සෝමාලියාව : නියගය සහ සාගතය නිසා දහස් ගණන් පලා යති

පවතින නියගය හේතුවෙන් මුහුණ දීමට සිදු වී ඇති සාගත තත්වයෙන් මිදීම සඳහා දහස් ගණන් වූ සෝමාලි වැසියන් අසල්වැසි කෙන්යාවට පලා යමින් සිටින බව වාර්තා වේ. ළමුන් සහ කාන්තාවන් සමුහ වශයෙන් කෙන්යාවේ පිහිටි ලෝකයේ විශාලතම සරණාගත කඳවුර වන කෙන්යාවේ දදාබ් වෙතට පැමිණෙන අකාරය ඉතා සංවේදී ජනක දසුනක් බව වාර්තා පෙන්වා දෙනු ලබයි.

1991 දී සරණාගතයින් 90,000 කට සරිලන ලෙස සකස් කරනු ලැබූ අදාළ කඳවුරේ මේ වන විට සරණාගතයින් හාර ලක්ෂ හතලිස් දහසක් පමණ වෙසෙන බව වාර්තා සඳහන් කරනු ලබයි. කෙසේ වෙතත් මේ වන විට සෝමාලියාවේ පවතින තත්වය හේතුවෙන් දිනකට පුද්ගලයින් 1500 ක් පමණ එරටින් පලා යමින් කෙන්යාවට පැමිණෙති. එසේම පවතින සාගතය හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇති අතර අගනුවර වන මොගේදිසු වල පමණක් ළමුන් 13 දෙනෙකු මිය ගොස් ඇත.

Tell a Friend