"ලලිත් සහ කුගන් රදවා ගෙන සිටි" - AHRC


පරිවර්තනය ;- හර්ෂි සි. පෙරේරා

2011 දෙසැම්බර් 10 වැනිදා පැහැරගෙන යනු ලැබූ ලලිත් කුමාර් විරරජු සහ කුගන් මුරුගන් ගැන ආසියානු මානව හිමිකම් කොමිසම සහ අනෙකුත් මානව හිමිකම් සංවිදාන නිරන්තරයෙන් සුපරික්ෂාකාරී විය. ඔවුන්ව මෙසේ පැහැරගෙන යනු ලැබුවේ මානව හිමිකම් දිනය වෙනුවෙන් පෝස්ටර අලවමින් සිටියදීය. එතැන් පටන් ඔවුන් ගැන කිසිදු ආරංචියක් නොවිණි. කෙසේනමුත් ශ්‍රී ලංකාවේ සමහරක් මාද්‍ය ජාල සහ මානව හිමිකම් ක්රියදරයින් ලලිත් සහ කුගන් යන දෙදෙනාම කොලබ 11, කොටුව, පොලිස් සුබසාදක ගොඩනැගිල්ලේ රදවා සිටින බව අපේ දැන ගැනීමට සලස්වන ලදී. අපිට ලැබෙන ආරංචි අනුව ඔවුන්ව මෙම ගොඩනැගිල්ලේ රදවා සිටීම පිළිබද තොරතුරු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇත. ඒවගේම එම ස්ථානයට ගොස් ඔවුන්ව මුදා හැරීමට කටයුතු කරන ලෙසද මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීම් කර තිබේ.

ලලිත් සහ කුගන් දෙදෙනාත් ගුණරත්නම් මහතා සහ ආටිගල මහත්මිය අයත් ජේ. වී. පි හි වෙන්ව ගිය දේශපාලන කණ්ඩායමට අයත් වේ. ගුණරත්නම් මහතා සහ ආටිගල මහත්මිය පැහැරගෙන යාමෙන් පසුව ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මැදිහත්වී නිදහස් කරනු ලැබිණි. එම ජේ.වී.පියෙන් කැඩුණු කණ්ඩායම පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනුවෙන් නව පක්ෂයක් මේ සතියේදී පිහිටවා ගන්නා ලදී.

මෙම පුද්ගලයින් දෙදෙනා වහාම නිදහස් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන්නයි ඒ පිළිබද තැකීමක් ඇති අය සියලු දෙනාගෙන් ඉල්ලා සිටි.

ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශනයකි.