EXCLUSIVE: මහින්ද ලොක්කා වුණේ කොම්පියුටර් ජිල්මාට් කල්ලියෙන්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ටයිම්ස් සඟරාව විසින් ලෝකයේ බලවත්ම නායකයා තේරීම සඳහා පවත්වනු ලබන අන්තර්ජාල ඡන්දය විමසීමේදී මේ වන විට හතර වන ස්ථානයට පත් වී ඇත. ඊට අනුව රාජපක්ෂ මහතාට පක්ෂව 128388 මනාප ප්‍රමාණයක් ලැබී ඇති අතර ඔහුට විපක්ෂව 26440 සංඛ්‍යාවක් මේ වන විට තම මනාපය ප්‍රකාශ කොට ඇත. අද සවස වන විට හෙතම ලබා ගෙන තිබු මුළු මනාප සංඛ්‍යාව 154828 කි.

කෙසේ වෙතත් ලංකා ගාර්ඩියන් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට රාජපක්ෂ මහතාට ඡන්දය වැඩියෙන් ලබා ගැනීම සඳහා පසුගිය කාලයේදී රාජපක්ෂ මහතාගේ මැතිවරණය වංචා සහගත ලෙස ජයග්‍රහණය කර දුන් පරිගණක කල්ලිය විසින් සිදු කර ඇති බව වාර්තා වේ. අදාළ කටයුත්ත කිරීම සඳහා ආණ්ඩුව විසින් විශේෂ පහසුකම් සලසා දී ඇති අතර ඊට ආරක්ෂක අමාත්‍යංශය විශාල කාර්ය භාර්යක් කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ මනාප සංඛාව වැඩි කිරීම සඳහා වෙනත් වෙනත් I .P ලිපින භාවිතා කරමින් අදාළ ජිල්මාට් කණ්ඩායම විසින් අදාළ වංචාව සිදු කොට ඇත.

මේ අතර ටයිම්ස් ආයතනයට සම්බන්ධ අරංචි මාර්ග සඳහන් කරනු ලැබුවේ අදාළ ඡන්ද විමසීමේදී අනපේක්ෂිත ප්‍රතිපල ලැබී ඇති බවයි.

Tell a Friend