- "ආණ්ඩුව තමන්ගේ ඒක පාර්ශවීය ක්‍රියා දාමය ගෙනියනවා"
- " යටත් විජිත මනෝ භාවය තමයි, අපි තමයි අධිපති අනෙක් අය පුංචිය කියන එක. එය 1800 ගණන් වල තමයි ඇති කළේ යටත් විජිත වාදීන් තමයි අපිට ඒ ආරෝපණය දැන්මේ. 1948න් පස්සේ මේක ඇතුලෙ මහා විශාල සංස්කෘතික සම්ප්‍රදායන් තියනවා, අපේ ආසියානු ආගමික සම්ප්‍රදාය තමයි හොද මල් වට්ටියක් වෙන්නනම් පාට පාට මල් තියෙන්න ඕන කියන එක අපට අඩු ගනේ ඒකවත් පිළිගන්න පුරුදු කරලා නැහැනේ. "
- " මං හිතන්නේ අපට කිසියම් ප්‍රමාණයකට ගැටුම් කළමනාකරණය, ගැටුම් සමථ කිරීම, විශ්ලේෂණය කිරීම කියන කරුණ පිළිබද මාධ්‍ය කෙෂ්ත්‍රයේ නව අද්දැකීම් බෙදා හදා ගැනීමේ අවකාශයක් තිබෙනවා.""
- ප්‍රජාතන්ත්‍රවාදය කියන එක බහුතර බලය ඡන්දයකදී ප්‍රකාශ වෙනවා වාගේම සමානාත්මතාවයත් ප්‍රකාශ විය යුතුයි.""
- සුළු ජාතිකයන් පිළිබද ඔවුන් දක්වන ආකල්පය, සංස්කෘතික අනන්‍යතාවය පිළිබදව ඔවුන් දක්වන ආකල්පය. මේ ආකල්පය සදහා මුලිකම ප්‍රවේශය වෙන්න ඕන රජය සහ පාලකයින්, ඒ සදහා මත වාදය නිර්මාණය කළ යුතුයි. "
නුතනයේ ජනමාධ්‍යන්ගේ ක්‍රියාකාරිත්වය විවිධ මානයන් ඔස්සේ සලකා බැලිය හැකි වේ. ඒ අනුව තත්කාලින ලෝක දේශපාලන තලය තුළ මෙන්ම දේශියවද දක්නට ලැබෙන "ගැටුම්" නිර්මාණයට, සමථනයට ජනමාධ්‍ය මගින් සිදුවන බලපෑම ඉහළ අගයක් ගෙන තිබේ. මේ ඒ පිළිබදව ශ්‍රී ලංකා ගාර්ඩීයන්, මහාචර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා සමග කළ සංවාදයකි. මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ අංශ ප්‍රධානියා ද වේ.
ලංකා ගාර්ඩියන් - අප තොරතුරු ලබාගන්න ප්‍රමාණය අනුව අපගේ එදිනෙදා ජීවිතය පාලනය වන බව අප සියලු දෙනාට යතාර්ථයක් වූ කියමනක්, ඒ අනුව ප්‍රවේශයක් ලෙස පුද්ගල ජිවිතයට ජනමාධ්‍ය කරන බලපෑම විග්‍රහ කරගනු ලබන්නේ කෙසේද ?මහාචාර්ය ලක්‍ෂ්මන් - අද විශේෂයෙන්ම කාර්මිකරණය වාණිජකරණය ව්‍යාප්ත වීමත් සමඟ මිනිසා ජිවත් වන්නේ තොරතුරු සමාජයක, අද මිනිසාට තොරතුරු වලින් වියුක්තව ජීවත්වීමට පුළුවන් කමක් නැහැ. කොතරම් මෙය පුළුල්ව තියනවද කියනවනම් අද අපි කතා කරන්නේ තොරතුරු,දැනුම බවට පත් වූ සමාජයක අද උපභෝග, පරිභෝග භාණ්ඩ තරම්ම දැනුම විශාල ලෙස අලෙවි කර ගත හැකි සම්පතක් බවට පත් වි තිබෙනවා. මේනිසාම අද ලෝකයේ දැනුවත් මිනිසුන් උගත් මිනිසුන් සඳහා විශාල මිලක්, නිර්මාණාත්මක අදහස් සදහා නව මිලක්, නව අදහස් සදහා නව මිළක් ලෝකයේ ගෙවීමට සැදි පැහැදී සිටිනවා. මේ නිසා දැනුම ව්‍යාප්ත කිරීමේ ලා ප්‍රධාන සංචාරකයා බවට පත්වන්නේ ජනමාධ්‍යය. එතකොට ජනමාධ්‍ය අප සමාජයේ වටිනාකම්, පුරුසාර්ථ, සාරධර්ම,අගය කිරිම් , උපභෝග,පරිභෝග, ජිවන ක්‍රමය සියල්ල පාලනය කරන්නේ ජනමාධ්‍ය විසින්. අපේ ජනමතය, අපේ අගයන් සියලු වටිනාකම් මෙහෙය වනු ලබන්නේ ජනමාධ්‍ය විසින්. ඉතින් ඒ අතින් ගත්තාම ජනමාධ්‍ය අද සමාජයේ අත්‍යවශ්‍ය අංගයක්, මිනිසාට ජලය, අහාර තරම්ම මිනිසාට තොරතුරු අද අත්‍යාවශ්‍ය වී තිබෙනවා. මේ අයුරින් ජනමාධ්‍ය හා සමාජය අතර තිබෙන අවියෝජනිය බැදීම හදුනා ගන්න පුළුවන්.
ලංකා ගාර්ඩියන් - ප්‍රස්තුත මාතෘකාව විග්‍රහ කර ගැනීමේ දී, විවිධ ගැටුම් සමාජය තුතුළ දක්නට ලැබෙනවා. ඒවා පුද්ගල, කණ්ඩායම්, ජනවාර්ගික, ජාතික ආදී විවිධ ස්වරුපයෙන් පවතිනවා. ඒ අනුව මෙම ගැටුම් වලට බලපාන ජනමාධ්‍යයේ ක්‍රියාකාරිත්වය හදුනා ගන්නේ කෙසේද?
මහාචාර්ය ලක්‍ෂ්මන් - ඔව් අද අප සමාජයේ ඔබ නිවැරදිව කියන පරිදි පුද්ගල ගැටුම්,පුද්ගල කණ්ඩායම් අතර,ඒ වාගේම සමාජ කණ්ඩායම් අතර, ජනවර්ග අතර, රටවල් අතර සැකය අවිනිශ්චිත භාවය ගැටුම දක්වා වර්ධනය කිරීම සදහා ඉතා ප්‍රබල කාර්යය භාරයක් මාධ්‍ය කරුවා, මාධ්‍ය විසින් හිමි කර ගෙන තිබෙනවා. අද මම ඔබට පෙර සදහන් කළා සේම, සියලුම කාරණා, සියලුම අගය කිරීම්, සියලුම ප්‍රතිමාණයන් නිර්මාණය කිරීමට ජනමාධ්‍ය වග කියනවනම් එහි අනිවාර්ය සාධකයක් ලෙස මිනිසාගේ සාරධර්ම සංවර්ධනයට වගේම අවගමනයට, මිනිසාගේ පැවැත්මට අභියෝග කරණ ගැටුම් නිර්මාණය කිරිමටත් අද විශාල වශයෙන් ජනමාධ්‍ය ප්‍රධාන ආකාර තුනකින් ක්‍රියා කරනවා කියලයි මගේ විශ්වාසය.එකක් තමයි ගැටුම් සඳහා වූ මුලික යටිතල අවකාශය නිර්මාණය කිරිම, දෙවනුව එහි (ගැටුමෙහි) අවස්ථා වර්ධනය කිරිම මඟින් සැකය අවිනිශ්චිත භාවය නිර්මාණය කිරිම, තුන්වෙනුව ගැටුම වර්ධනය කිරිම සමඟ එය වාර්තා කිරිම මඟින් ගැටුම පෝෂණය කිරිමට දායක විමේ අවකාශයක් නිර්මාණය කර ගැනිම.ඉතා සරල උදාහරණයක් ගෙන බැලුවොත් අපිට පුළුවන් අපේ සමාජයේ කිසියම් ජන කණ්ඩායමකගේ, ආගමික කණ්ඩායමකගේ,ප්‍රජා කණ්ඩායමකගේ හොද පමණක් ඉස්මතු කිරිම. එහෙම නැත්නම් නරක විතරක් ඉස්මතු කිරිම.එහෙම නැත්නම් ජනවර්ගයක විශේෂිතව නම් සදහන් කිරිම. විශේෂිත ආගමික කණ්ඩායමක, විශේෂිත කුල කණ්ඩායමක, විශේෂිත සමාජ කණ්ඩායමක, එම ජනවර්ගය, එම කුලය ඉස්මතු කිරිම මගින් කිසියම් ආකාරයක එය සත්‍ය සිදුවිමම තමයි නමුත් එම සත්‍ය සිදුවිම අර කරුණ විශේෂයෙන් හුවා දක්වනවා උදාහරණක් ලෙස ගුවන්තොටු පලකින් මත්ද්‍රව්‍ය රැගෙන එනවා විවිධ ජනකණ්ඩායම් නමුත් යම් ජනවර්ගයක් එහිදී සඳහන් කරනවා. අසවල් ජනවර්ගයේ පුද්ගලයෙක් ගෙනාවාය,අසවල් අය රත්ත්‍රන් බඩු ගෙනාවාය කියලා, කිසියම් ආකාරයකට මුලික පුවත් වාර්තා කිරීමේ යම් අවකාශය තුල වර්තාකරනවා මුලික 'බීජය' සැකය අවිනිශ්චිත භාවය සදහා, දෙවනුව ගැටුම් වාර්තා කිරිම මගින් ගැටුම වර්දනය කිරිමට අවශ්‍ය යටිතලය නිර්මාණය කිරිම. උදාහරණයක් ලෙස මිනිසුන් අතර පොදුවේ ආකල්පයක් ගොඩ නගනවා මේවා කරන්නේ මේ මිනිස්සු, ඒ කියන දේවල් වලට අවශ්‍ය මනස, මනෝ භාවය නිර්මාණය කරලා තිබන්නේ ජනමාධ්‍ය විසින්. තුන්වෙනුව සැකය අවිශ්වාසය වර්ධනය කිරිම. උදාහරණයක් ලෙස ප්‍රශ්න මතු කරනවා, අසවල් ජනකණ්ඩායම තමයි මේවා කරන්නේ මේවට විරුද්ධව නැගිසිටිය යුතුයි. ඒගොල්ලන්ගේ ආගමික සම්ප්‍රදායන් වලට විරුද්ධව නැගිටින්න ඕන, ඇඳුම් පැලදුම් වලට එරෙහිව, ආගමික සත්කාර්යයන්ට චර්යාවන්ට එරෙහිව නැගිටින්න ඕන. මේ මත වාදයන්ට වේදිකාවක් නිර්මාණය කරනවා.වේදිකාවක් නිර්මාණය කිරිම මඟින් අර ප්‍රශ්නය සංකීර්ණ වෙනව. සුළුජන කණ්ඩායම, කොන් වූ ජනකණ්ඩායම තුළ හීන මානය නිර්මාණය කරන අතර අනිත් කණ්ඩායම තුල අධිමානය නිර්මාණය කරනව. මෙය ගැටුම් වලට මං හිතන්නේ ප්‍රබල උච්චතම අවස්ථාව එහෙම උනාම අර හීන එහෙමත් නැත්නම් කුඩා ජනකණ්ඩායම තුල ප්‍රතිචාරයන් වර්තාකරනවා. එහෙම නැත්නම් බලවත් යැයි කියන කණ්ඩායම තුල සිදුවිම් වර්තාකරනවා. ඒ අතර තුර ඒ ගැටුම් නිර්මාණය වනවා, ඒවා සමහර වෙලාවට ප්‍රචණ්ඩ ක්‍රියා, ගැටුම්, අවි ගැටුම්, ත්‍රස්තවාදය,අවි ගත් ත්‍රස්තවාදය දක්වාද දේශපාලන කාරණා දක්වා මේවා ව්‍යාප්ත වෙනවා. නැවත එය වාර්තා කිරීම මඟින් නැවත මේ ගැටුම උත්සන්න කරනවා. අපේ සමාජයේ මේ සියළු අත්දැකීම් මං හිතෙන්නේ අපට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම තිස් අවූරුදු යුද්ධය තුළ, ගෙවී ගිය අද්දැකීම් තුළ මේකි සියළු ආකාරයේ, මම කියන අවධි තුනම ජනමාධ්‍ය තුළ අප වාර්තා කරනවා අපි දැක්කා. අපි ඉතා සරල සිද්ධියකින් කථා කරලා බලමු. 83 කළුජුලිය පිලිබදව, මේ සිද්ධියේ දී ආරක්‍ෂක හමුදා සහ අවි ගත් කණ්ඩායම් අතර සිදුවිමකදී බිම් බෝම්බයකට ආරක්‍ෂක හමුදා කණ්ඩායමක් ලක් උනා, මෙම සංසිද්ධිය අප වාර්තා කළේ කොයි ආකාරයටද මෙම වාර්තා කිරිම තුළම අපේ තිබුනා පක්‍ෂග්‍රාහි බවක්. මේ ගැටුමෙන් පස්සේ ඇතිවන ඊලග ගැටුම් වලදී තවත් කණ්ඩායමක් මිය ගියා. මේ කොටස වාර්තා වුනේ නැහැ. සමාජයේ වගකීම් අපි දරා ගන් නැහැ, සමාජයක කොතරම් වැදගත් පුවතක් උනත් සමාජමය වුවමනාවන් වෙනුවෙන් එය පාලනය කරන්න පුළුවන්, සීම කරන්න පුළුවන්, යටපත් කරන්න පුළුවන්.අවාසනාවකට එහෙම කලේ නැහැ ඒ වෙනුවට අපි හැගීම් බර දේවල් ඉස්මතු කරලා උත්සන්න වෙනකොට අපි දෙපැත්තම වාර්තා කරන්න පටන් ගන්නවා. ඉලගට ගැටුම් වර්ධනය වුනාම, ගැටුම් ඊට පස්සේ වාර්තා කරනවා අපේ ශිෂ්ටාචාරය බිද වැටුනා නෙද කියල, එතකොට මාධ්‍ය ගැටුමේ තවත් උච්ච ස්භාවයතමයි වාර්තා කරන්නේ. මං හිතන්නේ අපට කිසියම් ප්‍රමානයකට ගැටුම් කළමනාකරණය, ගැටුම් සමථ කිරීම, විශ්ලේෂණය කිරීම කියන කරුණ පිළිබද මාධ්‍ය කෙෂ්ත්‍රයේ නව අද්දැකීම් බෙදා හදා ගැනීමේ අවකාශයක් තිබෙනවා.
ලංකා ගාර්ඩියන් - ඔබ සදහන් කළ පරිදි මෙරට පැවති යුද්ධය මේ මොහොත වන විට අවසන් වි තිබෙනවා, එහෙම නැත්නම් ගැටුමක් අවසානයේ සංහිදියාවකට අවශ්‍ය පරිසරය ගොඩනැගි තිබෙනවා. ඒ අනුව මේ මොහොතේ ජනමාධ්‍යයේ මෙහෙවර එමෙන්ම වර්ථමාන හැසිරිම කොහොමද ඔබ දකින්නේ
මහාචාර්ය ලක්‍ෂ්මන් - මට හිතෙනවා අපි යම් ප්‍රමාණයක ප්‍රමාණවත් කාර්යයක නියැලෙන්නේ නැහැයි කියලා, අපි බොහොම හැගිම් බර මුලික අවස්ථා විතරයි කියන්නේ අසල් වැසිය හදුනා ගැනිම, අසල් වැසියා අතර සුහද තාවය,තේරුම් ගැනිම, අසල් වැසියා සමග සංකලනය, සමාජානුයෝජනය, මේ කරුණු පිළිබද මාධ්‍යට කිසියම් විශේෂිත කාර්යය භාරයක් කිරිම අවශ්‍යයි. මොකද අපි යුද්ධයකින් පසු අවදියක ඉන්නේ, සාමාන්‍යයෙන් අදහසක් තමයි " යුද්ධයක දි පළමුව මිය යන්නේ සත්‍යයි" කියන කාරණය.අපිට මේ මිය ගිය සත්‍ය පිටුපස ඇති සාධකයන් සාකච්චා කරන්න පුළුවන් ඒ පිටු පස ඇති සමාජමය කාරණා , දේශපාලනමය කාරණා , සංස්කෘතිමය කාරණා අපිට සාකච්චා කරන්න පුළුවන් ඒ සාකච්චාව තුල සමාන අයිතිවාසිකම් මතුවිය යුතුයි.අයිතිවාසිකම් සමානයන් ලෙසයි සාකච්චා කරන්න ඕනේ, අධිපතින් විදිහට හරි බලධාරින් විදිහට හරි සුළු ජනකණ්ඩායමකගේ හීන මනෝ භාවයෙන් යුක්තව නොවෙයි. සමානාත්මතාවයෙන් යුක්තව කථා කරන්න ඕන, ප්‍රජාතන්ත්‍ර වාදය කියන එක බහුතර බලය ඡන්දයකදී ප්‍රකාශ වෙනවා වාගේම සමානාත්මතාවයත් ප්‍රකාශ විය යුතුයි. මෙන්න මේ කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් දුක්ගැනවිලි තිබේ නම් ඒ දුක් ගැන විලි සදහා මත වේදිකාවක් හදන්න, ගොඩනගන්න පුළුවන් ඒ සංවාදයේදී විවිධ පාර්ශව වලට අරාධන කරන්න පුළුවන්, දැන් යුද්ධය අවසානයි දැන් අපට අවශ්‍ය දිගු කාලින සංහිදියාවක්, එය ගැබුරු හා පුළුල් එකක් විය යුතුය.
ලංකා ගාර්ඩියන් - සමාවන්න පොඩි බාධා කිරීමක් කරන්න අවශ්‍යයි, මෙම ගැටුම (යුද්ධය) ගැන සාකච්චා කරණ නිසා, සංහිදියව නිර්මාණයට මේ මොහොතේ රාජ්‍යයේ නැත්නම් ආණ්ඩුවේ කාර්ය භාරය කොහොමද ඔබ දකින්නේ?
මහාචාර්ය ලක්‍ෂ්මන් - ඔව් රාජ්‍ය යම් කාර්ය භාරයක් කරනවා තමයි, රජය යටිතල පහසුකම් ඇති කරනවා තමයි, රජය ඒ කාරනාවට මැදිහත් විය යුතුයි.ජාතින් පදිංචි කිරීම, ආගමික සංහිදියව, සංස්කෘතික අනන්නියය තාවය ආරක්ෂාකිරීම මේ කියන එකට රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. රාජ්‍ය කියන ආයතනය ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි, අපෙ වගේ රටක ආණ්ඩුව කියන්නේ ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි. විරුද්ධ පක්ෂයත් යම් මැදිහත් විමක් කල යුතුයි. ප්‍රජාසංවිදාන, සිවුවන ආණ්ඩුව වන ජනමාධ්‍ය මේ සියළුම දෙනා සක්‍රියව මැදිහත් විය යුතුයි.ආණ්ඩුවක් ගෙනයන ක්‍රියාමාර්ගය ඒක පාර්ශවිය යම් ප්‍රමාණයක ගැටළුවක් තිබෙනවානම් විරුද්ධ පක්ෂය ඒ සදහා සක්‍රියාව මැදිහත් වී ඒ සංවාදය මතු කල යුතුයි. ඒ සදහ වේදිකාවක් නිර්මාණය කල යුතුයි. අද මං හිතන්නේ අපේ සමාජයේ බිද වැටුණු ප්‍රජාතන්ත්‍රවාදී වියුහයක් තිබෙන්නේ, විරුද්ධ පක්ෂය තමන්ගේ කාර්ය භාරය ඉටු කරන්නැහැ සිවිල් සංවිධාන තමන්ගේ කාර්ය භාරය ඉටු කරන්නේ නැහැ,ජනමාධ්‍ය තමන්ගේ කාර්ය භාරය ඉටු කරන් නැහැ, ආණ්ඩුව තමන්ගේ ඒක පාර්ශවිය ක්‍රියාදාමය ගෙනියනවා. ඔවුන්ට තිබෙන සිමාවන්, ඔවුන්ගේ තිබෙන හැකියාවන් ඔවුන්ගේ තිබෙන දැනුමේ ප්‍රමාණය අනුව මේ කාර්ය කරගෙන යනව. අපි උදාහරණයක් විදිහට ගමු නැවත පදිංචි කිරීම කියන කාරණය, රාජ්‍ය අවතැන් වූ ජනතාව යලි පදිංචි කරනවා ඒ පදිංචි කරන ජනතාවට යම් අසාදාරනයක් වෙනවනම් ඒ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රී වරුන්ට, විරුද්ධ පක්ෂ මන්ත්‍රීන්ට, ප්‍රජා සංවිධාන වලට, ඒ ප්‍රදේශ වල සහ රටේ තිබෙන ජනමාධ්‍යන්ට වේදිකාවක් නිර්මාණය කල හැකි, ඌනතාවක් තිබේනම් නිශ්චිත වැඩසටහන් වලට යන්න පුළුවන්, ජාතියන්තර වේදිකාවක්,.... අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටක්, පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටක් අපිට, වේදිකා නිර්මාණය කර ගෙන යන්න පුළුවන් සමහර ජන මත හදන්න බැරි නම් අපිට ඕම්බුට්ස්මන් වරයට ලියන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න පුළුවන් එතනින් ප්‍රමාණවත් නැත්නම් අපට ජාතියන්තර වේදිකාවට යන්න පුළුවන්. මේ වෙනි කරුණු වලට ප්‍රවේශ වෙන්නැහැ, අවංකවම අපි දක්ත වලින් කරුණු වලින් නෙවෙයි කථා කරන්නේ,බුද්දියෙන් නෙවෙයි කථා කරන්නේ, හැගීම් වලින් කථා කරන්නේ. හැගීම් වලින් කතා කලාම මේවට උත්තර නැහැ. රජය සමහර වෙලාවට රජයේ තොරතුරු වලින් කථා කරන්නේ, නිලධාරීන්ගේ සිමාවන් ඇති වන්න පුළුවන් ඒ සිමාවන් අතික්ක්‍රමණය කරන්න වෙන්නේ ඒ සදහා සාකච්චාවක් නිර්මාණය කිරීම මගින්. ඒ සංවාධ්‍යට රටේ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල විරුද්ද පක්ෂය, සිවිල් සංවිධාන, විශේෂයෙන් ජනාමධ්‍ය විශාල කාර්ය භාරයක් තිබෙනවා. මං හිතන්නේ අවාසනාවකට අපේ ජනමාධ්‍ය ඒ වැනි ක්‍රියාමාර්ගයක යෙදෙන් නැහැ, ගවේෂණාත්මක කාර්යයක යෙදෙන් නැහැ ගවේශනාත්මක වාර්තා කරණය කරන් නැහැ.
සරල උදාහරණයක් ගත්තොත් එහෙම නැවත පදිංචි කරීම් වලදී අසාදාරනයක් වනවාය කියන කරුණ දක්ත සිද්දි එක්ක විශ්ලේෂණාත්මකව ලියපු වාර්තාවක් මට පෙන්නන්න බලන්න මාධ්‍ය වේදියකුට ගවේසනාත්මකව මේ කරුණු හොයන්න පුළුවන් මේ හැගීම්බර දේශපාලඥයෝ කරපු කථා හැරුණු විට ගවේෂණාත්මකව ලියපු වාර්තාවක් මාධ්‍ය වේදියකුට කරුණු හොයන්න
පුළුවන් එක තමයි මාධ්‍ය කරුගේ විශේසත්වයත්. නමුත් අපි එහෙම කරන් නැහැ, අපි ලැස්ති හැගීම් බර දේවල් කියල පත්තර විකුණා ගන්න, රුපවාහිනී නාලිකා පෙන්නන්න විතරයි සංවේදී දේවල් හොයන් යනව මිසක් ඇත්ත ගැටුම් නිරාකරණය විශ්ලේෂණයට ප්‍රවේශ වෙන් නැහැ.
ලංකා ගාර්ඩියන් - අපි කථා කළේ පුවත් පත, ගුවන් විදුලිය, රුපවාහිනිය ඉන් එහා තවත් ගබුරට ගියොත් මේ කරණයේ දී සිනමාව, සාහිත්‍ය ක්‍ෂෙත්‍රය තුළ ජනවර්ග අතර සුහද තාවය වර්දනය කිරීමට, සංහිදියාවකට අවශ්‍ය දායකත්වයේ ප්‍රමාණය කොයිතරම් ද මේ වන විට?
මහාචාර්ය ලක්‍ෂ්මන් - ඇත්තටම අපේ සමාජයේ ගැටුම් හා ගැටුම් විශ්ලේෂණය කරණ සිනමාවක්, සාහිත්‍යක් තිබුණාද තියනවද කියන කාරණය ප්‍රශ්නයක් නිදහසින් පසු ජනවර්ග අතර පමණක් නෙවෙයිනේ සමාජ පංති අතරත, ගැටුම් ඇති උනා. 1953 හර්තාලය, 1971 තරුණ කැරැල්ල, 1953 ජනවාර්ගික ගැටුම්, 83 ජනවාර්ගික ගැටුම් එමෙන්ම 90 ගණන්වල දිගටම තිබුනා. මෙම ගැටුම් විවිධ ස්වරුපයෙන් තිබුනේ සමහර ඒවා කුල ගැටුම්, සමහර ඒවා ආගමික ගැටුම්, සමහර ඒවා පංති අතර ගැටුම්, සමහර ඒවා ජනවර්ග අතර මේවා පිටුපස අතිශින්ම ප්‍රබල සංවේදි ගැබුරු කරුණු තිබුනා අපේ නිර්මාණ කරුවන්, විචාරකයින්, සමාජ මානව විද්‍යාඥයින්, විශ්ලේෂණාත්මක පත පොත නිර්මාණ සාහිත්‍යට, අපේ සිනමාවට එක් කරීමට දායක වි නැහැ. සරල උදාහරණයක් ලෙස ජනප්‍රිය සිනමාව තුල ජනවාර්ගික ප්‍රශ්නය ගැබුරින් විශ්ලේෂණාත්මකව සාකච්චා කරපු කෘතීන් එකක් හෝ ඔබට පෙන්වන්න පුලුවන්ද. යම් යම් ප්‍රමාණයකට යම් යම් සිද්දීන් දෙමළ කාන්තාවක්, දෙමළ තරුණයෙක්, සිංහල තරුණ සොල්දාදුවෙක්, සිංහල ගැනු ළමයෙක් මෙහෙම මෙහෙම සිද්දීන් ගත්තා මිසක් ගැබුරින් මේ ප්‍රශ්නය විශ්ලේෂණය කරණ සිනමාවක් අපට තිබුනද, වැඩිය ඕන නැහැ 71 කැරැල්ල විශ්ලේෂණාත්මකව විශ්ලේෂණය කලාද, 1915 මුස්ලිම් කෝලාහලය විශ්ලේෂණය කලාද මට හිතෙනවා යම් ආකාරයකට මේ පිළිබදව ගැබුරින් සාකච්චා කරන්න කාලය ඇවිත් තිබෙනවා.සංහිදියාව, සමානාත්මතාවය, ගැටුම, ගැටුමෙහි ස්භාවය, ගැටුම ප්‍රතික්‍ෂේප කරමින් සංහිදියව නිර්මාණය කිරීම පිළිබද තව බොහෝ යන්නට දුර යන්නට නිර්මාණ සාහිත්‍ය පැත්තෙන් අපට තව යන්න තිබෙනවා කියලයි මට හිතෙන්නේ. අපි නාට්‍ය වලින් ඒ අත්හදා බැලීම කරනවද, චිත්‍රපටි වලින් ඒ අත්හදා බැලීම කරනවද, පත පොත ,සමාජ විද්‍යාත්මකව හා මානව විද්‍යාත්මකව පර්යේෂණ අප සතුව තිබෙනවද කිසියම් ආකාරයකට විදේශිකයන් ඉංග්‍රීසීයෙන් ලියපු පත පොත ඇති, නමුත් පුළුල්ව අපේ රටේ සාමාන්‍ය දෙමළ මුස්ලිම් මිනිසුන් කියවන ඔවුන්ගේ භාෂා වලින් ඔවුන් දැනුවත් කරණ යම් යම් උත්සායන් තිබෙනවද?........ යම් යම් උත්සායන් තියනවා නමුත් ප්‍රමාණික ලෙස සැහිමට පත් වන්නට බැහැ, ඉතා සරල ලෙස බැලුව හොත් සිංහල, දෙමළ , මුස්ලිම් ජනවාර්ගික ප්‍රශ්නය අරන් බැලුවොත්...සිංහල, දෙමළ , මුස්ලිම්, බර්ගර් අපේ සමාජයේ හදුනවා දීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක් වක් තියනවද රුපවාහිනී වැඩසටහන්, ඔවූන්ගේ සංස්කෘතික අන්නන්ය තාවය හෙළිදරවු වන චිත්‍ර පටි අපට පෙන්නන්න තියනවද, අපි එයින් හදුන්වා දීම පමණක් නෙවෙයි. ඔවුන්ට ගරු කරන්න පුරුදු කරන්න ඕන. වැදී ජනතාව ගැන කියමු, වැදී ජනතාව ගැන චිත්‍ර පටියක් හදනවා කියලා වැදී නැටුම් දාන එක විතරක් නෙවෙයි කරන්න ඕන ඒ අයත් අපේ සමාජයේ ජනකණ්ඩායමක්ය, ඔවුන්ගේ අනන්‍ය තාවය,එය විශිෂ්ට සම්ප්‍රදායක් කියන එක මතු කරන වැඩසටහන් මාලාවක්, දේශපාලන කාරණා නෙවෙයි. සාමාජ සංස්කෘතිමය කාරණා. නැගෙනහිර පළාතේ කාපිරි කපිරිඥ කණ්ඩායම්, ඒ අයගේ නාට්‍ය, ඒ අය ගෙනල්ල වේදිකාවේ නටවන එක නෙවෙයි කරන්න ඕන,... එක කරන එක හරි එක කරන ගමන් එක ආරක්ෂා කළ යුතු සංස්කෘතික සම්ප්‍රදායක් කියල අපට පුළුවන්ද හදුන්වා දෙන්න. ඒ ගැන කිසියම් සංවදයක් ඇති කරලා තියනවද, මං හිතන්නේ සාහිත්‍ය ක්‍ෂෙත්‍රයේ, ජනමාධ්‍ය ක්‍ෂෙත්‍රයේ කල හැකි අති විශාල කාර්යක් තිබෙනවා ගැටුම් අවම කිරීමට, අඩු ගානේ මෙත් මිනිස්සුන්ය කියන කාරණය, මෙත් අපි හා සමාන සංස්කෘතික උරුමයක් තිබෙන පිරිසක්ය කියන කාරණය මතු කිරීමට.යටත් විජිත මනෝ භාවය තමයි, අපි තමයි අධිපති අනික් අය පුංචිය කියන එක. එය 1800 ගණන් වල තමයි ඇති කලේ යටත් විජිත වාදීන් තමයි අපිට ඒ ආරෝපණය දැන්මේ. 1948න් පස්සේ මේක ඇතුලෙ මහා විශාල සංස්කෘතික සම්ප්‍රදායන් තියනවා, අපේ ආසියානු ආගමික සම්ප්‍රදාය තමයි හොද මල් වට්ටියක් වෙන්නනම් පාට පාට මල් තියෙන්න ඕන කියන එක අපි අඩු ගනේ එකවත් පිළිගන්න පුරුදු කරලා නැහැනේ. මං හිතන්නේ මේ කාරණා ගැන නිර්මාණ සාහිත්‍යයෙන් , චිත්‍රපටි වලින් නාට්‍යයෙන් කල හැකි මෙහෙවර අති විශාලයි.
ලංකා ගාර්ඩීයන් - දැනට ලෝකයේ උදාහරණ තියනවද මෙවැනි ගැටුමකදී හෝ ඕනෑම ආකාරයක ගැටුමකදී ඔබ කියන ආකාරයේ ක්‍රියා වලියක් දක්නට ලැබුණු?
මහාචාර්ය ලක්‍ෂ්මන් - උදාහරනයක් විදිහට දකුණු අප්‍රිකාව තුල නෙල්සන් මැන්ඩලාගේ අත් හදා බැලීම් වලින් පසු ඒ සමාජය තුල බහුතරයේ වගේම සුළු ජාතිකයන් පිළිබද ඔවුන් දක්වන ආකල්පය, සංස්කෘතික අනන්‍යතාවය පිළිබදව ඔවුන් දක්වන ආකල්පය. මේ ආකල්පය සදහා මුලිකම ප්‍රවේශය වෙන්න ඕන රජය සහ පාලකයින්, ඒ සදහා මත වාදය නිර්මාණය කල යුතුයි. ඉන්පසු එකට අවශ්‍ය අනෙක් අමුද්‍රව්‍ය ජනමාධ්‍ය සහ සංස්කෘතිය තුලින් නිර්මාණය කල යුතුයි. පිළිගන්න ඕන බහු සංස්කෘතියක් තුල ජිවත් වනවාය කියන කාරණය ඒය පිළිගනිමින් අගය කල යුතුයි. මම ඇත්තටම අගය කරනවා අපේ ජනාධිපතිතුමා දෙමළෙන් වචන දහයක් හරි කතා කරන එක ගැන, අඩු ගානේ රාජ්‍ය උත්සවයක දෙමළෙන් වචන දහයක් හරි කතා කරන එක
ගැන,.... මෙය අනෙක් කෙෂ්ත්‍ර වලටත් විකාශය විය යුතුයි. සමාජ පිළිගැනීමක් දේශපාලන පිළිගැනීම දක්වා පෝෂණය කල යුතුයි, කියන එකයි මගේ පිලි ගැනීම.
ලංකා ගාර්ඩීයන් - පොදුවේ ගත් විට ප්‍රස්තුත කරුණ පිළිබද මිට අමතරව යම් අදහසක් ඔබ සතුව තිබෙනවද ?
මහාචාර්ය ලක්‍ෂ්මන් - මට හිතෙනවා අපේ ගැටුම් ඇති වන්නට පුළුවන් මොකද අපේ සමාජය හෙමින් සංවර්ධනය වන රටක් සේම අපේ වැඩ වසම් සමාජ සම්බන්ධතාවය වැඩි, සම්ප්‍රදායක සිමාවන් අපේ තියනව. නමුත් අපේ පැරණි සමාජය අන්නොන්නිය සුහද තාවයෙන් හිටුයා, අපිට වුදේශ අක්ක්‍රමණ එනකොට අනුරාධපුර යුගයේ අපි සටන් කරලා තියනවා සිංහල, දෙමළ,මුස්ලිම් සියල්ලම එකතු වෙලා. ඒ කලේ දුටු ගැමුණු සේනාවේ සිංහල සෙබළුන්,දෙමළ සෙබළුන් දෙගොල්ලම හිටීය. අපේ ඉතිහාසය පුරාම සංහිදියව අපි වටහ ගෙන තිබුනා, නමුත් අවාසනාවකට අපිට මේක ගෙනත් දුන්නේ, වර්ධනය කලේ කියල මං හිතන්නේ යටත් විජිත පාලකයෝ. බෙදා වෙන්කර පාලනය කිරීම, වර්ගීකරණය, අධිකාරී වාදී අධියාපනය, මේ හැම එකකින්ම එකිනෙකාව සැක කරන,එකිනෙකාට වඩා හොදයි නරකයි කියන සමාජ ව්‍යුහයක් නිර්මාණය කලා. මේකේ ප්‍රතිපල තමයි අද අපි භුක්ති විදින්නේ.
- සමන්