The Most/Recent Articles

Showing posts with label Weeklyd. Show all posts
Showing posts with label Weeklyd. Show all posts

2012 දී බන්දුලට නිදහසේ රැකියාව කිරීමට ඉඩ දෙමු. කවුද මේ "පොලිස්"?


හර්ෂි සි. පෙරේරා

මානෙල් මාලගේ බන්දුල ප්‍රේමචන්ද්‍ර 30 හැවිරිදි අවිවාහක වියාපාරිකයෙකි. හෙතෙම ගල්හෙනවට්ට බුලත්සිංහල පදිංචිව සිටි. හෙතෙම බන්දුල ස්ටෝස් හි හිමිකරුය.

2011.12.26, 2011.12.28, සහ 2011.12.29 යන තෙදින රාත්‍රී 7.30 ට පමණ සුදුපාට අංක 62 - 1680 දරන ඉසිසු වැන් රථයෙන් පුද්ගලයින් 06 දෙනෙකු පමණ කඩයට පැමිණ තිබේ. එම වාහනයේ පොලිස් යන වචනය සදහන්ව තිබී ඇත.

ඔවුන් කඩයට පැමිණි සිටි අයගෙන් තොරතුරු විමසමින් කඩේ කටයුතු වලට බාදාකාරී වන ලෙස හැසිරී ඇත. අවසානයට පැමිණි 29 වැනිදා කඩයට මිනිසුන් පැමිණියහොත් බන්දුලව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කොට ගොස් ඇත.

බන්දුල මේ පිලිබදව 2011.12.30 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරිට පැමිණිලි කරන ලදී.

වදහින්සාවට පාත්‍ර වූ වින්දිතයින් මානව හිමිකම් ක්රියාදරයින් ලෙස.


හර්ෂි සි. පෙරේරා

" අවුරුදු 11 කට පස්සෙත් මම කියන්නේ මට ගහපු පොලිස්කාරයින්ට චාන්ස් එකක් දෙන්න එපා කියලා" මෙසේ කියන්නේ ගාල්ල මිහිදු මාවත මාම්පිටියේ පදිංචි 27 හැවිරිදි ඩබ්ලිවු එච් චින්තකයි. ඔහුව 2002 දී වදහින්සාවට පාත්‍ර කලේ පොද්දල පොලිසියේ පොලිස් වදකයින්ය. ඔහු මෙම වදහිංසා පැමිණවීමේ හේතුවෙන් දින 04 ක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගත්තේය.

එච්. කුසුමාවතී එනම් චින්තකගේ ආදරණිය මෑණියන් 2012. 12. 20 දින සිය මාම්පිටිය ගම් ප්‍රදේශයේ පොලිසිය හා නිතිය පිළිබද කුඩා කණ්ඩායම් රැස්වීමක් සහ විදි මෙහෙයුමක් සංවිදානය කළාය. එයට ගම්වාසින් 25 දෙනෙකු පමණ සහබාගි වූ අතර එහිදී තරුණ පිරිසේ දායකත්වය කැපී පෙනිණි. මෙයට ජනසන්සදයේ මානව හිමිකම් ක්‍රියාදරයින්ද සහබාගි විය.

චින්තකට වදහිංසා පැමිණවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙන අතර තවම පැමිණිල්ල විබාග වේ. එහිදී පොද්දල පොලිසියේ රාළහාමිලා තුන්දෙනාට වෙන් වෙන්ව රුපියල් 4500 බැගින් ගෙවීමට නියම වූ නමුත් එයට අවනතව ආදාල නිර්දේශිත මුදල ගෙවුවේ එක් රාළහාමි කෙනෙක් පමණි. තවම මානව හිමිකම් කොමිසමේ විමර්ශනය අවසන්ව නැත.

කුසුමාවතිලා මහා ලොකු මහා උගත්කමක් ඇති මිනිසුන් නොවේ. නමුත් ඔවුන් අවංකව හර්දයන්ගමව තමන්ට සිදුවූ අයුක්තියට යුක්තිය සොයා යයි. එයට අමතරව තම සහෝදර ගම්වාසීන් බලගැන්වීමේ කාර්යේද නිරතවීම තමනට ලංකාවේ මානව හිමිකම් වැඩ කල නොහැකියි කියන රිනවාදීන්ට අබියෝගයක්ද වේ.









"ප්ලාස්ටික්" අපේ හෝමෝන වලට අහිතකරයි.

හර්ෂි සි. පෙරේරා

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකල පරීක්ෂණ වලට අනුව ප්ලාස්ටික් මනුෂ්‍ය ශරීරයේ හෝමෝන වලට අහිතකර ලෙස බලපාන බව සොයා ගෙන ඇත.

ඉවත දමන ප්ලාස්ටික් වල අඩංගු රසායනයන් බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය කල නොහැක. එනිසා ඉවතලන ප්ලාස්ටික් එක්කෝ වල දැමිය යුතුයි. නැතිනම් පුච්චා දැමිය යුතුයි.

වර්තමානයේ ඇසට දමන සුවි කාච වල සිට නිවාස සදහා යොදාගන්න ප්ලයිවුඩ් දොරවල් ජනෙල් දක්වා ප්ලාස්ටික් බාවිතයට ගනු දක්නට ලැබේ. ඉස්සර වාහන බරින් අඩුය. නමුත් දැන් වාහන සැහැල්ලු කිරීම සදහා ප්ලාස්ටික් යොදා ගන්නා නමුත් මේවා ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි බව ගැන ලබාදෙන්නේ අඩු අවදානයකි. ළමුන්ගේ සෙල්ලම්බඩු වලින් 90% ක් පමණම නිපදවන්නේ ප්ලාස්ටික් වලිනි.

අපි ප්ලාස්ටික් ජීවත්වීමට, ආහාර ගැනීමට, බිමට ගැනීමට, සෙල්ලම් කිරීමට, වැඩ කිරීමට, ශ්‍රවණය කිරීමට සහ නැරබීම පිණිස යොදා ගනිමු. සැබවින්ම අද වනවිට ප්ලාස්ටික් අර්බුදයක් නිර්මාණය කර අවසන්ය. මේ ප්ලාස්ටික් වල අඩංගු රසායන මතුපිට ඇති ජලයට බුගත ජලයට පනිය ජලයට පසට සහ වායු ගෝලයට එකතු වේ.

මෙම ප්ලාස්ටික් වල අඩංගු රසායනයන් ගර්බනි කාන්තාවන්ට, කළල අවස්ථාවට, ළදරුවන්ට, සහ ළමුන්ට අහිතකර වේ.

මෙනිසා අප ප්ලාස්ටික් ද්‍රව්‍ය පරිබෝජනය කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. මේ ගැන කටයුතු කිරීමට ආණ්ඩුවටද වගකීමක් ඇත.








"නාදුනන ගැහැණිය"

 
ආචාර්ය ප්‍රනීත් අබයසුන්දරයන් "ප්‍රබන්ද කතා යයි මට හිතෙන මේ පොත ගැන මන් මුකුත් අටුවා ටිකා ලියන්න උත්සහ ගන්නේ නැහැ. ඔබම කියවලා බලා නොයෙක් සාහිත්‍ය වර්ග කිරීම් වලට අනුව කෝතනකට මෙය අයත්වේද කියා හිතන්න. එහෙම හිතන එක රසවින්දනයට බාදාවක් නම් කිසිදු වර්ග කිරීමක් නොකර - හැබැයි කියවා බලන්න.


ඔවු ආචාර්යතුමනි 1996 මාර්තු ප්‍රකාශයට පත්වූ තිලිනා විරසිංහයන්ගේ "නාදුනන ගැහැණිය" 2011 දෙසැම්බර් කියවා බැලුවෙමි.

එය සෑම ස්ත්‍රියක්ම කියවිය යුතුය. මක්නිසාද එමගින් ශ්‍රී ලාංකීය ස්ත්‍රීන් නිහඩව විද දරා ගන්නා වේදනාවන්ට පිඩාවන්ට වෙනස්කම්වලට සහ අසමානතාවන්ට හඩක් ලබා දෙන බැවිනි.

අපි පවතින තත්වයෙන් ඉදිරියට යායුතුය. ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් හෝ වේවා එය යථාර්තයක්ම වීමට පොඩි මිනිසුන්ට ගැහැනුන්ට සහ ළමයින්ට යහපතක් වීමට නම් පවත්නා තත්වයේම නොසිටිය යුතුයි. ඉදිරියට යායුතුයි.

"අපි කසාද බදිමු.

විකාරද ?

මොකක්ද කසාදෙ කියන්නේ එක ඒකාට ශාප කර ගන්නවා ඇරෙන්න හුස්ම ගන්නවත් ඉඩක් නැති ජිවිතයක්.

බොරුවෙන් පිරිච්ච ජිවිතයක්."

ප්‍රබන්ද හෝ නවකතා හෝ වේවා ශ්‍රී ලාංකීය සමාජයට වෙනසක් සදහා එන්නතක් දිය යුතුය.

" ඒ මළසිරුර ඉක්මනින් මිහිදන් වනු ඇත.

ඇය කවුද?

ජීවිතය...

යුද්දය...

මරණය..."

" මම කකුල් දෙක පුටුව උඩට අරන් කල්පනා කලේ..."

එවන් වෙනසක් සදහා කකුල් දෙක පුටුව උඩට නොගෙනත් බොහෝදේ කල හැක.

හර්ෂි සි. පෙරේරා

පයාගල පොලිසිය මාපිලාට පක්ෂපාති වෙයි.


2010.10.23 දින කේ ඒ ඩි චන්දන ඔහුගේ මස්සිනා සහ මාපිලා කියන පුද්ගලයාත් අතර ආරවුලක් ඇති විය. හැබැයි පොලිසි යාමක් සිදුවුයේ නැත.

නමුත් 2011.11.28 දින පයාගල පොලිසිය චන්දනව අත්අඩංගුවට ගෙන මේ ආරවුල ගැන විමසා ඇත. පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයකට අත්සන් ගෙන ඇත්තේ කියවා තේරුම් කර දීමකින් තොරවය.

එදින දහවල් ඔහුව පොලිස් ඇප මත නිදහස් කර තිබේ. එදින පොලිසිය ඔහුට එරෙහිව හයි කොට් එකක් දාන බවත් කියා ඇත.

තමන්ව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන වියාජ චෝදනා නගා නඩු පැවරීමට උත්සහ කරන පයාගල පොලිසියේ නිලදාරින්ට විරුද්දව නීතිමය පියවර ගන්නයි චන්දන ඉල්ලා සිටි.

හර්ෂි සි. පෙරේරා


බදුරලිය පොලිසිය මිනීමැරුමක සැකකරුවන්ට සහය පල කරයි.


"බදුරලිය පොලිසියේ ස්ථානදිපතිවරයා මගේ සුවාමිපුරුශයගේ අවසන් කටයුතු කිරීමෙන් අනතුරුව පැමිණ, ඒ දෙන්නව අරගෙන ගිහිල්ල අත පය කඩලා අහන්න පුළුවන්. උසාවියට දැම්මම මහේස්ත්‍රාත්තුමා ඇපයක් තියල එවයි. එහෙම කළා කියලා වැඩක් නැහැ! දැන් පින් දහම් කරගෙන ළමයි දෙන්නව හදාගෙන කාලා බිලා ඉන්න කියා ප්‍රකාශ කළා."

මෙසේ කියන්නේ දේවගේ ශ්‍රියා කාන්ති නමැති 35 හැවිරිදි මොල්කාවේ පදිංචි දෙදරු මවකි.

2011.11.24 දින උදේ 08 ට පමණ ඇගේ සුවමිපුරුශයා වන කුරුදුකරගේ අනුර ඔවුන්ගේ ගෙදර අසල පිහිටි කිතුල් ගසට කිතුල් මල් කැපීමට ගිය අවස්ථාවේ ගසින් වැටී මියගොස් ඇත.

මෙලෙස වැටීමට හේතුව ඔහුගේ බද පටිය කවුරුන් හෝ කපා දැමීම නිසයි. මේ ගැන සැකකරන්නේ නිහාල් ගාමිණී සහ සීතා රත්න යන අයයි.

නමුත් මේ මිනීමැරුමේ සැකකරුවන් දෙදෙනා සම්බන්දයෙන් බදුරලිය පොලිසිය දිගින් දිගටම නීතිමය වශයෙන් කටයුතු කිරීම පැහැර හරිමින් සිටි.

( චයාරුපයේ සිටින්නේ ශ්‍රියා කාන්ති, ඇගේ දියණිය සහ සැමියාගේ පියාය.)

හර්ෂි සි. පෙරේරා




අප්‍රිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලාංකිකයින් වන අපත් ගැන කියන ග්‍රේ හෝගන්.

ග්‍රේ හෝගන් සිය දේශනය පුරාවට කියන්නේ ඔබටත් මටත් ඉතා සමීප අපි ඉපදුන දා සිට අත්විදපු දේවල්. ඔහුට පසුබිම වන්නේ අප්‍රිකාව සහ ඉන්දියාව වුවත් ඒ ශ්‍රී ලාංකිකයින් වන අපගේ කතාවයි.

ඩේවිඩ් කියන්නේ කෙන්යාවේ නයිරෝබි කිබේරා මුඩුක්කු වල අවුරුදු 16 ක කොල්ලෙක්.

ඔහුටත් ඔහුගේ සගයකුටත් ප්‍රජාවට ජලය සපයන ජල නලය පාලනය කිරීමේ වගකීම පැවරෙනවා. ප්‍රජාවට පිටස්තර මහල්ලෙක් මෙයින් ජලය ලබා ගැනීමට උත්සහ කිරීම නිසා කලහයක් ඇති වෙනවා. මහල්ලාගේ සහයට පැමිණෙන පොලිස්කාරයෙක් ඩේවිඩ් ව අත්අඩංගුවට ගෙන ප්‍රචණ්ඩත්වය සහ මංකොල්ලකෑම පිළබදව නඩු පවරනවා. මංකොල්ලකෑම කියන චෝදනාවට හේතුවන්නේ මෙම කලහයේදී මහල්ලාගේ තොප්පිය නැතිවීමයි.

අපේ රටේ වදහිංසාව, බොරු නඩු දැමීම, නඩු පමාව, යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුල පවත්නා දුෂණය සහ අල්ලස නීතියේ පාලනය නොසලකා හැරියදා පටන් තියෙනවා. ග්‍රේ හෝගන් පෙන්වා දෙන ආකාරයේ ඩේවිඩ් ලා පිළිබද සිද්දීන් ශ්‍රී ලංකාවේ සුලබයි.

56 හැවිරිදි ජයතිලක ගොවිතැන ජීවිකාව කරගත් හින්දකරමුල්ල මොල්කාවේ පදිංචිකරුවෙක්.

ඔහුව 2003.10.21 දින බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. අංක 60954 යන බොරු නඩුව ඔහුට විරුද්දව මතුගම මහේස්ත්‍රාත් අදිකරණයේ පවරනවා. රුපියල් 5000 මුදල් ඇපය ගෙවා ගන්න බැරිව ඔහු දවස් 07 ක් රිමාන්ඩ් එකේ ඉන්නවා. තීන්දුව ලැබෙන්නේ මේ බොරු නඩුවේ 2011.08.19 වැනිදා. ඔහු නිදොස් කොට නිදහස්. පොලිසිය ජයතිලකව අත්අඩංගුවට ගන්නේ සිය බේබදු සොහොයුරා වෙනුවට. ඔහුට මිමස්මොර රෝගය සැදෙන නිසා ඔහුව අත්අඩංගුවට ගැනීම බදුරලිය පොලිසියට කරදරයි.

මානෙල් පස් දරු මවක්. ඇය වැලිකඩ බන්දනාගාරයේ කාන්තා අංශයේ සිටින සැකකාරියක්. සැක අංකය 760.

ඇයව රිමාන්ඩ් කරන්නේ 2006.05.15 වැනිදා. මේවන විට අවුරුදු 05 කට වැඩි කාලයක් තිස්සේ ඇය රිමාන්ඩ් එකේ ඉන්නවා. අංක 04 දරන අලුත් කඩේ මහේස්ත්‍රාත් අදිකරණයේ විබාග වන ඇගේ නඩුවේ අංකය බි 2585 වේ. නීතිපති යොමු අංකය 3/394/20 වේ. තවමත් නීතිපති වාර්තාව ලැබී නැහැ.

මහජනතාවට යුක්තිය ඉටු කරන්න නීති ආදාර දෙන සහ තවත් විවස්ථාපිත ආයතන ගණනාවක් තියෙනවා. ඒ අතර මානව හිමිකම් කොමිසම් සබාව විශේෂයි.

53 හැවිරිදි හේමසිරි රත්නපුරේ කුරුවිට පදිංචිකරුවෙක්.

ඔහුව 2004.12.19 දින කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවනවා. මානව හිමිකම් කොමිසමේ පැමිණිලි අංකය එච් ආර් සි 5133/0/1/4 . කොමිසම 2006.03.03 වැනිදා සිය නිර්දේශය ලබා දෙනවා. දෙවන වගෞත්තරකරු වන පොලිස් සැරයන් 29992 නිමල්විරට රුපියල් 5000 ක් පැමිණිලිකරුට ගෙවීමට නියම වෙනවා. නමුත් අද වනතුරුත් මේ නිර්දේශය ක්‍රියාත්මක වී නැහැ. මේ අතර කුරුවිට පොලිසිය 2011.02.03 දින ඔහුව අත්අඩංගුවට ගෙන නැවතවරක් වියාජ නඩුවක් දානවා.

හේමසිරිගේ සිද්දිය ගැන අසන වන විට දැනෙන දෙයක් තමයි මානව හිමිකම් කොමිසමට දත් නැද්ද යන්න?

වයස අවුරුදු 56 ක් වන මල්ලිකා බරපතල හදවත් රෝගයකින් පෙලෙන කාන්තාවක්.

තලංගම පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන 2010.09.14 දින රිමාන්ඩ් කරනවා. 2010.09.14 දින රස පරීක්ෂක වාර්තාව ලැබෙනවා. එහි සන්තකයේ තිබු හෙරොයින් ගැන මතයක් පල වන්නේ නැහැ. මේක වියාජ නඩුවක්. මල්ලිකාට ඇපත් ලැබෙනවා. ඒ රුපියල් 25000 ක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් වශයෙන්. නමුත් ඇයට මෙම ඇප කොන්දේසි සපුරා ලීමේ හැකියාවක් නැහැ. ඇය තවමත් සිපිරිගෙදරයි.

බන්දනාගාර ආඥා පනතට අනුව මහේස්ත්රත්වරු මසකට වරක් බන්දනගාරයට යායුතුයි. එත් මේ මහේස්ත්රත්වරු මල්ලිකාව සහ මනේල්ලව දැකලා නැහැ.

අපි මානව හිමිකම් ගැන කතා කරන්න පටන් අරන් දශක 06 ක් ගත වෙලා. යථාර්තය නම් කිසිදෙයක් වෙලා නැහැ. එන්න එන්නම තත්වය නරක අතට හැරෙනවා.

තවමත් පමා නැහැ. කල යුතුදේ කුමක්ද?

මනේල්ලව, මල්ලිකලාව, හෙමසිරිලව, ජයතිලකලාව, නිතිය නමැති සෙවනැල්ල යට වදයට ලක් කිරීමෙන් වැළකෙමු. ඔවුන්ට පොඩ්ඩන් සේ සැලකීම නතර කරමු. මානව හිමිකම් යථාර්තයක් කරමු.

සංවර්දනය දරණිය කරමු. පවත්නා මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පවතින තත්වයෙන් ඉදිරියට ගෙන යමු. එසේ නැතිව පවතින දෙය ඒ අයුරින්ම රැක ගැනීමෙන් වැඩක් නැහැ.

ග්‍රේ හෝගන් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ කල දේශනය දැන් නීති නිර්මාණය, ඉගැන්වීම සහ ක්‍රියාත්මක කිරීම යනුවෙන් දැන් සිංහලට පරිවර්තනය කර ඇත.

හර්ෂි සි. පෙරේරා