සෝමාලියාවේ කොලරා වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ.




කිෂානි වැලිවිටිගොඩ

කොලරාව හා ඩයරියා රෝග තත්වය සෝමාලියාවේ දරුණු ලෙස ආහාර හිඟයෙන් පිඩා විදින කලාප වල සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.

සෝමාලියාවට පත් කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයකු ප්‍රකාශ කර සිටින්නේ පිරිසුදු ජලය නොමැති කම , අයහපත් සනීපාරක්ෂක කටයුතු, කඳවුරු වල සිටින සරණාගතයින් සංඛ්‍යාව අධික වීම සහ ආහාර හිඟය මෙලෙස කොලරාව, ඩයරියා හා නිව්මෝනියා වැනි රෝග ව්‍යාප්ත වීමෙන් පුද්ගයින් මරණයට පත් වීමට හේතු වන බවය.

ඩයරියා හා කොලරාව සම්බන්ද සිද්ධීන් 4, 272 ක් මෙම වසරේ ජනවාරි මාසයේ සිට සෝමාලියාවේ බන්ධිර් රෝහලට වාර්තා වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලික අරමුණ වී ඇත්තේ සෝමාලියාව වැනි රට වල වසංගත රෝග පැතිර යාමට කටයුතු කිරීම බව ඔවුන් ප්‍රකාශ කර සිටි. 

Tell a Friend