛ්‍යාව 5 ක් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ මිලියන 3.2 සෝමාලි වැසියන්ට සිය ජීවිත ආරක්ෂා කරගැනීමට සහය අවශ්‍ය බවය.

ආහාර හිඟයෙන් සෝමාලියාව දරුණු ලෙස පිඩා විඳින අතර අප්‍රිකානු රටවල් වන කෙන්යාව, උගන්ඩාව හා ඉතියෝපියාව වැනි රටවල්ද මෙම තත්ව්වය හේතුවෙන් පිඩා විඳි.

Tell a Friend

සෝමාලියාව : නියගය සහ සාගතය නිසා දහස් ගණන් පලා යති

පවතින නියගය හේතුවෙන් මුහුණ දීමට සිදු වී ඇති සාගත තත්වයෙන් මිදීම සඳහා දහස් ගණන් වූ සෝමාලි වැසියන් අසල්වැසි කෙන්යාවට පලා යමින් සිටින බව වාර්තා වේ. ළමුන් සහ කාන්තාවන් සමුහ වශයෙන් කෙන්යාවේ පිහිටි ලෝකයේ විශාලතම සරණාගත කඳවුර වන කෙන්යාවේ දදාබ් වෙතට පැමිණෙන අකාරය ඉතා සංවේදී ජනක දසුනක් බව වාර්තා පෙන්වා දෙනු ලබයි.

1991 දී සරණාගතයින් 90,000 කට සරිලන ලෙස සකස් කරනු ලැබූ අදාළ කඳවුරේ මේ වන විට සරණාගතයින් හාර ලක්ෂ හතලිස් දහසක් පමණ වෙසෙන බව වාර්තා සඳහන් කරනු ලබයි. කෙසේ වෙතත් මේ වන විට සෝමාලියාවේ පවතින තත්වය හේතුවෙන් දිනකට පුද්ගලයින් 1500 ක් පමණ එරටින් පලා යමින් කෙන්යාවට පැමිණෙති. එසේම පවතින සාගතය හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇති අතර අගනුවර වන මොගේදිසු වල පමණක් ළමුන් 13 දෙනෙකු මිය ගොස් ඇත.

Tell a Friend