ප‍්‍රජා පාදක විශෝධනය



ශ‍්‍රී ලංකා නීති කොමිසම සහ ඕස්ටේ‍්‍රලියානු රජය මැදිහත්වීම තුළින් 1988 වර්ෂයේ දී ප‍්‍රජා පාදක විශෝධන ක‍්‍රමය මෙරටට හඳුන්වා දෙන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1999 අංක 46 දරණ ප‍්‍රජා පාදක විශෝධන පනත සම්මත කරන ලදී. මෙම පනතට අනුව අවුරුදු 02 ක් නොඉක්මවන බන්ධනාගාර ගතකිරීමට නියම කර ඇති සිරකරුවන්ට හෝ රු. 5000.00 කට අඩු දඩ මුදලක් නියම කොට අදාල දඩු මුදල ගෙවා ගැනීමට නොහැකි වන පුද්ගලයෙකු දඩ මුදල නොගෙවීම වෙනුවෙන් සිරගත කිරීම වෙනුවට ප‍්‍රජා විශෝධන ආඥාවකට යටත් කිරීම සිදු කළ හැකිය.

 බන්ධනාගාරය මගින් නිකුත් කරනු ලබන වාර්ෂික වාර්තාවලට අනුව බන්ධනාගාර ගතවන්නන් වැඩි බහුතරයක් සු`ඵ වැරදි සඳහා කෙටි කාලයක් වෙනුවෙන් බන්ධනාගාර ගතවූවන් සහ සු`ඵ දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතවූවන් වේ. එක් රැඳවියෙකු නඩත්තු කිරීම සඳහා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති අතර, එම වැය කිරීමට සිදුවන මුදල ඔහු විසින් රජයට ගෙවිය යුතු දඩ මුදලට වඩා කිහිපගූණයකින් වැඩි වීම දැකිය හැකිය. 

පුද්ගලයෙකු බන්ධනාගාර ගතවීම තුළින් ඔහුගේ පවුල් ඒකකයට සිදුවන ආර්ථික හා සමාජයීය බලපෑම අතිමහත් වන අතර, එය මූල්‍යමය වශයෙන් ගණනය කිරීමේ හැකියාවක් නැත. ශ‍්‍රී ලංකාවේ බන්ධනාගාර ගතවී සිටින අපරාධකරුවන් ගෙන් බහුතරයක් පහළ අධ්‍යාපන මට්ටමකින් යුක්ත වූවන් වෙති. බන්ධනාගාර ගතවන්නන් බොහොමයක් ඔවුන්ගේ පවුලේ ප‍්‍රධාන හෝ එකම ආදායම් උපයන්නා වීම සහ බොහෝ දෙනෙකු දෛනික වැටුප් මත යැපෙන පුද්ගලයන් වන නිසා එතුළින් ඇතිවන සමාජ බලපෑම සමාජ විද්‍යාඥයන්ගේ අවධානයට යොමු නොවීම ඉමහත් අවාසනාවන්ත තත්වයකි. එවැනි තත්වයන් යටතේ යම් පුද්ගලයෙකු බන්ධනාගාර ගතව සිටින කාලය තුළ දී ඔහුගේ යැපෙන්නන් තම ජීවිතය පවත්වා ගෙන යාමට විවිධාකාර නීති විරෝධී ජීවනෝපායන්ට යොමු වීමේ ප‍්‍රවණතාවයක් ද විද්‍යාමාන වේ.

 සු`ඵ වැරදි සඳහා බන්ධනාගාර ගතවන මෙවැනි පුද්ගලයන් බන්ධනාගාරයේ සිටින බරපතල අපරාධකරුවන්ගේ සේවකයන්, ආවතේවකරුවන් හෝ වහලූන් ලෙස සිරගත වූ කාලය තුළ දී සේවය කරනු නිරීක්‍ෂණය කළ හැකිය. තවද, රටේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණෙන බරපතල ඝණයේ අපරාධකරුවන් සමග බන්ධනාගාරය තුළ දී ඇතිවන සමීප සම්බන්ධතාවයන් හේතුකොට ගෙන මේ පුද්ගලයින් බරපතල ඝණයේ අපරාධ සිදු කරන්නන් හට අවශ්‍ය කරනු ලබන තොරතුරු සපයන පුද්ගලයන් සහ ඔවුන්ගේ ගෝලයන් ලෙස ක‍්‍රියා කරන අවස්ථා ද නිරීක්‍ෂණය වේ. මේ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් හට තම ජාලය පු`ඵල් කර ගැනීමේ අවස්ථාවන් ද බන්ධනාගාරය තුළ සකස් වී ඇත. 

එමෙන්ම සු`ඵ වැරදි සඳහා බන්ධනාගාර ගතවූවන් බරපතල ඝණයේ අපරාධකරුවන් සමග තම අත්දැකීම් හුවමාරු කරගැනීමෙන් ඔවුන් ද බරපතල අපරාධ කිරීමට අවශ්‍ය තාක්‍ෂණ දැනුම ලබා ගනිති. මෙම තත්වය හේතුකොට ගෙන බොහෝ සමාජ විද්‍යාඥයින් බන්ධනාගාරය අපරාධකරුවන්ගේ විශ්ව විද්‍යාලය ලෙස හඳුන්වයි. සු`ඵ දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව යම් පුද්ගලයෙක් බන්ධනාගාර ගතවූව ද, ඔහු නැවත සමාජගත වීමේ දී ඔහුට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ද විශාල සමාජමය ගැට`ඵ රාශියකට නිතැතින්ම මුහුණ දීමට සිදුවේ. 

 බන්ධනාගාර ගතවූවකු ලෙස සමාජය විසින් ලේබල් කිරීමට භාජනය වන පුද්ගලයෙකු හට සමාජය ඉදිරියේ නිවැරදි පුද්ගලයෙකු ලෙස තවදුරටත් ක‍්‍රියා කිරීමේ අවකාශය ඇහිරී යාමෙන් ඒ තුළින් ඔහු නැවත අපරාධවලට පෙළඹීමේ අවකාශය වැඩිය. මෙවැනි හේතූන් මත ශ‍්‍රී ලංකාවේ නීති කොමිසම විසින් එම ගැට`ඵකාරී තත්වයන් මගහැර සු`ඵ වැරදි කරනු ලබන පුද්ගලයන් සමාජයේ සිටිය දීම, නැවත එම වැරදි කිරීම අවම කිරීම සහ වැරදි සිදු කිරීමෙන් වැළැක්වීම තුළින් පුද්ගලයා යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත කිරීමේ පරමාර්ථයෙන් ප‍්‍රජා විශෝධන ක‍්‍රමය ආරම්භ කරන ලදී. -->