The Most/Recent Articles

Showing posts with label NipunikaFernando. Show all posts
Showing posts with label NipunikaFernando. Show all posts
මෙලන්ති ප්‍රනාන්දු

 ''Children Underground '' විනාඩි 104 පුරා දිව යන එදේට් බෙල්ස්බ්ර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද වාර්තා චිත්‍රපටයකි .2001 වර්ෂයේ මෙම වාර්තා චිත්‍රපටය නිකුත් වූ අතර රුමෙනියෙවේ උමං දුම්රියපලක ජිවත් වන වයස අවුරුදු 8 ත් 16ත් අතර වන ළමුන් 5 දෙනෙකු විෂය කරගන මෙය දිගහැරෙයි .රුමේනියාවේ ශ්‍රම බලකාය වැඩි කරගැනීමේ පියවරක් ලෙස හිටපු කොමියුනිස්ට් නායක නිකොලායි උපත්පාලනය සහ ගබ්සාව නීතියෙන් ඉවත්කරලිය ....ගබ්සාව සහ උපත්පාලනය තහනම් කිරීමත් සමග ඉපදුන වුවමනා නැතැයි සැලකු ළමුන් දහස් ගණනක් රුමේනියාවේ ළමා නිවාස වලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔවුන් තාඩන පීඩන වලට පවා ලක්වී ඇති අයුරු මෙම වාර්තා චිතරපටයේ පෙන්නුම්කෙරේ.කොමියුනිස්ට් පාලනය කඩා වැටීමත් සමග බොහෝ ළමුන් විදි වල දිවිගෙවීමේ තත්වයට අසරණවී ඇති අතර ඔවුන්ගෙන් කොටසක් ළමා නිවාසවල දිවි ගෙවූ දරුවන් වන අතර අනික් දරුවක් දිලිදු බාවයට පත්වූ පවුල් වල දරුවන් වේ . 

 අද වන විටත් ළමුන් 20,000 කට අසන්න ප්‍රමාණයක් විදි දරුවන් ලෙස දිවි ගෙවයි .''Children underground '' චිතරපටයේ ඔවුන්ට අධ්‍යාපනය ,රැකවරණය ,ආදරය අහිමි වන අයුරු ඉතා සංවේදීව අප වෙත ගෙන එයි .සමාජය ඔවුන් දෙස බලන ආකාරය ,ඔවුන්ට ආදරය අහිමි වන අයුරු ,එම දරුවන් අත්විදින පීඩනයන් ,රජයෙන් මේ ගැන නිසි පියවර නොගැනීම ,ඔවුන් එදිනෙදා ජිවත් වීමට දරන වෑයම අප සිත් සසල කරවයි .ලෝකය පුරාම විදි දරුවන් ජිවත්වන බවත් ඔවුන්ගේ වගකීම කිසිවෙක් බර නොගැනීමත් එය සදහටම හුදු සමාජ ප්‍රශ්නයක් ලෙසම එක තැන පල වෙන බවත් ඒ දරුවන්ට ඒ දරුවන්ට ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් පවා ඉතා අමානුෂික අයුරින් නැතිවී යන අයුරුත් ගැන අවදි වී සිත බැලීමට මෙම වාර්තා චිත්රපටය අපිට ඇරයුම් කරයි . විදියේ තරුණයෙකු ලෙස දිවි ගෙවන තරුණිය පවසන්නේ තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීමට තමන් පිරිමි වෙස් අරගන හැසි රෙන බවයි .

මෙවැනි තමන්ටම අවේනික වූ දුක්බර තොරතුරු ඔවුන් වාර්තා චිත්රපටය පුරා බෙදා ගනී .මෙය නැරබීමෙන් හුදු උණු කදුළු වැගිරීමක් පමණක් නොව මෙවැනි තත්වයන් උදා නොවීමට රාජ්‍යයන් මෙන්ම අප එකිනෙකාද උත්සුක විය යුතු බව කොයි කව්රුත් අවබෝද කරගැනීමත් නිසි ක්‍රියාමාර්ග ගැනීමත් සිදු විය යුතුමය ....

ඔව් මම ගැහැණියක් - තිළිණා

නාදුනන ගැහැණිය (1996), පිටුවහල් කළ තරුණිය ( 1997), ආදරණිය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය (1999), මධු සමය අහිමි මංගල්‍යය (2003), සමනළ මරණය (2008) ආදී කෘති රචනයෙන්ද ස්මර්ණ සමාප්ති ටෙලි නාට්‍ය චිත්‍රපට සම්පදනයට සහ බොරදිය පොකුණ විධ‍ායක නිෂ්පාදනයට දායක වූ ඇය, පුවත්පත් කලාවේදිනියක්.ගුරුවරියක්,සමාජ ක්‍රියාකාරිනියක් යන භූමිකාවට පණ පොවන්නීය.ඇය තිළිණා වීරසිංහ නමිනි. මේ තිළිණා සමග කිතුසර කළ සංවාදයයි.

බ ස්ත්‍රිවාදී නැඹුරුවක් සහිත ලේඛිකාවක් ලෙස හැදින්වුව හොත්?

ඔව් මම ගැහැණියක්.ඉතින් ස්ත්‍රිය ගැන මට දැනෙන ප්‍රශ්න ගැන මම පොදුවේ කතා කරනවා.ස්ත්‍රීවාදය යනු පසුගිය සියවසේ ලෝකයේ ඇති වුණු ස්ත්‍රිය කේන්දු කරගත් සමාජ, ආර්ථික, දේශපාලන සංවාදයක්. උසස් අධ්‍යාපනය ලබන සමයේ ඒ පිළිබදව ශාස්ත්‍රීය හැදෑරීමක් සහ සාහිත්‍ය.කලාව,පොතපත ඇසුරු කිරීමේදී ස්‍ත්‍රීවාදී ලේඛිකාවන්ගේ ලේඛණයන් මම පරිශීලනය කොට තිබෙනවා ලංකාවේ සමාජයේ ජීවත් වීමේදී ගැහැණියක් වෙනස් කොට සැලකුම් සහ වෙනත් ආකාරයේ අත්දැකීම් ලබලා තිබෙනවා.මම ලේඛණ ගත කරන්නේ මගේ අත්දැකීම්.එම අත්දැකීම් වල ස්ත්‍රී කේන්ද්‍රභාවයක් තිබෙනවා.ස්ත්‍රීවාදිනියක් යැයි කියූ විට අපේ රටේ තිබෙන්නේ බොහොම සෘණ අදහසක්.ස්ත්‍රීවාදිනියක් යැයි අලවන්න හදන ලේබලයෙන් ඔබ්බට ගොස් සංවාදයක් ගොඩ නගා ගැනීමටයි මගේ කැමැත්ත.

නිර්මාණ ක්ෂේත්‍රය තුල ස්ත්‍රී භූමිකාව ලංකාව තුල ලෝකයට සාපේක්ෂව කොතැනකද තිබෙන්නේ?

ප්‍රමාණාත්මකව සලකන කල සාහිත්‍යකරණය තුල, සිනමාවේ, වේදිකාවේ, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්ගේ ස්ත්‍රීන් යම්කිසි දායකත්වයක් ලබා දෙමින් සිටිනවා.ගැටළුව වන්නේ ඒ දායකත්වය කෙතරම් දුරට ස්ත්‍රියගේ දේශපාලනය සහ නිර්මාණාත්මක අභිලාෂයන් මුදුන්පත් කරන්නේද සහ අනෙකුත් රටවල නිර්මාණකාරිනියන්ට සාපේක්ෂව අප කොතැනකද සිටින්නේ අප මොනවද කරන්නේ යනාදියයි.දේශපාලනික වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් පොදු සමාජයේම ඇති අගතීන්,අර්බුදයන්,අඩුපාඩු මෙන්ම ලාංකික සමාජයේ කලාව සාහිත්‍ය ලෝක සාහිත්‍ය සමග කොතෙක් දුරට බද්ධ වෙලා තිබෙනවාද? කොතරම් ඒ පිළිබදව අප අතර සංවාදයක් තිබෙනවාද යන්න නොසලකා හැර හුදෙක් ස්‍ත්‍රියගේ නිර්මාණකරණය පිළිබද අපට කතා කිරීම අපහසුයි.

අනෙක් රටවල කලාව,සාහිත්‍යය,සිනමාව පිළිබද අධ්‍යයනයන්,පුළුල් කථිකාවක්, අත්හදා බැලීම් තිබෙනවා. ඒ තුල ස්ත්‍රී පුරුෂ නිර්මාණකරුවන් දෙපිරිසම සිටිනවා. නමුත් ලංකාවේ එවන් තත්වයක් නැහැ.මා පවසන්නේ ගැහැණියක් ලෙස කිසියම් හෝ නිර්මාණයක නියැලීම ‍ෙහාදයි. ඒත් එය කොතරම් දුරට සමාජ ප්‍රගමනයට දායක වෙනවාද පෞද්ගලික තෘප්තියට එහා යන අරමුණක් එම නිර්මාණ තුල තිබෙනවාද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි.ස්ත්‍රියකට එවන් අරමුණු කරා යාමේදී ගෘහස්තව ඔවුන් බැදී සිටින පීඩනයන්,කාලය,සමාජමය භීතිකාව ආදී සාධක බලපෑමට පුළුවනි.අප අවබෝධ කරගත යුතුයි ලෝකයේ කොහෙත් ස්ත්‍රීවාදී ලේඛිකාවන්ට ඒ ඒ සංස්කෘතීන්ට අනුව පීඩනයන්ට,අභියෝග තර්ජන වලට මුහුණ පෑවා.ඔවුන් ඊට මුහුණ දීමට අවශ්‍ය පෞරුෂය සකසා ගත්තා.ලාංකීය ස්ත්‍රිය ඒ අයුරින් හැඩ ගැසීමට උත්සුක නොවීම තමා විසින්ම ඇතිකරගත් පසුගාමීත්වය මගහැර ගන්නියක් විය යුතුය. අප සමාජයේද ස්ත්‍රිවාදී නිර්මාණ සමාජගත කිරීමට ඒ පිළිබද සංවාද කිරීමට ව්‍යුහයක් සැකසිය යුතුය.

ස්ත්‍රියගේ තත්වය ලංකාව තුල පසුගිය සමයේ යහපත් වී තිබෙනවාද?

බොහෝ අය එලෙස පවසනවා.මීට සියවස් ගණනකට පෙර ලාංකික කාන්තාව සිටින තත්වයට වඩා අද කාන්තාව උසස් අධ්‍යාපනය ලැබීම, ආර්ථික ක්‍රියාවලියට දායක වීම වැනි දේ තිබෙනවා.සංස්කෘතිමය කාන්තාවට තිබෙන ක්‍රියාවන්,ප්‍රචණ්ඩත්වයන්,ස්ත්‍රීන්ට සිදුවන ලිංගික බලහත්කාරකම්වල අඩු වීමක් නැහැ.ගැහැණු දරුවකුගේ උපතේ සිට මිත්‍යාදෘෂ්ඨික සාම්ප්‍රදායී, විද්‍යාත්මක නොවන ක්‍රියාවලියකට ලාංකීය ගැහැණු දරුවාට මුහුණ දීමට සිදු වෙනවා.

මා අදහස් කරන ලෙස ස්ත්‍රියකගේ තත්වය යහපත් යැයි හදුන්වා දීමට හැකි වන්නේ ඇය තමන් පිළිබදව නිදහසේ තීරණය කරමින් තමන් කැමති අයුරින් සමාජය සමග නිදහසේ හැසිරෙන්නට අවකාශ ඇත්නම් පමණයි.ලාංකික සෑම ස්ත්‍රියක්ම සමාජය තුල පවුල තුල ශාරීරික,වාචිකථ මානසික බොහෝ ප්‍රචණ්ඩත්වයන්ට දිනපතාම ගොදුරු වෙනවා.දේශපාලන ආයතන වල,විධායක තනතුරු දරන්නන්,සමාජයේ වගකිව යුතු උසස් තනතුරු දරන්නන් 90% පිරිමි පාර්ශවයයි.ස්ත්‍රියට නිසි වටිනාකමක් තම වැටුප්,වෘත්තීය අයිතීන් ලැබෙනවාද වැනි දෑ පිළිබද අවධානය යොමු කළ යුතුයි.ඉතින් යම් ප්‍රගතිශීලී බවක් තිබුණත් තවමත් ස්ත්‍රිය අත්පත් කරගත යුතු දේ තිබෙනවා.

ඔබ ගුරුවරියක්.ලංකාවේ පාසල් වයසේ සිසුවියන් 100 කට 14 දෙනෙක් අපචාරයන්ට ගොදුරු වෙනවා‍.100 කට 07 ක් ගැබිණියන් වෙනවා.මේ ලංකාවේ අනාගත ස්ත්‍රිය.ඔබ මේ ගැන දකින්නේ කොහොමද?

මේ ප්‍රශ්නය තුලම අපට පෙනෙනවා ලාංකීය ස්ත්‍රියගේ තත්වය යහපත්ව නොමැති බව. අපගේ අධ්‍යාපන ක්‍රමය තුල ලිංගික අධ්‍යාපනයක් ලබා දීම සිදු වන්නේ නැහැ.සෞඛ්‍ය විෂය නිර්දේශය තුල තිබෙන පාඩම් පවා ගුරුවරුන් මග හරිනවා.ඉතින් දරුවන්ට නිසි අවබෝධයක් ලැබෙන්නේ නැහැ.ලිංගික අධ්‍යාපනය පිළිබදව.ශාරීරික වෙනස්වීමක් ඇති වීමත් සමග ලිංගික අත්හදා බැලීම් වලට යොමු වීම ඉතාමත් ස්වභාවික කාරණයක්.නිසි දැනුවත් වීමක් පාසලෙන්,පවුල තුලින් දරුවන්ට ලැබෙනවා නම් මෙවැනි අනවශ්‍ය ගැබ් ගැනීම් වළකාගන්න පුළුවනි.එලෙසම ලංකාවේ දිනකට ගබ්සා කිරීම් 1000 පමණ සිදු වෙනවාමේ ගබ්සා කිරීම් හරහා දැරිවියන්ට ජීවිත හානි,අතුරු ආබාධ,නැවත ගැබ් ගැනීමට නොහැකි වීම ආදී දේ සිදු විය හැක.මේ කාරණා අපි සංස්කෘතිකමය වශයෙන් හෙළා දකිමින් සගවාගෙන සිටිනවා.නමුත් අපි මේ ගැන විවෘත සංවාදයක් ඇති කර ගත යුතුයි. පුද්ගලිකව මා උගන්වන පාසලේ දරුවන් සමග මම මේ දෑ පිළිබද සාකච්ඡා කරනවා.දරුවන් දැනුවත් කිරීම,ආරක්ෂා කිරීම,එවැනි සිද්ධින්ට මුහුණ පෑ දැරිවියන්ගේ අනාගතය සකසන්නේ කෙසේද,ඔවුන් බිහි කරන දරුවන් සමාජයට යොමු කරන්නේ කෙසේද යනාදිය පිළිබදව විධිමත් වැඩපිළිවෙලක් ඇති විය යුතුයි.

ස්ත්‍රිය හා ලංකාවේ ආගම් අතර ඔබ දකින සම්බන්ධය කෙසේද?


ආගම් පවත්වාගෙන යාමට බොහෝ ලෙස වන්දනාමාන කරන්න දායක වෙන්නේ ස්ත්‍රීන්.ආගම් හරහා බැට කන්නේ,පහර කෑම් වලට ලක් වන්නේද ස්ත්‍රීන්.ආගමික සංස්ථා තුල ස්ත්‍රීයට හිමි වන්නේ ද්විතීය ස්ථානයක්.ස්ත්‍රිය කිළිටියි.පව්කාරයි.රාගාධිකයි.පහත් කියන සංකල්පයන් බොහෝ ආගමික මතවාද ඔස්සේ ඉදිරියට රැගෙන යනවා.ගෞතම බුදුන් එදා සමාජය තුල ස්ත්‍රියන්ට නිසි තැන ලබා දීමෙහි ලා කටයුතු කර ඇත්තේ ඒ දර්ශනය ආගමක් ලෙස පරිවර්තනය කිරීමේදී ඒ දේවල් නැතිව ගොස් තිබෙනවා.ඇදහීම් තුල ස්ත්‍රිය තදින් බැදී සිටියත් ඒ තුල ස්ත්‍රියට සමාන සැලකීමක් නැහැ.
 


සංවාද සටහන
නිපුනිකා මෙලන්ති.

The first Grader: මනුෂ්‍ය ආත්මාර්ථකාමිත්වයේ ගැඹුරු පිළිඹුවක්

The first Grader' චිත‍්‍රපටයේ අපගේ හදවතට ඉතා දැඩිව කථා කරන රූප රාමු ගණනාවක් ඇතත්, කුඩා දරුවන්ගේ අසරණ මුහුණ සහ ඔවුන්ගේ පාසලේ ඇති අඩු පහසුකම්,  ඔවුන්ගේ අන්ත දුගී බව අප සිත් සසල කරවයි.
මෙලන්ති ප්‍රනාන්දු විසිනි

ඔබ ගුරුවරයෙක්ද? සිසුවෙක්ද? පාලකයෙක්ද?  ඔබ කවුරු වුවත් නැරඹිය යුතුම සිනමා පටයක් The first Grader'

කෙන්යාවේ කුඩා අප‍්‍රසිද්ධ පරිසරයක පිහිටි ප‍්‍රාථමික පාසලක් පාදක කොට ගෙන The first Grader' චිත‍්‍රපටය දිව යයි. කෙන්යානු රජය නොමිලයේ අධ්‍යාපනය ලබා දීමට වන පොරොන්දුව සමඟ, සිය ගණනක් දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබා ගැනීමට ඉදිරිපත් වෙයි. අධ්‍යාපනය පහසුකම ලබා දීමට එනම්, කෙන්යානු රජය සපයන අධ්‍යාපන පහසුකම අභිබවා අධ්‍යාපනය ලැබීමට දරුවන් ඉල්ලූම් කරන අතර එයින් තෝරා ගත් උපරිමය පාසලට ඇතුලත් කර ගනී. පාසලට ඇතුලත් වීම ස`දහා දිවෙන අරගලය අතරතුර, තවත් අයදුම්කරුවකු වන මරුගේ ( ඕලිව ලිටෙන්ඩෝ මෙම චරිතයට පණ පොවයි.) පාසල් ගේට්ටුව අසලට පැමිණ ඔහුගේ අධ්‍යාපන අයිතිය තහවුරු කර දෙන ලෙස ඉල්ලීම පේ‍්‍රක්ෂකයාට විශ්මයජනක වන්නේ මරුගේ යනු අවුරුදු 84 ක තැනැත්තෙක් වීම නිසාවෙනි. ඔහුගේ මෙම ඉල්ලීම පාසලේ ගුරුවරුන් සහ ප‍්‍රධාන ගුරුතුමිය ප‍්‍රතික්ෂේප කරන්නේ මරු ගේට අයිතිය ලබා දීම තවත් දරුවකුගේ අධ්‍යාපන අයිතිය අහිමි කරන නිසාවෙනි. මරුගේ තම උත්සාහ අත් නොහරින අයුරු චිත‍්‍රපටය නරඹන විට අප සංවේදී කරවයි. මරුගේගේ උත්සහය සඵල වන්නේ ප‍්‍රධාන ගුරුතුමිය මරුගේ ගේ ධෛර්යවන්ත බව තේරුම් ගන්නා නිසාවෙනි. තම දරුවකුට ලබා ගැනීමට හැකි අවස්ථාවක් මරුගේ ට හිමි වීම ගැන බලධාරීන්, දෙමාපියන් සහ පාසලේ අනෙක් ගුරු චරිත පසු වන්නේ නොරිස්සුම් සහගත ලෙසය. මරුගේ මේ සියල්ල මධ්‍යයේ තම අධ්‍යාපන කටයුතු කරන අයුරුත්, පාසලේ ප‍්‍රධාන ගුරුතුමියට (නයෝමි ගැරින් මෙම චරිතයට පණ පොවයි.) එල්ල වන විවිධ තර්ජනත්, මරුගේ සහ ප‍්‍රධාන ගුරුතුමිය අභියෝගයන්ට මුහුණ දෙන ආකාරයත්, මරුගේ සහ කුඩා දරුවන් මුහු වන අයුරුත් කදිමට The first Grader චිත‍්‍රපටය තුල දිගහැරේ.

මෙම චිත‍්‍රපටය අපට සිතීමට විවිධ කරුණු ගෙන හැර පායි.

⋆ වයස ඉගෙනීමට බාධාවක්ද?

 වත්මන් සමාජය තුළ වයස්ගත වීම ප‍්‍රතික්ෂේප වීමට ප‍්‍රධාන කරුණක් වන්නේ ඔවුන්ගෙන් ප‍්‍රයෝජනයක් ගැනීමට නොහැකි, දුර්වල, කල් ඉකුත් වූ චරිත ලෙස සැලකීමයි. නමුත් අවු : 84 ක් වූ මරුගේ ගේ ධෛර්යවන්ත බව වියපත් වැඩිහිටියන්ට කදිම උදාහරණයක් වන අතර, මරුගේ ලද අත්දැකීම් සහ ජීවිත පන්නරය  මඟින්අන්‍යයන්  සමඟ හැසිරෙන අයුරු වියපත් වැඩිහිටියන් දෙස පෘථුල බැල්මක් හෙළීමට අපට දැඩි ආරාධනයක් කර සිටී.

⋆ පාසලේ ප‍්‍රධාන ගුරුතුමිය තුල වූ ජේන් තුළ වූ කාන්තාවක සතු විය යුතු පෞරුෂය.

කාන්තාව යනු දුර්වල, දුබල, අලංකාරයට පමණක් භාවිතා කර හැකි චරිතයක් ලෙස සළකන ලාංකීය සමාජයට, කාන්තාව යනු පිරිමියාට නොදෙවෙනි, කෙළවරක් නැති ධෛර්යයකින් හෙබි, මනා පෞරුෂයකට හිමිකම් කියන්නියක බවත්, කාන්තාවන්ට කළ හැකි දේ අල්ප යැයි සිතන කාන්තාවන්ටත්, සැබෑ කාන්තා චරිතයක් පිළිබඳව ඉඟි කරන චරිතයකි, ජේන්  ඕබින්ඩු.

⋆ ගුරු ගෝල අන්තර් සම්බන්ධතාවය.

මරුගේ හට තම අධ්‍යාපන අයිතිය ලැබෙන්නේ ජේන් ඔහුගේ උත්සාහය, හැකියාව, ධෛර්යය හඳුනාගත් නිසාය. වත්මන් බොහෝ ගුරු චරිත වනාහි දුර්වල ශිෂ්‍යයන් හිසරදයක් සේ සළකන, දක්ෂයන්ට පමණක් අත හිත දෙන, වරම්, වරප‍්‍රසාද ලැබේ නම් වැඩියෙන් ශිෂ්‍යයන් සළකන අයවලූන්ය. නමුත් සැබෑ ගුරුවරයා තුළ ශිෂ්‍යයා තේරුම් ගැනීමට තිබිය යුතු ඉව, ශිෂ්‍යයාව දැනුමෙන් සන්නද්ධ කිරීමට ගුරුවරයකුට කිරීමට සිදුවන අසීමිත කැපකිරීම, මරුගේ සහ ජේන් අතර ඇති ගුරු ගෝල සම්බන්ධය අපට මොනවට පැහැදිලි කරයි.

⋆ පවත්නා තත්ත්වයට යම් දෙයක් ගොඩ නැගීමට තවකකු කළ කැප කිරීම් අමතක කර ජීවත් වීම.

රටක් ලෙස ගත් කළ අප අතර නොමැතිම දෙයකි, කළගුණ සැළකීම. අනික තවකකු කළ කැපකිරීමක්, දායකත්වයක්, සහයක් අමතක කිරීමට අපට ගත වන්නේ ඇතැම් විට දිනයක් හෝ දෙකකි. මරුගේ තම රට වෙනුවෙන් කළ කැපකිරීම්, වි`දි දුක් ගැහැට, තමා වටා සිටිනා වත්මන් පරපුරට අදාළ නැති අයුරින් ඔවුන් හැසිරෙයි. තමන්ගෙන් ගැනීමට හැකි දායකත්වය ගත් පසු මනුෂ්‍යයකුව ප‍්‍රතික්ෂේප කර කොන් කරන සමාජ ගුණමකුභාවය  The first Grader චිත‍්‍රපටය අපට පෙන්වයි.

 ⋆ මූලික අවශ්‍යතා සපයා දීමටවත් රජයක් අපොහොසත් වූ විට එරට ජනයාට දැරීමට වන පීඩාව.
 
The first Grader' චිත‍්‍රපටයේ අපගේ හදවතට ඉතා දැඩිව කථා කරන රූප රාමු ගණනාවක් ඇතත්, කුඩා දරුවන්ගේ අසරණ මුහුණ සහ ඔවුන්ගේ පාසලේ ඇති අඩු පහසුකම්, ( ඇතැම් දරුවන්ට හි`ද ගැනීමට පුටුවක්වත් නැත.) ඔවුන්ගේ අන්ත දුගී බව අප සිත් සසල කරවයි. කෙන්යාවේ පමණක් නොව ලංකාව ඇතුළු බොහෝ ධනවත් රටවල පවා ආදායම් බෙදී යාමේ විෂමතාවය හේතුකොට ගෙන මිනිසුන්ට වි`දිය හැකි දරුණුම වේදනාවන් කායිකව සහ මානසිකව විඳිමින්, කුසගින්නේ මිය යන අවස්ථා එමටය. දේශපාලන ක‍්‍රම වල ඇති විෂමතා, ජනතාවගේ ඡුන්දයෙන් බලයට පත් වූ පසු තම මඩිය ගැන පමණක් සිතීම, එකිනෙකාගේ න්‍යාය පත‍්‍ර මේ ආදී විවිධ කාරණා විශේෂයෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමට රජයන්ට නිසි වැඩ පිළිවෙලක් නොමැති වීම, සියළු සැප සම්පත් එක් සමාජ කොටසකට පමණක් කේන්ද්‍රීය වීම නිසා මිනිසුන් ඇතැම් විට සතුන්ටත් වඩා පීඩා විඳී.

මේ ආදී විවිධ කරුණු සංකල්ප ඔස්සේ මනා සංස්කරණයකින්, විදග්ධ අධ්‍යක්ෂණයකින්, චිත‍්‍රපටයේ ප‍්‍රකාශනය තීව‍්‍ර කරන සංගීතයකින්, අති දක්ෂ රංගන, තාක්ෂණික අංශයන්ගෙන් පොහොසත් The first Grader චිත‍්‍රපටය ඔබ මේ සමාජයේ නියෝජනය කරන චරිතය කුමක් වුවත් ඔබ නරඹා අවබෝධ කර ගැනීම වටී.

The first Grader චිත‍්‍රපටයේ දායකත්වයෙන් කොටසක්.

අධ්‍යක්ෂණය        - ජස්ටින් චාම්වික්
පිටපත               - ඇනා පිංකාක්
කැමරා අධ්‍යක්ෂණය - රොබ් හාඩි
සංස්කරණය         - පෝල් නයිට්
සංගීතය             - ඇලෙක්ස් හෙෆස්
රංගනය             -   ඕලිව මුසිලා
                   නයෝමි හැරිස්
                ටෝනි කරෝගේ
               ලවන්ඩර් ජවාර්

සමාවෙන්න රිසානා !

සියලු දෙය දවස් දෙක තුනක් තුළ  අමතක කරන අනෙක් අයට  වඩා වෙනස් ශ්‍රී ලංකාවේ අපි රිසානාගේ මරණයට අර්ථයක් සපයයිද? අද රිසානා ජීවිතයෙන් වන්දි ගෙවුවද ඇය  වැනි දුප්පත් කමින් පීඩිතව විදේශ ගත වන තරුණ වැඩිහිටි  ජීවිත වලටද වන අතවර, කෲර වැඩ හිංසා, මරා දැමීම් නවතීද?
| නිපුනිකා මෙලන්ති ප්‍රනාන්දු 
 
ටික කලක සිටන් ලියන්නට නිමිති මුණ ගැසුණත් , යමක් ලියන්න සිත බලකරත් කිසිවක් නොලියා සිටියේ කම්මැලි කමට සහ යම් කිසි දරුණු කලකිරීමකින් පෙළුණු නිසා යැයි  මට සිතෙයි. නමුත් " මවුස් " චිත්‍රපටය නැරභීමට ගොස් එම කෘතීය පිළිබඳව  පුදගලිකව මට ඇති වූ අදහසින් පීඩාවට පත් වී නිවසට පැමිණි විට කන වැකුණේ මාගේ හදවත එක වරම තියුණු ආයුධයකින් කපා කොටා දමනවා වැනි වේදානාවක් ගෙනදෙන පුවතකි. මා හට ඇති වූ දැඩි වේදනාවාත්, කල කිරීමත් තුළ  කිසිවක් කර කියා ගත නොහැකි පරාජිත, හිස කළු ගසක ගසා ගත යුතු යැයි  හැඟෙන සියලු ආකාර වලින් හැඟීම්  දැනුනි.  එත් එක්කම මෙය හුදු කඳුළු සැලිය යුතු අවස්ථාක්  නොව දේශපාලනික විසඳුමක් අවැසි කාරනාවක් බව පසක් විය. මා පෙලූ ප්‍රධාන කරුණ වන්නේ රිසානාගේ මරණය මෙතරම් සරලව ආශ්චර්යෙන් පිරි භුමියේ සංවේදී වැසියන්  සලකන්නේ කෙසේද යන්නයි.

 මේ ගැන  අවට සිටි බොහෝ දෙනෙක් සමඟ කතා කළ  මා  ඒ සංවාද අවසන්  කරනු ලැබුවේ ඔවුන් සමඟ සිත් අමනාපයෙනි. මාගේ මාධ්‍යවේදී මිතුරෙකුට රිසානා ගැන යමක් ලියන්න යැයි පැවසු විට ඔහු කීවේ, ඔහුට ඒ ප්‍රශ්න දැනෙන්නේ නැති බවය;  නිවසට ආ අමුත්තෙකු සමඟ කතා කළ  විට ඔහුගේ අදහස වූයේ ලංකාවේද සවුදි අරාභියේ මෙන් නිතී තිබුනානම් අද ලංකාව සැබෑ ආශ්චර්යක් කියාය; තවත් මිතුරියකගේ අදහස වූයේ මරණ නම්  කීයක් වෙනවාද කියාය. පාසල් මිතුරියන් දෙදෙනෙකුට මේ ගැන පැවසු විට ඔවුන් රිසානා යනු කවරෙක්දැයි ඇසූහ.

මේ ආකාරයෙන් අහල පහල ගැවසෙන වුන්ගේ මානසික මට්ටමත් , මනුෂ්‍ය මට්ටමත්, දේශපාලනික සහ සමාජීය අවබෝධයත් මා වටහා ගත්තෙමි. දෙවනුව මේ ගැන මාගේ මුහුණු පොතේ යහළුවන් සමඟ කතා කළ  යුතු යයි සිතු මම මුහුණු පොතේ සරි සරන්නට සිතා එහි ගියෙමි. සැබෑ ආශිචර්යකි. ලෝක කුසලානයත්, ලෝක විනාශයත් තම ජීවිතය කරගෙන අදහස්, පෝස්ටර්, කාටුන්  ආදී විවධ දෑ  බෙදාගත් මුහුණු පොතේ මිතුරන් විශාල ප්‍රමාණයක් අතරින් රිසානා  ගැන වචනයක් හෝ පල කර තිබුනේ දෙදෙනෙකු පමණි. දැඩි ලෙස සිතින් කම්පා වුණු  මා රිසානා ගැන පොඩි අදහසක් මුහුණු පොතේ පල කරමි. ඔවුන් යුහුසුළුව රිසානාව මතක් කළාට  මට තුති පුදා ඔවුන්ගේ සුපුරුදු ෆැන්ටසිමය ලෝක වල පා වුණි. අහෝ දුකකි, ඉරකි, තිතකි.  බොහෝ පිරිස් තර්ක කළ කරුණක් වූයේ ශරීය නිතීය ඕනෑම රටකට ඉතා සුදුසු බවත්, ලංකාවේ රැකියා බහුලව ඇති විට විදේශගත වූ රිසානා වැනි අහිංසක තරුණ තරුණියන්, වැරදි බවත්ය. මෙරට රැකියා වියුක්තිය පිලිබඳ මා පවසද්දී රැකියා බහුල යැයි මට ඔප්පු කර පෙන්නනටද සැරසෙයි. මෙවන් චින්තනයන් සහිත වැසියන් අතර ජීවත් වන්නට බියක් මට නොදැනුනාද නොවේ.  මන්ද හෙට දින ආඩම්භරකාර තාත්තා අහිංසක මාගේ හිස ගසා දැමීමට තීරණය කළහොත් මේ සංවේදී වැසියෝ ඒ සඳහා කඩුවක් මුහත් කර එය රන් තැටියක තබා 'තාත්තාට'  පුදන බැවිනි.

සියලු දෙය දවස් දෙක තුනක් තුළ  අමතක කරන අනෙක් අයට  වඩා වෙනස් ශ්‍රී ලංකාවේ අපි රිසානාගේ මරණයට අර්ථයක් සපයයිද? අද රිසානා ජීවිතයෙන් වන්දි ගෙවුවද ඇය  වැනි දුප්පත් කමින් පීඩිතව විදේශ ගත වන තරුණ වැඩිහිටි  ජීවිත වලටද වන අතවර, කෲර වැඩ හිංසා, මරා දැමීම් නවතීද? තමන්ගේ දරුවා මැරෙන බව දැන  දැන  තව කෙතරම් දෙමාපියන් පිරිසකට බලාගත් අත  බලාගෙන සුසුම් ලන්නට වේද? රිසානාට සංවේදී නොවුනේ ඇය සිංහල බෞද්ධ හෝ සිංහල කතෝලික නොවූ නිසාද? චිත්‍රපටයක් අල්ලාගෙන කොළඹ පාරක් පාරක් පාසා කෑ  ගැසූ  මුසල් මානුවෙනි, ඔබගේ ඇදහිල්ල අඳ නොවේද? මිනිසෙක්ට තවත් මිනිසෙක් වැරදි යයි තීරණය කොට මරා දැමීමට අයිතියක් ඇත්තද? සැබෑ විනිශ්චය කා සතුද? තාරුණ්‍යයේ රස සොයන සහෝදර සහෝදරියනි, රිසානාගේ තාරුණ්‍ය ගැන ඔබේ අදහස කුමක්ද? කාර්ය බහුල ජීවිත ඇතුලේ මංමුලා වී දුවන සැමටමයි මී ආයාචනය, එන්න 1988 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවේ මුතුර් හී උපත ලදුව 2013 ජනවාරි 09 වන දින සවුදු අරභියේ, අල්ධවාහ්  හී හිස ගසා මරා දැමු රිසානා නෆීක් ළඟ නවතින්න. ජීවිතයේ මඟ හැරුණු බොහෝ දේවල් සොයා ගන්නට පුළුවන් වේවි.

නිපුනිකාගේ විෂ්මලන්තයේ ආශ්චර්ය - ( වාර්තාමය කෙටි චිත්‍රපටය)

නිපුනිකා මෙලන්ති ප්‍රනාන්දු
ඇයට වයස අවුරු 22ක් පමණි . වෙන්නප්පුවේ ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හැදෑරීය.  ඇය ස්ව උතසහයෙන් වාර්තාමය චිත්‍රපට නිපදවීමට පටන් ගෙන වසර කිහිපයක් ගත වී ඇත. චිත්‍රපටකරණය ගැන හැදෑරීම සඳහා කිසිම අධ්‍යාපන ආයතනයකට තවමත් සම්බන්ධ වී නොමැති  ඇය මේ වන විටත් තම නිර්මාණ හැකියාවන් පෙන්වා ඇත.  නිපුනිකා මෙලන්ති ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ  අලුත්ම වාර්තාමය කෙටි චිත්‍රපටය නම් කොට ඇත්තේ විෂ්මලන්තයේ ආශ්චර්ය හෙවත් Miracles in Wonderland ලෙසය . කාලින ගැටලුවක් විෂය කරගන්නා ඇය ඉතා කෙටි කාලයක් තුළ ලංකාවේ මෑත කාලයේ බහුලව අභියෝගයකට ලක් වී ඇති සමාජ සිද්ධියක් ගෙන හැර දක්වයි.

අඩු පහසුකම් වලින් නිම කොට ඇති අදාළ නිර්මාණය නිර්මාණකරනයේ යෙදෙන්නියකගේ ප්‍රාථමික අවධිය ස්වාභාවිකවම හඳුනා ගත හැකි වුවත් මෙය අතිශය වැදගත් සේම වටිනා ආරම්භයක් ලෙස කිව හැකිය.

නිර්මාණ කරණයට ඇති ආගන්තුක බව මෙන්ම සිදු වීම ගැලපීමේදී පාඨකයාට කුතුහලය දැන්වීමට පෙර අධ්‍යක්ෂකවරිය විසින් පාඨකයා සහ සිදුවීම අතර ඇතැම් අවස්තාවලදී පැවතිය යුතු සම්බන්ධය කඩා තිබීම පෙර කී ආගන්තුක බවේම ගතියකි.

කෙසේ වෙතත් මෙය නිපුනිකාගේ පමණක් නොව ලංකාවේ සිටින තරුණ නිර්මාණ කරුවන් තම අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තෝරාගන්නා මාධ්‍ය තුළ තම හැකියාව පෙන්වීමට කරන උත්සාහයේ වැදගත් ස්ථානයකි. මේ ආකාරයෙන් රටේ බිහිවෙන නව හැකියාවන් ඇති පිරිස් නව නිර්මාණ කරණය සඳහා පෙළඹවීම අප කාගේත් යුතු කම වේ. නිර්මාණකරුවන් තැනිය නොහැකිය ඔවුහු සමාජ වටපිටාවන් සහ සිද්ධි මුලික කරගනිමින් බිහිවෙන අය වෙති. නිපුනිකාට ලංකා ගාර්ඩියන් හී සුභ පැතුම්.

Miracles in Wonderland


 Please click here to watch this on YouTube