The Most/Recent Articles

Showing posts with label Journalism. Show all posts
Showing posts with label Journalism. Show all posts

පත්තර මහගෙදර‍ ලොකු අක්කා

අප කවදත් ඇය ඇමතුවේ පුෂ්පා අක්කා යන ආදරණීය නාමයෙනි. මේ හදිසියේ පුෂ්පා අක්කා ගැන ලියන්නට සිත් වූයේ ඈ ගැන නොලියා සිටියොත් එය අප කළ ලොකු වරදක් බැවිනි.

“පත්තර රස්සාව ලේසි නෑ... ඕවා ගැනුන්ට කරන්න පුළුවන් දේවල් නොවෙයි.” මීට අවුරුදු විස්සකට පමණ පෙර ගුරුවරියක කීවේ හිතට දුකක් කැන්දමිනි. එහෙත් ඒ ආසාව අත්හැර දමන්නට කිසිවිටෙකත් අදහසක් නොවිණි. හේතුව වූයේ ඒ වන විටත් ක්ෂේත්‍ර යේ නම දිනා සිටි පත්තර ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය දුටු බැවිනි. රස්සාවේ ස්වාභාවය කෙබඳුදැයි හරි හැටි අවබෝධයක් නොවුණද ශ්‍රියා රත්නාකාර, සුමනා සපරමාදු, අනුලා ද සිල්වා, කරුණ පෙරේරා ආදි වූ ලේඛිකාවන්ගේ හුරුපුරුදු නම් සඟරා පුවත්පත් ආදියෙන් හමු වන විට සිතට අමුතු සතුටක් දැනෙමින් තිබිණි.



කාලය ගෙවිණි. පාසල් කාලය නිමා වී ලේක්හවුසියට පැමිණි අලුත පුවත්පත්වල සේවය කරන කාන්තාවන් දුටු විට සිතට දැනුණේ සතුටකි. ජනතා සවස පුවත් පතේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස වැඩකරන්නට ගත් විට ඉදහිටක දිනමිණ කර්තෘ මණ්ඩලයට යන්නට ද අවස්ථාව ලැබිණි. ඒ යන්නේ කුමක් හෝ තොරතුරක් දැන ගැනීමටය. එකල දිනමිණේ හඳුනන කිසිවෙක් නොවූහ. නමුදු යමක් දැනගැනීමට හෝ පුංචි ප්‍රවෘත්තියක් පළ කරගැනීමට සිතා දිනමිණ කන්තෝරුවට යන විට මුලින්ම ඇස ගැසෙන්නේ ඇගේ රුවයි. ඒ මුහුණේ කවදත් ඇත්තේ එකම සිනහවකි. ආවේ කුමකටදැයි අසන්නේ ඒ සිනහවයි.

ආධුනිකයන් වුවද ඇය කිසිදිනෙක කළ ඉල්ලීමක් අහක දැමුවේ නැති වා සේම පසු දිනෙක කොරිඩෝවකදී හමුවුවොත් ‘අන්න අරක පළ වුණා’ යැයි කියන්නේ සුපුරුදු සිනාවෙනි. එකල ඇගේ තනතුර කුමක්ද, ඇය කවුද කියා හරි හැටි දැන සිටියේ නැත. නමුදු ඕනෑම වේලාවක සිනහමුසු මුහුණින් සුහද බවින් කාටත් උදව් කරන බව පමණක් දැන සිටියෙමි.

අප කවදත් ඇය ඇමතුවේ පුෂ්පා අක්කා යන ආදරණීය නාමයෙනි. මේ හදිසියේ පුෂ්පා අක්කා ගැන ලියන්නට සිත් වූයේ ඈ ගැන නොලියා සිටියොත් එය අප කළ ලොකු වරදක් බැවිනි.

2019 වසර අන්තිම දින අැය අප කන්තෝරුවට ආවාය. ඒ පැමිණියේ ද මුල්ම දවසේ මා ඇගෙන් දුටු සිනහව මුව රඳවාගෙනමය.

“අද මම යනවා.”

ඇය එකිනෙකා ළඟට ගොස් බොහෝ නිහතමානිව ආචාර කර සමුගන්නට වූවාය. පුෂ්පා අක්කා දිනමිණ කතුකම හමාර කොට වසර හතළිස් තුනක ලේක්හවුස් ජීවිතයට සමු දුන්නේ එසේය.

1977 වසරේදී ලිපිකාරිනියක ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණු පුෂ්පා සුලෝචනා රොවෙල් පසුව දිනමිණ කර්තෘ මණ්ඩලයට බැදුණාය. උප කර්තෘවරියක, ඉන් පසු නියෝජ්‍ය කතුවරියක ලෙසින්ද දිනමිණ පුවත්පතේ සේවය කළ පුෂ්පා රොවෙල් මහත්මිය පසුව දිනමිණ නියෝජ්‍ය කර්තෘ ලෙසින්ද, සම කර්තෘ ලෙසින්ද කටයුතු කළාය. 2015 වසරේදී ඇය දිනමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරිය බවට පත් වන්නේ මෙරට පුවත්පත් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමිනි. එනම් සිය වසකට වවා පැරණි දිනමිණ ජාතික පුවත්පතේ ප්‍රථම කතුවරිය වීමේ භාග්‍යවන්ති වෙමිනි. එමෙන්ම ඇය ලේක්හවුස් ආයතනයේ සියලුම සිංහල පුවත්පත්වල කර්තෘවරිය ලෙස ද කටයුතු කළාය.

ලීවිමේ දක්ෂතා දැක්වූ ඇය දිගු ගමනක් පැමිණියාය. ඇය පත්තර මහ ගෙදර ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදිනිය වූවාය

“දැන් මගේ වයස අවුරුදු හැත්තෑ එකයි. මම අවුරුදු හතළිස් තුනක් පත්තර මහගෙදර මාධ්‍ය ජීවිතයක් ගත කළා. පාසල් කාලේ ඉඳලාම මම ලිවීමට කැමැත්තක් දැක්වූවා. ලේඛනයේ නිරත වුණා. ඒත් කිසිම දවසක මම මාධ්‍යවේදිනියක වෙනවා කියලා හිතාගෙන හිටියේ නැහැ. මම හැමදාම මට ලැබුණ තනතුරේ මට පුළුවන් උපරිමයෙන් අවංකව සේවය කෙරුවා. මගේ ජීවිත කාලයෙන් හතරෙන් තුනක් ගෙවුණේ ලේක්හවුස් ආයතනයේ. මම බිරිඳක්, මවක්, මිත්තනියක් ලෙසින් මට මගේම කියලා පවුලක් තිබුණට මගේ දෙවැනි ගෙදර වුණේ පත්තර මහගෙදර. මම පවුල් ජීවිතයත් රස්සාවත් සමබරව ගෙන ගිය කෙනෙක්. මගේ සැමියා අවුරුදු 31ක් මේ ආයතනයේ සේවය කළා. ඔහුගේ පියා ලේක්හවුස් ආයතනයේ ආදී කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ කාලයේ සිට වසර හතළිහක් ලේක්හවුස් ආයතනයේ සේවය කර තිබෙනවා. මගේ මල්ලිත් මේ ආයතනයේ වසර විස්සක් සේවය කළා. මම හැමදාම ලේක්හවුස් ආයතනයට ආදරෙයි. ගෙවුණ කාලය තුළ මම මගේ මාධ්‍ය ජීවිතය ‍ෙබාහෝම තෘප්තිමත්ව කළා. මම ලේක්හවුස් ආයතනයට පැමිණියේ රණපාල බෝධිනාගොඩ මහතා සභාපතිත්වය දැරු කාලයේ. ජීවිතයේ කවදාවත්ම පත්තර මහගෙදර ගත කළ ජීවිතය මට අමතක වෙන්නේ නෑ.”

විශ්‍රාමික එළැඹ ගත වූ තුන්වැනි දිනයේදි හිටපු දිනමිණ කතුවරිය පැවැසුවේ එසේය. කවදත් තනතුර හිස මත තබා නොගත් ඇය කා සමඟත් සුහදව කටයුතු කළාය. දිනමිණ වන් ඉතිහාස ගත පුවත් පතක ප්‍රධාන කතුකම හෙඹවූවද ඇය පත්තර මහ ගෙදර හැමටම කවදත් “පුෂ්පා අක්කා ම” විය. කවුරුත් ඇයට එසේ ඇමතුවේ ළෙන්ගතුකමනි.

දශක හතරකට වැඩි කළක් පත්තර මහගෙදර හැඩ කළ ආදරණීය පුෂ්පා අක්කේ, ඔබට නිදුක් නීරෝගී බව ලැබේවා!

ඉසවි ( උපුටා ගැනීම : සිළුමිණ ) 

රුපවාහිනී නාලිකා ප්‍රවෘත්ති

සියත සහ ස්වර්ණවාහිනියේ පුවත් විකාශයන් වල ඇති ගුණාත්මකබාවයට අපේ ප්‍රණාමය


කතු වැකිය 

මෙරට රුපවාහිනී නාලිකා  විශාල ප්‍රමාණයක් තිබේ. ඉන් ප්‍රධාන පෙළේ සිංහල නාලිකා හතක් පමණ තිබේ. ඒවා සියල්ලම විවිධාකාරයේ වැඩසටහන් විකාශණය කරනු ලබන අතර, මෙරට ජනතාවගෙන් සැලකිය යුතු කාලයක් කුමන හෝ නාලිකාවක් ඍජුව හෝ එම නාලිකාව විසින් පවත්වාගෙන යන යූ ටියුබ් වැනි සමාජජාල වෙබ් අඩවික් විසින් ආකර්ශනය කරගනු ලබන්නේය.  එසේම, මෙරට නාලිකා වලින් නිපදවන වැඩසටහන් බොහෝමයක් රටේ ජනතාවගේ ආකල්ප සහ හැඟීම් සඳහා කුමන හෝ ආකාරයකින් බලපෑම් සිදු කරනු ලබයි. මේ නිසා මෙම සියලුම නාලිකා වලට ඇති වගකීම සුළුපටු නොවේ.


රූපවාහිනියේ ඉතිහාසය ආකර්ශනීයය. ලොව ප්‍රථම විද්‍යුත් රූපවාහිනිය නිර්මාණය කරන ලද්දේ 21 හැවිරිදි නව නිපැයුම්කරුවෙකු වූ ෆිලෝ ටේලර් ෆාන්ස්වර්ත් විසිනි. ෆාන්ස්වර්ත් වයස අවුරුදු 14 වන තෙක් විදුලිය නොමැති නිවසක ජීවත් වූ බව සඳහන් වේ. උසස් පාසලේ සිට ඔහු චලනය වන රූප ග්‍රහණය කර ගැනීමටත්, එම රූප කේත බවට පරිවර්තනය කිරීමටත්, එම රූප ගුවන් විදුලි තරංග ඔස්සේ විවිධ උපාංගවලට ගෙනයාමටත් හැකි ක්‍රමයක් ගැන සිතන්නට පටන් ගත්තේය. ඔහුට අමතරව, රුසියාවේ බොරිස් රෝසිං විසින් ෆාන්ස්වර්ත්ගේ පළමු සාර්ථකත්වයට වසර 16 කට පෙර රූප සම්ප්‍රේෂණය කිරීමේදී සරල අත්හදා බැලීම් කිහිපයක් සිදු කර ඇත. එසේම, සර්පිලාකාර රටාවකින් සකස් කර ඇති සිදුරු සහිත භ්‍රමණය වන තැටියක් භාවිතයෙන් රූප පරිලෝකනය කරන යාන්ත්‍රික රූපවාහිනී පද්ධතියක් එංගලන්තයේ ජෝන් ලොජි බෙයාඩ් සහ එක්සත් ජනපදයේ චාල්ස් ෆ්‍රැන්සිස් ජෙන්කින්ස් විසින් 1920 ගණන්වලදී නිරූපණය කරන ලදී.  

කෙසේ වෙතත්, ඒ දක්වා සොයාගත් ඕනෑම යාන්ත්‍රික රූපවාහිනී පද්ධතියකට වඩා ෆාර්න්ස්වර්ත් සැතපුම් ගණනක් ඉදිරියෙන් සිටියේය. ෆාර්න්ස්වර්ත්ගේ පද්ධතිය ඉලෙක්ට්‍රෝන කදම්භයක් භාවිතා කරමින් චලනය වන රූප ග්‍රහණය කර ගත්තේය. රූපවාහිනිය මගින් සම්ප්‍රේෂණය කළ පළමු රූපය සරල රේඛාවක් විය. පසුව, ෆාර්න්ස්වර්ත් ප්‍රසිද්ධියේ තම රූපවාහිනිය භාවිතා කරමින් ඩොලර් ලකුණක් සම්ප්‍රේෂණය කළේ ආයෝජකයෙකු ඔහුගෙන්, “ෆාර්න්ස්වර්ත්, අපි මේ සඳහා ඩොලර් කිහිපයක් දකින්නේ කවදාද?” යනුවෙන් ඇසූ පසුය.

1926 සිට 1931 දක්වා කාලය තුළ යාන්ත්‍රික රූපවාහිනී නව නිපැයුම්කරුවන් ඔවුන්ගේ නිර්මාණ අඛණ්ඩව වෙනස් කර පරීක්ෂා කළහ. කෙසේ වෙතත්, නවීන විදුලි රූපවාහිනී වලට සාපේක්ෂව ඒවා සියල්ලම යල්පැන ගොස් ඇත: 1934 වන විට, සියලු රූපවාහිනී විද්‍යුත් පද්ධතියට පරිවර්තනය කර තිබුණි. ඉන් පසු සිදු වූ විවිධ වෙනස්කම් සහ සොයා ගැනීම් ඔස්සේ, රූපවාහිනිය සමාජයේ මූලික මෙවලමක් බවට පත්විය. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරනු ලැබුවේ, 1979 දීය. අනිල් විජේවර්ධන සහ ෂාන් වික්‍රමසිංහ විසින් ආරම්භ කළ 1979 අප්‍රේල් 15 වන දින විකාශනය ආරම්භ කළ රටේ ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනී ජාලය ආරම්භ කරන ලදී.  ඉන් පසු 1982 දී ජාතික  රූපවාහිනිය ආරම්භ විය.  පෞද්ගලික රූපවාහිනී නාලිකා විකාශනය කිරීමට අවසර දෙන තෙක් 1992 දක්වා රජය රූපවාහිනී විකාශනයේ ඒකාධිකාරයක් පවත්වා ගෙන ගියේය. නමුත්, කැපිටල් මහාරාජා සහ සිංගප්පූරු විදුලි සංදේශ සමාගම අතර හවුල් ව්‍යාපාරයක් ලෙස මහාරාජා ටෙලිවිෂන් (එම්ටීවී) පළමු පුද්ගලික රූපවාහිනී නාලිකාව ආරම්භ විය. එතැන් සිට ශ්‍රී ලංකාවේ බොහෝ නව රූපවාහිනී මධ්‍යස්ථාන ආරම්භ විය. ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ජාල ගණනාවක් ද ඇත. 
රූපවාහිනීය සහ ඊට පණිවිඩ ලබා දෙන නාලිකා තාක්ෂණික වශයෙන් සීඝ්‍රයෙන් ඉදිරිය ගොස් ඇති අතර ග්‍රාහකයා වෙත පණිවිඩ ලබාදීම ඉතාම වේගවත් කරමින් මිනිය නොහැකි තරගකාරීත්වයක් මෙම නාලිකා අතර නිර්මාණය වී තිබේ. කෙසේ නමුත්, බොහෝ නාලිකා වලින් නිපදවන වැඩසටහන් වල අන්තර්ගතය ඉතාම දුර්වල මට්ටමට වැටී තිබේ.එසේම බොහෝමයක් නාලිකා වල සේවය කරණ පුද්ගලයින්ට ලැබෙන වැටුප් ප්‍රමාණය සහ ඔවුහුට තම ජීවිකාව ගැටගසා ගැනීමට ඇති නිදහස ඉතාම සීමා කොට තිබේ. හේතු ගණනාවක් හේතුවෙන්, මෙම ක්ෂේත්‍රය විශාල කඩා වැටීමකට ලක්වී තිබේ. 

මීට දශක තුනකට පමණ පෙර මෙරට තිබු උසස් මාධ්‍යය භාවිතය ඉතාම කනගාටුදායක අන්දමින් සමාජයෙන් ගිලි හී ගොස් ඇත. ඒ වෙනුවට ඉතාම දුර්වල සහ ව්‍යාකූල මාධ්‍යය භාවිතයක් වෙතට සමස්ථ රටම තල්ලු කොට තිබේ. විශේෂයෙන් බොහෝ මාධ්‍ය ආයතන, තම යැපීම සඳහා විවිධ ආකාරයේ කොන්ත්‍රාත්තු භාරගෙන සිටින පුද්ගලයින්ගේ ගොදුරු බවට පත් වී ඇති අතර ඔවුහු බොහෝමයක් තම පටු අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ජනමාධ්‍යය මෙවලමක් ලෙස භාවිතා කරනු ලබයි. 

රූපවාහිනී නාලිකා, ප්‍රචණ්ඩත්වය සහ ලිංගිග හැඟීම් උත්සන්න කරන අන්තර්ගතයන් වලට වැඩි නැඹුරුවක් දක්වන අතර කඳුලක් පෙන්වීමෙන් තොරව වැඩසටහනක් නිමා නොකිරීමට බොහෝ රූපවාහිනී නාලිකා කටයුතු කරති. අපරාධයක් සිදු වූ තැනක අපරාධය සිදු වූ ආකාරය පමණක් නොව එවැනි සංවේදී අවස්ථාවක වැළපෙන පුද්ගලයින්ට මූලිකත්වය ලබා දෙමින් තම වාර්තාකරණයේ යෙදෙති. මෙය, ඕනෑම මනුෂයෙකුට හිමි මූලික අයිතියක් වන තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය දරුණු ලෙස උල්ලංඝණය කිරීමකි. එසේම, විවිධ දේශපාලන න්‍යාය පත්‍ර මුදුන් පමුණුවා ගැනීම සඳහා, ඕනෑම සිද්ධියක අන්තර්ගත කරුණු, තමන්ට අවශ්‍යය ආකාරයෙන් අරුත් ගැන්වීම නිතරම පාහේ අත්විඳිය හැකි කාරණයකි. 

මෑතකදී එක් චීන ජාතික මාධ්‍යයවේදියකු මෙරට මාධ්‍යය ගැන අපුරූ විග්‍රහයක් කරනු ලැබීය. මෙරට මාධ්‍යය ආයතන  පුවත් තැනීම සහ එය ග්‍රාහකයා වෙත ලබාදෙන ආකාරය පුදුම සහගත බවත් ඒ බොහෝමයක් පුවත් ඔවුහු එකිනෙකාගේ හුදු නිර්මාණයන් බවත් ඔහු සඳහන් කළේය. නමුත් චීනයේ එවැනි සෙල්ලම් කළ  නොහැකි බවත්, කරුණු ප්‍රකාරව ඕනෑම පුවතක් පල කිරීමට මාධ්‍යයට සහ සමාජ මාධ්‍යය ජාලා වලට ඉඩ ඇති බවත් ඔහු කියන්නේය. මේ රටේ පුවත් යනු ඇතැම් මාධ්‍යය වේදීන්ගේ සහ ඔවුහුට තොරතුරු සපයන මූලාශ්‍ර වල සිතුවිලි සහ මවාපෑම් මිස සත්‍යය තොරතුරු නොවන බව බොහෝ දෙනෙකුගේ හැඟීමය. මේ හේතුව නිසා මාධ්‍යයට සහ මාධ්‍යයවේදීන්ට තිබු පිළිගැනීම සහ ගරුත්වය ඉතාම පහත් මට්ටමට වැටී තිබේ.

අපට මෙම නාලිකා වලින් ඉල්ලීමට විශාල දෙයක් නැත. නමුත් මේවා ඉතාම වැදගත් අන්දමින් වෙනස්විය යුතුය. පුවතක් ලබා ගැනීම සඳහා, මාධ්‍යවේදීන් දේශපාලනඥයින්ගේ මෝටර් රථය පැමිණෙන තෙක් බලා සිටිති. එහි වීදුරුව පහත්කොට  යමක් මාධ්‍යයට කියන දේශපාලනඥයින්ගේ කතාව රටේ ප්‍රධාන පුවත බවට පත් වේ. මෙම සිද්ධිය දැකීමෙන්ම, වෘත්තිමය සහ පන්තිමය වශයෙන් සමාජයේ පැළපදියම් වී ඇති වහල්භාවයේ අප්‍රසන්න බව ඔප්පු වේ. මෙවැනි පුරුදු වෙනස් කළ හැක්කේ මාධ්‍යය ආයතන වලට සහ මාධ්‍යයවේදීන්ටමය. ඔවුහු විවිධ බේද පසෙකලා තම රැකියාවේ ගරුත්වය වෙනුවෙන් පෙළ ගැසිය යුතුය. එසේ පෙළ ගැසී ඔවුහු ඔවුන්ගේම වගවීම වලට නතු විය යුතුය. එසේ සිදු නොවී, විවිධාකාරයේ පන්දම්කරුවන් බවට පත්වීමෙන්, ඉතුරුවන්නේ පසුතැවීම පමණි. 

මෙම නාලිකා වල ඇති අගුණ එක රැයකින් වෙනස් කළ නොහැකිය. නමුත් සියලුම දෙනාට අවශ්‍යය වෙනස් වීම කොතැනකින් හෝ ආරම්භ විය යුතුය. එය ආරම්භ කල හැකි හොඳම තැන දිනපතා සිදුකරන පුවත් විකාශය යැයි අපට වැටහේ. තම පුවත් විකාශයන් වල ගුණාත්මක බාවය රඳවා ගැනීමට සියත සහ ස්වර්ණවාහිනී නාලිකා සමත් වී තිබීම පැසසිය යුතු කාරණයකි. ඔවුහු තම පුවත් විකාශයන් මනා ලෙස ලෙස හැඩගස්වා ඇති අතර මෑතක සිට ප්‍රචණ්ඩකාරී හැඟීම් ඇවිස්සීමෙන් වැළකීම, තවකෙකුගේ පෞද්ගලිකත්වයට හානී කිරීමෙන් වැළකීම, ආදී යහගුණ ප්‍රගුණ කරමින් සිටින ආකාරයක් දක්නට ලැබේ.   එවැනි මට්ටමකට, අනෙකුත් නාලිකා සියල්ලටම පැමිණිය හැකි නම්, රටේ මාධ්‍යය ක්ෂේත්‍රයේ වෙනස් විය යුතු මූලික  දෑ කෙරෙහි සාමුහික ප්‍රයන්තනයක් දැරිය හැකිය. එවැනි සාමූහික වැඩපිළිවෙලක් සමාජ ප්‍රගමණයට හේතුවේ. එසේම මාධ්‍යවේදියාගේ රැකියාවේ ගරුත්වයට එය ඍජුවම බලපාන්නේය.  එවැනි වැඩපිළිවෙලකින් හැර මේ මඩවලෙන් ගොඩ ඒමක් අපට නැත.  

කිලී මහරාජා කාන්තාවක් යොදා මාව මට්ටු කිරීමට උත්සහ කළා --- තුසිත හල්ලොලුව

පුද්ගලික අරමුණු මත මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධවයි






තුසිත හල්ලොලුව

ස්වකීය ප්‍රවෘත්තිමය බංකොලොත්භාවයේ තරම මොනවට පසක් කරමින් 'සිරස' 2018. 07. 30 දින සිය ප්‍රධාන පුවතට අතිශය සාවද්‍ය කරුණක් මත මවෙත චෝදනා කරමින් ප්‍රවෘත්තියක් නිර්මාණය කොට තිබිණි. පළමුකොටම එකී ප්‍රවෘත්තිය හුදෙක් ද්වේශසහගත අවලාදයක් බවත්, ඉන් එහා එහි කිසිවක්ම නැති බවත් පවසනු කැමැත්තෙමි. මාධ්‍ය ආචාර ධර්මය පිළිබඳව සාතිශය ප්‍රාථමික තත්ත්වයන්වත් නොසලකා හරිමින් ගොතන ලද එකී පුවත තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි කියා දන්නේ නැත. එහෙත් කිසියම් අරමුණක් නැතිව ඔවුන් එවැන්නක් කරන්නේ නැත. ඒ නිසා මේ ගැන අවදානය යොමු කරනු වටී.

වර්ණකුමාර නැමැත්තෙක් කඩවත පොලිසියේ සුළු පැමිණිළි අංශයට කරන ලද පැමිණිල්ලක් පාදක කොටගෙන 'සිරසට' 'ලීඩ්' එකක් ලැබී ඇත. සිරස කියන පරිදි වර්ණකුමාර නැමැත්තා  පැමිණිලිකර තිබෙන්නේ මට එරෙහිවය. එවැනි පැමිණිල්ලක් තිබේදැයි කඩවත පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් මා විමසන විට ඔහු කියන්නේ එවැන්නක් නැති බවය.

මා පුද්ගලිකව හමුවීමට අවස්ථා කිහිපයකම ඈ උත්සාහ කළ අතර ප්‍රථම මෙන්ම අවසන් වරට අප සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඉදිරිපස ලොබියේදී පමණක් හමුවීමට මම එකඟ වීමි. එයද අදාළ කාන්තාවගේ බලවත් පෙරැත්තය නිසාය. එහිදී ඈ ඉල්ලා සිටියේ ‘අපේ බොස්ව මිනිත්තු 10ට හෝ හමුවන්න’ කියාය. මම ඊට එකඟ නොවූ අතර, ඈ කීවේ එසේනම් 'ෂෙවාන් ඩැනියෙල්' හමුවෙමු කියාය. ඊටද මගේ ප්‍රතිචාරය 'කෙසේවත් බෑ' යන්න පමණි.







 

ටික වේලාවකට පසු ඔහු නැවත කියා සිටින්නේ 'සුලු පැමිණිලි' අංශයට එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බවය. පැමිණිල්ල ප්‍රකාරව සටහන්ව තිබෙන්නේ යුවලක් ඔවුනගේ නිවසට පැමිණ වර්ණකුමාරව සෙවූ බවත්, එසේ සොයනු ලැබුවේ මවිසින් යොදවන ලද යුවලක් යැයි සැක සිතෙන බවත් ය. 'සිරසට' ප්‍රධාන 'සිරස' වූයේ මේ සිදුවීම ය.
මේ පැමිණිල්ල සහමුලින්ම විකාරයක් ය. නින්දෙන් හීනයක් දැක, ඒ හීනයෙන් දුටු මිනිසාව පොලිසියට අල්ලා දීමට යන අන්දමේ 'මන්ද මානසික' ව්‍යාධියකට ප්‍රතිකාර තිබෙනවාද කියා මා දන්නේ නැත. තිබෙනවානම් නොවලහා ඊට ප්‍රතිකාර කළ යුතුය. ඊටත් වඩා මෙවැනි විසුළු උලුප්පමින් ප්‍රවෘත්ති වාර්ථාකරණය කරමින් සිදුකරන මාධ්‍ය සදාචාරය පාදඩකරණය කරන්නන් ගැන අවබෝධයෙන් සිටිය යුතුය. මුද්‍රිත අකුරු ගැනත්, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ගැනත් ජන සමාජයේ කිසියම් විශ්වාසයක් පවතී. එය දඩමීමා කරගෙන උතුම් මාධ්‍ය ස්වකීය තිරස්චීන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නේනම් එය නින්දා සහගත වරදකි.

මාධ්‍ය භූමිකාව සහ ප්‍රවෘත්ති වාර්ථාකරණය පිළිබඳව 'සලකුණු' තැබූ ඉතිහාසයක් සිරසට තිබූ බව සැබවි. එහෙත් පුද්ගලික පටු අරමුණු වෙනුවෙන් මාධ්‍යකරණය යොදාගෙන සිරස ස්වකීය භූමිකාව කෙලෙසාගෙන ඇත. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන, ජනතාවට අයිති විද්‍යුත් තරංගමාලා ස්වකීය පටු අරමුණු වෙනුවෙන් යොදා ගැනීම පිළිකුල් සහගත ය.

එක්තරා පෞද්ගලික කාරනාවක් මත සිදු වූ පැමිණිල්ලක් පසුපස හඹා යන සිරසට සිය 'ප්‍රධාන' සිරස්තල කරගන්නට හැකි කාරණා කිහිපයක් පිළිබඳව ඉඟි ලබා දීමට අප අපේක්ෂා කරන්නේ අනෙකාගේ ඇසේ රොඩු සොයන්නට පෙර තමන්ගේ ඇසේ පරාලය සොයාගැනීම පහසු වෙතැයි සිතා ය.

නිවෙසට පැමිණ විමසා ගිය පලියට ඊට කිසිසේත් අදාල නැති හිතලුවක් පමණක් වු මාව එහි වග උත්තරකරුවෙකු කොට කරන ලද පැමිණිල්ල සහමුලින්ම ද්වේශ සහගත ය. පැමිණි පිරිස තර්ජනය කළාද? කිසියම් පීඩාවක් සිදු කළාද? මා ඊට ඈදා ගැනීමට හේතු කවරේද? කිසියම් සැක කටයුතු බවක් වේනම් පැමිණි අයගේ හැඳුනුම්පත් හෝ ඉල්ලන්නට නොසිතුණේ ඇයි?

කඩවත පොලිසියේ සිදු කළාය කියන 'සුළු පැමිණිල්ල' සම්බන්ධව මෙවැනි ප්‍රශ්න රැසකි.

එහෙත් 'පුද්ගලයෙකුට' පහර දීමට කරුණු තැනීමේ ඒකායන වුවමනාව මත කටයුතු කරන 'සිරස' මෙකී සිදුවීම කදිමට යොදා ගනී.

මේ සාවද්‍ය ප්‍රවෘත්ති නිර්මාණය පෞද්ගලික පලිගැනීමක් බව එකහෙලා සඳහන් කරමි.මෙය සිරස' හිමිකරු කිලී මහරාජාගේ ඒකායන උවමනාව මත සිදුවන්නකි. බාල වර්ගයේ 'බයිස්කෝප්' කතාවක ස්වරූපයෙන් එහි තිර නාටකය ඔවුන් ලියමින් සිටී.

මේ කෝන්තරය කලක සිට එන්නකි. කිලී මහරාජාගේ මැදිහත්වීමෙන් රුසියාවෙන් ගෙන්වීමට සූදානම් වූ නැව පිළිබඳව වූ තොරතුරු මාධ්‍යයට නිරාවරණය වූයේ මා නිසා යැයි ඔවුන් විශ්වාස කරයි. ඒ අනුව ඔහුගේ අනුදැනුම මත කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සේවය කරන එක්තරා සේවිකාවක් මා හමුවීමට එවීය. සමාජ ජාල මුහුණු පොත හරහා මිතුරු ඉල්ලීමක් යොමුකොට ඒ හරහා සබඳතාවයක් ගොඩ නඟා ගන්නට එකී මාධ්‍යවේදිනිය යොමු කරවූයේ සිරස පාලනාධිකාරය බව නොරහසකි. මා පුද්ගලිකව හමුවීමට අවස්ථා කිහිපයකම ඈ උත්සාහ කළ අතර ප්‍රථම මෙන්ම අවසන් වරට අප සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඉදිරිපස ලොබියේදී පමණක් හමුවීමට මම එකඟ වීමි. එයද අදාළ කාන්තාවගේ බලවත් පෙරැත්තය නිසාය. එහිදී ඈ ඉල්ලා සිටියේ ‘අපේ බොස්ව මිනිත්තු 10ට හෝ හමුවන්න’ කියාය. මම ඊට එකඟ නොවූ අතර, ඈ කීවේ එසේනම් 'ෂෙවාන් ඩැනියෙල්' හමුවෙමු කියාය. ඊටද මගේ ප්‍රතිචාරය 'කෙසේවත් බෑ' යන්න පමණි.

අනතුරුව ඈ මගෙන් 'රුසියන් නැව' පිළිබඳව තොරතුරු විමසුවාය. දිගින් දිගටම ඈ ඒ ගැන විමසූ කල්හි මා පැවසුවේ ‘ඔබ දන්න දේ පමණයි මාත් දන්නේ’ යනුවෙනි. අනෙක් කාරණය වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දැන්වීම ලබා ගැනීමට අයථා ක්‍රම හරහා ගත් උත්සාහයන් ව්‍යර්ථ වීමද මේ පහරදීමට හේතුවකි. එහෙත් අද කිසිඳු සාධනීය හේතුවක් නැතිව අප ඉලක්ක කොටගෙන පහර දෙන සිරසට යමක් මතක් කරනු යෙහෙකි.

ඒ ස්වකීය පෞද්ගලික ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් සිය ආයතනයේ සේවය කරන නිලධාරිනියන්ද යොදාගෙන නටන නාඩගමේ සැබෑ ‘චිත්‍රපට කතාව’ බොහෝ අවලස්සන බවය. ඉහත කී නිලධාරිනිය මා වෙත එවන ලද කෙටි පණිවිඩ සියල්ල මා සතුව සුරක්ෂිතව තිබේ. මා මාධ්‍ය සදාචාරයට ගරු කරමි. පෞද්ගලිකත්වයටද ගරු කරමි. එකී ගරුකිරීම් සිරස වෙතින් බලාපොරොත්තු වන්නට අපේක්ෂාවක් නැත. එහෙත් පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් මාධ්‍යකරණයෙහි යෙදී සිරස ජනතාව අතරින් ප්‍රතික්ෂේප වූ අවස්ථා කොතෙකුත් වේ. සිරස විසින් ඔසවා තැබූ පිරිස් පරාජයත් සිරස විසින් පාගා දැමූ පිරිස් ජයග්‍රහණත් ලැබූ අවස්ථා මෑත කාලීනව බෙහෙවි.

මාධ්‍ය නිදහස උපරිමව ලබාදෙන රටක එකී නිදහස වල්බූරු නිදහසක් බවට පත්කර ගැනීම සම්බන්ධව අප කණගාටු වෙමු. එය ස්වකීය පුද්ගලික අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට ඉඩ ලබා නොදීම පිළිබඳව වියරු වැටී පුද්ගලයින්ට පහරදීම දක්වා රැගෙන යන්නේ නම් එය බලවත් අවාසනාවකි. ඔබේ නිදහසේ සීමාව අනෙකාගේ නාසය සමීපයෙන් කෙළවර වේ යන්න බොහෝ දෙනෙකුට අමතකය.

ප්‍රවෘත්ති යනු පුද්ගලික න්‍යාය පත්‍ර මත පදනම්ව සිදු කරන අවලාද නැගීමක්නම් එවන් නාලිකාවක ගුවන් කාලය මොනතරම් 'අවභාවිතා' කිරීමක්ද? මේ සංඛ්‍යාත වෙනුවෙන් ජනතාව ලබා දෙන බදු මුදල් සිරස ස්වකීය පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් වෙන් කිරීම මොනතරම් සාපරාධයක්ද? කතා කරන්නට, වාර්ථා කරන්නට ඕනෑ තරම් දේ තිබියදී, තමන්ට සිදු වූ ව්‍යාපාරික අහිමි වීම මුල්කොටගෙන, මුව හම් වලට තඩි බෑම මොනතරම් අවාසනාවක්ද?

'සිරස' පාර කියන බව කීවාට, ඒ පාරේ ගියොත් සිදුවන වින්නැහිය සිරසේම නිලධාරිනියගේ හැසිරීමෙන් සිතා ගන්නට පිළිවන් බව පමණක් අවසන් වශයෙන් සිහිපත් කරමු. මාධ්‍යකරණය සහ ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධව සිරස තරම් මහප්‍රාණ අප නොදන්නා බව සැබැවි. එහෙත් යතාර්ථය සහ මිථ්‍යාව අතර වෙනසත් මාධ්‍යකරණය සම්බන්ධව කිසියම් දැනුවත්භාවයකුත් පුරවැසියෙකු ලෙස අප සතුව පවතී. ඒ දැනුවත්භාවය මේ සිදුවීමේදී ප්‍රයෝජනයට ගන්නට සිදු වුවහොත් ඒ පිළිබඳ දෙවරක් කල්පනා නොකරමු. සියල්ලට වඩා වටින්නේ මිනිසෙකුගේ හෘද සාක්ෂියේ නිර්දෝෂීභාවයයි. ඒ සමඟ සෙල්ලම් කරන්නන් හෙළිදරව් කිරීම සමාජ වගකීමක් කොට සලකමි.

මම ආපහු යනවා - සුනන්ද

ජීවිත තර්ජන හමුවේ විදේශගත වූ මාධ්‍යවේදීන්ට යළි සියරට එන මෙන් නව ආණ්ඩුව පොදුවේ කළ ආරාධනය පිළිගෙන යළිත් මවුබිම කරා පැමිණෙන බව ජිනීවා නුවරට පිටුවහල්ව සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පරිපාලනය මාධ්‍යවේදීන්ට එරෙහිව මර්දනකාරී පියවරක් අනුගමනය නොකරනු ඇතැයි යන විශ්වාසය මත වසර පහක් පිටුවහල්ව ගත කිරීමෙන් අනතුරුව මෙසේ යළි සියරට පැමිණීමට තීරණය කළ බවයි, ඔහු බීබීසී සංදේශයට කියා සිටියේ.

පසුගිය පාලන සමයේ මාධ්‍යවේදීන්ට කළ අතවර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක අවශ්‍යතාවය අවධාරණය කරන සුනන්ද දේශප්‍රිය, ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීම තමන් ඇතුළු ක්‍රියාධරයන්ගේ වගකීම බව ද සඳහන් කළේය.
යුද අපරාධ චෝදනා

"සාක්ෂි තියෙන ඝාතන තියෙනව. ඉතින් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම අත්‍යවශ්‍යයි. ඒ මගින් තමයි විදේශගත මාධ්‍යවේදීන්ට සහතිකයක් දෙන්න පුළුවන්," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

සිය රට පැමිණෙන නමුත් යුද අපරාධ චෝදනාවලට වගකියුත්තන් සොයා දඬුවම් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් තමන් ගෙන ගිය උද්ඝෝෂණය නොනවත්වන බවයි සුනන්ද දේශප්‍රිය ප්‍රකාශ කරන්නේ.

කෙසේ නමුත් නව ආණ්ඩුව පත්වීමත් සමඟ යුද අපරාධ චෝදනා ඇතුළු ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි යන්න ඔහුගේ විශ්වාසයයි.

"දේශීය වශයෙන් සහයෝගයක් නැතුව තනිකරම අන්තර්ජාතික වශයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන්ට දඬුවම් කිරීම සාර්ථක වෙලා නැහැ. මට ආරංචි විදියට මානව හිමිකම කවුන්සිලයේත් බහුතරයක් එවැනි අදහසක ඉන්නවා," යනුවෙන්ද ඔහු කියා සිටියේය.
'මහින්ද වෙනුවට මෛත්‍රී'

"මම හිතන්නේ මේ මාර්තු මාසෙදි අපිට වෙනස් ආකල්පයක් දැකගන්න ලැබේවි."

රජයේ මාධ්‍ය සම්බන්ධයෙන් වත්මන් රජය මෙතෙක් අනුගමනය කළ පිළිවෙත පිළිගත නොහැකි බව පවසන සුනන්ද දේශප්‍රිය ගතව ගිය සතියක කාලයක් ඇතුලත සිදු වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රුව වෙනුවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආදේශ වීමක් පමණක් බව වැඩිදුරටත් කියා සිටියේය.

- BBC Sinhala

විදේශගත මාධ්‍යවේදීන්ගෙන් නව පාලනයට

ජීවිත තර්ජන නිසා රටින් බැහැර වූ මාධ්‍යවේදීන්ට යළි සියරට පැමිණෙන මෙන් නව ආණ්ඩුව කරන ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය(JDS) පැරණි පාලනයෙන් නව පාලනයට එකතු වී සිටින කලින් රාජ්‍ය මාධ්‍ය දඩයමට වගකිව යුතු දේශපාලනඥයන් තමන් එම අතීත සම්ප්‍රධායයෙන් කැඩී ඇති බව පළමුව පෙන්නුම් කළ යුතුව ඇතැයි කියා සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු රෝහිත භාෂණ අබේගුණවර්ධන බීබීසී සංදේශය සමග පවත්වන ලද සාකච්ඡාවක දී කියා සිටියේ නව පාලනය අඳුරු අතීත සම්ප්‍රදායෙන් කැඩී වෙන් වී ඇත්නම් ඔවුන් විසින් රාජ්‍ය මාධ්‍ය භාවිතා කරනු ලබන ආකාරය තුලින් ඒ බව පෙන්නුම් කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුල දරුණුතම භීෂණ මාධ්‍ය මර්දනය සිදු කෙරුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය යටතේ බවයි රෝහිත භාෂණ අබේගුණවර්ධන සිහිපත් කරන්නේ.

එම පාලනය යටතේ මාධ්‍යවේදීන්ගෙන් කොටසක් ජීවිතාරක්ෂාව පතා විදේශගත වූ අතර තවත් කොටසකට සිදු වුනේ මතභේදයට ලක් විය හැකි වාර්තාකරණයේ නිරත වීමෙන් තොරව නිහඬ වීම බවත් ඔහු පවසයි.
නව මාධ්‍ය පිළිවෙත

නව පාලනය විසින් ජීවිතාරක්ෂාව පතා විදේශගත මාධ්‍යවේදීන්ට ආපසු පැමිණෙන ලෙස කරන විවෘත ඉල්ලීම වැදගත් පියවරක් වන බව සඳහන් කළ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු රෝහිත භාෂණ අබේගුණවර්ධන මෙහිදී නව ආණ්ඩුව සිය ඉල්ලීමේ අවංක භාවය සහතික කිරීම සඳහා ගත යුතු කාර්යභාරයක් ඇති බවයි පෙන්වා දුන්නේ.

පසුගිය ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ගනු ලබන ක්‍රියා මාර්ගයක් ගැන අවධානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය කියා සිටියි.

Courtesy: BBC Sinhala 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 උපුටා ගැනීම සිළුමිණ

* ඔබේ සම්පූර්ණ නම?

මනික් වොල්වින් ද සිල්වා

* උපන්නේ කවද ද?

1942 මාර්තු 29

* ගම?

බළපිටිය. තාත්තගේ මුල් ගෙවල් තිබුණේ අම්බලන්ගොඩත් බළපිටියත් අතර පිහිටි රන්දොඹේ.

* පියා කවුද?

වොල්වින් ආනල්ඩ් ද සිල්වා. වෘත්තියෙන් සිවිල් නිලධාරියෙක්. පස්සෙ කාලෙක විශ්ව විද්‍යාල උප කුලපතිවරයකු වෙලත් හිටියා.

* ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ඔබේ ඥාතියකු නේද?

ඔව්. තාත්තගේ මල්ලි කෙනෙක්. එයා තාත්තට වැඩිය අවුරුදු එකහමාරක් බාලයි. තාත්තා තමයි පවුලේ වැඩිමලා. අපි කොල්වින්ට කිව්වේ ලොකු බාප්පා කියලා.

* කොල්වින් වගේම ඔබේ පියත් දේශපාලනයට සම්බන්ධයි?

ඔව් තාත්තා රැකියාවෙන් පස්සේ සුළු කාලයක් මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළා.

* පියාත් වාමාංශික ද?

නැහැ. එයා දක්ෂිණාංශික. ඡන්දය ඉල්ලුවෙනම් ස්වාධීනව. ඡන්ද ලකුණ වුණේ යතුර.

* කොල්වින් ‘ඔළු තුනේ බූරු’ කතාව කිව්වේ ඔබේ පියාට ද?

ඒ සිද්ධිය මට මතකයි. ඔව්. ඒ ප්‍රකාශය තාත්තටත් අදාළයිනේ. ස්වාධීනව ඉල්ලන අය ඔළු තුනේ බූරුවන් විදියටයි කොල්වින් හැඳින්වූවේ.

* ඔබේ ජීවිතයට වැඩි බලපෑමක් කළේ පියා ද? නැත්නම් කොල්වින් බාප්ප ද?

තාත්තා. මං පුවත්පත් කලාව තෝර ගනිද්දි වුණත් තාත්තා විරුද්ධ වුණේ නැහැ.

* ඔබේ මව?

කුසුමාවති ද සිල්වා. ඇය ගාල්ලේ අමරසූරිය පරම්පරාවේ කෙනෙක්. අපේ සීයා (මවගේ පියා) තමයි ගාල්ලේ දොස්තර චාල්ස් අමරසූරිය.

* ඔබේ පවුලේ කී දෙනයි ද?

පස්දෙනෙක් හිටියා. දැනට ඉන්නේ නංගියි මමයි විතරයි. අක්කා කුඩා කාලයේම මැරුණා. මල්ලිලා දෙන්නම මියගියේ රිය අනතුරුවලින්.

* ඔබ පාසල් ගියේ?

කොළඹ රාජකීය විද්‍යාලයට.

* විශ්ව විද්‍යාලයට යන්න අදහසක් තිබ්බෙ නැහැ?

වයස අවුරුදු 19 දීම මම පුවත්පත් කලාවට සම්බන්ධ වුණා. ඒ ‘ඔබ්සර්වර්’ පත්තරේ වාර්තාකරුවෙක් විදියට. 1961 - 62 දි විතර. අවුරුදු කීපයක් රස්සාව කරද්දි මට හිතුණා, විශ්ව විද්‍යාලයකට ගිහින් තිබුණානම් ඒක ලොකු උපකාරයක් වෙන්න තිබුණා කියලා. නමුත් අද නම් එහෙම හිතෙන්නේ නැහැ. මං පස්සේ කාලෙක හාර්වඩ් විශ්ව විද්‍යාලයට සම්බන්ධව අධ්‍යයන කටයුත්තක නිරත වුණා.

* කවුද එකල ‘ඔබ්සර්වර්’ කර්තෘ?

ඩෙන්සිල් පීරිස්. ඔහු වගේ කෙනෙක් යටතේ වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක් විදියටයි මම සලකන්නේ.

* ඇයි එහෙම කියන්නෙ?

ඔහු හුළුගල්ල, (එච්. ඒ. ජේ. හුළුගල්ල) ධනපාල (ඩී. බී. ධනපාල) ටාසි (ටාසි විට්ටච්චි) මට්ටමේ අති දක්ෂ පුවත්පත් කලාවේදියෙක්. ඔහු කැමැති නැහැ, වාර්තාකරුවන් පුටුවල ඉඳගෙන ටෙලිෆෝන් එකෙන් ‘නිවුස්’ ගන්නවට. ‘නිවුස්’ හැම තැනම තියෙනවා, විශේෂයෙන් ‘මහ පාරේ’ කියලයි ඔහු අපිට කිව්වේ.

* දක්ෂ පුවත්පත් කලාවේදියෙක් වෙන්න නම් වාර්තාකරණයෙන්ම තම වෘත්තිය පටන්ගත යුතුයි කියල ද ඔබ හිතන්නෙ?

මම හිතන්නේ එහෙමයි. මම කවදාක්වත් උප කර්තෘ කෙනෙක් විදියට වැඩ කරලා නැහැ. ඔය සම්බන්ධයෙන් අනෙක් අයට වෙන අදහස් ඇති. මගේ වැටහීමනං රිපෝටින්වලින්ම තමයි පටන්ගන්න ඕනැ.

* ඔබ හිටියේ එස්මන්ඩ් යුගයේ (එස්මන්ඩ් වික්‍රමසිංහ - කළමනාකාර අධ්‍යක්ෂ) කොහොම ද ඒ කාලේ මාධ්‍ය නිදහස?

ඩී. ආර්. විජයවර්ධනගේ කාලේ ඉඳන්ම ලේක්හවුස් එක යූ. ඇන්. පී. එකට බර බව ඇත්තනේ. ඒත් ඔහුගේ බෑනා එස්මන්ඩ් මුලින් වාමාංශිකයා. කොටින්ම මට මතකයි අපේ තාත්තා කියනවා, ලොකු බාප්පා ඉන්දියාවේ හැංගිලා ඉද්දි තාත්තා ඔහුට සල්ලි යවලා තියෙන්නේ එඩ්මන්ඩ්ගේ උදව්වෙන්. එස්මන්ඩ් තමයි ඒ කටයුතු පිළියෙල කරලා තියෙන්නේ. අනෙක එකල හිටපු කර්තෘවරු බොහෝම කෙළින්. උදාහරණයක් විදියට ඩෙන්සිල් පීරිස් වගේ කර්තෘවරයෙක්, අයිතිකාරයෝයි කර්තෘ මණ්ඩලයයි අතර ලොකු බෆර් එකක් විදියට හිටියා. පීටර් කේනමන් වගෙ අය වුණත් ටික කාලයක් ලේක්හවුස් එකේ වැඩ කළානේ.

* 1973 දී ලේක්හවුස් එක ආණ්ඩුවට ගත්තනේ. ඒක හරි තීරණයක් ද? වැරැදි තීරණයක් ද?

ඒක විශාල අපරාධයක්.

* හොඳයි ආණ්ඩුවට ගත්තු එක වැරැදියි කියමු. එතකොට ජේ. ආර්. 77 දී ලේක්හවුස් එක යළි මුල් හිමිකරුවන්ට නොදීමත් ඒ හා සමානවම වැරැදියි නේද?

ඒකත් වරදක්. අනෙක විජයවර්ධනලා ඔහුගේ නෑයෝ.

* වාර්තාකරුවකු විදියට මාධ්‍යයට යොමුවීමත් එක්ක ඔබේ ඊළඟ ස්ටෙප් එක වුණේ මොකද්ද?

මම ඊළඟට ‘ඔබ්සර්වර්’ පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘ වුණා. එතකොට ප්‍රධාන කර්තෘ හැරල්ඩ් පීරිස්.

* ඔබ ප්‍රධාන කර්තෘ වුණේ?

මම කවදාක්වත් ‘ඔබ්සර්වර්’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ වෙලා ඉඳලා නැහැ. මම ප්‍රධාන කර්තෘ වුණේ ‘ඩේලි නිවුස්’ පත්තරේ. ඒ 1981 - 82 දි විතර.

* 1994 දී ධර්මසිරි සේනානායක මාධ්‍ය ඇමැතිව හිටපු කාලේ ඔබට ලේක්හවුස් සභාපතිකම බාරගන්න කියල කිව්ව ද?

ඔව්. මට එහෙම ආරාධනාවක් කළා. නමුත් මං කැමැති වුණේ නැහැ. මොකද, මං ඒකට සුදුසුත් නැහැ. මං කැමැතිත් නැහැ.

* එහෙම කිව්ව ඔබට අන්තිමේ කර්තෘකමත් නැතිවෙලා යනවා.

ඔව්. අවුරුදු 14 ක් මම ‘ඩේලි නිවුස්’ කර්තෘව හිටියා. මාව එකපාරටම උපදේශක කරලා දැම්මා. ඒක නිකම් පිං පඩියක් හම්බු වෙන වැඩක්. මංගල සමරවීර මාධ්‍ය ඇමැති වුණාට පස්සේ අවුරුදු දෙකක පඩි දෙන්නම් අයින් වෙලා යන්න කිව්වා. මං ඒක සතුටින් භාර ගත්තා. මොකද මං දන්නවා මංගල එක්ක කොහොමටවත් වැඩ කරන්න බැහැ. ඔහු ඇඟිලි ගහනවා. අවුරුදු දෙකක පඩිත් ලැබුණු නිසා මං සතුටින් අස්වෙලා ගියා. ඒ 1997 දී.

* මංගලට සාපේක්ෂව ධර්මසිරි සේනානායක හොඳයි ද?

ධර්මසිරිත් එක්ක ඕනැ කෙනකුට වැඩ කරන්න ලේසියි. ඔහුත් එක්ක කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

* ඊට පස්සේ ඔබ මොකද කළේ?

‘සන්ඩේ අයිලන්ඩ්’ එකේ ප්‍රධාන කර්තෘ වුණා.

* සිංහල - ඉංග්‍රිසි පත්තර අතර ඔබ දකින වෙනස්කම් මොනවද?

එක්තරා සිංහල පුවත්පත් කලාවේදියෙක් වරක් කිව්වා, තමන්ගේ පත්තරේට ඕනැ මළ ඉලව්වක් ලියන්න පුළුවන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ කියලා. එහෙම කියන්න වටින්නේ නැහැ. ඕනෑම ප්‍රවෘත්තියකට මූලාශ්‍රයක් තියෙන්න ඕනැ. මං දන්නවා, හුඟක් පත්තරවල මූලාශ්‍ර නැති ප්‍රවෘත්ති පළවෙනවා. අද ඉංග්‍රිසි පත්තරවල වුණත් අයිතිකාරයන්ගේ වුවමනාවට එවැනි ප්‍රවෘත්ති පළවන අවස්ථා තියෙනවා.

*සිංහල පත්තරවලට සාපේක්ෂව ගත්තම ඉංග්‍රිසි පත්තරවල මාධ්‍ය නිදහස වැඩියි. පිට්ටනියේ ගොනාට තණකොළ කන්න තරමක දිග කඹයක් ඉංග්‍රිසි පත්තරවලට තියෙනවා. සිංහල පත්තරවල කඹේ කොටයි.

ඒක ඇත්ත. ඉස්සර නිදහස වගේම වැඩි තැනකුත් සිංහල පත්තරකාරයන්ට වඩා ඉංග්‍රිසි පත්තරකාරයන්ට තිබුණා. මට ටාසි විට්ටච්චි දවසක් කිව්වා මීමන ප්‍රේමතිලක ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ කාලේ ඉඳගන්න පුටුවක්වත් තිබුණේ නැහැලු. ඔහු කොහෙ හරි තියෙන හිස් පුටුවක ඉඳගෙනයි වැඩකරලා තියෙන්නේ. ඒ කාලේ ලේක් හවුස් එකේ වැඩියෙන්ම විකුණුනේ ‘සිළුමිණ'.

* තව කාරණාවක්. ඉංග්‍රීසි පත්තරකාරයෝ අදීනය කියලා මම හිතනවා. වැඩ කරන්න බැරිනම් දමලා ගහලා යනවා.

එහෙමම කියන්නත් බැහැ. සිංහල පත්තරකාරයෝ අතරත් අදීන අය හිටියා, ඒ වගේ ම ඉන්නවා. බී.ඒ. සිරිවර්ධන එහෙම කෙනෙක්. වික්ටර් අයිවන් එහෙම කෙනෙක්.

* එතකොට මීමන?

මීමන ‍ජනප්‍රිය කතා ලියන්න දක්ෂයෙක්. ඒත් එයා දේශපාලන ලිපි ලිව්වෙ නැහැනේ.

* ජේ.ආර්. යුගයේ ඔබ අදීනව හිටපු එක්තරා අවස්ථාවක් ගැන අපි අහලා තියෙනවා?

කර්තෘටත් ඉහළින් බලධාරියෙක් පත්කරන්න ගියා. විශේෂයෙන් දේශපාලන ප්‍රවෘත්ති හා ලිපි ගැන බලන්න. මම ජේ.ආර්. මුණගැහිලා කිව්වා එහෙම බලධාරියෙක් පත්කරනව නම් මං කර්තෘ පුටුවේ ඉඳගෙන වැඩක් නැහැ. වෙන කර්තෘ කෙනෙක් දාගන්න කියලා.

* ඒත් බලධාරියෙක් දැම්මා. බී.එච්.එස්. ජයවර්ධන?

ඔව්. ඒත් ‘ඩේලිනිවුස්’ පුවත්පත හැරෙන්න අනෙක් පත්තරවලටයි දැම්මේ. මං තදින්ම හිටියා.

* ආණ්ඩු ඇති කරන්න හෝ නැති කරන්න පත්තරවලට පුළුවන් කියලා ඔබ හිතනවද?

මං හිතන්නෙ නැහැ. ඒක මැතිවරණ ඉතිහාසයෙන්ම පේනවා. 1956 දි බණ්ඩාරනායක දින්නේ ලේක්හවුස් එක යූ.ඇන්.පී. වෙලා තිබුණු කාලේ. 1977 දී ජේ.ආර්. බලයට පත්වුණේ ‍ලේක්හවුස් එක අගමැතිනියගේ හෑන්ඩ් බෑග් එකේ තිබියදි. 1994 දිත් වුණේ ඒ වගෙ දෙයක්. පත්තරවලට ආණ්ඩු හදන්නත් බිඳ වට්ටන්නත් පුළුවන් කියන බොරුවක්. ඒ කාලේ ගුවන්විදුලිය වුණත් හැම වෙලාවෙම තිබුණේ බලය තිබුණු ආණ්ඩුව යටතේ. මං හිතන්නේ පුවත්පත් පාඨකයන්ගේ සංඛ්‍යාවට වඩා ගුවන්විදුලි අසන්නන්ගේ සංඛ්‍යාව ප්‍රමාණයෙන් වැඩියි. ඒත් ආණ්ඩු වෙනස් වුණා. හැබැයි මට හිතෙනවා රූපවාහිනිය ඊට වඩා ප්‍රබලයි කියලා. ජනමතය කෙරෙහි එයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.

* නිහාල් රත්නායක, අජිත් සමරනායක යන අය හැරුණු‍කොට ඉංග්‍රිසි පත්තරවලින් දේශීය කලාව හා සංස්කෘතිය කෙරෙහි අවධානය යොමුකරන පුවත්පත්කලාවේදීන් අඩුයි කියලා මම හිතනවා.

මාලින්ද සෙනෙවිරත්න වගේ පුවත්පත්කලාවේදියෙක් අජිත් වගේම ද්විභාෂාවෙන් ලියන ලේඛකයෙක්. බොහෝවිට ඉංග්‍රිසි පත්තරවල කලාව හා සංස්කෘතිය ගැන ලිව්වෙ විද්වතුන්. මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන, රෙජී සිරිවර්ධන, නෙවිල් වීරරත්න වගෙ අය. ඒ.ජේ. ‘ඩේලි නිවුස්’ එකේ වැඩ කරපු කෙනෙක්. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වෙන්න කලින්.

* අද පත්‍රකලාව ගැන පොදුවේ ඔබ දක්වන අදහස මොකක්ද?

පොදුවේ ගත්තම කිසියම් පරිහානියක් තියෙනවා. සමහර පත්තර ආයතන පවත්වගෙන යන්නේ ව්‍යාපාර අරමුණු මත නෙමෙයි. දේශපාලන න්‍යාය පත්‍ර අනුවයි. සමහර පත්තර පාඩුපිටයි දුවන්නේ. ඔවුන්ට වැදගත් වෙන්නේ ලාබය නෙමේ දේශපාලනය. ඒ නිසා තමයි පත්තර ආයතනය අර අයිතිකාරයගෙන් මේ අයිතිකාරයන්ට විකිණෙන්නේ.

* පත්තරකාරයන්ට විශ්‍රාම යන වයසක් තියෙනව ද?

මමත් විශ්‍රාම යන කාලේ නම් පහුවෙලා. ඒත් මං කැමැතියි පත්තර ජීවිතයට. ඉරිදා පත්තරයක් තියෙන්නේ සතියකට එකයිනේ. මගේ වයසට ඒ වගේ දෙයක් කරන එක එච්චර අමාරුවක් නැහැ.

* ඔබේ බිරිය ගැනත් යමක් කියන්න?

මම කසාද බැඳලා නැහැ.

* ඇයි ඔබ අවිවාහකව හිටියේ?

නැහැ. මම කසාද බැන්දේ නැහැ.

* ඔබ හාර්වඩ් විශ්ව විද්‍යාලයට ගියයි කියලා කලින් කිව්වා. මොනවද ඉගෙන ගත්තේ?

මම ඉගෙන ගත්තේ ජාත්‍යන්තර සබඳතා ගැන. ඒත් මට අධ්‍යයන කටයුතු සම්පූර්ණකර ගන්න ලැබුණේ නැහැ.

* ඔබ හිතන්නෙ පතන්නේ ඉංග්‍රිසියෙන් ද?

ඔව්. අපි ඉංග්‍රිසි පසුබිමක හැදුණු වැඩුණු අයනේ. මට ඔයත් එක්ක වුණත් සිංහලෙන් කතා කරනවට වඩා ඉංග්‍රිසියෙන් කතා කරන්න තිබුණා නම් වඩාත් පහසුයි.

* ඔබේ මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් පොතකට ලියන්න අදහසක් නැද්ද?

අදහසක් තියෙනවා. කවදහරි ලියන්න ඕනැ.

* කොහොමද සාමාන්‍යයෙන් දින චර්යාව?

උදේට වෝක් එකක් දාන්න ගෝල්ෆේස් එකට යනවා. නවයහමාරට විතර වැඩට එනවා. පැය දහයක් විතර වැඩ කරලා හයහමාරට විතර ගෙදර යනවා.

සුනිල් මිහිඳුකුල
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

මව්බිම කතෘ තුෂාරගේ ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණය ගැන

 |  සුභාෂ් ජයවර්ධන
Courtesy: Independent.lk 


 
මේ රටේ එල්ටීටීඊ සංවිධානයට නොදෙවෙනි වෙබ් මා‍ෆියාවක් ක්‍රියාත්මක වන බවත් එහි මා‍ෆියා නායකයන් සිටින බවත් ගෝඩ් ෆාදර්ලා සිටින බවත් මව්බිම පුවත්පත එහි ආරම්බක යුගයේ සිටම මතුරන මන්ත්‍රයකි.
පසුගියදා දෙරණ රූපවහිනියේ මාධ්‍යවේදී චතුර අල්විස්වද මේ වෙබ් මා‍ෆියාවේ අලුත්ම කප්පම්කරුවා ලෙස මව්බිම පුවත් පත විසින් සොයාගෙන් තිබිණි. මේ වන විට 'සුභාෂ් ජයවර්ධන නැමැත්තා' වන මාද වෙබ් මා‍ෆියා කරුවකු ලෙස බෞතීස්ම කිරීමට මව්බිම පුවත්පත කටයුතු කර තිබේ.

මෙම ඉරිදා මව්බිම (04) පුවත් පත මේ සම්බන්ධයෙන් දිගු ලිපියක් පලකර තිබේ. එය ලියා ඇත්තේ ලංඩනයේ වෙසෙන 'ත්‍රස්තවාදී විමර්ශකයකු' විසින්ය. 'ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණය 2' නම් කර තිබෙන මේ අලුත්ම ගවේෂණාත්මක සොයා ගැනීම වෙනුවෙන් මේ ත්‍රස්ත විමර්ශකයා සෑහෙන්න මහන්සි වී තිබේ. පත්තරකාරයෙකුගේ මහන්සියට පරිබව කිරීම තවත් පත්තර කාරයෙකුට  කළ හැකි නොවේ. ඒ නිසා මේ ලිපිය මව්බිමේම පරණ කුණුරොඩු වල එකතුවක් වුවත් ඒ ගැන යම් සටහනක් තැබීමට මා තීරණය කළෙමි.

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය විසින් පසුගියදා මව්බිම කතෘ තුෂාර ගුණරත්න මාධ්‍ය නිදහස වෙනුවෙන්වූ ක්‍රියාකාරි කමි‍ටු සාමාජිකයකු සම්බන්ධයෙන් හා එම මාධ්‍ය කමි‍ටුවේ ක්‍රියා කලාපය පහත් කොට දැක්වීම සම්බන්ධයෙන් පළ කරන ලද පුවතින් කියැවූනෙ, තුෂාර ගුණරත්න 'බාල්දු' ලේඛනයකට ඇතුලත් කළ යුතු මාධ්‍යවේදියෙකු ලෙස යොජනාවක් එම කමි‍ටුවට ලැබී ඇති බවය.

ඊට පිළිතුරක් ලෙස, මෙම පුවත දෙරණ අරුණ පුවත්පත් සිරස්තල කියැවීමේ වැඩසටහනෙන් කියැවූ චතුරව කප්පම්කරුවකු ලෙස මව්බිම පුවත්පත කිසිදු වගවිභාගයකින් තොරව සිදු කළේය.

එහිදි වෙබ් මාධ්‍ය ගැන අභූත චෝදනා ‍රැසක් මව්බිම විසින් දමා ගැසු අතර ඒ අපගේ වෘත්තිය ක්ෂේත්‍රයට බලපාන්නක් බැවින් ඊට පිළිතුරක් පසුගිය 02 වන දින අප විසින් පළ කරනු ලැබීය. එමෙන්ම වෘත්තීය වෙබ් ජනමාධ්‍ය කරුවන්ගේ සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කළේය.

ඉරිදා මව්බිම පුවත්පතේ ' ත්‍රස්ත විමර්ශකයා' මතුකරන බොහෝ චෝදනාවලට උත්තර එම දෙතැනම ඇත. එම නිසා අනෙකුත් අවශේෂ කරුණු ගැන පමණක් මෙහි සටහන් කරමු.

මව්බිම කතුවරයාගේ අනුමැතිය හා වගකීම සහිතව (සමහර විට ඔහු විසින් කියවන විට) ලියා පළකරන මේ ලිපියෙන් මේ මා‍ෆියාවට සම්බන්ධ වුන් සමහ‍රකුගේ නම් ගම් පැවැසීමට තරම් කොන්දක් මේ ත්‍රස්ත විමර්ශක ලංඩන් බණ්ඩාට නැති බව පැහැදිලිය.( එහෙත් ඔහුගේ මාන්නය නම් පුංචි නැති බව මා දනිමි) මේ කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් නොවේ නම් මේ හිතලුය. සාමාන්‍යයෙන් මව්බිම පුවත්පතේ දෙවියන්, යකුන්, පෙරේතයන් කළ කී දේ ගැන බොහො ලිපි පළ වේ. නමුත් මේ සියල්ල බොරු හිතලුය. මේ නිසා බොරු කතන්දර ගෙතීම මව්බිමේ කතෘ මණ්ඩලයට ආවේනික පුවත්පත් කලා සම්ප්‍රදායක් බවට පත්ව තිබේ.

ඒ කෙසේ වුවත් මෙහි අපට හැ‍ඟෙන ආකාරයට මූලික චෝදනාව එල්ල වී ඇත්තේ තිලංග සුමතිපාල මහතා හා ඔහුගේ ලක්බිම පුවත්පතට එරෙහිවය. ඊට හේතුවී ඇත්තේ පසුගියදා නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය විවේචනය කළ ලිපියක් (පොදු අපේක්ෂකයා සහ ජුදාස්ගේ හඬ) පළ වීමය.

එය මව්බිම කතෘවරයාට දරා ගැනීමට නොහැකිවී ඇති තරමට ප්‍රබල ලියැවිල්ලක් බව මේ අනුව පැහැදිලිය. ත්‍රස්ත විමර්ශකයා ගේ ගවේෂණාත්මය හෙළිදරව්වට පදම වී ඇත්තේ 'වෙබ් මා‍ෆියාව' හා එකතුව සජිත්ට පහර දීම දරා ගත නොහැකි වීමය. ඔහුට අනුව මීළඟ ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් වී ජයග්‍රහණය කරනු ඇතැයි වෙබ් මා‍ෆියාව බියවී තිබේ. අනෙක හම්බන්තෝටින් සජිත් වැඩි ඡන්ද ගැනීම ගැන වෙබ් මා‍ෆියාවට තිබෙන ඉරිසියාවය.

මේ කරුණු දෙකට පිළිතුරක් දීමේ අයිතිය මා සතුය. ඒ මාද ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණය 2 හි කොටස්කාර වෙබ් මා‍ෆියාකරුවකු ලෙස බෞතිස්ම කර ඇති බැවිනි.

ඉතා පැහැදිලිව සජිත් ප්‍රේමදාස යනු රටේ නායකත්වයට හෝ පක්ෂයක දිස්ත්‍රික් කායකත්වයකට හෝ සුදුසු පුද්ගලයකු නොවන බව කටහක් නැතිව මාහට පැවැසීමට හැකිය. ඒ මන්ද කියන කරණය වෙනම දැක්වීමට අදහස් කරමි. කෙටියෙන් පවසන්නේ නම් තුෂාර ගුණරත්නට පුවත්පතක කතෘකම භාරදීමෙන් සිදුව ඇති අලකලංචියට නොදෙවෙනි දෙයක් සජිත් කරන්නේ නැති බව දන්නා නිසාය. (මාධ්‍ය කමි‍ටුවට යෝජනා වූයේ තුෂාරව බාල්දු ලේඛනයට ඇතුලත් කළ යුතු බවටය. මාගේ යෝජනාව ඒ 'මස්තබාල්දු' ලේඛනයට ඇතුලත් කළ යුතු බවය. තුෂාරගේ පත්තර කතෘකම දැන් ඇත්තේ එතැනය.) 

එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන්ද මට ඇත්තේ එවැනිම විවේචනයකි. එහි රනිල් හෝ සජිත් කියා භේදයක් ඇත්තේ නැත. පාක්ෂික හෝ වේවා නිර්පාක්ෂික හෝ වේවා පොදු අපේක්ෂකයකු ආවත් මේ ජාරාජීර්ණ සමාජ අර්ථික දේශපාලන ක්‍රමයේ දැවන්ත වෙනසකට වැඩ පිළිවෙලක් නොමැතිව මේ කවුරු ජයග්‍රහණය කළත් රටට වැඩක් වන්නේ නැත. රටේ මිනිස්සුන්ට වැඩක් වන්නේද නැත. අප ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවිය පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් මිසක එක එක දේශපාලන තක්කඩීන්ගේ කිරිපල්ල මිරිකා චූන් කරන්න නොවේ.

සජිත් ජනාධිපති කරන්නේ රටට කවර ජයග්‍රහණයක් අත්පත් කර දෙන්නද? මේ ප්‍රශ්නයට උත්තර තුෂාරලාට තබා සජිත්ටවත් ඇත්තේ නැත.

හම්බන්තොටින් සජිත් වැඩි ඡන්ද ගත්තාය කීම ගැන කියන්නේ නම් 2010 මහ මැතිවරණය ප්‍රතිපලය හා සැසැඳීමෙන් ඊට පිළිතුරු ලැබේ. 2009 දී ආණ්ඩුවේ ස්වර්ණමය යුගයේදී (එනම් ත්‍රස්ත විමර්ශකයා කියන පරිදි සජිත් යුද්ධයට පක්ෂපාතව සිටියදී) එජාපය ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා 2010 දී එජාපය ඡන්ද ලබා ගත් අතර ඒ 2014 වන විට සජිත් ‍රැක ගැනීමට නොහැකි වීම ගැන අපට කවර නම් ඉරිසියාවක්ද?

මව්බිමේ ත්‍රස්ත විමර්ශකයා ඔහුගේ ගවේශණාත්මක හෙළිදරව් සඳහා මා ඇඳා ගැනීමත් මා සම්බන්ධයෙන් පළ කර තිබෙන දෑ සම්බන්ධයෙනුත් මට පොඩි පහේ දුකක් කම්පාවක් ඇත.

මට 'රිදෙන්න ගහනවා' යැයි මව්බිම කතෘවරයා පණිවිඩයක් එවා තිබුණෙ මීට සති කිහිපයකට පමණ පෙරදීය. මට ගැටලුවකට තිබුණේ 'රිදෙන්න ගහනවා' යන්නෙන් අදහස් කළේ කුමක්ද යන්න නොදැනීම ගැනය. මොකද එක දුරකතන පණිවිඩයකින් මාගේ ජීවිතය වුව විනාශ කිරීම හැකියාව ටිරාන් අලස් සතුව ඇති බව මා හොඳින් දන්නා නිසාය. ඒ මා මව්බිම පුවත් පතේ සේවය කරන කාලයේදීත් ඉන් ඉවත්වූ කාලයේදීත් හොඳින් අත්වින්දේය.
.
කෙසේ නමුත් මාගේ දුකට කාරණය වී තිබෙන පළමු කාරණය, මේ ත්‍රස්ත විමර්ශකයා 'සුභාෂ් ජයවර්ධන නැමැත්තා ' කවුද යන්න ගැන හරි හැටි නොදැන සිටීමයි.

මාගේ ඡායාරූපයක් සොයා ඒ විකෘති කර පළ කර තිබුණත් මේ ත්‍රස්ත විමර්ශකයාට, සුභාෂ් ජයවර්ධන යනු තමන් වෙනුවෙන් මාස 6ක කාලයක් දිනපතා කතුවැකිය ලියාදුන් එකා බවවත් කීමට තුෂාරට යුතුකමක් තිබුණි. අඩු තරමින් ඉරිදා මව්බිමේ කතෘ උපුල් ජෝසප්ටවත් තමන් වෙනුවෙනුත් කතු වැකිය ලිව්වේ මේ සුභාෂ් බව කියන්නට කට ඇරී නැත.

ඒ නිසා සුභාෂ් ජයවර්ධන යනු නිකම්ම වෙබ් මා‍ෆියා කාරයෙක් පමණක් නොවන බව අ‍ටුවා ටීකා ටිප්පනි සහිතව මේ ලංඩන් බණ්ඩාට කියා දීම ඉදිරියේදී ඔහුගේ කටයුතුවලටත් පහසුවක් වේවි යැයි සිතමි.

එහෙත් සුභාෂ් ජයවර්ධන යනු කවුද යන්න මේ ත්‍රස්ත විමර්ශකයාට කියා දීමට යෑමේදී ටිරාන් අලස්ගේ පටන් මව්බිමේ කාකාස දක්වා වු මව්බිමේ කට්ටියගේ කුණුකන්දල් එකින් එක හාරා ඇවිස්සීමට සිදුවීම ගැන මට කණගා‍ටුවක් නැත. මන්ද දැන් ඒ හෙළිදරව් කිරීමට කාලය බැවිනි. ඉතිං ඉදිරියේදී ඒ සියල්ල හෙළි කර දමමි.

තව චූටි කාරණයක්.. මා සුපිරිසිදු පුද්ගලයකු බව රටට ලෝකයට කියන්නට උත්සහකරන බවත් මෙහි ලියා තිබිණි. මා කරන 'අවලන් වැඩ ,කුපාඩි වැඩ , අපිරිසිදු වැඩ , නරක වැඩ, වැරදි වැඩ' මේ සියල්ල ප්‍රසිද්ධ කාරණාය.! එහෙව් මාව ඔය කියන 'සුපිරිසිදු චරිතයක්' කරන්න මට තබා වෙන කිසිවකුට හෝ නොහැකිය.

අනෙක මට මඩ ගහපු පළමු අවස්ථාව හෝ පළමු කණ්ඩායම මව්බිම නොවේ. වරක් දිනමිණ පුවත්පත මා හඳුන්වා දුනේ 'මඩ වෙබ් අඩවි ඔස්තාර්' ලෙසය. ඒ කියා ටික දිනකින් රහස් පොලීසිය මා ඇතුළු සහෝදර මාධ්‍යවේදීන් පිරිසක් රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගත්හ. චෝදනාව වූයේ 'ජනධිපතිවරයාගේ රාජකීය මහිමය කෙළසීමය.' නමුත් අධිකරණයේදී ඔප්පුවූයේ ජනාධිපතිවරයාට රාජකීය මහිමයක් නැති බව පමණි.

අනෙක මව්බිමේ විසින් මෙවර දරමින් සිටින උත්සායද අපගේ ජීවිත අනතුරේ හෙලන්න අවශ්‍ය පසුබිම සැකසීමක්දැයි ගැන ඇත්තේ සැකයකි. එම නිසා මේ ලිපිය ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණය 2 නොව වෙබ් මාධ්‍ය විනාශ කිරීමේ කුමන්ත්‍රණය 2 බව අපගේ වැටහීමය. මන්ද ගියවර අප අත් අඩංගුවට පත් කරවීමට අවශ්‍ය පසුබිම සැකසූවා පමණක් නොව අත් අඩංගුවට පත්වීම සාධාරණීය කරණය කිරීමත් මව්බිම පුවත්පත විසින් සිදු කරණු ලැබීය. එමෙන්ම රහස් පොලීසියට අවශ්‍ය තොරතුරු ලැබී තිබුණේ කොතැනින්දැයි අපට හතරවන තට්‍ටුවේදීම තහවුරු කර ගැනීමට හැකිවීම නිසාය. තුෂාර මා හා වෛර බැඳ ගැනීමට හේතූ වූ මූලික කරණය මේ කුමන්ත්‍රණයේ සුළමුල මා විසින් හෙළි කිරීම නිසාය.

ඉන් පසුව මව්බිමේ 'ජඩ'මාධ්‍ය භාවිතයත් එහි හිමිකාරිත්වයත් විසින් සිදු කරනු ලැබු මජර වැඩ ගනනාවක් අප විසින් හෙළි කරනු ලැබීම තුෂාරගේ වෛරයට තවත් පොහොර එක් කිරීමක්ව තිබුණු බව මා දැන සිටියේය. එහෙත් ඒ කිසිවකට උත්තර දෙන්නට තුෂාරට හෝ මව්බිමට හැකිවූයේ නැත.

අදටත් ඒසේ කළ නොහැකිය. ඒ වෙනුවට මාගේ පෞද්ගලික ජීවිතය අලලා කතන්දර ගෙතීම හැර අන් දෙයක් ඔහුට කර ගත නොහැකි බව පැහැදිලිය.

මා විවාහයක් අතහැර තවත් විවාහයක් කර ගැනීම හෝ අනියම් සම්බන්ධතා පැවැත්වීම හෝ ගණිකා සේවනය කිරීම හෝ තුෂාරට ප්‍රශ්නයක් වන්නේ කෙසේද යන්න ගැන මට අවබෝධයක් තිබුණත් ඒ මං මෙතැන සඳහන් කරන්නේ නැත.

ටිරාන් අලස්ටත්, සජිත් ප්‍රේමදාසටත් එමෙන්ම තුෂාරටත් අවසන් වශයෙන් කියන්නේ, දේශපාලන වශයෙන් අප සමඟ ගැටෙන්නට හැකියාවක් තිබේනම් අපි ඊට සූදානම් බවය.

එහෙත් ඒ වෙනුවට මඩ ගැසීම ‍තෝරා ගන්නේ නම් අපි ඊටත් වඩා කැමැත්තෙන් ඊට පිළිතුරු බැඳීමට සූදානම්ය.

එමෙන්ම 'ලංඩන් ත්‍රස්ත විමර්ශකයා' නමින් මේ ලියු හෝකන්දර හාදයාට කියන්න ඇත්තේ මට උඹත් එක්ක ප්‍රශ්නයක් නැති බවය. බඩ රස්සාවට කියන ඕනෑම කෙබරක් ලියනවා හැර වෙන යමක් උඹ දන්නේ නැති බව උඹ සමඟ මව්බිමේ හිටපු කාලය තුල මා දැන ගත්තෙමි.

මගේ දුකට හේතු වූ දෙවන කාරණය සිගරට් දෙකක් ගන්න තිබුණු සල්ලි වලින් මේ අවලන් මඩ පත්තරය මිළදී ගැනීමට සිදුවීමය.

සිවරාම් ඝාතනය කර වසර 9යි

| සම්පත් සමරකෝන්


ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය. ඊට පසු දින සිවරාම්ගේ මළ සිරුර පාර්ලිමේන්තුව අසලින් සොයා ගත්තේය. 

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම්, ජනමාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම ප්‍රවීන යුධපුවත් විශ්ලේෂකයෙකු සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු විය. 1982 ගාන්ධියන් ව්‍යාපාරයෙන් තම දේශපාලන දිවිය ආරම්භකල සිවරාම් ප්ලොට්, ඩීපීඑල්එෆ් වැනි දේශපාලන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය. ජනමාධ්‍යවෙිදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රධාන ධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්‍රවෘත්ති මාධ්‍යන් හි දේශපාලන සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකාරී විය.
මෙවන් ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු ලංකාවේ පොලීසියක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඝාතනය කලේ ය. එමපමණක් ද නොව ඝාතනය කරන ලද සිවරාම්ගේ සිරුර හමුවුයේ රටේ උත්තරීතරම ආයතනය ලෙස හදුන්වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියස දීය. ඒ අධිආරක්ෂිත කලාපයක් තුළදී ය. පොලීසියක් අසලදී පැහැරගෙන ගොස් පාර්ලිමේන්තුවක් අසලදී මිනිසෙකු මරා දැමීමට තරම් ඝාතකයන් ශක්තිමත් වූයේ කෙසේ ද? අධිආරක්ෂිත කළාපයක මෙවන් සිදුවීමක් සිදුකරන්නට හැක්කේ කාටද?

ආරක්ෂක අංශවලට හෝ බලධාරීන්ට මෙතෙක් විසඳාගැනීමට නොහැකි වූ ගැටලුවද එය යි. එපමණක්ද නොව මේවන විට විසදීමට ගන්නා සුලු උත්සහයන්වල පවා දක්නට ඇත්තේ ද අන්ත දුගීභාවයකි. එබැවින් තවමත් නොවිසිදී ඇති ගැටලුව ද එයයි. එයින් මතුවන තවත් කරුණක් ඇත. අධිආරක්ෂිත කලාපයක මෙවන් දෙයක් සිදුවීමවත්, විසදාගැනීමට බලධාරීන්ට නොහැකි වූයේ ඇයි ද යන ගැටලුවයි? ‘සීනි හොරෙන් කෑ අය විසින්ම, සීනි හොරෙන් කෑ අය සෙවීමට යාමේදී ‘සීනි හොරා‘ කිසිම දිනක හමුනොවනු ඇත‘ යන කියමන මෙහිදී ලියුම්කරැට මතක් වේ.

මෙම තත්ත්වය සිවරාම්ට මෙන්ම, ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඝාතනය කළ, අතුරැදහන්කල මෙන්ම පහරදීම් සිදුකල මාධ්‍යව්දීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලට ද එකසේ අදාලය. විශේෂයෙන් අධිආරක්ෂක කලාපයක් තුළ ඝාතනය කල මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මේ වනවිටත් කිසිදු තොරතුරක් නොමැති අතුරැදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මෙන්ම පසුගිය වසර ගණනාවකදී ලංකාව තුල මෙසේ ඝාතනය කල, අතුරැදහන්කල සහ පහරකෑම්වලට ලක්වුනු මාධ්‍ය්‍දීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලට පහරදී ගිණී තැබීම්කල කිසිදු අයෙක් මෙතෙක් නීතිය හමුවට පැමිණවීමට බලධාරීන්ට නොහැකි වී ඇත්තේ ඉහත කී කියමනේ සත්‍යතාවය නිසා දැයි සාධාරණ සැකයක් දැන් මතුවනු ඇත.

කෙසේ නමුත් ධර්මර්ත්නම් සිවරාම් නම් ප්‍රවීන දේශපාලන විචාරකයා, ජනමාධ්‍යවේදියා ඝාතනය කර වසර 9ක් නික්ම යමින් තිබේ. නමුත් මේවන විටවත් සිවරාම් ඝාතනය කළ ඝාතකයින් හරිහැටි හඳුනාගන්නට බලධාරීන්ට නොහැකි වී ඇත. මෙවන් ඝාතනයන් සිදු වී වසර ගණනාවක් ගතවූත් එයට අදාල ඝාතකයින් සොයාගැනීමට බැරි රටක අනාගතය කෙසේ ‛සුභ අනාගතයක්’ වෙයි ද? මෙවන් මිනිසුන් මරා දමන රටක අනාගතය කෙසේ ‛සුභ අනාගතයක්’ වෙයිද? කෙසේ නම් මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින, අන්මත ඉවසන සමාජයක් වෙයිද?

මේ ‘තරාකී‘ හෙවත් සිවරාම් වෙනුවෙන් මංජුල වෙඩ්වර්ධන ලියූ කවියකි.

නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි
අන්ධකාරය බිඳී තරුවක් නුබ නැ‍‍ඟෙයි
සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි
තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි
මන්ද මාරුතයේ එතී එන රුධිරයේ
සිංදු කියනා කටහඬක මතකය තියේ
චණ්ඩ මාරුත හමා ආ රුදු රාත‍්‍රියේ
මන්ද සකි සඳ නින්ද පතුළට ඔබ ගියේ
කිඹුල්වත් නගරයේ නිරුවත පෙනුනා
කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා
ඔබේ කටහඬ ඒ හදින් හද පිරුණා
උපුටා ගැනීම - විකල්ප

කතුවරුන්ගෙත් කතුවරයා - දයාසේන ගුණසිංහ

පුවත්පත් කලාව කෙරේ අප සිත් ඇදී ගිය මුල් කාලයේ සුවිශේෂ අවධානය දිනාගත් එක් විශේෂාංගයක් වූයේ තීරු ලිපියයි. ඒ හා මුසුව පැවැති හාස්‍යය හා උපහාසය ප්‍රධාන වශයෙන් ඊට හේතු විය. “ලංකාදීප” පුවත් පතේ පළවූ “වනාහි” තීරු ලිපිය එකල පාඨක ප්‍රසාදය දිනාගත් අතිශය ජනප්‍රිය තීරු ලිපියක් විය. රත්නදේශප්‍රිය සේනානායක විසින් ලියන ලද “වනාහි” වැකියට අමතරව අවධානයට යොමුවූ අනෙක් තීරු ලිපි අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ “වගතුග” ඩේවිඩ් කරුණාරත්නගේ “හෑල්ල” හා අරිසෙන් අහුබුදු සූරීන්ගේ “එනකපේ බණ කතා” විශේෂයෙන් කැපී පෙනුණි.

පිළිවෙළින් “ලංකාදීප” “දවස” හා “‍පෝදා ඇත්ත” යන පුවත්පත්පත්වලට ඒවා ඔවුන් අතින් ලියැවුණි.

“වනාහි” තීරු ලිපියට පසු ‍පොදු පාඨකයා අතර ඒ ආකාරයෙන් කතා බහට ලක්වූ තවත් තීරු ලිපියක් වූයේ “දිවයින” ඉරිදා සංග්‍රහයට දයාසේන ගුණසිංහ විසින් ලියන ලද “සීයාගේ කොලමයි” “වනාහි” වැකිය සමග සසඳා බලන විට සීයාගේ කොලම සිංහල පුවත්පත් තීරු ලිපියේ වර්ධනීය අවස්ථාවක් හැටියට සැලකිය හැකිය. එමගින් කුළුගැන්වුණු හාස්‍යයට හා උපහාසයට යටින් සීයාගේ කොලම තුළ ප්‍රබල සමාජමය හරයක්ද ගැබ්ව තිබුණි.

දයාසේන ගුණසිංහ සිංහල පුවත් පත් තීරු ලිපි කලාවේ පෙරළිකාරයෙකු ලෙස හඳුනා ගන්නට මගපාදන තවත් කරුණු කිහිපයක් වෙයි. ඒ ඔහු තුළ තීරු ලිපි රචකයන් කිහිපදෙනකු සිටි බැවිනි. “රයිගම් රාළ” “උකුස්සා” “භූතරි‍පෝටර්” “ලුනටික්කා” “හෙනහුරාගේ කොලම” “සංගුරාගේ සංවාද” ආදී වශයෙන් විවිධ හැඩතල ගනිමින් ඔහු අතින් තීරු ලිපිය වඩාත් ආඩ්‍ය තත්ත්වයට පත් විය.

ගුණසිංහගේ තීරු ලිපියේ අනෙක් ප්‍රබල ගුණාංගය වූයේ නිසි එල්ලය අල්ලා හරියට ඉලක්කයට පහරදීමයි. ප්‍රහාරයට ගොදුරු වන පුද්ගලයාගේ නිලය බලය හෝ ප්‍රභූත්වය පිළිබඳ ඔහු කිසිදු තැකීමක් නොකළේය. වර්තමාන ඇතැම් තීරු ලිපි රචකයන් විසින් තම තීරුලිපිය ඉහළට නගින්නට ඉණිමගක් හැටියට භාවිතයට ගනු ලැබුවද ගුණසිංහ අතිත් කිසිදා එවැන්නක් සිදුවූයේ නැත. ඔහු විසින් තීරු ලිපිය ඒ ආකාරයෙන් භාවිතයට ගනු ලැබුවේ එමගින් පෞද්ගලිකව තමන්ට අත්වන්නට ඉඩ තිබෙන අනර්ථය අවබෝධ කර නොගෙන නොවේ.

දයාසේන ගුණසිංහ පිළිබඳ කතා බහ කිරීමේදී ඔහු හා තීරු ලිපිය අතර පැවැති සබඳතාව වඩාත් ප්‍රබල ලෙස අවධාරණය කළ යුතු වන්නේ වර්තමානයේදී තීරු ලිපිය ඒ ආකාරයෙන් භාවිතයට ගන්නා සැටියක් පෙනෙන්නට නොමැති බැවිනි. මේ වනවිට තීරු ලිපිය අතිශය දියාරු තත්ත්වයකට පත්ව ඇත. පාඨකයා අතර එදා නිතර කතා බහට ලක්වූ ආකාරයෙන් අවධානය දිනාගත් තීරු ලිපියක් පිළිබඳ අද අසන්නට ලැබෙන්නේ නැත.

දයාසේන ගුණසිංහගේ තීරු ලිපි කොතරම් ප්‍රබල සමාජමය බලපෑමක් කළේද යත් එතෙක් මාධ්‍යවේදියා සතුව පැවැති ආරූඪ නම් යටතේ ලිවීමේ අයිතිය අහෝසි කිරීම සඳහා වූ පනතක් කෙටුම්පත් කරන්නට පවා ඔහුගේ තීරු ලිපි යම් ප්‍රමාණයකට බලපෑ බව රහසක් නොවේ.

ආරූඪ නම් යටතේ කිසිම දෙයක් පළ කිරීම තහනම් කළ යුතු බවත් එසේ පළකරන ලද පුවත් පත් කතුවරයෙකුට රුපියල් දෙදහසකට වැඩි නවෛන දඩයකට හෝ අවුරුද්දකට වැඩි නොවන සිර දඬුවමකට හෝ යටත් වීමට සිදුවන බවත් දැක්වෙන පුවත්පත් මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරවා ගැනීමට එවකට බලයේ සිටි ආණ්ඩුව ප්‍රයත්නයක යෙදුණි.

පත්‍රකලාවේදී සංගම් සහ සියලුම පුවත්පත් කතුවරුන් සාමුහිකව පළ කළ විරෝධය හමුවේ 1984දී ගෙන ආ මෙම ආරූඪ නාම තහංචි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අකුලා ගන්නා ලදී.

දයාසේන ගුණසිංහගේ පුවත්පත් කලාව තීරුලිපියට සීමා නොවුණු අතර ඔහුගේ ‍ලේඛන කලාව පුවත්පත් කලාවට පමණක් සීමා වූයේද නැත. එය විවිධ ඉසව් ඔස්සේ පැතිර ගිය ලිවිසැරියක් විය. සාහිත්‍ය කලා විෂයෙහි ඔහු සතුව පැවැති ශක්තීන් හා ප්‍රතිභාව විවිධ ක්‍ෂේත්‍ර හා බැඳුණු නිර්මාණ කෘතීන් මගින් ප්‍රකාශයට පත්විය. ඔහු කවියෙකි. ගීත රචකයෙකි. කෙටිකතාකරුවෙකි. පරිවර්තකයෙකි. සාහිත්‍යය හා සාහිත්‍ය කලා විචාරය අරඹයා ඔහු අතින් ලියැවුණු ලිපි රැසක් වෙයි.

රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද “රන් තැටියක කඳුළු” දයාසේන ගුණසිංහගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. ඉන් පසු ඔහු විසින් තවත් කාව්‍ය කෘතීන් දෙකක් ප්‍රකාශයට පත් කෙරිණි. “නොවඳිම් සිදුහත්” හා “දොරමඩලාව“ නමින් පළවූ එම කෘතීන් දෙක සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂ අවධානයට යොමුවූ කෘතීන් දෙකක් හැටියට සැලකේ.

“කැනල් පාරේ නිශාචරයෝ” හා “කේතුමතී හෝටලයේ රාත්‍රියක්” කෘතීන් දෙක ඔහුටම ආවේණික වූ ෙශෙලියකින් ලියැවුණු කෙටිකතා පෙළකින් සමන්විත වුණි. “‍පොදු ජනයාගේ මිනිසෙක්” “නදී තෙර කුමරිය” හා “නිල් තාරකාවට ගිය තිදෙනා”පරිවර්තන කෘතීන් විය. “රයිගම් රාළ” තීරු ලිපි සංග්‍රහයකි. “සිව්දෙස” නමින් මාසික සඟරාවක්ද ඔහුගේ සංස්කාරකත්වයෙන් පළවිය.

දයාසේන ගුණසිංහ සමීපව හඳුනා ගැනීමේ අවස්ථාව මට සැලසෙන්නේ මා දිනපතා “දිවයින” පුවත්පතේ උප කර්තෘවරයෙකු ලෙස සේවයට යාමත් සමගය. ඒ වන විට ඔහු “දිවයින ඉරිදා සංග්‍රයෙහි” නියෝජ්‍ය කතුවරයා විය. සෘජුවම ඔහුගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ වැඩ කරන්නට මට අවස්ථාවක් නොලැබුණද පුවත්පත් කලාවේ දුහුනන්ව සිටි අපට ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගන්නට අවස්ථාවක් සැලසින. ඒ පුවත්පත සංස්කරණයේදී කටයුතු කරන ආකාරය අත්දැකීමෙන් වටහා ගැනීමට අපට ඉඩ හසර සැලසුණු බැවිණි.

ඔහු අතින් ලියැවුණු විශේෂාංග ලිපි, සාහිත්‍ය විෂයයෙහි කෙරුණු විවරණ, තීරු ලිපි ආදිය පමණක් නොව ලිපි තෝරා ගන්නා ආකාරය හා ඒවාට සිරස්තල යෙදීමේදී අනුගමනය කරන උපාය උපක්‍රම ආදිය පුවත්පත් කලාව පිළිබඳ අපගේ අවබෝධය වර්ධනය කර ගන්නට දායකත්වය ලබා දුන්නේ ඉබේම වාගේය. පුවත්පත් කලා විෂයෙහි ඔහුගෙන් ලැබුණු ආභාසය අපගේ ජීවිත කෙරෙහිද යම් ප්‍රමාණයකට බලපා ඇත. ඒ දශක දෙකකට ආසන්න කාලයක් ඔහු සමීපයෙහි වෙසෙන්නට අවස්ථාව සැලසීම මගිනි.

ඉංගිරියේ ඉවුරුගලදී ගුරුපවුලක දරුවෙකු හැටියට උපත ලද දයාසේන ගුණසිංහ මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ ශ්‍රී පාලි විද්‍යාලයෙනි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වී පේරාදෙණිය සරසවියට ඇතුළුවූ හෙතෙම වසර තුනක පමණ කාලයක් ගුරු සේවයෙහි ද නිරතව සිටියේය. ඉන්පසු ‍ලේක් හවුස් ආයතනයට ඇතුළු වී මුලින් ඉංග්‍රීසි හා සිංහල පුවත් පත්වල සේවයට එක්ව මූලික පුහුණුව ලබාගෙන ඇත. කලක් “දිනමිණ” පුවත් පතෙහි ප්‍රවෘත්ති කර්තෘවරයා හැටියට කටයුතු කළ ඔහු ‍ලේක්හවුසියෙන් ඉවත්ව එන විට දරමින් සිටි තනතුර වූයේ “සිළුමිණ” විශේෂාංග කර්තෘ ධුරයයි. ඔහු පුවත්පත් කලාව සම්බන්ධ විදෙස්ගතව පුහුණුව ලැබුවෙක්ද විය.

දයාසේන ගුණසිංහ තමා සතු සියලු කුසලතාවන් පුවත්පත් කලාව වෙනුවෙන් කැපකළ දුර්ලභ ගණයේ පුවත්පත් කලාවේදියෙකු හැටියට මූලික වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන. ඔහු නිර්මාණශීලි පුවත්පත් කලාවේදියෙකු හැටියට බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ එබැවිනි. ජීවිතය, සමාජය හා දේශපාලනය පිළිබඳ පරිණත හා නිවැරදි යැයි තමා තරයේ විශ්වාස කළ අවබෝධයක් ඔහු සතු විය. දයාසේන ගුණසිංහ නිර්භීත පුවත්පත් කලාවේදියෙකු බවට පත් කරන ලද්දේ ඔහු සතුව පැවැති එම අවබෝධය ආත්ම විශ්වාසයෙන් යුතුව පුවත්පත් කලාවේ දී භාවිතයට ගන්නා ලද බැවිනි.

මෙකල වෙසෙන බොහෝ පුවත්පත් කලාවේදීන් වෙත දැකිය නොහැකි ඔහු සතුව පැවැති අනෙක් සුවිශේෂ ගුණාංගය වූයේ තමා සතු කුසලතාවන් අලෙවි කිරීම පිළිකුලෙන් යුතුව ප්‍රතික්‍ෂේප කිරීමයි.

වරප්‍රසාද අපේක්ෂාවෙන් වචනයක් හෝ ලිවීම තම වෘත්තිය පාවාදීමක් ලෙස ඔහු සැලකුවේය. අවශ්‍යතාවක් තිබුණිනම් ඉහළ තලයේ දේශපාලනඥයන් පමණක් නොව පුළුල් සිවිල් බලයක් සහිත රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන් හා ‍ලේඛයන් වෙත ළඟාවන්නට ඔහුට ඕනෑතරම් අවස්ථාව තිබුණි. එහෙත් ඔහු ඒ කිසිවෙකු මායිම් කළේ නැත. පහර දිය යුතු කවරෙකුට වුව නිලය බලා පහර දීම පුවත්පත් කලාවේ දී ඔහු විසින් අනුමත අධිෂ්ඨාන සහගත ස්ථාවරය විය.

“දිවයින” ඉරිදා සංග්‍රහයෙහි ප්‍රධාන කර්තෘ ධුරයෙන් අනිවාර්ය නිවාඩු ලබා ඔහුට ගෙදර යන්නට සිදුවූයේ තමා පිළිගත් පිළිවතෛහි පිහිටා ප්‍රහාරාත්මක කතුවැකියක් ලිවීම හේතුවෙනි.

ඉහළින් ආ අණට කීකරුවූ පුවත්පත් හිමිකරුවෝ පෑන පැත්තකින් තබන්නට ඔහුට බල කළහ.

දශක දෙකකට ආසන්න කාලයක් පුවත් පත වෙනුවෙන් ඔහු අතින් ඉටුවුණු මෙහෙවර අංශු මාත්‍රයකින් හෝ පුවත්පත් හිමිකරුවන් විසින් අගය කෙරුණු සැටියක් එහිදී දැකගත නොහැකි විය. එහෙත් ඒ අවස්ථාවේ ඔහුට දරාගන්නට සිදුවූ හුදෙකලාව රැකියාව අහිමිවීම හේතුවෙන් නිර්මාණය වූවක් පමණක්ම නොවේ. එම තනිවීම තමාට දැනුණ ආකරය ඔහු විසින් ලියන ලද දොරමඩලාව කාව්‍ය සංග්‍රහයේ පිළිගැන්වීමේ පාඨය හැටියට මෙසේ සටහන් කොට ඇත.

“මිතුරු වෙසින් සිටි ගනුදෙනු කරුවන් හැලීගිය පසු ඉතිරි වූ මිතුරන් කිහිපදෙනාට”

දයාසේන ගුණසිංහ අනිවාර්ය නිවාඩු ලබා මහරගම ගම්මාන පාරේ නිවෙසෙහි විවේක සුවයෙන් පසුවෙද්දී දිනක් කිත්සිරි නිමල් ශාන්තත් මමත් ඔහුගේ සුවදුක් බලන්නට ගියෙමු. සුපුරුදු සුහද බවින් යුතුව අප පිළිගත් ඔහු බොහෝ වේලාවක් කතා බහ කරමින් සිටියේ තම අතීත අත්දැකීම් පිළිබඳවයි. ‍ලේක්හවුස් ආයතනයෙන් ඉවත්ව ඒම හා “දිවයින” ඉරිදා සංග්‍රහයේ කටයුතු කළ ආකාරය ආවර්ජනය කරමින් ඔහු දීර්ඝ විස්තරයක් කළේය. මහාචාර්ය සරත් විජේසූරිය විසින් මෑතදී දයාසේන ගුණසිංහ පිළිබඳ ලියන ලද සටහනක් කියවද්දී මට යළි සිහිපත් වූයේ එදා ඔහු කිත්සිරිත් මාත් ඉදිරියේ අනාවරණය කරන ලද අවර්ජනාත්මක විවරණයයි. ගුණසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් එහි මෙසේ සටහන්ව තිබුණි,

“ අපි ‍ලේක්හවුස් එකෙන් ආවේ එක්තරා සතුටකින්. අපට නිදහසේ ඉඟිලෙන්න ඉඩලැබෙන බවක් දැනගත්ත එක තමයි, ඒකට ප්‍රධාන හේතුව. ඇත්තටම අපට නිදහසේ ඉඟිලෙන්න ඉඩ ලැබුණා. පත්තරේ ලාභ ලබන්න පටන් ගත්තා, හිතුවට වඩා බොහෝම ඉක්මණින්ම. ඊට පස්සේ අපට දැනෙන්න ගත්තා, අපට ඕනෑ තරම් ඈතට ඉඟිලෙන්ඩ ඉඩ නැති බව, කකුලකට තොණ්ඩුවක් දැම්මා. ඊට පස්සේ යන්න ලැබිච්ච උපරිම දුරට අපි ඉගිලුණා. ඒ ගමන කකුල් දෙකටම තොණ්ඩු දැම්මා. මං දැන් අතේ පෑනක් නැති පත්තර කාරයෙක්.

මේකෙන් කියන්නේ මොකක්ද? පත්තර කලාව අපේ. පත්තර ධනපතියන්ගේ. අපි පත්තරවල ශක්තිය වුණාට පත්තරවල බලය ධනපතියන්ගේ. මොනම ආණ්ඩුවක් එක්කවත් ධනපති පත්තර කාරයෝ හැප්පෙන්ඩ, ඇත්තටම තරහ වෙන්ඩ සූදානමක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්ඩ ධනපති පක්ෂයට ඕනෑ කමක් නැහැ. ඒ ඇත්ත අපි හොඳටම දන්නවා. ඒත් මොකද කරන්නේ. අපි අපට අයිති නැති පිට්ටනිවල ක්‍රීඩකයෝ විතරයි. අපේ ශක්තියෙන් තරග දිනුවට ඒකෙන් ඇත්තටම දිනලා තියෙන්නේ අපි නෙවේ. පිට්ටනියත් අපේ නෙවේ. අන්තිමට ක්‍රීඩාවත් අපේ නෙමේ. ජයග්‍රහණයත් අපේ නෙමේ."

වර්තමාන පුවත්පත් කලාවේදියාට මේ ආකාරයෙන් තමාට අහිමි පිටියක ක්‍රීඩා කරන්නට සිදුව පැවැතීම අද වඩාත් බැරෑරුම් ආකාරයෙන් සාකච්ඡාවට භාජන විය යුතු මාතෘකාවකි. පුවත් කලාවේ නොවිසඳී පවතින ගැටලු සහ අර්බුද රැසකට එමගින් පිළිතුරු අපේක්ෂා කළ හැකි බැවිනි. ඒ ආකාරයේ පර්යේෂණයක නිරත වන කවරෙකුට වුව දයාසේන ගුණසිංහගේ පුවත්පත් කලා මෙහෙවර අමුද්‍රව්‍ය ආකරයකි. කියා නිමකළ නොහැකි තරම් විශාල අත්දැකීම් සම්භාරයක් ඒ ආශ්‍රයෙන් ඔහු ලබාගෙන තිබිම ඊට හේතුවයි. එවන් ඇතැම් අත්දැකීම් පුවත්පත් කලාව සමග පමණක් නොව ජීවිතය සමගද තදින් බැඳී තිබුණි. ඔහුගේ අවමංගල්‍යය, ඔහු අවසන් වරට සේවය කළ පුවත්පත් ආයතනයට පමණක් නොව ඔහුගේ ප්‍රධාන ගෝලබාලයන්ටද තහනම් අවස්ථාවක් වීම හුදු ආවේගාත්මක සිදුවීමක් නොවේ. වර්තමාන පාරිභෝජනවාදී සමාජයේ ‍පොදු මානුෂික සබඳතාවන් කොතරම් පරිහානියකට පත්ව පවතීද යන්න තහවුරු කරන විපරීත සිදුවීමකි.

දයාසේන ගුණසිංහගේ අභාවයෙන් පසු ඔහු හා සමකළ හැකි වෙනත් පුවත්පත් කලාවේදියෙකු ජාතික පුවත් පතක කර්තෘ පදවියට මතෛක් පත්ව නැත. අනාගතයේදී බිහිවණු ඇතැයි නිසැකව පැවැසීමටද පුළුවන්කමක් නැත. එය හුදෙක් පුද්ගලයා පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ. වර්තමාන සමස්ත සමාජ දේශපාලන හා සංස්කෘතික පරිහානියේ ප්‍රතිඵලයකි.

පියනන්ද මල්දෙණිය
උපුටා ගැනීම - ලක්බිම

"අද අපේ සමාජයේ තිබෙන්නේ වැටුණු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් "

  • "ආණ්ඩුව තමන්ගේ ඒක පාර්ශවීය ක්‍රියා දාමය ගෙනියනවා"
     
  • "  යටත් විජිත මනෝ භාවය තමයි, අපි තමයි අධිපති අනෙක් අය පුංචිය කියන එක. එය 1800 ගණන් වල තමයි ඇති කළේ  යටත් විජිත වාදීන් තමයි අපිට ඒ ආරෝපණය  දැන්මේ. 1948න් පස්සේ මේක ඇතුලෙ මහා විශාල සංස්කෘතික සම්ප්‍රදායන් තියනවා, අපේ ආසියානු ආගමික  සම්ප්‍රදාය තමයි හොද මල් වට්ටියක් වෙන්නනම් පාට පාට මල් තියෙන්න ඕන කියන එක අපට අඩු ගනේ ඒකවත් පිළිගන්න  පුරුදු කරලා නැහැනේ. "
  •  " මං හිතන්නේ අපට කිසියම් ප්‍රමාණයකට ගැටුම් කළමනාකරණය, ගැටුම් සමථ කිරීම, විශ්ලේෂණය කිරීම කියන කරුණ පිළිබද මාධ්‍ය කෙෂ්ත්‍රයේ නව අද්දැකීම් බෙදා හදා ගැනීමේ අවකාශයක් තිබෙනවා."" 
  •    ප්‍රජාතන්ත්‍රවාදය කියන එක බහුතර බලය ඡන්දයකදී ප්‍රකාශ වෙනවා වාගේම සමානාත්මතාවයත්  ප්‍රකාශ විය යුතුයි."
  • සුළු ජාතිකයන් පිළිබද ඔවුන් දක්වන ආකල්පය,  සංස්කෘතික අනන්‍යතාවය පිළිබදව  ඔවුන් දක්වන ආකල්පය. මේ ආකල්පය සදහා මුලිකම ප්‍රවේශය වෙන්න ඕන රජය සහ පාලකයින්, ඒ සදහා මත වාදය නිර්මාණය කළ යුතුයි. " 
 
 නුතනයේ  ජනමාධ්‍යන්ගේ ක්‍රියාකාරිත්වය විවිධ මානයන් ඔස්සේ සලකා බැලිය හැකි වේ. ඒ අනුව තත්කාලින ලෝක දේශපාලන තලය තුළ මෙන්ම දේශියවද දක්නට ලැබෙන "ගැටුම්" නිර්මාණයට, සමථනයට ජනමාධ්‍ය මගින් සිදුවන බලපෑම ඉහළ අගයක් ගෙන තිබේ. මේ ඒ පිළිබදව ශ්‍රී ලංකා ගාර්ඩීයන්,  මහාචර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා සමග කළ සංවාදයකි. මහාචාර්ය  රෝහණ ලක්‍ෂ්මන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන  අධ්‍යන අංශයේ අංශ ප්‍රධානියා ද වේ.

ලංකා ගාර්ඩියන් -  අප තොරතුරු ලබාගන්න ප්‍රමාණය අනුව අපගේ එදිනෙදා ජීවිතය
පාලනය වන බව අප සියලු  දෙනාට යතාර්ථයක් වූ කියමනක්, ඒ අනුව ප්‍රවේශයක් ලෙස පුද්ගල ජිවිතයට  ජනමාධ්‍ය කරන බලපෑම විග්‍රහ කරගනු ලබන්නේ කෙසේද ?මහාචාර්ය ලක්‍ෂ්මන් -  අද විශේෂයෙන්ම කාර්මිකරණය වාණිජකරණය ව්‍යාප්ත වීමත් සමඟ මිනිසා ජිවත් වන්නේ තොරතුරු සමාජයක, අද මිනිසාට තොරතුරු වලින් වියුක්තව ජීවත්වීමට පුළුවන් කමක් නැහැ. කොතරම් මෙය පුළුල්ව තියනවද කියනවනම් අද අපි කතා කරන්නේ තොරතුරු,දැනුම බවට පත් වූ  සමාජයක අද උපභෝග, පරිභෝග  භාණ්ඩ තරම්ම දැනුම විශාල ලෙස අලෙවි කර ගත හැකි සම්පතක් බවට පත් වි තිබෙනවා. මේනිසාම අද ලෝකයේ දැනුවත් මිනිසුන් උගත් මිනිසුන් සඳහා විශාල  මිලක්, නිර්මාණාත්මක අදහස් සදහා නව මිලක්, නව අදහස් සදහා නව මිළක් ලෝකයේ ගෙවීමට සැදි  පැහැදී සිටිනවා. මේ නිසා දැනුම ව්‍යාප්ත කිරීමේ ලා ප්‍රධාන සංචාරකයා බවට  පත්වන්නේ  ජනමාධ්‍යය. එතකොට ජනමාධ්‍ය අප සමාජයේ වටිනාකම්,  පුරුසාර්ථ, සාරධර්ම,අගය කිරිම් , උපභෝග,පරිභෝග, ජිවන ක්‍රමය සියල්ල පාලනය කරන්නේ ජනමාධ්‍ය විසින්. අපේ ජනමතය, අපේ අගයන් සියලු වටිනාකම් මෙහෙය වනු ලබන්නේ ජනමාධ්‍ය විසින්. ඉතින් ඒ අතින් ගත්තාම ජනමාධ්‍ය අද සමාජයේ අත්‍යවශ්‍ය අංගයක්, මිනිසාට ජලය, අහාර තරම්ම මිනිසාට තොරතුරු අද අත්‍යාවශ්‍ය වී තිබෙනවා. මේ අයුරින් ජනමාධ්‍ය හා සමාජය අතර තිබෙන අවියෝජනිය බැදීම හදුනා ගන්න පුළුවන්.


ලංකා ගාර්ඩියන් -  ප්‍රස්තුත මාතෘකාව විග්‍රහ කර ගැනීමේ දී, විවිධ ගැටුම් සමාජය  තුතුළ  දක්නට ලැබෙනවා. ඒවා පුද්ගල, කණ්ඩායම්, ජනවාර්ගික, ජාතික ආදී විවිධ ස්වරුපයෙන් පවතිනවා. ඒ අනුව මෙම ගැටුම් වලට බලපාන   ජනමාධ්‍යයේ ක්‍රියාකාරිත්වය හදුනා ගන්නේ කෙසේද? 


මහාචාර්ය ලක්‍ෂ්මන් -  ඔව් අද අප සමාජයේ ඔබ නිවැරදිව කියන පරිදි පුද්ගල ගැටුම්,පුද්ගල කණ්ඩායම් අතර,ඒ වාගේම සමාජ කණ්ඩායම් අතර, ජනවර්ග අතර, රටවල් අතර සැකය අවිනිශ්චිත භාවය ගැටුම දක්වා වර්ධනය කිරීම සදහා ඉතා ප්‍රබල කාර්යය භාරයක් මාධ්‍ය කරුවා, මාධ්‍ය විසින් හිමි කර ගෙන තිබෙනවා. අද මම ඔබට පෙර  සදහන් කළා  සේම, සියලුම කාරණා, සියලුම අගය කිරීම්, සියලුම ප්‍රතිමාණයන්  නිර්මාණය කිරීමට ජනමාධ්‍ය වග කියනවනම් එහි අනිවාර්ය සාධකයක් ලෙස මිනිසාගේ සාරධර්ම සංවර්ධනයට වගේම අවගමනයට, මිනිසාගේ පැවැත්මට අභියෝග කරණ ගැටුම් නිර්මාණය කිරිමටත් අද විශාල වශයෙන් ජනමාධ්‍ය ප්‍රධාන ආකාර තුනකින් ක්‍රියා කරනවා කියලයි මගේ විශ්වාසය.එකක් තමයි ගැටුම් සඳහා වූ මුලික යටිතල අවකාශය නිර්මාණය කිරිම, දෙවනුව එහි (ගැටුමෙහි) අවස්ථා වර්ධනය කිරිම මඟින් සැකය අවිනිශ්චිත භාවය නිර්මාණය කිරිම, තුන්වෙනුව ගැටුම වර්ධනය  කිරිම සමඟ එය වාර්තා කිරිම මඟින් ගැටුම පෝෂණය කිරිමට දායක විමේ අවකාශයක් නිර්මාණය කර ගැනිම.ඉතා සරල උදාහරණයක්  ගෙන බැලුවොත් අපිට පුළුවන් අපේ සමාජයේ කිසියම් ජන කණ්ඩායමකගේ, ආගමික කණ්ඩායමකගේ,ප්‍රජා කණ්ඩායමකගේ හොද පමණක් ඉස්මතු කිරිම. එහෙම නැත්නම් නරක  විතරක් ඉස්මතු කිරිම.එහෙම නැත්නම් ජනවර්ගයක විශේෂිතව නම් සදහන් කිරිම. විශේෂිත ආගමික කණ්ඩායමක, විශේෂිත කුල කණ්ඩායමක, විශේෂිත සමාජ  කණ්ඩායමක, එම ජනවර්ගය, එම කුලය ඉස්මතු කිරිම මගින් කිසියම් ආකාරයක එය සත්‍ය සිදුවිමම   තමයි නමුත් එම සත්‍ය සිදුවිම අර කරුණ විශේෂයෙන් හුවා දක්වනවා උදාහරණක්  ලෙස ගුවන්තොටු පලකින් මත්ද්‍රව්‍ය රැගෙන එනවා විවිධ ජනකණ්ඩායම් නමුත් යම් ජනවර්ගයක් එහිදී සඳහන් කරනවා. අසවල් ජනවර්ගයේ පුද්ගලයෙක් ගෙනාවාය,අසවල් අය රත්ත්‍රන් බඩු ගෙනාවාය කියලා, කිසියම් ආකාරයකට මුලික පුවත් වාර්තා කිරීමේ යම් අවකාශය තුල වර්තාකරනවා මුලික 'බීජය' සැකය අවිනිශ්චිත භාවය සදහා, දෙවනුව ගැටුම් වාර්තා කිරිම මගින් ගැටුම වර්දනය කිරිමට අවශ්‍ය යටිතලය නිර්මාණය කිරිම. උදාහරණයක් ලෙස මිනිසුන් අතර පොදුවේ ආකල්පයක් ගොඩ නගනවා මේවා කරන්නේ මේ මිනිස්සු, ඒ කියන දේවල් වලට අවශ්‍ය මනස, මනෝ භාවය නිර්මාණය කරලා තිබන්නේ ජනමාධ්‍ය විසින්. තුන්වෙනුව සැකය අවිශ්වාසය වර්ධනය කිරිම. උදාහරණයක් ලෙස ප්‍රශ්න මතු කරනවා, අසවල් ජනකණ්ඩායම තමයි මේවා කරන්නේ මේවට විරුද්ධව නැගිසිටිය යුතුයි. ඒගොල්ලන්ගේ ආගමික සම්ප්‍රදායන් වලට විරුද්ධව නැගිටින්න ඕන, ඇඳුම් පැලදුම් වලට එරෙහිව, ආගමික  සත්කාර්යයන්ට චර්යාවන්ට  එරෙහිව නැගිටින්න ඕන. මේ මත වාදයන්ට වේදිකාවක් නිර්මාණය කරනවා.වේදිකාවක් නිර්මාණය කිරිම මඟින් අර ප්‍රශ්නය  සංකීර්ණ වෙනව.     සුළුජන කණ්ඩායම, කොන් වූ ජනකණ්ඩායම තුළ හීන මානය නිර්මාණය කරන අතර අනිත් කණ්ඩායම තුල අධිමානය නිර්මාණය කරනව. මෙය ගැටුම් වලට  මං හිතන්නේ ප්‍රබල උච්චතම අවස්ථාව එහෙම උනාම අර හීන එහෙමත් නැත්නම් කුඩා ජනකණ්ඩායම තුල ප්‍රතිචාරයන් වර්තාකරනවා. එහෙම නැත්නම් බලවත් යැයි කියන කණ්ඩායම තුල සිදුවිම් වර්තාකරනවා. ඒ අතර තුර ඒ ගැටුම් නිර්මාණය වනවා, ඒවා සමහර වෙලාවට ප්‍රචණ්ඩ ක්‍රියා, ගැටුම්, අවි ගැටුම්, ත්‍රස්තවාදය,අවි ගත්  ත්‍රස්තවාදය දක්වාද දේශපාලන කාරණා දක්වා මේවා ව්‍යාප්ත වෙනවා. නැවත එය වාර්තා කිරීම මඟින් නැවත මේ ගැටුම උත්සන්න කරනවා. අපේ සමාජයේ මේ  සියළු අත්දැකීම්  මං හිතෙන්නේ අපට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම තිස් අවූරුදු යුද්ධය තුළ, ගෙවී ගිය අද්දැකීම් තුළ මේකි සියළු ආකාරයේ, මම කියන අවධි තුනම ජනමාධ්‍ය තුළ අප වාර්තා කරනවා අපි දැක්කා.     අපි  ඉතා සරල සිද්ධියකින් කථා කරලා බලමු. 83 කළුජුලිය පිලිබදව, මේ සිද්ධියේ දී ආරක්‍ෂක හමුදා සහ අවි ගත් කණ්ඩායම් අතර සිදුවිමකදී බිම් බෝම්බයකට ආරක්‍ෂක හමුදා කණ්ඩායමක් ලක් උනා, මෙම සංසිද්ධිය අප වාර්තා කළේ කොයි ආකාරයටද මෙම වාර්තා කිරිම තුළම  අපේ  තිබුනා  පක්‍ෂග්‍රාහි බවක්. මේ ගැටුමෙන් පස්සේ ඇතිවන ඊලග ගැටුම් වලදී තවත් කණ්ඩායමක් මිය ගියා. මේ කොටස වාර්තා වුනේ නැහැ. සමාජයේ වගකීම් අපි දරා ගන් නැහැ, සමාජයක කොතරම් වැදගත් පුවතක් උනත් සමාජමය වුවමනාවන් වෙනුවෙන් එය පාලනය කරන්න පුළුවන්, සීම කරන්න පුළුවන්, යටපත් කරන්න පුළුවන්.අවාසනාවකට එහෙම කලේ නැහැ ඒ වෙනුවට අපි හැගීම් බර දේවල් ඉස්මතු කරලා උත්සන්න වෙනකොට අපි දෙපැත්තම වාර්තා කරන්න පටන් ගන්නවා. ඉලගට ගැටුම් වර්ධනය වුනාම, ගැටුම් ඊට පස්සේ වාර්තා කරනවා අපේ ශිෂ්ටාචාරය බිද වැටුනා නෙද කියල, එතකොට මාධ්‍ය ගැටුමේ තවත් උච්ච ස්භාවයතමයි වාර්තා කරන්නේ. මං හිතන්නේ අපට කිසියම් ප්‍රමානයකට ගැටුම් කළමනාකරණය, ගැටුම් සමථ කිරීම, විශ්ලේෂණය කිරීම කියන කරුණ පිළිබද මාධ්‍ය කෙෂ්ත්‍රයේ නව අද්දැකීම් බෙදා හදා ගැනීමේ අවකාශයක් තිබෙනවා.

ලංකා ගාර්ඩියන් - ඔබ සදහන් කළ  පරිදි මෙරට පැවති යුද්ධය මේ මොහොත වන විට අවසන් වි තිබෙනවා, එහෙම නැත්නම් ගැටුමක් අවසානයේ සංහිදියාවකට අවශ්‍ය පරිසරය ගොඩනැගි  තිබෙනවා. ඒ අනුව මේ මොහොතේ ජනමාධ්‍යයේ මෙහෙවර  එමෙන්ම වර්ථමාන හැසිරිම කොහොමද ඔබ දකින්නේ 


මහාචාර්ය ලක්‍ෂ්මන් -  මට හිතෙනවා අපි යම් ප්‍රමාණයක ප්‍රමාණවත් කාර්යයක නියැලෙන්නේ නැහැයි කියලා, අපි බොහොම හැගිම් බර මුලික අවස්ථා විතරයි කියන්නේ අසල් වැසිය හදුනා ගැනිම, අසල් වැසියා අතර සුහද තාවය,තේරුම් ගැනිම, අසල් වැසියා සමග සංකලනය, සමාජානුයෝජනය, මේ කරුණු පිළිබද මාධ්‍යට කිසියම් විශේෂිත කාර්යය භාරයක් කිරිම අවශ්‍යයි. මොකද අපි යුද්ධයකින් පසු අවදියක ඉන්නේ, සාමාන්‍යයෙන් අදහසක් තමයි " යුද්ධයක දි පළමුව මිය යන්නේ සත්‍යයි" කියන කාරණය.අපිට මේ මිය ගිය සත්‍ය පිටුපස ඇති සාධකයන් සාකච්චා කරන්න පුළුවන් ඒ පිටු පස ඇති සමාජමය කාරණා , දේශපාලනමය කාරණා , සංස්කෘතිමය කාරණා අපිට  සාකච්චා කරන්න පුළුවන් ඒ  සාකච්චාව  තුල සමාන අයිතිවාසිකම් මතුවිය යුතුයි.අයිතිවාසිකම් සමානයන් ලෙසයි සාකච්චා කරන්න ඕනේ, අධිපතින් විදිහට හරි බලධාරින් විදිහට හරි සුළු ජනකණ්ඩායමකගේ හීන මනෝ භාවයෙන් යුක්තව නොවෙයි. සමානාත්මතාවයෙන් යුක්තව කථා කරන්න ඕන, ප්‍රජාතන්ත්‍ර වාදය කියන එක බහුතර බලය ඡන්දයකදී ප්‍රකාශ වෙනවා වාගේම සමානාත්මතාවයත්  ප්‍රකාශ විය යුතුයි. මෙන්න මේ කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් දුක්ගැනවිලි තිබේ නම් ඒ දුක් ගැන විලි සදහා මත වේදිකාවක් හදන්න, ගොඩනගන්න පුළුවන් ඒ සංවාදයේදී විවිධ පාර්ශව වලට අරාධන කරන්න පුළුවන්, දැන් යුද්ධය අවසානයි දැන් අපට අවශ්‍ය දිගු කාලින සංහිදියාවක්, එය   ගැබුරු හා පුළුල් එකක් විය යුතුය.

ලංකා ගාර්ඩියන් - සමාවන්න පොඩි බාධා කිරීමක් කරන්න අවශ්‍යයි, මෙම ගැටුම (යුද්ධය) ගැන සාකච්චා කරණ නිසා, සංහිදියව නිර්මාණයට මේ මොහොතේ රාජ්‍යයේ නැත්නම් ආණ්ඩුවේ කාර්ය භාරය කොහොමද ඔබ දකින්නේ? 


මහාචාර්ය ලක්‍ෂ්මන් - ඔව් රාජ්‍ය යම් කාර්ය භාරයක් කරනවා තමයි, රජය යටිතල පහසුකම් ඇති කරනවා තමයි, රජය ඒ කාරනාවට මැදිහත් විය යුතුයි.ජාතින් පදිංචි කිරීම, ආගමික සංහිදියව, සංස්කෘතික අනන්නියය තාවය ආරක්ෂාකිරීම මේ කියන එකට රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. රාජ්‍ය කියන ආයතනය ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි, අපෙ  වගේ රටක ආණ්ඩුව කියන්නේ  ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි. විරුද්ධ පක්ෂයත් යම් මැදිහත් විමක්  කල යුතුයි. ප්‍රජාසංවිදාන, සිවුවන ආණ්ඩුව වන ජනමාධ්‍ය  මේ සියළුම දෙනා සක්‍රියව මැදිහත් විය යුතුයි.ආණ්ඩුවක් ගෙනයන ක්‍රියාමාර්ගය ඒක පාර්ශවිය යම් ප්‍රමාණයක ගැටළුවක් තිබෙනවානම් විරුද්ධ පක්ෂය ඒ සදහා සක්‍රියාව මැදිහත් වී ඒ සංවාදය මතු කල යුතුයි. ඒ සදහ වේදිකාවක් නිර්මාණය කල යුතුයි. අද මං හිතන්නේ අපේ සමාජයේ බිද වැටුණු ප්‍රජාතන්ත්‍රවාදී වියුහයක් තිබෙන්නේ, විරුද්ධ පක්ෂය තමන්ගේ කාර්ය භාරය ඉටු කරන්නැහැ සිවිල් සංවිධාන තමන්ගේ කාර්ය භාරය ඉටු කරන්නේ නැහැ,ජනමාධ්‍ය තමන්ගේ කාර්ය භාරය ඉටු කරන් නැහැ,   ආණ්ඩුව තමන්ගේ ඒක පාර්ශවිය ක්‍රියාදාමය ගෙනියනවා. ඔවුන්ට තිබෙන සිමාවන්, ඔවුන්ගේ තිබෙන හැකියාවන් ඔවුන්ගේ තිබෙන දැනුමේ ප්‍රමාණය අනුව මේ කාර්ය කරගෙන යනව. අපි උදාහරණයක් විදිහට ගමු නැවත පදිංචි කිරීම කියන කාරණය, රාජ්‍ය අවතැන් වූ ජනතාව යලි පදිංචි කරනවා ඒ පදිංචි කරන ජනතාවට යම්  අසාදාරනයක් වෙනවනම් ඒ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රී වරුන්ට, විරුද්ධ පක්ෂ මන්ත්‍රීන්ට, ප්‍රජා සංවිධාන වලට, ඒ ප්‍රදේශ වල සහ රටේ තිබෙන ජනමාධ්‍යන්ට වේදිකාවක් නිර්මාණය කල හැකි,   ඌනතාවක් තිබේනම් නිශ්චිත වැඩසටහන් වලට යන්න පුළුවන්,  ජාතියන්තර වේදිකාවක්,.... අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටක්, පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටක් අපිට, වේදිකා නිර්මාණය කර ගෙන යන්න පුළුවන් සමහර ජන මත හදන්න බැරි නම් අපිට ඕම්බුට්ස්මන් වරයට ලියන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න පුළුවන් එතනින් ප්‍රමාණවත් නැත්නම් අපට ජාතියන්තර වේදිකාවට යන්න පුළුවන්. මේ වෙනි කරුණු වලට ප්‍රවේශ වෙන්නැහැ, අවංකවම අපි දක්ත වලින් කරුණු වලින් නෙවෙයි කථා කරන්නේ,බුද්දියෙන් නෙවෙයි කථා කරන්නේ, හැගීම් වලින් කථා කරන්නේ. හැගීම් වලින් කතා කලාම මේවට උත්තර නැහැ. රජය සමහර වෙලාවට රජයේ තොරතුරු වලින් කථා කරන්නේ, නිලධාරීන්ගේ සිමාවන් ඇති වන්න පුළුවන්  ඒ සිමාවන් අතික්ක්‍රමණය කරන්න වෙන්නේ ඒ සදහා සාකච්චාවක් නිර්මාණය කිරීම මගින්. ඒ සංවාධ්‍යට  රටේ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල විරුද්ද පක්ෂය, සිවිල් සංවිධාන, විශේෂයෙන් ජනාමධ්‍ය විශාල කාර්ය භාරයක් තිබෙනවා. මං හිතන්නේ අවාසනාවකට අපේ ජනමාධ්‍ය ඒ වැනි ක්‍රියාමාර්ගයක යෙදෙන් නැහැ, ගවේෂණාත්මක කාර්යයක යෙදෙන් නැහැ ගවේශනාත්මක වාර්තා කරණය කරන් නැහැ.

සරල උදාහරණයක් ගත්තොත්
එහෙම නැවත පදිංචි කරීම් වලදී අසාදාරනයක් වනවාය කියන කරුණ දක්ත සිද්දි එක්ක විශ්ලේෂණාත්මකව ලියපු වාර්තාවක් මට පෙන්නන්න බලන්න මාධ්‍ය වේදියකුට ගවේසනාත්මකව මේ කරුණු හොයන්න පුළුවන් මේ හැගීම්බර දේශපාලඥයෝ කරපු කථා හැරුණු විට ගවේෂණාත්මකව ලියපු වාර්තාවක් මාධ්‍ය වේදියකුට කරුණු හොයන්න
පුළුවන් එක තමයි මාධ්‍ය කරුගේ විශේසත්වයත්. නමුත් අපි එහෙම කරන් නැහැ, අපි  ලැස්ති හැගීම් බර දේවල් කියල පත්තර විකුණා ගන්න, රුපවාහිනී නාලිකා පෙන්නන්න විතරයි සංවේදී දේවල් හොයන් යනව මිසක් ඇත්ත ගැටුම් නිරාකරණය විශ්ලේෂණයට ප්‍රවේශ වෙන් නැහැ.

ලංකා ගාර්ඩියන්  - අපි කථා කළේ  පුවත් පත, ගුවන් විදුලිය, රුපවාහිනිය ඉන් එහා 
තවත් ගබුරට ගියොත්  මේ කරණයේ දී සිනමාව, සාහිත්‍ය ක්‍ෂෙත්‍රය තුළ  ජනවර්ග අතර සුහද තාවය වර්දනය කිරීමට, සංහිදියාවකට අවශ්‍ය   දායකත්වයේ ප්‍රමාණය කොයිතරම් ද මේ වන විට? 


මහාචාර්ය ලක්‍ෂ්මන් - ඇත්තටම අපේ සමාජයේ ගැටුම් හා ගැටුම් විශ්ලේෂණය කරණ සිනමාවක්, සාහිත්‍යක් තිබුණාද තියනවද කියන කාරණය ප්‍රශ්නයක් නිදහසින් පසු ජනවර්ග අතර පමණක් නෙවෙයිනේ සමාජ පංති අතරත, ගැටුම් ඇති උනා. 1953 හර්තාලය, 1971 තරුණ කැරැල්ල, 1953 ජනවාර්ගික ගැටුම්, 83 ජනවාර්ගික ගැටුම් එමෙන්ම 90 ගණන්වල දිගටම තිබුනා.  මෙම ගැටුම් විවිධ ස්වරුපයෙන් තිබුනේ සමහර ඒවා කුල ගැටුම්, සමහර ඒවා ආගමික ගැටුම්, සමහර ඒවා පංති අතර  ගැටුම්, සමහර ඒවා ජනවර්ග අතර මේවා පිටුපස  අතිශින්ම ප්‍රබල සංවේදි  ගැබුරු කරුණු තිබුනා අපේ නිර්මාණ කරුවන්, විචාරකයින්, සමාජ මානව විද්‍යාඥයින්, විශ්ලේෂණාත්මක පත පොත නිර්මාණ සාහිත්‍යට, අපේ සිනමාවට එක් කරීමට දායක වි නැහැ. සරල උදාහරණයක් ලෙස ජනප්‍රිය සිනමාව තුල ජනවාර්ගික ප්‍රශ්නය ගැබුරින් විශ්ලේෂණාත්මකව සාකච්චා කරපු කෘතීන් එකක් හෝ ඔබට පෙන්වන්න පුලුවන්ද.  යම් යම් ප්‍රමාණයකට යම් යම්  සිද්දීන් දෙමළ කාන්තාවක්, දෙමළ තරුණයෙක්, සිංහල තරුණ සොල්දාදුවෙක්, සිංහල ගැනු ළමයෙක් මෙහෙම මෙහෙම සිද්දීන් ගත්තා මිසක් ගැබුරින් මේ ප්‍රශ්නය විශ්ලේෂණය කරණ සිනමාවක් අපට තිබුනද, වැඩිය ඕන නැහැ 71 කැරැල්ල විශ්ලේෂණාත්මකව විශ්ලේෂණය කලාද, 1915 මුස්ලිම් කෝලාහලය  විශ්ලේෂණය කලාද මට හිතෙනවා යම් ආකාරයකට මේ පිළිබදව ගැබුරින් සාකච්චා කරන්න කාලය ඇවිත් තිබෙනවා.සංහිදියාව, සමානාත්මතාවය, ගැටුම, ගැටුමෙහි ස්භාවය, ගැටුම ප්‍රතික්‍ෂේප කරමින් සංහිදියව නිර්මාණය කිරීම පිළිබද තව බොහෝ යන්නට දුර යන්නට නිර්මාණ සාහිත්‍ය පැත්තෙන් අපට තව යන්න තිබෙනවා කියලයි මට හිතෙන්නේ. අපි නාට්‍ය වලින් ඒ අත්හදා බැලීම කරනවද, චිත්‍රපටි  වලින් ඒ අත්හදා බැලීම කරනවද, පත පොත ,සමාජ විද්‍යාත්මකව හා මානව විද්‍යාත්මකව පර්යේෂණ අප සතුව තිබෙනවද කිසියම් ආකාරයකට විදේශිකයන් ඉංග්‍රීසීයෙන් ලියපු පත පොත ඇති, නමුත් පුළුල්ව අපේ රටේ සාමාන්‍ය දෙමළ මුස්ලිම් මිනිසුන් කියවන ඔවුන්ගේ  භාෂා වලින් ඔවුන් දැනුවත් කරණ යම් යම් උත්සායන් තිබෙනවද?........ යම් යම් උත්සායන් තියනවා නමුත් ප්‍රමාණික ලෙස සැහිමට පත් වන්නට බැහැ, ඉතා සරල ලෙස බැලුව හොත් සිංහල, දෙමළ , මුස්ලිම් ජනවාර්ගික ප්‍රශ්නය අරන් බැලුවොත්...සිංහල, දෙමළ , මුස්ලිම්, බර්ගර් අපේ සමාජයේ හදුනවා දීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක් වක් තියනවද රුපවාහිනී වැඩසටහන්, ඔවූන්ගේ සංස්කෘතික අන්නන්ය තාවය හෙළිදරවු වන චිත්‍ර පටි අපට පෙන්නන්න තියනවද, අපි එයින් හදුන්වා දීම පමණක් නෙවෙයි. ඔවුන්ට ගරු කරන්න පුරුදු කරන්න ඕන. වැදී ජනතාව ගැන  කියමු, වැදී ජනතාව ගැන චිත්‍ර පටියක් හදනවා කියලා වැදී නැටුම් දාන එක විතරක් නෙවෙයි  කරන්න ඕන ඒ අයත් අපේ සමාජයේ ජනකණ්ඩායමක්ය,  ඔවුන්ගේ අනන්‍ය තාවය,එය විශිෂ්ට සම්ප්‍රදායක් කියන එක මතු කරන වැඩසටහන් මාලාවක්, දේශපාලන කාරණා නෙවෙයි. සාමාජ සංස්කෘතිමය කාරණා. නැගෙනහිර පළාතේ කාපිරි  කපිරිඥ කණ්ඩායම්, ඒ අයගේ නාට්‍ය, ඒ අය ගෙනල්ල වේදිකාවේ නටවන එක නෙවෙයි කරන්න ඕන,... එක කරන එක හරි එක කරන ගමන් එක ආරක්ෂා කළ යුතු සංස්කෘතික සම්ප්‍රදායක් කියල අපට පුළුවන්ද හදුන්වා දෙන්න. ඒ ගැන කිසියම් සංවදයක් ඇති කරලා තියනවද, මං හිතන්නේ සාහිත්‍ය ක්‍ෂෙත්‍රයේ, ජනමාධ්‍ය ක්‍ෂෙත්‍රයේ කල හැකි අති විශාල කාර්යක් තිබෙනවා ගැටුම් අවම කිරීමට, අඩු ගානේ මෙත් මිනිස්සුන්ය කියන කාරණය, මෙත් අපි හා සමාන සංස්කෘතික උරුමයක් තිබෙන පිරිසක්ය කියන කාරණය මතු කිරීමට.යටත් විජිත මනෝ භාවය තමයි, අපි තමයි අධිපති අනික් අය පුංචිය කියන එක. එය 1800 ගණන් වල තමයි ඇති කලේ යටත් විජිත වාදීන් තමයි අපිට ඒ ආරෝපණය දැන්මේ. 1948න් පස්සේ මේක ඇතුලෙ මහා විශාල සංස්කෘතික සම්ප්‍රදායන් තියනවා, අපේ ආසියානු ආගමික  සම්ප්‍රදාය තමයි හොද මල් වට්ටියක් වෙන්නනම් පාට පාට මල් තියෙන්න ඕන කියන එක අපි අඩු ගනේ එකවත් පිළිගන්න  පුරුදු කරලා නැහැනේ. මං හිතන්නේ මේ කාරණා ගැන නිර්මාණ සාහිත්‍යයෙන් , චිත්‍රපටි වලින් නාට්‍යයෙන් කල හැකි මෙහෙවර අති විශාලයි.

ලංකා ගාර්ඩීයන් - දැනට ලෝකයේ උදාහරණ තියනවද මෙවැනි ගැටුමකදී හෝ ඕනෑම ආකාරයක ගැටුමකදී ඔබ කියන ආකාරයේ ක්‍රියා වලියක් දක්නට ලැබුණු? 


මහාචාර්ය ලක්‍ෂ්මන් - උදාහරනයක් විදිහට දකුණු අප්‍රිකාව තුල නෙල්සන් මැන්ඩලාගේ අත් හදා බැලීම් වලින් පසු ඒ සමාජය තුල  බහුතරයේ වගේම    සුළු ජාතිකයන් පිළිබද ඔවුන් දක්වන ආකල්පය,  සංස්කෘතික අනන්‍යතාවය පිළිබදව ඔවුන් දක්වන ආකල්පය. මේ ආකල්පය සදහා මුලිකම ප්‍රවේශය වෙන්න ඕන රජය සහ පාලකයින්,  ඒ සදහා මත වාදය නිර්මාණය කල යුතුයි. ඉන්පසු එකට අවශ්‍ය අනෙක් අමුද්‍රව්‍ය ජනමාධ්‍ය සහ සංස්කෘතිය තුලින් නිර්මාණය කල යුතුයි. පිළිගන්න ඕන බහු සංස්කෘතියක් තුල ජිවත් වනවාය කියන කාරණය ඒය  පිළිගනිමින් අගය කල යුතුයි. මම ඇත්තටම අගය කරනවා අපේ ජනාධිපතිතුමා දෙමළෙන් වචන දහයක් හරි කතා කරන එක ගැන, අඩු ගානේ රාජ්‍ය උත්සවයක  දෙමළෙන් වචන දහයක් හරි කතා කරන එක
ගැන,.... මෙය අනෙක් කෙෂ්ත්‍ර වලටත් විකාශය විය යුතුයි.  සමාජ පිළිගැනීමක් දේශපාලන පිළිගැනීම දක්වා පෝෂණය කල යුතුයි,  කියන  එකයි මගේ පිලි ගැනීම.

ලංකා  ගාර්ඩීයන් - පොදුවේ ගත් විට ප්‍රස්තුත කරුණ පිළිබද මිට අමතරව යම් අදහසක් ඔබ සතුව තිබෙනවද ?


මහාචාර්ය ලක්‍ෂ්මන් - මට හිතෙනවා අපේ ගැටුම් ඇති වන්නට පුළුවන් මොකද අපේ සමාජය හෙමින් සංවර්ධනය වන රටක්  සේම  අපේ වැඩ වසම් සමාජ සම්බන්ධතාවය වැඩි, සම්ප්‍රදායක සිමාවන් අපේ තියනව. නමුත් අපේ පැරණි සමාජය අන්නොන්නිය සුහද තාවයෙන් හිටුයා, අපිට වුදේශ අක්ක්‍රමණ එනකොට අනුරාධපුර යුගයේ අපි සටන් කරලා තියනවා සිංහල, දෙමළ,මුස්ලිම් සියල්ලම එකතු වෙලා. ඒ කලේ දුටු ගැමුණු සේනාවේ සිංහල සෙබළුන්,දෙමළ සෙබළුන් දෙගොල්ලම හිටීය.  අපේ ඉතිහාසය පුරාම සංහිදියව අපි වටහ ගෙන තිබුනා, නමුත් අවාසනාවකට අපිට මේක ගෙනත් දුන්නේ, වර්ධනය කලේ කියල මං හිතන්නේ යටත් විජිත පාලකයෝ. බෙදා වෙන්කර පාලනය කිරීම, වර්ගීකරණය, අධිකාරී වාදී අධියාපනය, මේ හැම එකකින්ම එකිනෙකාව සැක කරන,එකිනෙකාට වඩා හොදයි නරකයි කියන සමාජ ව්‍යුහයක් නිර්මාණය කලා. මේකේ ප්‍රතිපල තමයි අද අපි භුක්ති විදින්නේ.

- සමන්