The Most/Recent Articles

Showing posts with label එසැණ පුවත්. Show all posts
Showing posts with label එසැණ පුවත්. Show all posts

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද ඇරඹේ



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන නිත්‍ය සැසිවාරය අද (සැප්. 12) ජිනීවාහිදී ආරම්භ වීමට නියමිත ය. එම සැසිවාරය අද සිට ඔක්තෝබර් 7 වන දා දක්වා පැවැත්වේ. 

දැනට වැඩබලන මහ කොමසාරිස් ලෙස සේවය කරන මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල්-නෂීෆ් (Nada Al-Nashif), එරට වේලාවෙන් අද උදෑසන 9.00ට මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත ය.

වසර 4ක කාලයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මහ කොමසාරිස්වරිය ලෙස මිෂෙල් බැෂෙලේ කටයුතු කළ අතර අගෝ. 31 වන දා ඇයගේ නිල කාලය අවසන් විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කළේ, සැසිවාරය සඳහා සූදානම් වීම සඳහා අගෝස්තු 30 වන දින පැවති රැස්වීමකදී, කවුන්සිලයේ සභාපති ෆෙඩරිකෝ විලෙගාස් ඇයට සමුදුන් බව ය.

මෙවර සැසියේදී ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳව සභාව වෙන ම අන්තර්ක්‍රියාකාරී සංවාද පැවැත් වීමට නියමිත ය.

සැප්තැම්බර් 13 සහ 14 යන දිනවල පැවැත්වෙන පොදු විවාදයේ දී මහ කොමසාරිස්වරයාගේ යාවත්කාලීන කිරීම් සහ ඉදිරිපත් කරන ලද අනෙකුත් වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමට ඒ ඒ රටවල්වලට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් එක් වීමට නියමිත ය.

ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යවරයා අද මෙම සැසිවාරය ඇමතීමට ද නියමිත ය. අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම හමුවී ඵලදායී සහ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඵලදායී ලෙස සම්බන්ධ වීම සහ එක්ව කටයුතු කිරීම පිළිබඳව ඊයේ (සැප්. 11) වැඩිදුර සාකච්ඡා කළ බව ය.

‘‘හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම මෝඩ වැඩක්‘‘ - අර්ජුන


අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරින් කළ ප්‍රකාශයකට දැඩි ප්‍රතිචාරක් දක්වමිනි.

''අපේ රටේ ඇති වෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා. ඒවායින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද අත්හැර තිබෙනවා. අප කළ යුත්තේ එැවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිසක් අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සැදීමට අතිවිශාල මුදලක් වැය කිරීම නෙමෙයි.‍ අපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති...'' යි අර්ජුන රණතුංග පවසයි.

මීට පෙර 2008 වසරේදී ද අර්ජුන රණතුංග මේ ලෙසම අති විශාල මුදලක් වැය කරමින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සෑදීම විරුද්ධව සිය හඬ අවදි කළ අයෙකි. ඒ අවස්ථාවේදී ඔහු දරමින් සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයයි. කෙසේනමුත් පසුව ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තනතුරින් ඉවත් කළ අතර එම ඉවත් කෙරුණු ඒ  පිටුපස අති විශාල මුදලක් වැය කරමින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සෑදීමට එරෙහිව කළ විවේචන හේතු වන්නට ඇතැයි සැලකේ. කෙසේනමුත් 2011 වසරේදී ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කළ අතර එම ඉදිකිරීම්ද බලපාමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට ගොදුරු විය.

"අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා දියුණු කළ යුතුයි. විශේෂයෙන්ම පාසල්වල ක්‍රීඩාංගණ දියුණු කිරීමට මෙන් ම පාසල් ක්‍රීඩකයින්ට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ලබා දීමට අපේ අවධානය යොමු විය යුතුයි. පිති තුනකින් පමණක් ක්‍රීඩා කරන පාසල් කණ්ඩායම් කොළඹ පවා තිබෙනවා. පිටත් පළාත්වලදී මේ තත්ත්වය තවත් බරපතලයි.  සනත් ජයසූරියලා මුත්තයියා මුරලිදරන්ලා ඉන්නේ පිට පළාත්වල. දේශපාලනඥයින් සතුටු කරමින් අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවාට වඩා ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට අපි උදව් කළ යුතුයි...''යි ද අර්ජුන රණතුංග පැවසීය.

''ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ. පසුගිය වසර තුනේදී ම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එකම තරගයක් විතරයි. ඒ වගේම පසුගිය වසර තුනේදීම දඹුල්ල ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරග පවත්වා නැහැ. අපට දැනටමත් තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල වසරකට එක තරගයක්වත් පවත්වා නැත්නම් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමේ තියෙන ප්‍රයෝජනය මොකද්ද ? කිසිම ‍ප‍්‍රයෝජනයක් ‍නැහැ. මේවා කරන්නේ දේශපාලනඥයින් සතුටු කරන්න..

ඒ වගේම මේ ක්‍රීඩාංගණය හදනවා කියලා ප්‍රකාශ කළ අවස්ථාව එවැන්නකට සුදුසු වෙලාවක් නෙමෙයි. අද නව කොරෝනා වෛරස වසංගතය නිසා ‍අපේ රටේ බොහෝ දෙනා පීඩාවට පත් වෙලා තියෙනවා. එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන අය දැඩි අසරණතාවයට පත් වෙලා තියෙනවා. මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ‍අපේ ම ක්‍රීඩා ලෝලීන්. පාරට ගියොත් අපිට බඩගින්නේ ඉන්න අය ඕනම තැනකින් හොයා ගන්න පුළුවන්. මිනිසුස් කෑම හොයා ගන්න දුක් විඳිනවා. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරන්න හදනවා. මේක‍ මෝඩ වැඩක්. මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මේ මෝඩ වැඩේ නතර කරන්න අවධානය යොමු කරයි කියලා.....'' යනුවෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගනයට මහජන මුදල් වැයවන්නේ නැතිලු



ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව සියලු පහසුකම් සහිතව හෝමාගම ඉදි කිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා කිසිදු මහජන බදු මුදලක් වැය නොවන බවත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ  ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව සිදු කරන ආයෝජනයක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.  

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි. එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන  ප්‍රචාරයන්ට පිළිතුරු ලබාදෙමින් තවදුරටත් අඳහස් දැක්වූයේ, තමන් මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේ දී ද මෙවැනි ප්‍රචාර සිදු කළ බවත් එහෙත් අද එහි සිසුන් සාමාන්‍ය පෙළ  ආදී විභාග සමත් වෙමින් ප්‍රගතියක් අත් කර දී තිබෙන බවද පෙන්වා දුන්නේ ය.

අභියෝග ජයගත හැකි පැහැදිලි වැඩපිළිවෙළක් වත්මන් රජයට පවතින බව සඳහන් කළ ඔහු පැවසුවේ, කොවිඩ් වසංගතය සමග ජීවත් වෙමින් එම අභියෝගය ජය ගනිමින් සංවර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදී හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණය මූලික  කරගෙන ක්‍රීඩාව සඳහා විශේෂ විශ්ව විද්‍යාලයක් ඉදිකරන බවත්ය. 

තවද ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව සියළු පහසුකම් සහිතව නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සකස් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අක්කර  26ක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට පවරා දී ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක්ව මෙම ආයෝජනය සිදු කරනු ලබන බවද කීය.

පළමු අදියරේදී ආසන 40,000ක් සහ දෙවන අදියර යටතේ ආසන 60,000ක් සහිතව රථ ගාල් ඇතුළු අනෙකුත් පහසුකම් සහිතව ඉදිකරන මෙම ක්‍රීඩාංගණය ,ඇමරිකානු ඩොලර් මිලියන 30ක  පමණ ව්‍යාපෘතියක් බවත් ක්‍රීඩාංගණය තනා නිම වන විට වසර 03ක් ගත වන බවද ඔහු පැවසීය. 


ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට



තිස් වසරක් පුරා පැවති යුද්ධය නිමාකර කර වසර 11ක් පිරීම නිමිත්තෙන් ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19)  දින සවස 4.00 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල දී (පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල) පැවැත්වීමට නියමිතය. 



ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධියි - ඵෙතිහාසික තීන්දුවක්






ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) ප්‍රකාශ කළ අතර මෙය ඵෙතිහාසික තීන්දුවක් වේ.









අගවිනිසුරු නලින් පෙරේරා, විනිසුරු බුවනෙක අළුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෘ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන, විනිසුරු විජිත් කේ. මළලගොඩ හා මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුණි.









ජනාධිපති සිරිසේන පසුගිය මාසයේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළේය. පාර්ශ්ව ගණනාවක් මේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් ගොනුකරනු ලැබුණි.









මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට හත්වන ජනාධිපතිවරයා වන අතර පසුගිය 2015 වසරේ දී බලයට පත්වූ මෙතුමා මේ වනවිට උද්ගතව ඇති ව්‍යවස්ථා අර්බුදයට මග පෑදූ තැනැත්තා ලෙස සලකනු ලැබේ.









පසුගිය සැප්තැම්බර් 26 වැනිදා එජාපය නියෝජනය කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇතිකරගෙන තිබූ ඒකාබද්ධ ආණ්ඩුවෙන් ඉවත්වීමට මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කළේය.









මෙදිනම රාත්‍රී 7 ට පමණ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමට ජනපති සිරිසේන කටයුතු කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරක්ෂක අංශයේ ඉහළ බලධාරීන් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අතර මේ අවස්ථාව රූපවාහිනී මාධ්‍යයෙන්ද සජීවීව විකාශය කෙරුණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු පළාතේ සංචාරයක නියැලෙමින් සිටින අතරතුරදී ජනපති විසින් තවත් අගමැතිවරයෙකු බලයට පත්කෙරුණි. සමහර මැති ඇමතිවරු මේ අවස්ථාව සහමුලින්ම ව්‍යවස්ථා විරෝධී බව පවසන විට අනෙක් පසින් නව ආණ්ඩුවට සහයදීමට තවත් ඇමතිවරු පිරිසක් එක්විය. එ් සමග කොළඹ නගරය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත විය.









අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් විය යුතු බව ජනාධිපති සිරිසේන සැප්තැම්බර් 27 වැනිදා නිළ වශයෙන් දැනුම් දුන් අතර තමන් මෙතෙක් කළ කටයුතු සාධාරණීකරණය කරමින් ජනපති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.









තත්ත්වය මෙසේ තිබියදී අගමැති නිළ නිවස වූ අරලියගහ මැඳුරට පිවිසි වික්‍රමසිංහ මහතා - මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම ප්‍රතික්ෂේප කරමින් තමන් තවමත් අගමැති බව දන්වමින් ජනපති වෙත ලිපියක් ද යොමුකළේය. ජනපති සිරිසේන හා ජනපති විසින් පත්කළ අගමැති මහින්ද එක්වී නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන බවට නිවේදනයක් නිකුත් කළේය.









ඉන්පසු, ජනපතිතුමා අසාමාන්‍ය අන්දමේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 2019 ජනවාරි 5 වැනිදා මහ මැතිවරණය පවත්වන බවත් අලුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම 2019 ජනවාරි 17 වැනිදා සිදුකරන බවත් නිවේදනය කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ, ‘‘නොවැම්බර් 9 – 26 වැනිදා දක්වා කාලයේදී නාමයෝජනා කැඳවීමට නියමිත බව‘‘යි.









කෙසේවුවත්, ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් 12 ක් යොමුකෙරුණි. ඒ අතරට UNP, TNA, JVP, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) හා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූලේ මහතා ද ඇතුළත්ය.









ජනපතිගේ තීරණය ව්‍යවස්ථා විරෝධී බව මෙමගින් අවධාරණය කළ අතර ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවති තත්ත්වය නැවත ඇතිකරන ලෙස හූලේ මහතාගේ පෙත්සම මගින් ඉල්ලා ඇත. හූලේ මහතා යොමුකළ පෙත්සම මගින් අවධාරණය කර ඇති මෙම කරුණ තවත් පෙත්සම් 11 කින් දක්වා ඇති තර්කය ශක්තිමත් කරයි.









මෙම පෙත්සම් මෙදිනම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන තිදෙනෙකුගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විභාග කළ අතර පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනපති ගත් තීරණය පිළිබඳ දෙසැම්බර් 7 වැනිදා දක්වා අතුරු තහනම් නියෝගයක් මෙම විනිසුරු මඩුල්ල විසින් පනවනු ලැබුණි. මේ සමග ජනපතිතුමා ගත් තීරණය පිළිබඳ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරියට ගෙන යාමට අවසර දෙන ලදී.









මේ අතරින් පෙත්සම් 10 ක් විභාග කිරීමට විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් අගවිනිසුරුතුමා විසින් නම් කරන ලද අතර දෙසැම්බර් 4, 5, 6 හා 7 දින ඒ සඳහා වෙන් කෙරුණි. අද දින ප්‍රකාශයට පත්කළ මෙම ඵෙතිහාසික තීන්දුව ලබාදුන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.






මිරිස්කුඩු ප්‍රහාර සහ හිංසාකාරී අවි රැගෙන ඒම ගැන පරීක්‍ෂණ කරනවා- කථානායක

කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තු  සභා ගැබ තුළට හිංසාකාරී අවි රැගෙන ඒම සහ මිරිස්  කුඩු ප්‍රහාරයක් එල්ල වීම පිළිබද මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බවයි. මේ සම්බන්දව  අද 19 වනදා කථානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනය පහතින්..




 

 

සබැඳි පුවත් 

 

”ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි” – කතානායකගෙන් ජනපතිට පිළිතුරක්

සිරිසේන ජනපතිගෙන් කථානායකට මධ්‍යම රාත්‍රියේ පිළිතුරක්

විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට – කථානායක නිවේදනය කරයි 

පාර්ලිමේන්තුව හෙටට කල්දැමේ 

 

භික්‍ෂුන් වහන්සේලාට එල්ල කළ ප්‍රහාරය ගැන ජනපති දැඩි කනස්සල්ලෙන්

අද 19 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති භික්‍ෂුන් වහන්සේලාගේ උද්ඝෝෂණය  ව්සුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සමග අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරණ ලදී. මෙම උද්ඝෝෂණය   සංවිධානය කර තිබුණේ බොදු බල සේනා සංවිධානය විසින් වන අතර ඒ දැනට බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ  අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහාය.



කෙසේ නමුත් මෙම උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කර තිබේ. මේ පිළිබද නිවේදනයක් නිකුත් කරමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරන්නේ භික්‍ෂුන් වහන්සේලාට එල්ල කළ ප්‍රහාරය පිළිබද තමන්ගේ  දැඩි කනස්සල්ල පළ කර සිටින බවයි. මේ සම්බන්දව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනය පහතින්. (වීඩියෝ දර්ශන උපුටා ගැනීම දෙරණ)


මාධ්‍යවේදීන්ට වධ දීම ගැන විමර්ශන කළ පොලිස් පරීක්ෂක මාරු කරයි

(තරිඳු ජයවර්ධන)


ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත   සිල්වා මහතා  වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.


සේවයේ අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට  මීගමු කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබේ.


එල්ටීටීඊ සංවිධානය සිදු කළ අපරාධ  60ක ආසන්න විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිශාන්ත සිල්වා මහතා දායක වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.


රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ද සිල්වා මහතා ප්‍රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. ඒ මහතා පුංකුඩුතිව් ගම්මානයට ගොස් ලොකු වෙහෙසක් දරා අපරාධකරුවන් අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් ඇගේ මව ද  ඒ දිනවල ස්තුති කළාය. එම නඩුවේ විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමට ද ලක් කළේය.


සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ද නිශාන්ත සිල්වා මහතා විසිනි.


කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැනත්, එම තරුණයක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ ප්‍රධාන සැකකරුවකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රැකවරණය ලබා දුන්නැයි කියන සිද්ධිය ගැනත් විමර්ශන පවත්වන්නේ නිශාන්ත සිල්වා මහතාය.


ගල්ගමුවේදී දරුවකු පැහැර ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූයේ ද නිශාන්ත සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි.