The Most/Recent Articles

Showing posts with label මායිමෙන් එහා. Show all posts
Showing posts with label මායිමෙන් එහා. Show all posts

''AI කියන්නේ ඡායාරූපකරණය නෙමෙයි - මම මේ සම්මානය පිළිගන්නේ නැහැ''



- වින්ධ්‍යා ගම්ලත් - 

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ඡායාරූප තරඟයකදී AI මගින් නිර්මාණය වූ ඡායාරූපයක් සම්මාන දිනාගැනීමට සමත්විය. ඒ මෙවර ලන්ඩනයේදී පැවති (අප්‍රේල් 13) Sony World Photography සම්මාන උළෙලේදී වන අතර. ජර්මානු චිත්‍ර ශිල්පී බොරිස් එල්ඩග්සන් (52 හැවිරිදි) AI මගින් නිර්මාණය කළ "Pseudomnesia:The Electrician."  වෙනුවෙනි. 

Pseudomnesia:The Electrician නම් ඡායාරූප පෙළේ අන්තර්ගත කාන්තාවන් දෙදෙනෙකු දැක්වෙන කළු - සුදු ඡායාරූපයකට මෙම සම්මානය හිමිවිය. මෙම ඡායාරූපයේ සිටින වැඩිමහලු කාන්තාව පිටුපසින් සිටින අතර ඇගේ දෑතින් ඉදිරිපස සිටින තරුණ කාන්තාවගේ උරහිස් අල්ලාගෙන සිටින අන්දම දිස්වෙයි. සෝදිසියෙන් යුතු පෙනුමක් මොවුන්ගේ දෑස් වලින් පළවන අතර චකිතයක් හා කිසියම් කලකිරීමේ ස්වභාවයක් ද මෙහිදී පෙන්නුම් කෙරේ. මිනිස් තත්ත්වය හා කාලානුරූපී බව ගැන මවිතයට පත්කරන දර්ශනයක් මෙමගින් දිගහැරෙන බව විචාරක අදහස වී තිබේ.

PSEUDOMNESIA : Fake Memories 1940 ගණන්වල ඡායාරූප ශෛලිය තුළින් බිහිවූ ඡායාරූප මාලාවක එකතුවකි. කෙසේවුවත්, එම ඡායාරූප ‘’කිසිදා නොපැවති, කිසිවෙකු ඡායාරූප ගත නොකළ, අතීතයේ ව්‍යාජ මතකයන්’ බව මෙහි නිර්මාණකරු වන බොරිස්ගේ අදහසයි.

භාෂාව තුළින් පරිකල්පිත මෙම පින්තූර AI හරහා 20 – 40 වතාවක් සංස්කරණයට ලක්කර ඇති අතර ඡායාරූප ශිල්පීය ක්‍රම (inpainting’, ‘outpainting’, හා ‘prompt whispering’) හරහා මෙම ඡායාරූප ඒකාබද්ධ කර ඇත.

මේක ඵෙතිහාසික මොහොතක් 

මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වන බොරිස් පවසන්නේ, ‘ලොව ප්‍රමුඛ පෙළේ ඡායාරූප තරඟයකින් AI  මගින් නිර්මාණය කළ ඡායාරූපයකට සම්මානයක් හිමිවුණු පළමු අවස්ථාව මෙයයි. මේක ඵෙතිහාසික මොහොතක්. මේ ඡායාරූපය AI මගින් නිර්මාණය කළ එකක් බව කීදෙනෙක් දැනසිටියාද ?. මේ‍කේ කිසිම අවුලක් නෑ නේද ?. යන්නයි.

කෙසේවුවත්, ඔහු මෙම සම්මානය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, ‘AI පින්තූර හා ඡායාරූප මෙවැනි සම්මාන උළෙලකදී එකිනෙකා සමඟ තරඟ නොකළ යුතුයි. මේක වෙනම ක්ෂේත්‍රයක්. AI කියන්නේ ඡායාරූපකරණය නෙමෙයි. ඒ නිසා මම මේ සම්මානය පිළිගන්නේ නැහැ.’ යන්නයි.

‍මේ සිද්ධියත් සමග බොරිස් හා Sony සමාගම අතර ද මත ගැටුමක් ඇතිවිය. Sony සමාගම පවසන්නේ, ‘ඔහු සමඟ අර්ථවත් සංවාදයක නිරතවෙන්න අපිට තවදුරටත් හැකියාවක් නැත’ යන්නයි. මේ ප්‍රකාශයට පිළිතුරු දක්වන ‍බොරිස් Sony සමාගමට පවසන්නේ, ‘විකාර කියන එක නවත්වන්න. ඔවුන් මේ විදියට හැසි‍රුණේ ඇයි කියලා මම දන්නේ නැහැ.’ යන්නයි.

සිය ඡායාරූප ‍පිලිබඳ පැහැදිලි කරමින් බොරිස් පවසන්නේ, ‘මම ඡායාරූපකරණයට වගේම AI රූප නිර්මාණයටත් කැමතියි. මේවා එක හා සමාන වෙන්නේ නැති බව තේරුම්ගත්තා. එක් නිර්මාණයක් ආලෝකයෙන් බිහිවෙනවා, අනෙක ක්ෂණයකින් බි‍හිවෙනවා. නමුත්, මේවා එකිනෙකට සම්බන්ධයි. ද්‍රෘෂ්‍ය භාෂාව ඉගෙනගත්තේ ඡායාරූපකරණයෙන්, නමුත්, AI වලට දැන් තමන්ගේම ජීවිතයක් තියෙනවා. මිනිස්සුන්ට ඒ ගැන කතා නොකර නිහඬව ඉන්න වුවමනා නම් ඒක වැරදියි.’ යන්නයි.


ඡායාරූපකරණයට මනෝවිද්‍යාත්මක හා දාර්ශනික ප්‍රවේශයක් 

සිය ඡායාරූපකරණය පිළිබඳ පැහැදිලි කරන ඔහු පවසන්නේ, ‘ඡායාරූපකරණය සඳහා ම‍ගේ ප්‍රවේශය මනෝවිද්‍යාත්මක වගේම දාර්ශනික වුණා‍. එය ඇතුළත ගමනක් වුණා, එය සෑම කෙනෙකුම ඔවුන් ඉදිරිපිට දකින දේ නිරූපණය කළේ නැහැ. ඒ පසුබිම තියෙන නිස‍ා AI මාව වශී කළා. ඒක ගොඩනැගුණේ සාමූහික අවිඥානයන් තුළින්. ප්ලේටෝගේ ආකෘති න්‍යාය සමග ද මෙය සම්බන්ධ කළ හැකි බව මා දුටුවා. රූපය හා එය සෑදූ අන්දම සලකා බැලීමට මෙය උපකාරී වේවි.’

මෙහි නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳ පහදන බොරිස් පෙන්වාදෙන්නේ ‘මේ ක්‍රියාවලිය තුළ පියවර ගණනාවක් ති‍යෙනවා. එය වචන තුනක් යොදලා, ක්ලික් කරලා කරන හුදු නිර්මාණයක් පමණක් නෙමෙයි. මේ ප්‍රොම්ප්ට් තුළ කොටස් 11 ක් තිබෙන බව මං හඳුනාගත්තා‍. විස්තර සහිත ප්‍රොම්ප්ට් තුළින් රූපයක් නිර්මාණය කරනවා, ඒ රාමුවෙන් ඉවත්වෙන්න අවශ්‍ය වුණාම චිත්‍රයෙන් ඔබ්බට ගිහිං ඊට අළුත් යමක් එක්කරන්න, උදාහරණයක් විදියට ගත්තොත් The Electrician සිතුවමේ වගේ මතුපිට අඩුපාඩු ඇති කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. මට පෙන්වන්න අවශ්‍ය කුමක්ද වගේ දේවල් ගැන හිතලා ඒ ගැන  ඔබට නැවතත් විස්තර කරන්න සිදුවේවි.’

නිරිතදිග ජර්මනියේදී උපත ලද බොරිස් කොලොන්හි විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ අධ්‍යාපනය ලද අතර ඡායාරූපකරණය හා ලලිත කලාව පිළිබඳ මේන්ස්හි හිදී හැදෑරූවේය. සිය උපන්බිමේ ගෙවීගිය කුඩාවිය ගැන සිහිපත් කරන ඔහු  පවසන්නේ ‘වනාන්තර, මධ්‍යකාලීන බලකොටු, රෝමානු නෂ්ටාවශේෂ, ප්‍රංශ දේශ සීමාවට ඉතා ආසන්නව මේ බිම පිහිටා තිබුණා. කලාව හා සංස්කෘතිය ගැන හොයනවා නම් මේ බිමේ රැඳී සිටීම ඉතා හොඳයි. මට අවුරුදු 20 ක් වෙද්දී මේ බිමෙන් අයින්වුණා.’ යන්නයි.



AI කියන්නේ දැනුමේ ත්වරණයක්

 AI තුළ ඔහු සිදුකරන වික්‍රමාන්විතයන් තුළදී ඡායාරූප ශිල්පියෙකු ලෙස ඔහුට අනන්‍යතා අර්බුදයක් ලබාදී නැත.

‘එය සැමවිටම සහයෝගීතාවයක් විය. මම අවුරුදු 25ක් තිස්සේ කලාශිල්පී මිතුරු කණ්ඩායම් සමග වැඩකරනවා. මම එය නිර්මාණශීලීත්වයට තර්ජනයක් ලෙස දකින්නේ නැහැ. මට නම්, එය ඇත්තෙන්ම මාව නිදහස් කරනවා. අතීතයේ මා සතුව තිබූ ද්‍රව්‍යමය සීමාවන්, දරන පිරිවැය වගේ දේවල් තවදුරටත් වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම ඉතිහාසයේ පළමු වතාවට වැඩිහිටි පරම්පරාවට වාසියක් තියෙනවා, මොකද AI කියන්නේ දැනුමේ ත්වරණයක්. ප්‍රේරක තුනෙන් දෙකක් හොඳ වෙන්නේ ඔබට දැනුම, කුසලතා ඇත්නම්, ඡායාරූපකරණය සිදුවන අන්දම, කලා ඉතිහාසය දන්නවා නම් පමණයි. මේක අවුරුදු 20 ක තරුණයෙකුට කරන්න බැරි දෙයක්. බොහෝ අය AI ගැන පැමිණිලි කරද්දී ඊට චෝදනා කරන්නේ මෙය පිටපත් හා සොරකම් කිරීමක් බවයි. නමුත්, එය එසේ නොවෙයි, එය ප්ලේටෝනික් න්‍යාය ඉගෙනගැනීමයි.‍’ යනුවෙන් එල්ඩග්සන් පවසයි.

AI තුළ ඇති තර්ජනය පෙන්වාදෙමින් එල්ඩග්සන් පවසන්නේ, ‘AI ප්‍රජාතන්ත්‍රවාදයට හා ඡායාරූප මාධ්‍යකරණයට තර්ජනයක් බවයි. අප සතුව බොහෝ ව්‍යාජ රූප තිබෙනවා, මේ කුමක්දැයි  මිනිසුන්ට පෙන්වීමට ක්‍රමයක් අප ඉදිරිපත් කළයුතුයි.’ යන්නයි.

  


The Guardian  / CNN  / Engadget ඇසුරිනි 


ශවේන්ද්‍රට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කෙරේ


මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හා ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (14) නිවේදනය කර තිබේ. 

මීට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන්භාගයේදී 58 වන සේනාංකය විසින් සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට  වගකිවයුතු බවට තහවුරු වූ විශ්වාසනීය තොරතුරු හේතුවෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ මෙහෙයුම් හා ඒ හා සම්බන්ධ වැඩසටහන් වලට අදාළ වගන්ති 7031 (c) යටතේ අදාළ පියවර ගෙන ඇති බවයි. 

ශවේන්ද්‍ර සිල්වා විසින් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා තුළින්ද තහවුරු වන බවත් ලොවපුරා වගවීම සහතික කිරීමට දරන උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස මේ පියවර ගෙන ඇති බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදී තිබේ. 

කෙසේවුවත්, ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව ඉදිරියට ශක්තිමත් වනු ඇති බවද මෙම නිවේදනයෙන් අවධාරණය කර සිටියි. 

මිලියන ගණනක් එකතුවන සමස්ත ඉන්දීය වැඩ වර්ජනය

ගල් අඟු‍රු පතල් කම්කරුවන් සහ වරාය සේවකයින්ගේ සිට බැංකු සේවකයින් දක්වා විශාල වශයෙන් කම්කරුවන් නියෝජනය කරන මධ්‍යම කම්කරු සම්මේලන 10 ක් සහ විවිධ ස්වාධීන වෘත්තීය සමිති බදාදා වැඩ වර්ජනයට සහභාගී වනු ඇත. 

කීත් ජෝන්ස් විසිනි

මෝඩි ආන්ඩුවේ සමාජීය වශයෙන් ගිනි අවුලු‍වන මහා ව්‍යාපාරික න්‍යාය පත්‍රයට හා හින්දු අධිපතිවාදය ප්‍රවර්ධනය කිරීමට එරෙහි මහජන විරෝධය නැඟේ.

අද පැවැත්වෙන ඉන්දියාවේ එක්දින මහා වැඩ වර්ජනයට දස මිලියන නොවේ, මිලියන සිය ගනනක් කම්කරුවන් හා තරුනයින් සහභාගී වනු ඇත.



සමාජ වියදම් කප්පාදුව, පුද්ගලීකරනය, අස්ථිර කොන්ත්‍රාත් රැකියා ක්‍රමය පුලු‍ල් කිරීම, සේවා ස්ථානවල සහ පාරිසරික ප්‍රශ්න වලට අදාල රෙගුලාසි ඉවත් කිරීම සහ තවදුරටත් දැවැන්ත ව්‍යාපාරික බදු කපාහැරීම වැනි නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී) ආන්ඩුවේ මහා ව්‍යාපාරික ගැති ක්‍රියාමාර්ග වලට විරෝධය පල කරමින් එරට ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලන විසින් 2019 සැප්තැම්බර් 30 වන දින වැඩ වර්ජනය කැඳවන ලදී.

මෙම මාස තුන තුල භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, පන්ති යුද්ධයේ ප්‍රහාර වේගවත් කරමින්, ඒකාධිපති පාලන ක්‍රම වෙත යොමුවීම, හින්දු අධිපතිවාදය නඟාසිටුවීම සහ චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි මූලෝපායික ප්‍රහාරයට ඉන්දියාව ඒකාබද්ධ කිරීම වේගවත් කර තිබේ.

ආන්ඩුව විසින් ඉන්දියාවේ කම්කරු නීති නව කම්කරු කේත හතරකට “බෙදීම” සහ “නවීකරනය කිරීම” සඳහා නීති සම්පාදනය කර තිබේ. තමන් කැමති කොන්දේසි යට‍තේ සේවකයින් වැඩෙහි යෙදවීමේ ගිවිසුම් ඇති කිරීමට සමාගම්වලට බලය පැවරීම, වැඩ වර්ජනකිරීමේ අයිතිය තහනම් කිරීම, වැඩවර්ජන සඳහා වැඩපොලවල සංවිධාන පිහිටුවා ගැනීමට ඇති අයිතියට නව සීමාවන් පැනවීම, ඉන්දියාවේ දැනටමත් පන අදිමින් ඇති කර්මාන්තශාලා පරීක්ෂන පද්ධතිය ඉවත් කිරීම අනෙකුත් සංශෝධන අතර වේ.

රටේ ආර්ථිකයේ කැපී පෙනෙන මන්දගාමිත්වයක් මධ්‍යයේ ඉන්දියාවේ තරඟකාරිත්වය, එනම් ආයෝජකයින්ගේ ලාභය ඉහල නැංවීම සඳහා මෝඩි ආන්ඩුව, ගෝලීය ප්‍රාග්ධනයෙන් සහ දේශීය මහා ව්‍යාපාරිකයන්ගෙන් කෙරෙන දැඩි ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වයි. පාරිභෝගික ඉල්ලු‍ම, කාර්මික නිෂ්පාදනය සහ අපනයන සියල්ලම අඩාල ව ඇත. ඉන්දියානු ආර්ථික අධීක්ෂන මධ්‍යස්ථානයට අනුව, දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ රැකියා විරහිතයන් මිලියන 73 ක් සිටි අතර විරැකියා අනුපාතය සියයට 7.7 ක් විය. එය වසර 45 ක උපරිම මට්ටමට ආසන්න විය.

ගල් අඟු‍රු පතල් කම්කරුවන් සහ වරාය සේවකයින්ගේ සිට බැංකු සේවකයින් දක්වා විශාල වශයෙන් කම්කරුවන් නියෝජනය කරන මධ්‍යම කම්කරු සම්මේලන 10 ක් සහ විවිධ ස්වාධීන වෘත්තීය සමිති බදාදා වැඩ වර්ජනයට සහභාගී වනු ඇත. කෙසේ වෙතත්, දේශපාලන වශයෙන් එක්දින විරෝධතා වැඩ වර්ජනයට නායකත්වය දෙන්නේ, ඉන්දීය වෘත්තීය සමිති කේන්ද්‍රය (සීඅයිටීයූ) සහ සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීයූසී) යන ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂවලට අනුබද්ධ සංවිධාන විසිනි. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ( මාක්ස්වාදී) හෝ සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) එම ස්ටැලින්වාදී පක්ෂ දෙකයි.

දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදීන් ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයේ තීරනාත්මක කොටසක් ලෙස ක්‍රියා කර ඇති අතර එහි විශේෂ කාර්යය වන්නේ, කම්කරු පන්තියේ විරුද්ධත්වය පාලනය කිරීම, නිශ්ක්‍රීය කිරීම සහ මර්දනය කිරීමයි. හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයට විරුද්ධ වීමේ නාමයෙන්, 1989 සිට 2008 දක්වා දක්ෂිනාංශික මහා ව්‍යාපාරික ආන්ඩුවලට සහාය දීම ද මෙයට ඇතුලත් ය. අද ධනේශ්වරය, ප්‍රජාතන්ත්‍රවාදී-ව්‍යවස්ථාමය පාලන ක්‍රමවලින් කැපී පෙනෙන ලෙස ඉවත්වෙමින් පවතින තත්වය යටතේ ස්ටැලින්වාදීන් උත්සාහ දරන්නේ, කම්කරු පන්තිය ඉන්දියානු රාජ්‍යයේ පක්ෂවලට හා ආයතනවලට බැඳ දැමීමටය.

මෝඩි ආන්ඩුව “ෆැසිස්ට්වාදී” යයි හෙලා දකින අතරම, දක්ෂිනාංශික විරුද්ධ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ඒවායේ “කම්කරු විරෝධී, ජනතා විරෝධී හා ජාතික විරෝධී ප්‍රතිපත්ති” අතහැර දැමීමට ඒවාට බලපෑම් කල හැකි බව ස්ටැලින්වාදීහු අවධාරනය කරති. ඉන්දියානු ජාතික වෘත්තීය සමිති සම්මේලනය (අයිඑන්ටීයූසී) සහ ඩීඑම්කේ සමග පෙලගැසී ඇති කම්කරු ප්‍රගතිශීලී සම්මේලනය වැනි විවිධ කම්කරු පෙරමුනු ඒ මාවතේම ගමන් ගනිති.

අයිඑන්ටීයූසී යනු කොන්ග්‍රස් පක්ෂයේ වෘත්තීය සමිති අංශය වන අතර මෑතක් වන තුරුම ඉන්දීය පාලක ප්‍රභූව නියෝජනය කරන ජාතික ආන්ඩුවේ ප්‍රධාන පක්ෂය විය. 1991 න් පසු ඉන්දියාව ගෝලීය ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වයක්” ඇති කර ගැනීම සඳහා වූ ඉන්දීය ධනේශ්වරයේ තල්ලු‍ව යන දෙකටම කොන්ග්‍රසය නායකත්වය දුන්නේය.

පසුගිය මාසයේ අගභාගයේදී, වෘත්තීය සමිති ආන්ඩුවට ඉදිරිපත් කරන දිගු සමාජ-ආර්ථික ඉල්ලීම් ලැයිස්තුවට, මුස්ලිම් විරෝධී පුරවැසි සංශෝධන පනත (සීඒඒ) ඉවත් කරන ලෙසට කරන ඉල්ලීම ද එකතු කලහ. දින හතරක් වැනි කෙටි කාලයක් තුල පසුගිය මාසයේ දී ආන්ඩුව, ස්වාධීන ඉන්දියාවේ ප්‍රථම වතාවට ආගම පුරවැසිභාවය තීරනය කිරීමේ නිර්නායකයක් බවට පත් කිරීමේ නීති පාර්ලිමේන්තුව හරහා කඩිමුඩියේ සම්මත කර ගත්තේය. එපමනක් නොව, “නීතිවිරෝධී සංක්‍රමනිකයන්” හඳුනාගෙන නෙරපා හැරීමේ නාමයෙන් මුස්ලිම් සුලු‍තරයට හිරිහැර කිරීම හා බිය ගැන්වීම සඳහා මග පාදා ගැනීම, සමස්ත ඉන්දියානු ජාතික පුරවැසි ලේඛනයේ (එන්ආර්සී) විනිවිද පෙනෙන අරමුන ය.

සීඒඒ නීතිය ක්‍රියාත්මක වන දෙසැම්බර් 12 වන දා සිට ඉන්දියාව, දශක ගනනාවක් තිස්සේ සිදු වූ විශාලතම මහජන විරෝධතා රැල්ලකට මුහනපා සිටින අතර එයින් කම්පනයට පත්ව ඇත. කම්කරු පන්තිය බෙදීමේ අරමුනින් ඉන්දියාවේ පාලක ප්‍රභූව ක්‍රමානුකූලව වගා කර ඇති වාර්ගික, කුල හා ජනවාර්ගික බෙදීම් කපා ගෙන, කුරිරු පොලිස් මර්දනය නොතකා, මෙම විරෝධතා බොහෝ විට රටේ සෑම ප්‍රදේශයකටම විහිදී ඇත.

මහජන විරෝධය හදිසියේම පුපුරා යාම භාරතීය ජනතා පක්ෂයේ ජාතික හා ප්‍රාන්ත ආන්ඩු තැතිගන්වා තිබේ. මාරාන්තික මර්දනය, අන්තර්ජාලය හා ජංගම දුරකථන වසා දැමීම, කුප්‍රකට බි්‍රතාන්‍ය යටත් විජිත විසින් රචිත ඉන්දියාවේ අපරාධ නීති සංග්‍රහයේ 144 වන වගන්තිය යටතේ පුද්ගලයන් හතරකට වැඩි පිරිසකගේ සියලු‍ රැස්වීම් තහනම් කිරීම සහ ජාතිවාදය තවදුරටත් අවුස්සමින් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

ඉන්දියාවේ මුස්ලිම් සුලු‍තරයට එරෙහි භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ ප්‍රකෝප කිරීම් මාලාවේ නවතම එක පමනක් වන සීඒඒ නීතියට එරෙහි මහජන විරෝධය, බදාදා පැවැත්වෙන මහා වැඩ වර්ජනයේ සහභාගීත්වය නිසැකවම ඉහල නංවනු ඇත. එය සිසුන් සහ ග්‍රාමීය හා නාගරික දුප්පතුන් ආකර්ෂනය කර ගැනීමට උපකාරී වේ. ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂවලට සම්බන්ධ ගොවීන්ගේ හා කෘෂිකාර්මික කම්කරුවන්ගේ සංවිධාන බදාදා “ග්‍රාමීන් බන්ද්” හෝ ග්‍රාමීය වැඩ වර්ජනයක් ඉල්ලා තිබේ.

වඩාත් සංවේදී ඉන්දියානු විචාරකයින් හඳුනාගෙන ඇති පරිදි, දැවැන්ත විරැකියාව, අර්ධ සේවා නියුක්තිය හා කොන්ත්‍රාත් රැකියා, උග්‍ර දරිද්‍රතාවය සහ ලෝකයේ වඩාත්ම සමාජීය අසමාන සමාජයක් බවට ඉන්දියාව පරිවර්තනය වීම පිලිබඳ කෝපය, සීඒඒ විරෝධී ව්‍යාපාරයට දිගට හරහට දායක වන්නේය.

මෑත මාසවල කම්කරුවන්ගේ අරගල රැල්ලක් ඇතිව තිබේ. ආන්ඩුවේ පුද්ගලීකරන සැලැස්මට විරෝධය පල කරමින් ගල් අඟු‍රු පතල් කම්කරුවන් ලක්ෂ ගනනක් පසුගිය සැප්තැම්බරයේ දැවැන්ත එක්දින වැඩ වර්ජනයකට සහභාගී වූ අතර, බොහෝ නගර හෝ අභ්‍යන්තර නගර බස් සේවාව විකුනා දැමීමේ තෙලන්ගානා රාෂ්ට්‍ර සමිතී ප්‍රාන්ත ආන්ඩුවේ සැලසුම් වලට එරෙහිව තෙලන්ගානා ප්‍රාන්ත මාර්ග ප්‍රවාහන සංස්ථාවේ (ටීඑස්ආර්ටීසී) කම්කරුවන් 48,000 ක් විසින් දින 52 ක වැඩ වර්ජනයක් ගෙන යන ලදී.

ටීඑස්ආර්ටීසී කම්කරුවෝ, පොලිස් මර්දනය සහ විශාල වශයෙන් රැකියා වලින් දොට්ට දමන බවට කල ආන්ඩුවේ තර්ජන ගනනකට නොගත්හ. එහෙත්, පසු ගිය දශක තුන තුල නැවත නැවතත් සිදු වූවාක් මෙන්, වෘත්තීය සමිති, ස්ටැලින්වාදීන්ගේ සහාය ඇතිව, ටීඑස්ආර්ටීසී කම්කරුවන්ගේ අරගලය හුදෙකලා කල අතර, අධිකරනයට, විරුද්ධ පක්ෂවලට සහ මෝඩි රජයට පවා මැදිහත් වන ලෙස නිරර්ථක අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් දිරිමත් කලහ.

රැකියා කප්පාදුවට එරෙහිව වැඩ වර්ජන හා විරෝධතා ද පැනැඟී තිබුනි. විශේෂයෙන් ගෝලීය වශයෙන් සම්බන්ධිත ඉන්දියාවේ මෝටර් රථ කර්මාන්තය තුල. ලක්ෂ සංඛ්‍යාත මෝටර් රථ සේවකයින් ඉවත් කර හෝ ඔවුන්ගේ කොන්ත්‍රාත්තු මෑත මාසවලදී අවසන් කර තිබේ.

නොවැම්බර් මස මුල සිට, හොන්ඩා යතුරුපැදි සහ මැනේසර් ස්කූටර්හි කම්කරුවන් දහස් ගනනක් රැකියා වලින් ඉවත්කර තිබේ. හර්යානා කම්හලෙන් පිටත විරෝධතා නිසා සමාගමට තාවකාලිකව නිෂ්පාදනය නවතා දැමීමට බල කර තිබේ. දෙසැම්බර් 1 වන දින, ඉන්දියාවේ අගනුවර වන දිල්ලියට නුදුරින් පිහිටි මැනේසර්-ගුර්ගෝන් කාර්මික තීරයේ කම්කරුවන් දහස් ගනනක්, ආන්ඩුව විසින් දිරිමත් කරන ලද අඩු වැටුප් සහිත, අස්ථිර කොන්ත්‍රාත් කම්කරු රැකියා සැපයීම පුලුල් කිරීමට විරෝධය පල කරමින් උද් ඝෝෂනයකට එක් වූහ.

බෙල්සොනිකා ඔටෝ කම්පොනන්ට් ඉන්දියා සේවක සංගමයේ සභාපති ජස්බීර් සිං නිව්ස්ක්ලික් වෙබ් අඩවියට පැවසුවේ, අලෙවියේ ඇතිව තිබෙන තියුනු පසුබෑමේ බර කොන්ත්‍රාත් කම්කරුවන් මත පැටවීම සඳහා සේවා යෝජකයන් ප්‍රයත්න දරන බවයි. “ගු‍ර්ගෝන්-මැනේසර් කලාපයේ කම්කරුවන් ලක්ෂ 2.5 ක් දොට්ට දමා ඇත. සේවයෙන් ඉවත් නොකල අය විශාල වැටුප් කප්පාදුවකට මුහුන දී සිටිති.”‍

බදාදා වැඩ වර්ජනය නිසැකවම මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට හා තරුනයින්ට මෝඩි රජයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන අතර එය සීමිත ආකාරයකින් වුවද කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය පෙන්වනු ඇත.

සැලකිය යුතු කරුනක් නම්, වෘත්තීය සමිතිවල ඉල්ලීම් අතරට, අධිරාජ්‍යවාදය සමඟ ඉන්දියාවේ මිලිටරි-මූලෝපායික සන්ධානය ගැන හෝ ඉන්දියානු ධනේශ්වරයේ දැවැන්ත මිලිටරි තරකිරීමට විරුද්ධ වීම සහ කලාපීය ‌ලොක්කා ලෙස තමන් ස්ථාපිත කර ගැනීම සඳහා වන යුදවාදී තල්ලු‍ව ගැන සඳහනක් නොවීමය. කෙසේ වෙතත්, වෘත්තීය සමිති ආරක්ෂක අංශයේ කොටස් පෞද්ගලීකරනය කිරීමට රජය ගෙන ඇති පියවර “ජාතික අවශ්‍යතා පාවාදීමක්” ලෙස ප්‍රකාශ කරති.

එසේම වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලැයිස්තුවට, ම්ලේච්ඡ වැඩ පාලන තන්ත්‍රයකට හා කම්කරු රැකියා කොන්ත්‍රාත්තු වලට එරෙහිව සටන්කාමී විරෝධයක් මෙහෙයවීම හේතුවෙන් ගොතන ලද මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති මරුටි සුසුකි කම්කරුවන් 13 දෙනාගේ නිදහස ඉල්ලා සිටීම ඇතුලත්ව නොතිබීම ද කැපී පෙනෙන කාරනයකි. ස්ටැලින්වාදී පක්ෂ සහ සීඅයිටීයූ සහ ඒඅයිටීයූසී ඔවුන්ගේ සටන්කාමී ආදර්ශයට බිය වන නිසාත්, කම්කරුවන්ගේ එම අරගලය තුල පොලීසිය, උසාවි සහ කොන්ග්‍රස් පක්ෂයේ කාර්යභාරය හෙලිදරව් වීමත් මඟින් ඔවුන් දේශපාලන සංස්ථාපිතය හා මහා ව්‍යාපාරිකයන් සමඟ පවත්වාගෙන යන සුහද සබඳතා කඩාකප්පල් වන නිසාත් මරුටි සුසුකි කම්කරුවන්ගේ ප්‍රශ්නය අතහැර දමා ඇත.

සීඅයිටීයූ, ඒඅයිටීසීසී සහ සියලු‍ වෘත්තීය සමිතිවල දිශානතිය, ඒවායේ ඉහල නිලධාරීන් පසුගිය සතියේ භාරතීය ජනතා පක්ෂ කම්කරු අමාත්‍ය සන්තෝෂ් ගංග්වාර් හමුවීමට ඉක්මන් පියවර ගැනීම මඟින් ද සලකුනු කෙරේ. අන්ත දක්ෂිනාංශික ආන්ඩුවේ මෙම නියෝජිතයා, බැරෑරුම් සංවාදයක් ගැන උනන්දු නොවීම ගැන පසුව ඔවුහු විලාප තැබූහ. ප්‍රධාන වෘත්තීය සමිති ඉල්ලීමක් නම්, 2015 සිට රැස්ව නැති ත්‍රෛපාර්ශ්වීය ඉන්දියානු කම්කරු සමුලුවේ වාර්ෂික රැස්වීම් ආන්ඩුව විසින් නැවත ස්ථාපිත කිරීම ය.

ඉරාන ජෙනරාල් ඝාතනය

ඉරානයට එරෙහි යුද්ධයක්, 2003 දී දියත් කරන ලද ඉරාක යුද්ධයේ බිහිසුනු ලේ වැගිරීම් අබිබවා යනු ඇත. එය, සමස්ත කලාපය හා එක්සත් ජ්නපද අධිරාජ්‍යවාදයේ ඊනියා “මහා බල” ප්‍රතිවාදීන් වන රුසියාව සහ චීනය ඇතුලු සියලු‍ ප්‍රධාන බලවතුන් පැටලු‍නු න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මානව වර්ගයා හමුවට ගෙන එනු ඇත.

බිල් වැන් ඕකන් විසිනි

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා (අයිආර්ජීසී) කුඞ්ස් බලඇනියේ අනදෙන නිලධාරී මේජර් ජෙනරාල් කාසෙම් සොලෙයිමනී සිකුරාදා අලු‍යම බැග්ඩෑඞ් හි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඉලක්ක කර ඝාතනය කිරීම, එක්සත් ජනපදය හා ඉරානය අතර ගැටුම් තියුනු ලෙස උග්‍ර කර ඇත. එය මැද පෙරදිග විනාශකාරී නව යුද්ධයක් පුපුරා යාම කෙස් ගහක දුරින් පිහිටුවා තිබේ.


ඉරාකයේ සහ ලෙබනනයේ මාධ්‍ය මෙන්ම ඉරාකයේ ෂියා මිලීෂියා ව්‍යාපාරයේ නිලධාරීන් ද වාර්තා කලේ, සිරියාවේ හෝ ලෙබනනයේ සිට ඉරාකයට පැමිනි ගුවන් යානයකින් ගොඩ බැසීමෙන් පසුව එක්සත් ජනපද මිසයිල ප්‍රහාරයකින් සොලෙයිමනී මිය ගිය බවයි. ඉරාක ෂියා මිලීෂියාවන්ගේ බලවත් සන්ධානය වන මහජන හමුදා බලමුලු‍ ගැන්වීමේ බලකායේ (පීඑම්එෆ්) දෙවන අනදෙන නිලධාරියා වූ අබු මහීඩි අල්-මුහන්දිස් ද ප්‍රහාරයෙන් මරුමුවට පත් විය.


පෙන්ටගනය ඝාතනයේ වගකීම භාර ගනිමින් ප්‍රකාශයක් නිකුත් කලේය. “එක්සත් ජනපදය විසින් නම් කරන ලද විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් වන ඉරාන විප්ලවවාදී ආරක්ෂක කුඞ්ස් බලකායේ ප්‍රධානී කසෙම් සොලෙයිමනී ඝාතනය කිරීමෙන් එක්සත් ජනපද හමුදාව විදේශයන්හි සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා තීරනාත්මක ආරක්ෂක පියවර ගෙන තිබේ.”

සිය පාර්ශවයෙන් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක හමුදා, ඝාතනය සනාථ කරමින් ඉරාන මාධ්‍යයට පැවසුවේ, “ගෞරවනීය ඉස්ලාමයේ උත්තරීතර අන දෙන නිලධාරි සොලෙයිමනී එක්සත් ජනපද හෙලිකොප්ටර් ප්‍රහාරයකින් වීරයෙකු ලෙස මරනයට පත්වූ” බවයි.

1980-88 ඉරාන-ඉරාක යුද්ධයේ සිට සොලෙයිමානි ඉරාන හමුදාව තුල ප්‍රධාන චරිතයක් විය. කුඞ්ස් බලකායේ ප්‍රධානියා ලෙස ඔහු සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් පාලනයට එරෙහිව වොෂින්ටනය සහ එහි සහචරයින් විසින් මුදා හරින ලද එක්සත් ජනපදයේ පිටුබලය ලබන අල්කයිඩා සංවිධානයට සම්බන්ධ මිලීෂියාවන් පරාජය කිරීමේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කල අතර පසුව, ඉරාකය සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිසිස්) පරාජය කිරීමට ඉරාක මිලීෂියා හමුදාවන්ට මඟ පෙන්වීමට සහාය විය. ඉරාන ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෙකු ලෙස සඳහන් වුව ද, ඔහු පාලනය සඳහා වූ ඕනෑම තරඟයකට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරමින්, සොල්දාදුවෙකු ලෙස තම රටට සේවය කරන බව අවධාරනය කලේය.

2001 එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කිරීමේදී ටෙහෙරානය, වොෂින්ටනය සමඟ සහයෝගයෙන් කටයුතු කල දා සිට ඉරාන ජෙනරාල්වරයා සමඟ නොනිල සන්නිවේදනයක නිරත වූ එක්සත් ජනපද නිලධාරීන් සහ හමුදා අන දෙන නිලධාරීන් ඔහු හොඳින් දැන සිටියේය.

පෙන්ටගනය තවත් එක්සත් ජනපද පැරෂුට් භටයන් 750 ක් මැද පෙරදිගට යවා ඇති අතර සෙබලු‍න් 4,000 ක් කලාපයට යෙදවීම සඳහා සීරුවෙන් තබා ඇත.

ඉරාක උද්ඝෝෂකයින් විසින් මේ සතියේ බැග්ඩෑඞ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට පහර දීමෙන් පසුව මෙම ක්‍රියාන්විතය සිදු විය. එක්සත් ජනපද මිලිටරිවාදය කෙරෙහි මහජන කෝපයේ ක්‍රියාවක් වන එහිදී වොෂින්ටනය ඉරානයට දොස් පැවරීය.

ආරක්ෂක ලේකම් මාක් එස්පර් බ්‍රහස්පතින්දා කියා සිටියේ ඉරානය එක්සත් ජනපද හමුදාවන්ට හෝ කලාපයේ අවශ්‍යතාවන්ට “අතිරේක ප්‍රහාර” එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට “ඇඟවීම්” පවතින බවත්, කිසියම් “ප්‍රහාරයක් සඳහා වචනයක් හෝ ඇඟවුමක්” ලැබුනහොත් “පූර්ව භංග පියවර ගැනීමට” වොෂින්ටනය සූදානම් බවත්ය. ”

“ක්‍රීඩාව වෙනස් වී ඇත,” එස්පර් පැවසීය. “ඔවුන් යමක් කරයි කියා මම හිතනවා ද? ඔව්, ඔවුන් ඒ ගැන පසුතැවෙනු ඇත.”

මේ අනුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඝාතන පමනක් නොව, වොෂින්ටනය ඉරාන “කුලීකාරයන්” සේ සලකන මැද පෙරදිග ඕනෑම අංශයකින් කටකතා හෝ ගොතන ලද තර්ජනයක් ඇති වුනොත් ඒවා පදනම් කරගෙන ඉරානයට එරෙහිව විනාශකාරී පූර්ව භංග මිලිටරි ප්‍රහාර එල්ල කරන බව පෙනී යයි. මෙම කාන්ඩය, ඉරාකයේ ෂියා මිලීෂියාවන්ගේ සිට ලෙබනනයේ හිස්බුල්ලා මහජන දේශපාලන හා මිලීෂියා ව්‍යාපාරය දක්වාත්, ඊස්රායල වාඩිලාගෙන සිටින ගාසා තීරය පාලනය කරන ඉස්ලාමීය පක්ෂය වන හමාස් දක්වාත් විහිදේ.

ඉරාක ෂියා මිලීෂියාවක් වන කටායිබ් හිස්බුල්ලා වරුන්ගේ ඉරාකයේ සහ සිරියාවේ කඳවුරු වලට එරෙහිව දෙසැම්බර් 29 වන දින එක්සත් ජනපදය ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් විරෝධතාකරුවන් දහස් ගනනක් විසින් අඟහරුවාදා බැග්ඩෑඞ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය වටලනු ලැබීය. එක්සත් ජනපද එෆ් -15 ඊ ප්‍රහාරක යානා මඟින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් මිලීෂියා සාමාජිකයින් 25 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 55 දෙනෙකු තුවාල ලැබීය.

ඇමරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවෙකු ඝාතනය කරමින් කිර්කුක් නගරයෙන් පිටත ඉරාකයේ කේ -1 හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පලිගැනීමක් ලෙස මෙම ගුවන් ප්‍රහාර එල්ල කල බව ට්‍රම්ප් පරිපාලනය කියා සිටියේය. ප්‍රහාරය සම්බන්ධයෙන් කටයිබ් හිස්බුල්ලාට වොෂින්ටනය දොස් පැවරුවද, වගකීම පැවරීම පිලිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

ඉරාක අගනුවර වීදිවලට දහස් ගනනක් රැස්ව සිටි, අතර, ඝාතනය කරන ලද මිලීෂියා සටන්කාමීන්ගේ අවමංගල්‍ය කටයුතු වලින් අනතුරුව, බොහෝ මිලීෂියා සාමාජිකයින් සහ ආධාරකරුවන් ඇතුලු විරෝධතාකරුවන් බැග්ඩෑඞ්හි දැඩි ආරක්ෂිත හරිත කලාපයේ පිහිටි තානාපති කාර්යාලය වෙත පා ගමනින් ගියහ.

ඔවුහු එක්සත් ජනපද තානාපති කාර්යාල තාප්පය වටලා මොලොටොව් කොක්ටේල් ගිනි බෝම්බ සහ ගල් දමා ගැසූහ. ලොව විශාලතම එක්සත් ජනපද තානාපති මධ්‍යස්ථානය වන තානාපති කාර්යාල සංකීර්නය, ටයිග්‍රිස් ගඟේ අක්කර 104 කට වැඩි ප්‍රමානයක විහිදී ඇති අතර 2012 දී එහි උච්චතම අවස්ථාව වන විට එක්සත් ජනපද සේවකයින් 16,000 ක් නවාතැන් ගෙන සිටි අතර එය 2011 දී විධිමත් ලෙස අවසන් වූ ඇමරිකානු වාඩිලෑමෙන් පසුව ද අඛන්ඩව පැවතුනි.

සංකීර්නයේ ප්‍රධාන දොරටුව කඩාගෙන ඇතුලුවීමට සමත්වූ විරෝධතාකරුවෝ, ආරක්ෂක කුටියක් සහ පිලිගැනීමේ කාමර දෙකක් ගිනි තැබූහ. ඇසෝසියේටඞ් ප්‍රෙස් විසින් බදාදා නිකුත් කරන ලද ඡායාරූප වලින් දැක්වෙන්නේ, තානාපති කාර්යාලයේ මෙම ප්‍රදේශවල ගිනිගත් අභ්‍යන්තරය, විනාශ කල ගෘහ භාන්ඩ හා ජනෙල් සහ නටබුන් වලින් දුමාරය තවමත් නැගෙමින් තිබුන බවයි.

තානාපති කාර්යාල පරිශ්‍රයේ තාප්ප චිත්‍ර වලින් වැසී තිබුනි. “ජනතාවගේ නියෝගයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා ඇත” සහ “ඇමරිකාවට සහ ඊස්රායලයට මරනය” වැනි සටන් පාඨ ද ඊට ඇතුලත් විය.

තානාපති කාර්යාලයේ අභ්‍යන්තරය පාලනය කරන එක්සත් ජනපද මැරීන් භටයෝ, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කරමින් කඳුලු ගෑස්, අත් බෝම්බ සහ අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කලහ. “බලය පෙන්වීමක්” ලෙස විස්තර කරන ලද, ඉහලින් පියාසර කල අපාචේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයා දෙසට ගිනි වෙඩි තැබීය.

දෙසැම්බර් 29 ගුවන් ප්‍රහාර එක්සත් ජනපද බලය විදහා දැක්වීමක් සහ කටායිබ් හිස්බුල්ලා මිලීෂියාවට පහරක් ලෙස විස්තර කල ද තානාපති කාර්යාලය වටලෑමේ දී පලවූ මහජන ප්‍රතිචාරය ඉරාකයේ සහ කලාපය පුරා වොෂින්ටන් ප්‍රතිපත්තියේ දැවැන්ත අර්බුදය හෙලි කර තිබේ.

විරෝධතාකරුවන් සමූහයට තානාපති කාර්යාලයට පැමිනීමට හැකි වූයේ, රජයේ ගොඩනැගිලි, වෙනත් තානාපති කාර්යාල සහ ඉරාක කතිපයාධිකාරයේ මන්ඳිර ද පිහිටි හරිත කලාපය ආරක්ෂා කිරීම සඳහා යොදවා සිටි, එක්සත් ජනපදයේ පුහුනුව ලත් ඉරාක ත්‍රස්ත විරෝධී භට පිරිස් විසින් කිසිදු ප්‍රතිරෝධයක් නොදැක්වූ බැවිනි.

2003 දී සාපරාධී ලෙස ඉරාකය ආක්‍රමනය කිරීමෙන් පසු ඇමරිකානු හමුදාවන්ට එරෙහි සටනේදී ආරම්භ වූ ෂියා මිලීෂියාවන් විසින් ඉරාක ආන්ඩුවේ සහ එහි ආරක්ෂක හමුදාවන් තුල ඉටුකරනු ලබන ප්‍රමුඛ භූමිකාව මෙම සිදුවීම මගින් තවදුරටත් හෙලි කරයි. ඔවුන් සංවිධානය වී සිටින්නේ, මහජන බලමුලු‍ ගැන්වීමේ හමුදාවන්ගේ (ඡඵත්‍) සෙවනෙහිය. එක්සත් ජනපදයේ පුහුනුව ලත් ආරක්ෂක හමුදා 2014දී බිඳවැටීමෙන් පසු ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයට (අයිසිස්) ඉරාකයෙන් තුනෙන් එකක් පමන යටත් කර ගැනීමට හැකි වූ විට, ප්‍රධාන විපක්ෂය සංවිධානය කරනු ලැබුවේ පීඑම්එෆ් බලවේග විසිනි.

්‍රම්ප් පරිපාලනය කෝපයට පත් කරමින් තානාපති කාර්යාලයේ උද්ඝෝෂනයට සහභාගී වූවන් අතර, පීඑම්එෆ්හි නාමික ප්‍රධානී ෆලේහ් අල්-ෆයියාද් ද -ඔහු ආන්ඩුවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙසත් සේවය කරයි- හිටපු ප්‍රවාහන අමාත්‍ය හා පීඑම්එෆ් හි විශාලතම මිලීෂියාවන්ගෙන් එකක් වන බද්ර් බලඇනියේ නායක හදී අල් අමිරි සහ ෂියා මිලීෂියාවන්ට සම්බන්ධ පාර්ලිමේන්තු කන්ඬායම් වල අනෙකුත් ප්‍රමුඛ සාමාජිකයන් ද වූහ.

මෑත මාසවලදී එක්සත් ජනපද තානාපතිවරයා මෙම පුද්ගලයින් සමඟ සාකච්ඡා කරමින් සිටිය ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඔවුන් සිව් දෙනෙකුගේ ඡායාරූප ඇතුලු කෝපාවිෂ්ඨ ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඔවුන් “ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගැසීය.

ජනාධිපති, අගමැති සහ පාර්ලිමේන්තු ප්‍රධානියා ඇතුලු ඉරාක ආන්ඩුවේ ප්‍රධාන නායකයින් සියල්ලම එක්සත් ජනපද ගුවන් ප්‍රහාර, ඉරාක ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස හෙලා දැක තිබේ. පසු ගිය ඔක්තෝබර් මාසයේ සිට රට සිසාරා පැනනැඟි විරැකියාව, සමාජ අසමානතාවය සහ ආන්ඩුවේ දූෂනයට එරෙහි මහජන විරෝධතා හමුවේ ඉල්ලා අස්වීමෙන් පසු භාරකාර ආන්ඩුවක නායකත්වය දරන ඉරාක අගමැති අබ්දුල් මහඩි, වැඩ වර්ජන විස්තර කලේ ඉරාක ත්‍රිවිධ හමුදාවේ කොටසක් ලෙස සලකනු ලබන මිලීෂියාවට එරෙහි “පිලිගත නොහැකි දරුනු ප්‍රහාරයක්” ලෙස ය. එහි “භයානක ප්‍රතිවිපාක” ගැන ඔහු අනතුරු ඇඟවීය. බෝම්බ හෙලීමට ටික වේලාවකට පෙර එක්සත් ජනපද ආරක්ෂක ලේකම් එස්පර් විසින් ඒ ගැන ඔහුට දැනුම් දෙන ලද අතර, ප්‍රහාර නතර කරන ලෙස හෙතෙම නිරර්ථක ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජනපද ප්‍රහාරය හෙලා දුටු එරට ජනාධිපති බර්හැම් සාලිහ්, එක්සත් ජනපද තානාපති නිලධාරියෙකු සමඟ පැවැත්වූ සමාන සංවාදයක් විස්තර කලේය.

තානාපති කාර්යාලයට ආරක්ෂාව සපයන ලෙස කරන ලද වොෂින්ටනයේ ඉල්ලීමට “වේගයෙන් ප්‍රතිචාර දැක්වීම” ගැන ට්‍රම්ප් බදාදා ට්විටර් පනිවිඩයක් නිකුත් කල අතර, හරිත කලාපය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එක්සත් ජනපද පුහුනුව ලත් ඉරාක ත්‍රස්ත විරෝධී බලකාය මාධ්‍ය වෙත පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කලේය. ඒ, “ඕනෑම ආයතනයක්” ආරක්ෂා කිරීමට නියෝග ලැබී ඇති බව ප්‍රතික්ෂේප කරමිනි.

විරෝධතාකරුවන් හරිත කලාපයෙන් ඉවත්ව “ඔව්, අපි ඔවුන්ව පුලුස්සා දැමුවෙමු!” යනුවෙන් සටන්කාමීන්ගේ නායකයින්ට පැවසීමෙන් පසු, ඔවුන් තම අරමුන සාක්ෂාත් කර ගත් බවත්, එක්සත් ජනපද හමුදා සියල්ලම රටින් නෙරපා හැරීමට ඉරාක පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කල යුතු බවත් පැවසීය.

අතීතයේ දී ඒවන් යෝජනා හඳුන්වා දී ඇති නමුත් සාර්ථක නොවීය. වර්තමාන අර්බුදය එවැනි පියවරක් අනුමත කිරීම සඳහා කොන්දේසි නිර්මානය කර තිබේ. ඉරාක ව්‍යවස්ථාදායකයේ කන්ඩායම් ගනනාවක නායකයින් එක්සත් ජනපද මිලිටරියේ සහභාගිත්වය අවසන් කිරීම සඳහා සිය සහයෝගය සංඥා කර තිබේ.

පෙන්ටගනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, නිල ඇඳුමින් සැරසුනු එක්සත් ජනපද භටයන් 5,000 ක් පමන ඉරාකයේ සේවයේ යොදවා ඇති අතර, නිසැකවම එම ප්‍රමානයට වඩා වැඩි නොදන්නා සංඛ්‍යාවක්, සිවිල් හමුදා කොන්ත්‍රාත්කරුවන් ද ඇතුලු‍, එහි රඳවා ඇත. ඔවුන් රට තුල සිටීම යුක්ති සහගත කලේ, මීට පෙර ඉරාකයේ දෙවන නගරය වූ මොසුල් සහ අන්බාර් පලාතේ තවත් නාගරික මධ්‍යස්ථාන ගනනාවක් සුන්බුන් බවට පත් කරමින් එක්සත් ජනපදය දැවැන්ත විනාශකාරී කාර්යභාරයක් ඉටු කල “ අයිසිස්ට එරෙහි යුද්ධය ” යන නාමයෙනි. එහිදී දස දහස් ගනනක් ඝාතනය කරන ලදී.

අයිඑස්අයිඑස් බිඳ දැමීමත් සමඟ ට්‍රම්ප් පසුගිය වසර මුලදී, වොෂින්ටනය විසින් “දැවැන්ත ධන සම්භාරයක් වියදම් කර මෙම ඇදහිය නොහැකි පදනම ගොඩනැගූ”‍ අතර, ඉරානය “මේච්චල්” කිරීම පිනිස එය තබා ගත යුතු යයි පැවසීය. ඉරාක ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව “අපේ භූමිය ... අපේ අසල්වැසියන්ට එරෙහිව භාවිතා කිරීමට ඉඩ නොදේ” සහ බැග්ඩෑඞ් “කිසිදු අක්ෂයක කොටසක්” වීමට කැමති නැති බව ප්‍රකාශ කල ඉරාක ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයට ඉක්මනන්ම හරස් කැපීය.

ඉරාකයේ එක්සත් ජනපද මිලිටරි පැවැත්ම නැවැත්විය යුතු නීති සම්පාදනය සඳහා ඉරාක පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කල ද වොෂින්ටනය සිය හමුදා ඉවත් කර ගන්නා බව කිසිසේත් පැහැදිලි නැත. ප්‍රකෝප නොකල හා සාපරාධී ආක්‍රමනයකින් ආරම්භ කරන ලද ඇමරිකානු වාඩිලෑම අඛන්ඩව පවත්වාගෙන යාම, ඉරාක සමාජය විනාශ කල දිග්ගැස්සුනු යුද්ධයේ නව අවධියකට මුල පුරනු ඇත.

තමා මිසයිල ප්‍රහාරවල සහ තානාපති කාර්යාල ආක්‍රමනයක ගොදුරක් ලෙස පවතින බවට වොෂින්ටනය මවාපාමින් සිටියද, මැද පෙරදිග දිගින් දිගටම පවතින ගැටුම් හා ආතතීන් දශක ගනනාවක එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනයේ සහ ඉරාකය, ඉරානය සහ සිරියාවට එරෙහි ආර්ථික සම්බාධකවල ප්‍රතිපලයකි. ඒ වෙනුවෙන් මිලියන ගනනක් ජීවිත විනාශ කර ඇත.

ටෙහෙරානය සහ ප්‍රධාන ලෝක බලවතුන් අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම පසුගිය වසරේදී ට්‍රම්ප් පරිපාලනය විසින් අවලංගු කිරීමත්, ඉරාන තෙල් අපනයනය බිංදුව දක්වා අඩු කිරීම සහ තන්ත්‍ර වෙනසක් හා එක්සත් ජනපද රූකඩ රජයක් ස්ථාපනය කිරීම පිලිගැන්නවීම සඳහා ඉරාන ජනතාව කුසගින්නේ තැබීම අරමුනු කරගත් “උපරිම පීඩනය” යෙදවීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සමඟ මෙය කුලු‍ගැන්වුනි.

ඉරානයට එරෙහි වොෂින්ටනයේ ක්‍රියාවන් සංලක්ෂනය කෙරෙන නොසැලකිලිමත්කම සහ සාපරාධීත්වය, ශක්තියේ සලකුනක් නොව, පාලක මූල්‍ය කතිපයාධිකාරය පිපිරුම් සහගත මිලිටරි ප්‍රචන්ඩත්වය තුලින් පිටතට හැරවීමට උත්සාහ කරන, ඇමරිකානු ධනවාදය ග්‍රහනය කර ගත් ගැඹුරු සමාජ ආතතීන්, ආර්ථික අස්ථාවරත්වය සහ දේශපාලන අර්බුදයේ ප්‍රකාශනයකි.

ඉරානයට එරෙහි යුද්ධයක්, 2003 දී දියත් කරන ලද ඉරාක යුද්ධයේ බිහිසුනු ලේ වැගිරීම් අබිබවා යනු ඇත. එය, සමස්ත කලාපය හා එක්සත් ජ්නපද අධිරාජ්‍යවාදයේ ඊනියා “මහා බල” ප්‍රතිවාදීන් වන රුසියාව සහ චීනය ඇතුලු සියලු‍ ප්‍රධාන බලවතුන් පැටලු‍නු න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මානව වර්ගයා හමුවට ගෙන එනු ඇත.

‘'මෝඩයින්ට බය වෙන්න ඕන ඇයි ?‘‘


මෙරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක් සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය (නොවැම්බර් 12 වැනිදා) අතරතුරදී ඉදිරිපත් කළ කැළණි ගං පතුලෙන් නාග ලෝකයට ගොස් බුදුරදුන්ගේ ධාතු ගෙන ආ කතාව සමාජ මාධ්‍ය තුළ  දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා. 

නාග ලෝකයෙන් ධාතු වැඩම වූ කතාව තහවුරු කරන්නට කැළණිය රජමහා විභාරයේ විභාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංරක්ඛිත හිමි ද ඉදිරිපත්ව සිටි බව අදාළ පුවත් විකාශයේදී දැකගන්නට හැකිවුණා.  මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ අරමුණින් මේ නාටකය දියත් වුණු බව බොහෝ දෙනාගේ අදහසයි.  


අනෙක් කාරණය වී තිබෙන්නේ අදාළ අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පක්ෂයේ සංකේතය ද සංඝරත්නය විසින්ම කැළණි පන්සලට පැමිණෙන සැදැහැති ජනයා අතර ප්‍රවර්ධනය කිරීමයි. 

මේ ගැන සිය මුහුණු පොතේ අදහසක් පළකල ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගමගේ සටහනක් මෙහි උපුටා දක්වන්නේ වත්මන් ලාංකේය සමාජයට අත්වී තිබෙන ඛේදවාචකය මෙන්ම ජන මනස එතැතින් ඔබ්බට ජනාධිපතිවරණයේදී කෙලෙස හැසිරෙනු ඇත්දැයි යන්න ගැන ඔහු සිදුකර ඇති අනතුරු ඇඟවීම ගැන පෙන්වා දීමටයි. 

“හාමුදුරුවනේ ආදී ලංකාවේ හිටියේ යක්ෂයින් ද” කියලා අහනකොට ගමේ පන්සලේ හාමුදුරුවෝ අපට කියලා දුන්නේ “නැහැ දරුවෝ යක්ෂ ගෝත්‍රයේ මිනිස්සු‘‘  කියලා. ඒ හැටේ දශකයේ විතර හාමුදුරුවරු. ඒ වුණාට දැන් ඩිජිටල් යුගයේ බණ අහන වැඩිහිටි දරුවන්ට හාමුදුරුවෝ කැළණි ගං පතුලේ නාග ලෝකෙන් නාග ධාතු ගෙනත් පෙන්නනවා.

නාග ලෝකෙට කිමිදිලා නයාගේ කටින් නාග ධාතු අරං එන්නේ ටික කාලෙකට කලින් තමන් බුදු වුණේ යැයි කියමින් හතර වරං කෙලපු හොරෙක්. හරි නම් පන්සල් හතර මායිමකට වද්දා ගත යුතු නැති පොරක්. ඒත් මේ සා බොරුවක් කරපු මුචලින්දයින් ට පන්සලේ දොරවල් තාම ඇරිලා.

චන්ද‍ෙට ඉස්සර වැල නොකැඩී අපේ අය නාග ධාතු වඳින්න යනවා. ඒ අය ඕන ධාතුවක් වැඳ ගත්තට අපට කමක් නැහැ. එත් ඇඟ හිරි වැටෙන්නේ ධාතු වැන්ද සර්ධාවෙන්ම මේ අය 16 වෙනිදා චන්දෙ පෝලිමේත් යනවා නේද කියලා මතක් වෙනකොටයි.

ආජන්ටිනාවේ ගායකයෙක් කියපු මේ කතාව සසංක පෙරේරා තමන්ගේ මුහුණු පොතේ බෙදාගෙන තිබුණා.

“මගේ සීයා හරි නිර්භීත මිනිහෙක්. එයා බය මෝඩයින් ට විතරයි. මම දවසක් සීයගෙන් ඇහුවා ඇයි සීයේ මෝඩයින්‍ට බය කියලා. එයා කිව්වා, බහුතරයක් ඉන්නේ ඒ අය. උන්ට පුළුවන් උන්ගේ වැඩි ඡන්දෙන් ජනාධිපති කෙනෙක් වුණත් පත්කරගන්න කියලා.”

සුබ අනාගතයක් !‘‘

‘රෝයල් පාර්ක්‘ මිනීමැරුමේ ඝාතකයාට ජනපති සමාව දීම සාධාරණද ?



'රෝයල් පාක් මිනීමැරුම' ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නඩුවේ වරදකරු වී මරණීය දණ්ඩනයට යටත් කෙරුණ ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සිය විරෝධය පළකරන ඔහු අතින් ඝාතනයට ලක්වූ ඉවෝන් ජොන්සන්ගේ නැගණිය වන කැරොලයින් ජොන්සන් අද (10) දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඇය මෙම ලිපිය සිය ෆේස්බුක් ගිණුමේ පළකරමින් පවසන්නේ, 

‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔබ මෙම ලිපිය කෙදිනකවත් නොබලන බව මම දන්නවා. දියණියන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස මෙම වරදකරු නිදහස් කිරීමට ඔබ ගත් තීරණය ගැන මට තේරුම්ගන්නට බැහැ‘‘ යන්නයි. 



සිය විධායක බලතල උපයෝගී කරගෙන වරදකරු නිදහස් කිරීම ගැන ඇය සිය විරෝධය පළකර තිබේ.


මේ හරහා සමාජ මාධ්‍ය තුළද දැඩි සංවාදයක් මතුවී ඇති අතර නීතිඥ සාලිය පීරිස් පවසන්නේ, මරණ දඬුවමට නියම වී සිටින දහස් ගණනක් වූ සිරකරුවන් අතරින් රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු ජනාධිපති සමාව ලබාගැනීමට තෝරාගත්ල ආකාරය ගැන දැනගැනීමට උනන්දුවෙන් පසුවෙන බවයි. 






‘සිරකරුවෝද මනුෂ්‍යයෝය‘ බව අප හොඳාකාරවම දන්නා අතර වරදකරුවන් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වී නොසිට කාලයත් සමග තමන් කළ වරද ගැන අවබෝධ කරගෙන යහපත් මිනිසුන් ලෙස සමාජගත වීම මිනිසුන් වන කවරෙකු වුවත් අනුමත කළද ම්ලේච්ඡ ලෙස තරුණියක ඝාතනය කළ මරණ දඬුවමට නියම වී සිටි වරදකරුවෙකු වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ධූර කාලයේ අවසාන දින කීපයේදී සමාව ලැබූවේ කෙසේද ? යන්න කාගේත් අවධානයට ලක්වූ මාතෘකාව වී තිබේ. 


සැබෑ ‘පෑඩ් මෑන්‘ - සජිත්ව අගයයි



නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස සිය දේශපාලන වේදිකාවේදී පළකරන අදහස මේ දිනවල දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්ව තිබෙන පසුබිමක සැබෑ ‘පෑඩ් මෑන්‘ වන ඉන්දීය ජාතික අරුණාචලම් මුරුගනාදම් අද (2) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාසව අගය කර තිබේ. 

ඔහු වැඩිදුරටත් පවසන්නේ, 

''ලොව පුරා සිටින නායකයින් කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාවේ වැදගත්කම මනාව වටහාගෙන තිබීම හොඳ වෙනසකි. මෙවැනි නායකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ වෙනුවෙන් වූ විවිධ මුල පිරීම් නිවේදනය කරයි. 

මෑතකදී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දැරිය හැකි ඔසප් සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමේ වැදගත්කම ගැන හඬ අවදි කළේය. ඔහු එරට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වේ. තමන්ව ‘පෑඩ් මෑන්‘ ලෙස හැඳින්වීම ගැන ඔහු සතුටු වන අතර කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට නොමිලේ
සනීපාරක්ෂක තුවා ලබාදීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවකි.  

මේ ජාතික නායකයින් ඔසප් සනීපාරක්ෂාව ගැන හඬ අවදි කරන නියෝජිතයන් වීමට කාලයයි. දැන් බංග්ලාදේශය තුළ ද සරණාගත කාන්තාවන් හැ ගැහුණු දැරිවියන් උදෙසා ඔසප් සමයේ සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමට පෙළඹී තිබේ‘‘ යන්නයි.




සබැඳි පුවත්