පොදු විසඳුමකට දෙමළ පක්ෂ යලි රැස් වෙයි

මෙරට දෙමළ ජනතාවගේ ගැටලූ සඳහා පොදු විසදුමක් ලබාගැනීම සඳහා වන දෙමළ පක්ෂ එකමුතුව අද යළිත් රැස් වෙනු ඇත. කොළඹ පැවැත්වෙන මෙම හමුවේදී වැදගත් තීරණ රැසකට එළඹීමට සූදානම් බවයි එම පක්ෂ එකමුතුවේ නියෝජිත එම්.කේ. සිවාජිලිංගම් ප‍්‍රකාශ කළේ. දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.එම්.කි‍්‍රෂ්ණා සමග සාකච්ඡා කිරීමට ද ඔවුන් අදහස් කරන බව එහිදී සඳහන් විය. කෙසේ නමුත් මෙතෙක් ඒ සඳහා කාලවේලාවක් දැනුම් දී නොමැති බව එම්.කේ.සිවාජිලිංගම් කිවේය. මෙම දෙමළ දේශපාලන පක්ෂ එකමුතුවට දෙමළ ජාතික සන්ධානය මෙතෙක් එක් වී නොමැත. එහෙත් ඒ සඳහා එක්වන ලෙස ඔවුන්ට ඉන්දියාවෙන්ද බලපෑමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මෙම දෙමළ දේශපාලන පක්ෂ එකමුතුවට සම්බන්ධවීම පිළිබඳව සුබවාදීව සළකා බලන බව දෙමළ ජාතික සන්ධානය පසුගියදා ප‍්‍රකාශ කළේය. Tell a Friend