මියගිය තරුණයාගේ අවමංගල්‍ය කටයුතුවලට අධිකරණ නියෝගයක්‌

නිලන්ත මදුරාවල

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කළ උද්ඝෝෂණයේදී පොලිස්‌ වෙඩි තැබීමෙන් මියගිය රොෂෙන් ශානක තරුණයාගේ අවමංගල්‍ය කටයුතුවලට අදාළව මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේ. කේ. ඒ. වී. ස්‌වර්ණාධිපති මහත්මිය නියෝගයක්‌ නිකුත් කර තිබේ. එම නියෝගයට අනුව තරුණයාගේ මෘත දේහය නිවසේ සිට දේවස්‌ථානය දක්‌වාත් ඉන්පසුව සුසාන භූමිය දක්‌වාත් හැර වෙනත් කිසිදු ස්‌ථානයකට රැගෙන යා නොහැකි වන අතර අවසන් කටයුතු හෙට (04 වැනිදා) සවස 3 ට සිදු කළ යුතු වේ.

එමෙන්ම අවමංගල්‍ය සභාවේදී තරුණයාගේ සහෝදරයකුට හා රෝමානු කතෝලික පියවරුන්ට හැර වෙනත් කිසිවකුට කතා පැවැත්වීමට අවසර නොලැබේ. තරුණයාගේ සහෝදරයාට ද අවසර දී ඇත්තේ ස්‌තුති කතාව සඳහා පමණි.

අවමංගල්‍ය කටයුතු අවසන්වනතුරු මිනුවන්ගොඩ අධිකරණ බල සීමාව තුළ නිතීය හා සාමය කඩවන අන්දමේ සියලු උත්සව, රැස්‌වීම් සහ පෙළපාලි තහනම් කිරීමටද මහෙස්‌ත්‍රාත් ස්‌වර්ණාධිපති මහත්මිය නියෝග කර තිබේ.

Tell a Friend