අද ‘ ජූලි 23′ වැනිදා ය

Wanni post


Black_july
අද ජූලි 23 වැනිදාය.ඉතිහාස​යේ සිට හමා ආ ඒ   අදුරු වළාවන් තවමත් පහව ගොස් නොමැත. එපමණක්ද නොව ඒ නපුරින් විසින් සියල්ල සුන්නද්ධූලි වී අැති නොව කරවා ඇත. විශේෂයෙන් පශ්චාත් මුල්ලි​​වෛයිකාල් මොහොත තුළ  ‘ කලු ජූලිය’  කියවා ගත්ත යුත්තේ  හුදු එක් සිදුවීමක් ලෙස නොව ඉතාහාසය  දෙමළ ජාතිය අරඹයා එල්ලවූ ප්‍රහාර මාලාවේම එක් සන්ධිස්ථානයක් ලෙසය.විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයද සිය හමුදා සහ ආරක්ෂක අංශ ​ෙයාදාගනිමින් සිංහල ස්වෝත්තමවාදීන්ට සමාන මර්ධනයක් දෙමළ ජනයා වෙත මුදාහැරීය.
බොහෝ ලාංකීය බුද්ධිමතුන්​ දෙමළ ජනයාට එරෙහි ක්‍රියාත්මවූ මර්ධනයේ ප්‍රකාශිත අවස්ථාව ලෙස සලකණු ලබන්නේ කලු ජූලියයි. එහි වරදක් නොමැකි වූවද එය 100%ක් නිවැරදි නොවෙයි. විශේෂයෙන් කලු ජූලිය ගැන කතාකරන බොහෝ අය හිතා මතාම හෝ නැතිනම් නොදනුවත්කම නිසා ඊට පෙර  දෙමළ ජනයාට එරෙහිව එල්ලවූ ප්‍රහාර අමතක කර දමති.
දෙමළ විමුක්ති කොටි සංවිධානය නෙල්ලඩි ප්‍රදේශයට ආසන්නයේදී ශ්‍රී ලංකා හමුදාව ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරයත් සමගම ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශයන් වල ජීවත්වූ දෙමළ ජනයා එවක පාලනය බාරව සිටි එක්සත් ජාතික පක්ෂයේ නොමද සහය හිමිවූ සිංහලස්වෝත්තමවාදීන්ගේ ඉලක්කයන් බවට පත්විය. 1983 ජූලි 23 වැනිදා සිට 29 වැනිදා දක්වා වන දින කීපය තුළදී 3000 කට අධික දෙමළ වැසියන් ප්‍රමාණයණයක් ඝාතනය කරනු ලැබූ අතර තවත් ලක්ෂ ගණනකගේ නිවාස දේපල ගිනිතබා විනාශ කරන ලදී. තවත් බොහෝ පිරිසක් සිය ජීවිත බේරාගනු පිනිස රටෙන් පිටුවහල් විය. ලෝකය පුරාම වෙසෙන දෙමළ ජනයාට වසර 30 කට පෙර  අත්විදීමට සිදුවූ එම මිලේච්ඡ අත්දැකීම අදත් අතිබිහිසුණු මතකයක් වනු ඇත.
කලු ජූලියේදී දෙමළ ජනයා ඉලක්ක කරගත් බිහිසුණු ප්‍රචණ්ඩත්වය ඉතාම සැලසමු සගතව වූ අතර සිංහලස්වෝත්තමවාදීන්ගේ ප්‍රධාන ඉලක්කය බවට දෙමළ ව්‍යාපාරික ස්ථානය පත්විය.
බොහෝ පිරිස් මියගිය හමුදා බටයන් 13 දෙනා ගැන කතා කරන අතර ඔවුන්ගේ අවසාන නිගමන යන්නේ එම ප්‍රහාරය කලු ජූලියට වගකිව යුතු බවයි. නමුත් 1983 එහාට ගිය විටද දෙමළ ජනයා ඉලක්කකර එල්ල වූ ප්‍රහාර මාලාවක් ඉතාහාසය අපට මුණ ගස්සවයි.
​ෙකාළඹ දෙමළ ජනයා සිංහලස්වොත්තමවාදීන්ගේ ප්‍රචණ්ඩත්වය ආරම්භවීමට පෙරම යාපනය නගරය පැමිණි හමුදාව අහිංසක සිවිල් දෙමළ වැසියන් 51 දෙනෙකු වෙඩිතබා ඝාතනය කරනු ලැබීය. ඒ ආකාරයෙන් ත්‍රිකුණාමලය නගරයේදීද නාවුක හමුදාව විසින් දෙමළ ජනයාගේ දේපළවලට ගිනිතබමින් දෙමළ සාමාන්‍ය ජනයා ඝාතනය කරනු ලැබූ අතර එවකදී ත්‍රිකුණාමලයේදී විසූ වැසියෙකු ලියුම්කරුට මෑතකදී හමුවු අවස්ථාවක  ඔහු සිය බිහිසුණු මතකය අවදි කරමින් පවසා සිටියේ නාවුක හමුදා සෙබලුන් කුඩා ළමුන්ගෙන ගිනි ජාලා වෙත විසිකරනු තමන් සිය දෑසින්ම දුටු බවයි.
1977 වර්ෂයේදී සහ 1981 දී දෙමළ ජනයාට එරෙහිව ක්‍රියාත්මක වූ දෙමළ-විරෝදී කෝලහාලයෙන් අවතැනවූ දෙමළ වැසියන් ත්‍රිකුණාමලය,මන්නාමර,වව්නියාව යන ප්‍රදේශයන්ගේ  සමූහ ගොවිපොළවල් තනමින් නැවත පදිංචි කිරීමට ප්‍රමුඛව කටයුතු කළ ශ්‍රී ලංකා දෙමළ ගාන්ධිවාදී නායක ​​වෛද්‍ය රාජසුන්දරම් හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.දෙමළ දේශපාලන සිරකුරවන්ට වැලිකඩ බන්ධනාගාරයේදී එල්ල කරන ලද ප්‍රහාරයන්හිදී ​​වෛද්‍ය රාජසුන්දරම් බරපතල තුවාල ලැබීය.
දෙමළ ජනයාට එරෙහි සිංහලස්වෝතමවාදීන්ගේ රස්නය වැලිකඩ බන්ධනාගාරය තුළටද පැමිණි අතර  එම බන්ධනාගාරයේ රදවා සිටි දෙමළ දේශපාලන රැදෙවියන් 53 දෙනෙකු එහිදී ඝාතනය කරනු ලැබීය.
1981 අප්‍රේල් 5 වැනිදා යාපනය,මනල්කාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ත්‍රස්ථ මර්ධන පනත යටතේ රදවාගෙන සිටි සෙල්වරාජා  යෝගේන්ද්‍රන් හෙවත් කුට්ටුමනී සහ නටරාජා තංගතුරෙයි  ඇතුළ දෙමළ සිරකුරවන් 53 දෙනෙකු සිංහල ජාතිවාදයෙන් උම්මත්තකයන් බවට පත්වී සිටි සිරකරුවන් විසින් ඝාතනය කරනු ලැබීය.
ඉතිහාසයේ සිංහල රාජ්‍ය දෙමළ අරගය මර්ධනය කිරීමට විවිධ අණපනත් යොදාගත් අාකාරය  පිළිබද 1983 වර්ෂයේදී නිකුත් වූ  ICJ Mission to Sri Lanka  වාර්තාවේ මෙලෙස වෙයි.
“යාපනයේ සංචාරය කිරීමේදී නිළනොවන ලෙස වාර්තා වුයේ 1979 ජූලි සිට දෙමළ වැසියන් 23  හමුදා සහ පොලීසියේ අත්අඩංගුවේදී ඝාතනය වී ඇති බවයි. තවත් පුද්ගයන් 4 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර අතර ඔවුන් රදවා ගෙන සිටීමේදී ඝාතනය වන්නට ඇති බවට සැකය.බොහෝ පිරිස් ආරක්ෂක අංශ විසින් බො​හෝ කලක් රදවාගෙන සිටින අතර ඉතා කෘෘරතර වදහිංසාවන්ට ඔවුන් ගොදුරු වෙයි.”
හිස වැසෙන සේ මිරිස් යෙදූ ප්ලාස්ටික් බෑග් යෙදීම වැනි අති මිලේච්ඡ වදහිංසා එවකදීද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් යොදාගත් බව එම වාර්තාවේ වෙයි.
දෙමළ රැදෙවියන්ට එරෙහිව එවැනි ලෙස වදහිංසා පමුණවිමින් සිටි පසුබිමක් තුළ කුට්ටුමනී ඇතුලු දෙමළ දේශපාලන රැදෙවියන් 53 දෙනෙකු ඝාතනය කිරීම පිටුපසද ආරක්ෂක අංශ සිටින බව ඉතා පැහැදිලි වෙයි. අත්අඩංගුවට ගන්නා ලද දෙමළ තරුණයන්ට බොහෝ විට රදවා ගනිමින් වදහිංසා පමුණවා ඇත්​ෙත් පනාගොඩ හමුදා කදවුරේදී සහ අලිමංකඩ කදවුරේදී බව එවක වාර්තා සනාථ කරයි.
1982 නොවැම්බර් 2 වැනිදා නටරාජ තංගතු​​රෛයි සිය තින්දුව ප්‍රකාශයට  පත්කිරීමට පෙර  අධිකරණය අමතා කළ ප්‍රකාශය ඉතිහාසගතය.
” අප ප්‍රචණ්ඩත්වයට ආලය කරන්නන් හෝ වෙනත් මානසික ව්‍යාධියකින් පෙළෙන්නන් නොවෙමු. අප අවංකව සටන්කරනු ලැබුවේ අපගේ ජනයා විමුක්ති අරගය කරා මෙහෙයවීම වෙනුවෙනි. අපගේ ඒ උතුම් අරමුණට ත්‍රස්තවාදය,ත්‍රස්ථවාදය කියා ඔලමොට්ට ප්‍රකාශ කරන්නන් හට අපට යමක් කීමට තිබේ.”
“ත්‍රස්ථවාදයෙන් දහසක් දෙමළ ජනයා මිලේච්ඡලෙස ඝාතනය වන විට, ජාතිවාදයේ ​​වෛරී දලු ඔබගේ රට පුරා පැතීරී යන විට ඔබ වටහා නොගන්නේ මන්ද? ත්‍රස්ථවාදයේ අර්ථයෙන් දෙමළ කාන්තාවන් දුෂණයට ලක්වූයේ ඇයිද? දෙමළ සංස්කෘතිය ගිනිතබා විනාශ ​කලේ ඇයිද? දහස් ගණනක් දෙමළ ජනයාගේ දේපළ විනාශ කර කොල්ල කෑවේ ඇයි ද?”
“1977දී 400 ක් වූ දෙමළ ජනයාගේ රැධිරය අහස මත පවා විසිරී යද්දී ඔහු එහි ත්‍රස්තවාදයක් දුටුවාද?ඔබ අවතැවූ දෙමළ ජනයා​ගේ දුක ඒ විදවීම කොපමණදැයි සිතුවාද? “
“මේ තීන්දුවෙන්ම හැගෙනවා මේ අධිකරණයට අපව තේරුම් ගැනීමට නොහැකි බව.මේ අධිකරණයෙන් මරණ දඩුවමක් දුන්නද  ජීවිතාන්තය දක්වා සිරගත කළද අප ඒ ගැන දුක්වෙන්නේ නෑ. අප සතුටට පත්වෙනවා අපගේ රාජකාරය අප විසින් සිදුකිරීමට හැකිවීම ගැන. අප ඉතා හොදින්ම දන්නවා අප කරමින් සිටින දේ ගැන. එහි කිසිදු කණගාටුවක් නෑ. මේ සියල්ල අප​ෙග් නිදහස් අරගලයේ සන්ධිස්ථානයක්. අවසාන ජයග්‍රහණය එලඹීට නියමිතව ඇත්තේ අප වෙනුවෙන්.ඊළම දිනේවා! “
1983 පෙබරවාරි 23 වැනිදා නිලාවේලී  රාජ්‍ය බැංකුවක් ​ෙකාල්ලකෑමේ සිද්ධියකට අදාළව කොළඹ රජයේ අධිකරණය විසින් කුට්ටුමනී,තංගතුරෙයි,ජගන් විමුක්ති සමාජිකයන් තිදෙනාට මරණ දඩුවම පැමිණවීමෙන් පසුව කුට්ටුමනී විසින් මෙලෙස පවසා සිටියේය; ” අද දිනයේදී කුට්ටුමනීට මරණ දඩුවම හිමිවූවද,හෙට දිනයේදී කුට්ටුමනීලා තවත් දහස් ගනණක් උපදිනු ඇත. ඔවුන් මා තරම් අහිංසක නොවන ඇත.ඔවුන් මට වඩා ශක්තිවන්තයන් වනු ඇත.”
ඔහු අධිකරණයේ එක් ඉල්ලීමක් කලේය. ඒ ඔහුගේ දෑස් දෙමළ ජනයා වෙත පූජාකරන ලෙසයි.ජගන්ද එම ඉල්ලීමම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
1983 දී එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් බො​ෙහා් දේශපාලන සිරකරුවන් පනාගොඩ හමුදා කදවුරට මාරුකරනු ලැබූ අතර නඩරාජා තංගතු​​රෛයි, සෙල්වරාජා යෝගෝද්‍රන් හෙවත් කුට්ටිමනී ද එම පිරිස අතර විය. ශ්‍රී ලංකා හමුදාවේ විශේෂ වදකදවුරක් පනාගොඩ හමුදා කදවුරු පරිශ්‍රයේ පවත්වාගෙන ගෙන ගොස් තිබේ.
1983 ජූලි 23 වැනිදා දෙමළ ජනයාට එරෙහිව වර්ග ක්‍රියාවලියේ දිගුව හෙවත් කලු ජූලිය ක්‍රියාත්මක වීමත් සමගම​ දේශාපාලන සිරකරුවන් පිරිසක් පනාගොඩ හමුදා කදවුරේදීද රජයේ නියෝග මත හමුදා විසින් ඝාතනය කරන ලද අතර ඉති​රි දේශපාලන සිරකරවනු පැවති තත්ත්වය යටතේ වැලිකඩ බන්ධනාගාරය වෙත නැවත එවන ලද්දේ ඔවුන්ගේ ඝාතනයන් හමුදා විසින් සිදුකිරීම ප්‍රශ්ණයක් බැවින් එම නිසා ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ තුළදී ඝාතනය කිරීමේ පූර්ව සැලසුම් මතය. දෙමළ දේශපාලන සිරකරුවන් එසේ ගෙන ඒමෙන් පසුව ආරක්ෂක අංශයේ පූර්ණ සහය මත සිංහලස්වෝතමවාදී සිරකරුවන් විසින් වැඩිකඩ බන්ධනාගාරයේදී කිට්ටුමනී ඇතුලු පිරිස ඝාතනය කරන ලදී.
කොළඹ ආණ්ඩුව මෙම තත්ත්වය හදුන්වා දී තිබුණේ “බන්ධනාගාර කැරැල්ලක්” ලෙසිනි.නමුත්  සිදුවූයේ රජයේ සහ බන්ධනාගාර බලධාරීන්ගේ සහය සහ පූර්ණ ආරක්ෂාව මත ආයුධ සන්නද්ධව පැමිණි සිංහල සිරකරුවන් විසින් දෙමළ නිරායුධ දේශපාලන සිරකරුවන් ඝාතනය කිරීමයි.
1983 වර්ෂයේ නිකුත් කරන ලද ඇම්නෙස්ටි ජාත්‍යයනත්රයේ වාර්ෂික වාර්තාවේ පැහැදිලිව සදහන් වන්නේ එය ශ්‍රී ලංකා රජයේ බන්ධනාගාර බලධාරීන්ගේ සහයෙන් සිදුවූ සැලසුම් සහගත සංහාරයක් බවයි.
අධි ආරක්ෂිත කලාපයක් ව පැවති වැලිකඩ බන්ධනාගාරයේ දෙමළ දේශපාලන රැදවියන් රදවා සිටි වාට්ටු වෙත සිංහල සිරකරුවන්ට යෑමට හැකිවන පරිදි සියලු දොරවල් බන්ධනාගාර බලධාරීන් විසින් විවෘත කර තිබූ බව එම වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.
සිංහල වාර්ගවාදීන්ගේ  පළමු ප්‍රහාරයෙන් දෙමළ දේශපාලන රැදෙවියන් 35 ​​දෙනෙකු ඝාතනය වූ අතර දෙවන ප්‍රහාරය එල්ල වූයේ 1983 ජූලි 27 වැනිදා සවස 2.45 ට බව  එවක බන්ධනාගාර කොමසාරිස් සිටි ජේ.පී දෙල්ගොඩ විසින් තබන ලද වාර්තා සටහන්වල වෙයි. සී3 වාටුටුවේ සිටි තවත් දෙමළ රැදෙවියන් 18 දෙනෙකු  දෙවන වර්ගවාදී ප්‍රහාරයෙන් ඝාතනය විය.
සිය දෑස් දන්දෙන ලෙස කර තිබූ අවසන් ඉල්ලීමවත් ඉටුකර ගැනීමට කුට්ටුමනීට සහ ජගන්ට ඉඩ නොතැබූ සිංහල මැ​රයෝ ඔවුන්ගේ අැස් උගුල්ලා දැමූහ.
කලූ ජූලිය ගැන කථාකරන දකුණේ ප්‍රගතිශීලින් බොහෝ දෙනෙක්  මෙවැනි ව්‍යසනයක් නැවත  ඇති නොවීම සම්බන්ධව ඉතා රෝමැනිතක ලෙස කථාකලද ඔවුහු පවා කුට්ටුමනී මගහැර යන්නේ කිසිවක් නොදන්නා ලෙසය. ඉතිහාසය නැවත හැරවිය නොහැකි නමුදු අනාගතය අලුතෙන් ගොඩ නැංවිය හැක්කේ දේවල් මගහැර යෑමෙන් නොව දේවල් සම්පූර්ණව වටහා ගැනීමෙනි.