පන්ට්ලන්ඩ් ප්‍රදේශයේ ගැටුම් වලින් සෝමාලියානුවන් 28 ක් මරුට

කිෂානි වැලිවිටිගොඩ

සෝමාලියාවේ උතුරු නැගෙනහිර පිහිටා ඇති පන්ට්ලන්ඩ් ප්‍රදේශයේ ඇති වූ සටන් වලින් සෝමාලියානුවන් 28 දෙනෙකු මිය ගිය අතර 30 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් තොරතුරු වලින් වාර්තා වේ.

වාර්තා වන තොරතුරු වලට අනුව මෙම සටනට හේතු වන ප්‍රශ්නය ඇති වී ඇත්තේ පසු ගිය බ්‍රහස්පතින්දා (31) කැරලිකරුවන් අතර හා පන්ට්ලන්ඩ් ප්‍රදේශයේ අර්ධ ස්වයන් පාලනයක් ගෙන යන හමුදාව අතර පන්ට්ලන්ඩ් ප්‍රදේශයේ කොටසක් වන උතුරු ගල්කසියෝ ප්‍රදේශයේදීය. එම සටනින් පුදගලයන් 13 දෙනෙකු මිය ගිය අතර ගල්කසියෝ පොලිසියේ නියෝජ්‍ය කමාන්ඩෝවරයෙකු ඇතුළු පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබේ. සිකුරාදා වන තෙක් එම ප්‍රදේශයේ ගැටුම් පැවතුනු බව විදෙස් වාර්තා සඳහන් කරයි. අනෙකුත් මුලාශ්‍ර වලට අනුව එම සටනින් සටන් කරුවන් 15 දෙනෙකු මිය ගොස් ඇත.

ගැටුම් දිගටම වර්ධනය වුයේ කැරලිකරුවන් පන්ට්ලන්ඩ් හමුදාවන්ගේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග හමුදාව විසින් කැරලිකරුවන් වෙත නොනවතින ෂෙල් ප්‍රහාර එල්ල කෙරුණු නිසා බව වාර්තා වේ.

Tell a Friend