මැලේසියානු වෛද්‍යවරයෙක් සෝමාලියාවේදී ජීවිතක්ෂයට

කිෂානි වැලිවිටිගොඩ

සෝමාලියාවේ අන්තර්ජාතික ගුවන්තොටුපල ආසන්නයේදී මැලේසියානු වෛද්‍යවරුන් 5 දෙනෙකු සහ මැලේසියානු ජනමාධ්‍යවේදියෙකු රැගත් වාහනයකට අප්‍රිකානු සංගමය විසින් මෙහෙයවන හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එක මැලේසියානු වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බවට විදෙස් තොරතුරු වලින් වාර්තා වේ.

අනෙකුත් මැලේසියානු ජාතිකයින් 5 දෙනා සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලබා ඇත.

අප්‍රිකානු සංගමය විසින් මෙහෙයවන හමුදාව ප්‍රකාශ කරන්නේ ඔවුන් මැලේසියානු ජාතිකයන් රැගත් වාහනය ත්‍රස්තවාදීන් ලෙස විශ්වාසකොට එම වාහනය වෙත ප්‍රහාර එල්ල කර ඇත්තේ ඇත වැරදීමකින් බවය.

එම මැලේසියානු වෛද්‍යවරුන් මොගඩිෂු නගරයට පැමිණ ඇත්තේ දරුණු නියගයෙන් හා ආහාර හිඟයෙන් පිඩා විදින සෝමාලියානු වැසියන් සඳහා වෛද්‍ය පහසුකම් සැලසීමට බව වාර්තා වේ.

Tell a Friend