මාධ්‍ය සදාචාරය අමු අමුවේම වැළලීම නොහොත් දිනමිණ පුවත්පතේ වාර්තාකරණය


| අමිල ගුණරත්න

අද ( 12) මගේ අසල්වැසි මිතුරෙකු නිවසට ගොඩවැදුනේ අමුතු ආරංචියක් කියාගෙනය. "අද මගේ මිසිස්ට කලන්තේ ගතියක් වගේ අවා දිනමිණ පත්තරේ තුන්දෙනෙක් එල්ලිලා ඉන්න ෆොටෝ එක දැකලා එයට කොහොමත් ඒවගේ දරුණු පින්තුර බලන්න අමාරුයි. අසල්වැසියාගේ කීම නිසා මම දිනමිණ පුවත්පත බැලුවෙමි " දිනමිණ පත්තරයේ එම පින්තුර මමද දැක්කේ එවිටය. යුද හමුදාවෙන් පලා ආ සෙබළකු එප්පාවල කඩිගාව ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනකු මරා දමා ඔහුද එල්ලී මිය යාමේ පුවත පින්තුර සහිතව දිනමිණ පුවත්පතේ වාර්තා කර තිබුනේ මළකඳන් තුනක් ගසක එල්ලෙන චායාරූපයක් ද සමගය අහෝ ජාතියකට මග පෙන්විය යුතු ආලෝක විහිදුවන තරුවක් බඳු විය යුතු පුවත්පතක් මළමිනී විකුණගෙන කන මහත? ඔය පුවත්පතට ගුරුහරුකම් දෙන මාධ්‍ය ඔස්තාර් දිනමිණ කතෘ ගේ මාධ්‍ය දිවියට අඩ සියවසක් පිරීම නිමිත්තෙන් රට වටේ උත්සව පවා තිබ්බා නේද ? මරණ, මිනීමැරුම් ගැන වාර්තා පල කරන විට අනුගමනය කල යුතු සදාචාරාත්මක නීති රීති නොදැන සිටි පුවත්පත් කතුවරයෙක්ටද නුවර කළාවිය නිදහස් මාධ්‍ය පදනම මඟින් මෙම ප්‍රසාද ප්‍රණාම උලෙළ සංවිධානය කර තිබුනේ? එවැනි ලාමකයෙකුටද කිත්සිරි වනසිංහ මහතා විසින් රචිත ‘ විමසන පිටපත” කෘතිය පිළිගැන්වුයේ ? මේ වගේ අඳ බාලයෙකුට උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ කිව්වේ සමාජයේ පෙරගමන්කරුවකු ලෙස මාධ්‍ය දිවියේ අඩසිය වසරක් පුරා මහින්ද අබේසුන්දර මහතා දේශයේ අභිමානය හා අනන්‍යතාවය වෙනුවෙන් සිය පෑන මෙහෙයවමින් සිදුකළ සමාජ මෙහෙවර ඉතා අගනා බව ? මේවා අහල පන පලයන් පෙරේදා කිව්වලු. මේවා අසන විට හිරිකිතයක් දැනේ. අනේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයත් වාඩි වූ ඔය පුටුවේ වසුරු නොතවරා කරුණාකරලා බහින්න. ඔය නිවාඩු ඇති වෙලාවක ඩි එෆ් කාරියකරවන මහත්තය ලියපු ලිපි ටිකක් කියවලා බලන්න මාධ්‍ය වාර්තාකරණය ගැන ඉගනගන්න. ඊට පස්සේ පුළුවන් උපහාර උළෙලවල් තියන්න.