වැලිපැන්න පොලිසිය;- කරුණු විකුර්ති කර අදිකරණයට වාර්තා කිරීම.



හර්ෂි සි. පෙරේරා 


බරපතල පහරදීමක් සහ අතවර කිරීමක් ගැන නඩු පැවරිමෙන් වැළකුණු වැලිපැන්න පොලිසියේ ස්ථානාදිපති එය දෙපාර්ශවයක් අතර ආරවුලක් බවට කරුණු විකුර්ති කර අදිකරණයට වාර්තා කර තිබේ . ඒ අපරාදය සිදුකල ඉන්දික කුෂාන් පතිරණ, මනෝරි මේකලා පතිරණ සහ සිරිපාල යන අයට පක්ෂපාති වෙමිනි. අපරාදයට ගොදුරු වුයේ අනුෂා සුදර්ශනී, නදීජා ශෂිකලා සහ කේ ප්‍රේමවතී යන විවාහක මවුවරුන් තිදෙනාය. ඔවුන් හෙනගන්ගොඩ, මුදලිගම, දර්ගානගරයේ පදිංචිකරුවන් වෙති. ඉහත නම් සදහන් අපරාදකරුවන් 2013.07.13 දින දහවල් 12.30 - 1.00 අතර ඉහත වින්දිතයින් තිදෙනාට අලවන්ගුවකින් පහරදි බරපතල තුවාල කිරීමට අමතරව බ්ලවුස් එකෙන් ඇද අතවරද කර ඇත. මේ වින්දිතයින් තිදෙනා 2013.07.23 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ කළුතර නියෝජ්‍ය පොලිස්පතිට ලිකිතව පැමිණිලි කරමින් ඉල්ලා සිටියේ අපරාදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් තවද වැලිපැන්න පොලිසියේ ස්ථානාදිපති නීතිය නිසිඅකාරව සිදු නොකර පක්ෂපාතිවිම නිසා තම මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවත්ය.


01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
     කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

03. නියෝජ්‍ය පොලිස්පති,
    නි.පොලිස්පති කාර්යාලය,
    ක`ඵතර.

ලිඛිත පැමිණිල්ල

01. මල¥ගලගේ අනූෂා සුදර්ශනී, අවු: 29යි, ජා.හැ.අ.837970342ඪ, විවාහක, දරුවන් 04යි
02. කනත්තගේ නදීජා ශෂිකලා, අවු: 32යි, ජා.හැ.අ.80826064 ඪ, විවාහක, දරුවන් 04යි
03. කනත්තගේ පේ‍්‍රමවතී, අවු: 60යි, ජා.හැ.අ.537854162ඪ, විවාහක, දරුවන් 03යි
ලිපිනය :හේනගන්ගොඩ, මුදලිගම, දර්ගානගරය.
දු.අ.0779983667

ඉහත නම් සඳහන් අප තිදෙනාට, 2013.07.13 දින, දහවල් 12.30 - 1.00 අතර, ”චන්ද්‍රගිරි” පොල්¥ව, මීගම, දර්ගානගරය හි පදිංචි ඉන්දික කුෂාන් පතිරණ, මනෝරි මේකලා පතිරණ, සහා ආඳාවල පදිංචි සිරිපාල යන තිදෙනා අලවංගුවකින්, අතින් පහරදී බ්ලවුස් එකෙන් ඇද අතවර කරන ලදි.

සිද්ධිය විස්තරාත්මකව මෙසේය.

01. මල¥ගලගේ අනූෂා සුදර්ශනී වන මට ඉන්දික කුෂාන් පතිරන අලවංගුවෙන් පහරදී - හිසට බරපතල තුවාල සිදුකරන ලදි. තුවාලය සඳහා මැහුම් හයක් දමන ලදි.

2. කනත්තගේ නදීජා ශෂිකලා වන මට, මනෝරි මේකලා අතින් ඔලූවට පහරදුන් අතර, ඉන්දික අලවංගුවෙන් මගේ අතට පහර දෙන ලදි. සිරිපාල යන අය මාගේ බ්ගවුසයෙන් ඇද අතවර කරන ලදි.

3. කනත්තගේ පේ‍්‍රමවතී වන මට අලවංගුවෙන් අතට හා තුනටියට පහර දෙන ලදි.

4. අප තිදෙනාව ගමේ අය එකතුව පළමුව දර්ගානගරයේ රජයේ රෝහලට ගෙන ගියා.

5. දර්ගානගරයේ රජයේ රෝහලින් අපව නාගොඩ මහා රෝහලට ගිලන් රථයෙන් මාරු කලා.

එහිදී,
6. රෝහලේදී රෝහල් පොලිසියෙන් හා වැලිපැන්න පොලිසියෙන් ප‍්‍රකාශ අරගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කලා.

7. 2013.07.16 දින, වැලිපැන්න පොලිසියෙන් පැමිණ, පණිවුඩයක් දුන්නා, පසුදින 2013.07.17 දින, පෙ:ව:9.00ට, කලූතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ, පොලිස් අධිකාරී හමුවන ලෙසට.

8. එ් අනුව, අප තිදෙනා, පොලිස් අධිකාරී හමුවුනා. ඔහු හමුවන විට ඉන්දික දුෂාන් පතිරණගේ අක්කා වන ලසන්ති පතිරණ සහ ඇගේ සැමියා වන දන්ත වෛද්‍යවරයෙක්, ඉන්දික දුෂාන් පතිරණගේ පියා, පහරදුන් මනෝරි මේකලා සහා තවත් අය සිටියා. තවද සිරිපාල යන අයද සිටියා.

9. එතැනදී, දෙපාර්ශවයෙන් කරුණු විමසා - පොලිස් අධිකාරී විසින්, එම ස්ථානයේ සිටි වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාට උපදෙස් දුන්නා -
1. ඉන්දික කුෂාන් පතිරණ,
2. මනෝරි මේකලා හා සිරිපාලව අත්අඩංගුවට ගන්නා ලෙසට,
3. ඉන්දික කුෂාන් පතිරණ සතු තුවක්කු බලපත‍්‍රය අවලංගු කරන ලෙසට.

10. අපට උපදෙස් දුන්නා, වැලිපැන්න පොලිසියට යන්න කියා.

11. එ් අනුව අප පොලිසියට ගියා. එහිදී අපගෙන් ප‍්‍රකාශයක් ගත්තා.

12. 2013.07.23 දින මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කලා.

13. එ් අනුව 2013.07.23 දින මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටියා. එහිදී, 9975 යටතේ නඩුව කතා කලා.

14. අපවද, අපට පහරදුන් පාර්ශවයද විත්ති කූඩුවට නැග්ගුවා.

15. අධිකරණ නියම විසින් - ශරීර ඇප රුපියල් ලක්ෂය බැගින් මුදාහැරියා. 

16. මීලඟ නඩු දිනය 2013.09.10 දින බව ප‍්‍රකාශ කලා.

17. මෙයින් අපට පෙනී ගියේ, 
    වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති විසින්-
    2. ඉන්දික කුෂාන් පතිරණ
    3. මනෝරි මේකලා පතිරණ
    4. සිරිපාල
යන අයට එරෙහිව නඩු පැවරීමක් නොකර, දෙපාර්ශවය අතර, ආරවුලක් බවට කරුණු විකෘති කර, අධිකරණයට වාර්තා කර ඇති බවයි.

අප ඉල්ලා සිටින්නේ,
01. අපට පහරදී බරපතල තුවාල සිදුකල - අතවර කල
    1. ඉන්දික කුෂාන් පතිරණ, 
    2. මනෝරි මේකලා පතිරණ,
    3. සිරිපාල   
    යන තිදෙනාට විරුද්ධව නිසි නිතිමය පියවර ගන්නා ලෙසටය.

වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති නීතිය නිසියාකාරව ඉටු නොකර, පක්ෂපාතීව කටයුතු කිරීම මගින් අපගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කල බවද ප‍්‍රකාශ කරමු.


01. මල¥ගලගේ අනූෂා සුදර්ශනී


02. කනත්තගේ නදීජා ශෂිකලා


03. කනත්තගේ පේ‍්‍රමවතී