ආදිති රාඕ ලියූ කුළුඳුල් කෘතිය Left from the Nameless Shop එළිදැක්වේ


ආදිති රාඕ රචනා කළ පළමු නවකතාව වන Left from the Nameless Shop
HarperCollins India ප්‍රකාශනයක් ලෙස එළිදැක තිබෙනවා. මේ කෘතියට පදනම් වී තිබෙන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ තරමක් පිටිසරට වන්නට පිහිටා තිබෙන රුද්‍රපුර ගම්මානයයි. මේ ගම්මානය ආදිතිගේම නිර්මාණයක් ද වෙනවා. දෙවියන් සමග කතාබහේ නිරතවන කොළුවෙකු ගැන වූ කතාවක් හා ඔහු සමග ජීවත්වන අසල්වැසි මිනිසුන්ගේ කතාව මේ කෘතියේ ගැබ්වී තිබෙනවා. මෙහිදී චිත්‍රණය කර තිබෙන්නේ රුද්‍රපුර ගම්මානයේ විසූ ගැමියන්ගේ ජීවිත 1980 දශකයේදී ගෙවීගිය අන්දමයි. අසල්වැසියන්ගේ වුවමනා එපාකම් ගැන බලමින් සාමකාමීව ගෙවුණු ජීවිතය තුළ අපේ අක්මුල් ද සිහිපත් කරදෙන අතර පාඨක සිත ද ගැමි සුන්දරත්වය වෙත කැඳවාගෙන යන්නට ආදිති සමත්වී තිබෙනවා.









Left from the Nameless Shop කෘතිය ආර්. කේ. නාරායන් රචනා කළ මල්ගුඩිය සිහිගන්වන බව විචාරක මතය වී තිබෙනවා. ආදිති රෝයි හින්දි සිනමා කර්මාන්තයට ද සම්බන්ධ වී කටයුතු කරන අතර  ඇගේ කතා සාහිත්‍ය සංග්‍රහ වල ද පළවී තිබෙනවා.





Left from the Nameless Shop කෘතිය ගැන අදහස් පළකරන පිරිස්





‘‘සිත් ඇදබැඳ තබාගන්නා ගැමි ජීවිතය සිහිපත් කරදෙන කෘතියක් මෙන්ම අතීතය සිහිපත් කරවමින් ලියැවුණු කෘතියක්‘‘ -  සිනමා අධ්‍යක්ෂ හා ලේඛකයෙකු වන මන්සූර් ඛාන්






















https://www.facebook.com/adithiraoauthor/videos/709597826093704/