මැකියාවෙලි ........

සටහන ;-

ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා

මැකියාවෙලි ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ උපත ලද්දෙකි . ඔහු රාජ්‍ය තාන්ත්‍රික රැකියාවන් තුලදී , ලත් අත්දැකීමෙන් දේශපාලන කෘතීන් රචනා කරන ලදී . එවකට පැවති ඉතාලියේ අර්බුදයන් සදහා විසදුම් කීපයක් ඉදිරිපත් කිරීම ඔහුගේ දේශපාලන දර්ශනයේ මුලික අරමුණ විය .



1. රාජ්යේ දියුණුවට හා පරිහානියට හේතු හෙවිම.

2. දේශපාලනික වශයෙන් රාජ්‍යක් සාර්ථක වීමට ඉවහල් වූ හේතු විමර්ශනය .

3. රාජ්‍යක දේශපාලන ස්ථාවරත්වය රැක ගත හැක්කේ කෙසේද යන්න.

මේ සදහා ඔහු විසින් දිස්කොසස් , යුද්ධය පිළිබද කලාව , ෆ්ලොරන්ටිනයේ ඉතිහාසය , කුමාරය යන කෘතීන් තම අදහස් ඉදිරිපත් කිරීමට උත්සහ ගන්න ලදී . ඒ වන විට ඔහු දුටු සාර්ථකම රාජ්‍ය රෝම රාජ්‍යයි .

රාජ්‍යක සාර්ථක අසාර්ථකභාවය මැනීමට ඉතිහාසය විමර්ශනය කල යුතු යයි , යන මතය මුලින්ම ඉදිරිපත් කලේ මකියවලි විසිනි . ඔහුට අනුව සියලුම මිනිසුන් කෘර යයි පැවසුවේය . මේ අනුව මිනිසා තුල සමාජ විරෝධී හැසිරීම් ඇති බව පෙන්වා දුනි . මෙය දේශපාලනයේදී මතුවන ප්‍රධාන ප්‍රශ්නය වේ .

ඔහු මිනිසා අර්ථකමි පුද්ගලයෙකු ලෙස දිවිය . එනම් මිනිසා තමාට මිස වෙන කිසිවෙකුට නොසලකයි . ලාභ ප්‍රොයෝජන හා සුරක්ෂිතභාවය පමණක් අපේක්ෂා කරන බව ,පෙන්වා දුනි .ඉතාලිය දුර්වල වුයේ මෙම ලක්ෂණ නිසා බව , මැකියාවෙලි පෙන්වා දුනි .

තවත් වැදගත් සාධකයක් ලෙස මිනිසාගේ තත්වය කිසිදිනක වෙනස් නොවන බව පැවසිය . රාජ්‍යන් වෙනස් වන්නේද , මිනිසාගේ අපරිමිත ආශාවන් නිසා බව හෙළි කළේය .

මැකියාවෙලි 'කුමාරය' රචනා කලේ පාලකයින් සදහාමය , රජ කෙනෙකු සිය බලය රැක ගැනීමටත් , තහවුරු කර ගැනීමටත් , තව තවත් අවස්ථාව කර ගැනීමටත් කල යුතු දේ මෙහි අඩංගු කරවිය . මැකියවලිට අනුව තමාට සාර්ථක වීමට සැලකිල්ලට ගත යුත්තේ තමාගේ ප්‍රශ්න පමණි . දුෂණය වූ රාජ්‍යක පාලකයා සාර්ථක වන බව පවසන ලදී .

දුෂිත රාජ්‍යක ස්ථාවරත්වය , නිතිය හෝ සාමය දක්නට නැත . මෙවැනි රාජ්‍යන් පිළිබද ලෝක ඉතිහාසයේ උදාහරණ ඇත . අප කලාපයේද එවැනිම වූ රාජ්‍යන් , වර්තමානයේ දක්නට ඇත . මැකියවලි මෙම දේශපාලන දර්ශනය වසර 600 පෙර සිටම පැවසු ඒකීය සංකල්පයක් ලෙස හැදින්විය හැක . ඒ වන විටත් ඔහුගේ දර්ශනය මුසොලෝනි කෙරෙහිද බලපා ඇති බව පෙනුනි .