බැලුවෙමි - "විශ්වරුපම්"



හර්ෂි සි. පෙරේරා

රචනය සහ අද්යක්ෂණය කමල් හසන්ගේය. ඔහු ගැටුමකට මුහුණදීම පුදුම විය යුතු නැත. ඒ තරමටම විශ්වරුපම් මුස්ලිම් අන්තවාදය අල් කයිඩාව නැත්තටම ප්‍රේක්ෂකයින්ට එපා කරවයි. 

 මෙහි මා වඩාත් සංවේගයට පත්කළේ ළමුන් යුද කටයුතු වලට බදවා ගැනීම සහ ඉතා කුඩා දරුවන්ට යුද අවි බාවිතය කියා දීමයි. 

 එක් තරුණ ළමයකු සියදිවි නසා ගන්නා බෝම්බකරුවකු බවට පත්වීමට පෙර ඔන්චිලි පැදීමේ දර්ශනයක් ඇත. තවත් දසුනක් වන්නේ අනාගත බලාපොරොත්තුව වය්දියවරයකු වූ අවුරුදු 10 ක පමණ දරුවකුට පතොරම් සහ අවි වර්ග මොනවාද යන්න දැස් කළු රෙදි කඩකින් වසා ඔහුගේ පියා විසින්ම තෝරා ගැනීමට පුහුණු කිරීමයි. 

 මෙහිදී කමල් හසන්ගේ රංගනය ගැන කතා නොකරම බැරිය. ඔහු විවිදත්වයෙන් යුක්තව විශිෂ්ට රගපැමක නිරත වේ. අවසානයේ අල් කයිඩාවේ ත්‍රස්ත බව ම්ලේච්ච බව ප්‍රේක්ෂකයින්ට අවබෝද කිරීමට මතයක් ගොඩනැගීමට කමල් හසන් ගත් සුවිශේෂ කලාත්මක අවිහිංසක තැත 100 යට 200 ක්ම සාර්ථක වූ බව කිවමනාය.

 අවසානයේ අපි සිනමා මාද්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය පිළිකුල් කර දික්කසාද කිරීමටත් අවිහිංසාවාදය කසාද බැද ගැනීමටත් අදිෂ්ටාන කර ගත යුතුය. එයට අල්ලාද, විශ්නුද, බුදුන්ද , ජෙසුද යන්න ප්‍රශ්නයක් නොවේ. 

ස්තුතියි අනුෂා DVD එකට.