කොලරාව හා ආහාර හිඟය නිසා තවත් සෝමාලියානුවන් 90 ක් මරු

කිෂානි වැලිවිටිගොඩ

සෝමාලියාවෙන් ලැබෙන නිල වාර්තාවන්ට අනුව කොලරාව සහ ආහාර හිඟය නිසා මේ වන විට තවත් පුද්ගලයන් 90 දෙනෙක් මිය ගොස් ඇත.

මොගදිෂු හි නගරාධිපති වන මොහොමඩ් අහමෙඩ් නූර් බ්‍රහස්පතින්දා (25) ප්‍රකාශ කර සිටියේ කොලරාව රෝගය හේතුවෙන් කුඩා ළමයින් 70 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක්ද ආහාර හිඟයේ ප්‍රතිපලයක් ලෙස පවතින් දැඩි කුසගින්න හේතුවෙන් තවත් කාන්තාවන් හා කුඩා දරුවන් 20 දෙනෙකු උතුරු සෝමාලියාවේ නගරයේ පිහිටි රෝහලකදී මිය ගිය බවය. තවද ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනෙස්කෝ සංවිධානය සපයන සෞඛ්‍ය සේවා ප්‍රමාණවත් නොවන බවද ඔහු පවසා සිටියේය.

එමෙන්ම නගරාධිපති නූර් මානුෂිය ආධාර එවීම සම්බන්ධයෙන් ඉරානය වෙත තම ස්තුතිය පල කර සිටියේය. සෝමාලියාවේ නගරයේ ලඟදි ඉරාන විදේශ ඇමති අලි අක්බාර් සලෙහි සංචාරය කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ඉරාන විදේශ ඇමති වෙත නගරාධිපති නූර් තම ප්‍රසාදය දැක්වූයේය.

මොගදිෂු හි රෝහල්වල සිටින වෛද්‍යවරුන් අදහස් දක්වමින් කියා සිටින්නේ එම රෝහල් වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අධික බැවින් එය රෝහලේ සෞඛ්‍ය නිලධාරීන්ට විශාල අභියෝගයක් වන බවය.

Tell a Friend