"අදිකරණය ඉදිරියේ චෝදනා ලැබූ චුදිතයෙකු ආරක්ෂා කරන්න එපා" - නීතිපතිට විවුර්ත ලිපියක්.



පරිවර්තනය - හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාවේ නීතිපති වෙත ආසියානු මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කරන විවුර්ත ලිපිය.


ගරු ශාන්ති ඉවා වනසුන්දර මහත්මිය,

නීතිපති,

නීතිපති දෙපාර්තමේන්තුව,

කොලබ 12.

වනසුන්දර මහත්මිය වෙත,

පානදුර මහේස්ත්‍රාත් අදිරණයේ පුද්ගලික පැමිණිල්ලක් මගින් පැවරු නඩුවක පාලනය ඔබ විසින් ලබා ගැනීමට තීරණය කර ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමට දැන ගන්නට ලැබී ඇත. ඒ අදාළ නඩුවේ පැමිණිලිකරුගේ කැමැත්තකින් තොරවය. මේ දේ සිදුවන්නේ නඩුවේ චුදිත වූ පොලිස් ආදිකාරිවරයා වෙනුවෙන් ඔහුගේ ඉල්ලීමක් සහ ඔහු වෙනුවෙන් වූ නියෝජනයක් මතය. අදාල නඩුවේ අංකය 92368 ( පුද්ගලික පැමිණිල්ල) වේ.

නීතිපතිවරයාගේ මෙම තීරණය අදිකරණයට දැනුම් දුන්නේ 2011.12.15 දින අදාල නඩුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජෙෂ්ට නීතිඥවරයා විසිනි.

මෙම නඩුවේ චුදිතයා ලෙස්ලි හැමිල්ටන් ග්‍රෙගරි කුරේය. චෝදනා එල්ල වී තිබෙන සිද්දිය සිදුවනවිට ඔහු පානදුර කලාපයේ ජෙෂ්ට පොලිස් අදිකාරිවරයාව සිටියේය. මෙහි පැමිණිලිකරු නිශාන්ත ප්‍රනාන්දු ජයවර්දන මහතාය.

ඔබේ මෙම තීරණය මගින් අදිකරණය ඉදිරියේ චෝදනා ලබා සිටින චුදිතයකු ආරක්ෂා කිරීමක් සිදුවේ. මෙය නීතිපති බුමිකාව වූ මහජන නඩු පවරන්නා ලෙස ප්‍රයෝගිකව ඉටු කල යුතු කාර්යට එකහෙලාම විරුද්ද වුවකි. මෙය සමස්ත ජාතියටම අනතුරුදායකය. මක්නිසාද ඒ මගින් නීතියේ ආදිපත්‍ය අදයිර්ය කරන බැවිනි. ඔබේ බුමිකාව නීතියේ ආදිපත්‍ය ආරක්ෂා කිරීමයි. එසේනැතිව එය අදයිර්ය කිරීම නොවේ. මෙය ඔබේ බලතල ඉතා අප්‍රසන්න ලෙස උල්ලංගනය කිරීමකි. නීතිපතිවරයාගේ බලය වූ අබිචෝදන නිවර්තනය ( නඩු නොපැවරීම) යන්න අනිවාර්යෙන්ම නිතිය ඉදිරියේ සමානතාව නමැති මුලදර්මය උල්ලංගනය වන අයුරින් නොවැදගත් දේ සදහා බාවිතයට ගැනීම නොවේ.

මෙය දේශපාලන බලපෑම මත සිදුවනවාද නැතිනම් ඔබේම මුලපිරිමක්ද යන්න අපි නොදනිමු. එය කුමන හේතුවක්මත සිදුවුවද මේ අයුරින් නීතියේ ආදිපත්යට තර්ජනයක් වන අයුරින් කටයුතු සිද්ද වීමෙහිලා කිසිදු සමාවක් දිය නොහැක.

ඒ හැර ඔබ පුරවැසියකුට පිලියමක් ලබා ගැනීමට ඇති අයිතිය අහිමි කරමින් සිටි. මෙය අපරාදයකට ගොදුරුවන වින්දිතයකු සම්බන්දයෙන් සිදුකල හැකි වඩාත්ම නරක දෙයකි. සියලු පුරවැසියන්ට වේදනාකාරී වන අපරාද සම්බන්දයෙන් ඔවුන්ට පිළියම් ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට වගකීමක් ඇත.

මෙය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුතියේ (අයි. සි. සි. පි. ආර් )දෙවන වගන්තිය යටතේ ජාත්‍යන්තර වගකීමක්ද වේ.

මෑත කාලයේ හිටපු නිතිපතිවරු තම බලතල අයුතු ලෙස බාවිතයේ යොදවන ලදී. මේවන විටත් එය මහජනතාවගේ විවේචනයට හේතු වෙමින් පවතී. ඔබේ ක්‍රියාකලාපය තවදුරටත් ඔබ මෙහෙයවනු ලබන ආයතනයේ ප්‍රතිරූපය කෙරෙහි නරක අන්දමින්ද බලපානු ඇත.

අපි ඔබට අවදාරණය කර සිටිමු. ඒ මේ නඩුව සම්බන්දයෙන් වූ ඔබේ නීතිවිරෝදී සහ වැරදි තීරණය සමාලෝචනය කරන ලෙසයි. තවද මේ නඩුව ඔබ වෙත පවරා ගැනීමේ තීරණය ඉවත් කර ගත යුතු බවයි. මක්නිසාද ඔබේ තීරණය නඩුව ඉවත් කර ගැනිමෙලාත් අදිකරණය ඉදිරියේ චෝදනා ලැබූ චුදිතයකුට සහය පළකිරීමක් සිදුවන අයුරින් සිදුවන නිසාත්ය. ඔබේ තීරණය ඉවත් කර ගැනීම මගින් බොහෝදුරට හානියට පත්වී ඇති ජාතික ස්ථාවරත්වය නැවත ගොඩනැගීමක් වන අතරම දැනට කඩාකප්පල්වී ඇති පුරවැසියන්ට යුක්තියට ඇති අයිතීන්ට ගරු කිරීමක්ද වේ.

වැඩිදුර විස්තර සදහා ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශය වෙත යොමු වන්න.

මිට හිතවත්,

ඒම් ඩී අශ්රෝෆ්ෆුස්මන්,

වැඩසටහන් නිලදාරී,

හදිසි ආයාචනා වැඩසටහන.