සෝමාලියාව : ගුවන් ප්‍රහාර හේතුවෙන් අල් ශබාබ් සටන්කාමින් ජීවිතක්ෂයට

l කිෂානි වැලිවිටිගොඩ

කෙන්යානු ගුවන් ප්‍රහාරක ජෙට් යානා මගින් සෝමාලියාවේ නිරිත ප්‍රදේශයට අයත් ගේදො ප්‍රදේශයේ පිහිටා තිබු අල් ශබාබ් සටන්කාමීන්ගේ පුහුණු කඳවුරකට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර හේතුවෙන් අල් ශබාබ් සටන්කාමින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව ගේදො ආණ්ඩුකාරවරයා විදෙස් පුවත් එජෙන්සි වෙතට වාර්තා කර තිබේ.

මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවකු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පසු ගිය බ්‍රහස්පතිනදා (12) රාත්‍රියේදී බර්තා ධීර් ගම්මානයට ඉහලින් පියාසර කෙරුණු ගුවන් ප්‍රහාරක යානා මගින් අල් ශබාබ් සටන්කාමීන්ගේ පාලනයට නතු වූ ප්‍රදේශයට මිසයිල ප්‍රහාර 10 ක් පමණ නිකුත් කළ බවයි.