භික්‍ෂුන් වහන්සේලාට එල්ල කළ ප්‍රහාරය ගැන ජනපති දැඩි කනස්සල්ලෙන්

අද 19 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති භික්‍ෂුන් වහන්සේලාගේ උද්ඝෝෂණය  ව්සුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සමග අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරණ ලදී. මෙම උද්ඝෝෂණය   සංවිධානය කර තිබුණේ බොදු බල සේනා සංවිධානය විසින් වන අතර ඒ දැනට බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ  අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහාය.



කෙසේ නමුත් මෙම උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කර තිබේ. මේ පිළිබද නිවේදනයක් නිකුත් කරමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරන්නේ භික්‍ෂුන් වහන්සේලාට එල්ල කළ ප්‍රහාරය පිළිබද තමන්ගේ  දැඩි කනස්සල්ල පළ කර සිටින බවයි. මේ සම්බන්දව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනය පහතින්. (වීඩියෝ දර්ශන උපුටා ගැනීම දෙරණ)